Cloud Atlas - Movie Explanation



2012 වසරේදී නිකුත් වු දැවැන්ත මෙන්ම විශිෂ්ඨ චිත්‍රපටයක් ලෙස Cloud Atlas හදුන්වා දෙන්නට පුළුවන්....මේ චිත්‍රපටයේ තිරරචනය මෙන්ම අධ්‍යක්ෂණය සිදු කරන්නේ The Matrix චිත්‍රපට මාලාව නිර්මාණය කල අධ්‍යක්ෂණය කල Lana සහ Lilly නම් Wachowski සහෝදරයින් දෙදෙනා වගේම  Perfume චිත්‍රපටයේ අධ්‍යක්ෂක වු ජර්මන් ජාතික Tom Tykwer නම් අධ්‍යක්ෂකවරයාවත්  තිරරචනය හා අධ්‍යක්ෂණයට එකතු කරගෙන....ඉතිං ඒ තුන්දෙනා  විසින්ම නිෂ්පාදනයත් සිදු කරන මේ චිත්‍රපටය සඳහා පාදක වෙන්නේ David Mitchell විසින් රචනා කල Cloud Atlas නවකතාව...


චිත්‍රපටය මං මුලින්ම විශිෂ්ඨයි කියලා කිව්වේ අධ්‍යක්ෂකවරු තුන්දෙනෙක් විනාඩි 172ක් පුරාවට එක චිත්‍රපටයක් නෙවෙයි චිත්‍රපට හයක් මෙහෙයවලා තියෙන නිසයි.....මේ කතාව නිර්මාණය වෙලා තියෙන්නේ Multiple Timeline Structure ආකාරයට...ඒ කියන්නේ එකිනෙකට වෙනස් කාල වල සිද්ධ වෙන සිද්ධි හා එකිනෙකට වෙනස් ඒත් එකිනෙක අතර තරමක ඍජු හෝ  වක්‍ර සම්බන්ධයක්  ඇති කතා තේමාවන් වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ....චිත්‍රපටයේ එවිදියට  එකතු කරපු විවිධ කාල වල කතා කොටස් 6ක් ඇතුලත් වෙනවා...ඒ 1849 දී පැසිෆික් දුපත, 1936 දී බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් ,1973 දී සැන් ෆ්‍රැන්සිස්කො,2012 දී ලන්ඩන් ,  අනාගතයේ 2144 දී නියෝ සියොල් නම් නගරයේ හා 2346 දී හවායි දූපතේ කියන ස්ථානවල සිදුවන සිදුවීම් තේමා කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ......


ඉතිං මේවිදියේ කතන්දර ව්‍යුහයක් තියෙන නිසා මේ චිත්‍රපටය තරමක් පැටළිලි සහගත බවක් දැනෙන එක සාමාන්‍ය දෙයික්...ඒත් චරිත වල සම්බන්ධවීම වගේම සිදධි අතර සම්බන්ධ වීමක් තියෙනවා නම් ඒක තේරුම් ගන්න පුළුවන් නම් මේ වගේ කතා ව්‍යුහයක් තියෙන චිත්‍රපට තේරුම් ගන්න අමාරු වෙන්නේ නැහැ...මේ කතාවේ පැටළිලි සහගත බව අඩු කරන්න නවකතාවට වඩා පොඩි වෙනස්කමක් චිත්‍රපටයේ කරලා තියෙනවා..සමහර චරිත වල වල්ගාතරුවක් මවගේ  සලකුණක් නැත්නම් උපන්ලපයක් තියෙනවා...නවකතාවේ ඒ සලකුණ තියෙන්නේ පුනරුප්පතතිය ලැබපු කෙනාව සලකුණු කරන්න  වුනත් චිත්‍රපටයේ ඒ ඒ කතා තේමාවේ ප්‍රධාන චරිතය අනුව තමයි සලකුණ තියෙනවා පෙන්නන්නේ...දැන් මෙතනින් එහාට චිත්‍රපටය නොබලපු කෙනෙක් ඉන්නවා නම් කතාව තේරුනේ නැහැ වගේ නම් මොකද්ද වුනේ කියලා ⁣පැහැදිලි කරන්නයි යන්නේ....


ඊට කලින් කියනන ඕන දෙයක් තමයි මේ චිත්‍රපටය ගැන සමූහය ඇතුලේ කතා වෙලා නැති තරම්...ඒත් බලපු අය අනිවාර්යෙන්ම ඇති..ඒත් මොන විදියකට හරි මේ චිත්‍රපටය මඟ ඇරිලා නම් අනිවාර්යෙන්ම බලන්න කියලා කියන්නේ මේ චිත්‍රපටය විවිධ තේමාවල චිත්‍රපට රසවිඳින අයට වගේම Screenplay Structure යටතේ Multiple Timeline Structure එකක් හසුරවන්නේ කොහොමද කියලා  ඉගෙන ගන්න හොඳ චිත්‍රපටයක් වෙන නිසයි...දැන් සරලවම අපි බලමු චිත්‍රපටයේ කතාව ඇතුලේ මොකද්ද සිද්ධ වුනේ කියලා...


මුලින්ම 1849 දී චැතම් දූපතේ සිට සිය මව්රට බලා  මුහුදේ යාත්‍රාකරන නීතිඥවරයෙක් වන Adam Ewing ගේ වස්තුව සොරකම් කිරී⁣මට නැවේ ඉන්න වෛද්‍යවරයක් වෙන Henry Goose උත්සහ කරන අතර එයින් ඔහුව බේරාගන්නේ නැවේදී ඇඩම් උපකාර කල කළු ජාතිකයෙක් විසින්...1936 Robert Frobhisher නම් තරුණ සංගීතඥයා එඩින්බර්ග් බලා යන්නේ වියපත් වුන සංගීතඥයෙක් වෙන Vyvyan Arys  සමඟ එකතු වෙලා සංගීත තනුවක් නිර්මාණය කරන්න..Robert  ඒ විදියට  Arys එක්ක එකතු වෙලා The Cloud Atlas Sextet නම් ගී තනුව නිර්මාණය කරන අතරවාරයේ Arysගේ ⁣පොත් එකතුවේ තිබිලා  Adam ගේ  දිනපොත කියවනන රොබට්ට හම්බවෙනවා....ඇරිස් රොබට් දෙන්නා සංගීත තනුව නිර්මාණය කරලා ඉවර වුනාම ඇරිස් රොබට්ගෙන් නිර්මාණය කරපු සංගීත තනුවේ අයිතිය ඉල්ලන්නේ ඒකට අකමැති වුනොත් රොබට් සමලිංගිකයෙක් කියලා ප්‍රසිද්ධ කරනවා කියලා....අන්තිමට රොබට් අතින් අරිස් මැරෙනවා....රොබට් ඇත්තටම සමලිංගිකයෙක් වෙනවා වගේම එයා සංගීත තනුව නිර්මාණය කැන  අතරතුර තමන්ගේ ආදරවන්තයා වුන Rufus Sixsmith ට හැමදාම වගේ ලියුම් ලියනවා...අන්තිමට එයා සංගීත තනුව නිර්මාණය කරලා ඉවර කරලා එයාගේ පෙම්වතා එයාව හොයන් එන්න කලින් වෙඩි තියාගෙන මැරෙනවා...


1973 දී මාධ්‍යවේදිනියක් වු Luisa Rey ට Sexsmith ව හමුවෙනවා...sexsmith මේ වනකොට න්‍යෂ්ටික  පරමාණු සම්බන්ධ භෞතික විද්‍යාඥවරයෙක්...Lloyd Hooks විසින්  පරමාණු බලාගාරයක් නිපදවීම හරහා  කරන්න යන කූට උපක්‍රමයක් ගැන විස්තර Reyට ලබා දෙන්න  සික්ස්මිත් සුදනම් වෙනවා...ඒ ගැන දැනගන්න ලොයිඩ් , එයා වෙනුවෙන් කුලියට මිනී මරණ  Bill Smoke ව සික්ස්මිත්ව ඝාතනය කරලා වාර්තාව විනාශ කරන්න යවනවා....සික්ස්මිත් හම්බවෙන්න රේ එනකොට   සික්ස්මිත් ලියුම් ගොඩක් උඩ මැරිලා ඉන්නවා රේ දකිනවා....ඒ ලියුම් තමයි සික්ස්මිත්ගේ පෙම්වතා වු රොබට් ලියපු ලියුම් ටික වෙන්නේ....ලියුම් වල කියලා තියෙන රොබට් නිර්මාණය කරපු සංගීත තනුව රේට පරණ ගී තැටි විකුණන කඩේකින් හම්බවෙනවා.....


ඊට පස්සේ සික්ස්මිත් රේට දෙන්න ගිය වාර්තාව හොයන් යන රේට අහම්බෙන් හම්බවෙන සිකිස්මිත්ගේ මිතුරෙක් වුන Issac Sachs කියන විද්‍යාඥවරයාගෙන් රේට ඒ වාර්තාවේ පිටපතක් හම්බවෙනවා...ඒ ගැන දැනගෙන ස්මොක්  අයිසැක්ව මරලා රේගේ පස්සෙන් ඇවිත් රේගේ වාහනය ඇයත් සමඟ ගඟට තල්ලු කරලා දාැම්මත්  වාර්තාව විනාශ වුනත් රේ ⁣ගෙ ජීවිතය බේරෙනවා...ඊට පස්සේ පරමාණු බලාගාරයේ ආරක්ෂක අංශයේ ප්‍රධානියෙක් සමඟ එකතු වෙලා ස්මොක්ගේ තවත් ප්‍රහාරයකින් ගැලවීලා ස්මොක්ව පරද්දන්න වගේම අන්තිමට සික්ස්මිත්ගේ ලේලි කෙනෙක්ගෙන් ඒ  වාර්තාව ආපහු ලබාගන්න රේට පුළුවන් වෙනවා..අන්තිමට රේ ,හුක් කරන්න ගිය දේ ගැන එළි කරනවා...


2012 දී ලන්ඩනයේ ජීවත් වෙන ලේඛකයෙක් වුන Timothy Cavendish (ගෙන් සල්ලි ඉල්ලලා තර්ජනය කරන  Dermot Hoggins ගෙන් බේරෙන්න එයාගේ  සහෝදරයා වුන Denholme Cavendish  හම්බවෙන්න ගියාට පස්සේ සහෝදරයාගේ යෝජනාවක් අනුව Aurora කියන ⁣තැන හැංගිලා ඉන්න කියලා කියනවා...ඒත් තිමොති පස්සේ දැනගන්නේ එයාගේ සහෝදරයා හිතාමතාම තිමොතිව යවලා තියෙන්නේ වැඩිහිටි නිවාසයකට කියලා.....තිමොති නොදැනුවත්ම ගිවිසුමකට අත්සන් කරන්නේ රැඳවුම් නිවාසයෙන් එළියට යන්නේ නැහැ වගේම බාහිර පුද්ගලයන් සමඟ ගනුදෙනු පවත්වන්නෙත් නැහැ කියලා......එතන භාරව ඉන්න ප්‍රධාන රැඳවුම් නිලධාරිනිය නැත්තම් හෙදිය වන්නේ Noakes  වෙයි...රැදවුම් නිවාසයේ ඉන්න කාලයේදි තිමොතිට අහම්බෙන් Luisa Rey ලියපු පරමාණු බලාගාරයේ සිද්ධිය සම්බන්ධ අත්පිටපතක් කියවන්න හම්බවෙනවා....අන්තිමට තිමොති රැදවුම් නිවාසයේ තවත් තුන්දෙනෙක් එක්ක එතනින් පැනලා යන්න සමත් වෙනවා...


2144 දී Sonmi 451 කියන්නේ Humanoid clone කෙනෙක්...මේ Fabricant කියන Humanoid clone ලා කොරියාවේ Neo Seoul කියන නගරයේ Dystopian එකක ආහාර පිළිගැන්වීමේ වගේම ලිංගික සේවයත් සපයන්න තමයි ඉන්නේ...එයාව එතනින් බේරගෙන යන්න කැරලිකාර කණ්ඩායමක කමාන්ඩර්ව⁣රයෙක් වුන Hae - Joo ඇවිල්ලා එයාව එක්කගෙන ගිහිං නවත්තන තැනදී Timothy Cavendish  නිර්මාණය කරපු චිත්‍රපටයේ සම්පූර්ණ චිත්‍රපටයම බලන්න දෙනවා...අන්තිමට කැරලි කණ්ඩායමේ අරගලය පැරදුණාට පස්සේ Sonmi ආපහු Boardman Merphi ප්‍රධාන කණ්ඩායමට අහුවෙලා මරණ දඩුවම ලබා දෙනවා...ඒත් ඔවුන්ට අහුවෙන්න කලින් ඇය පණිවිඩයක් පටිගත කරනවා...


2346 දී ලෝකයේ තවත් විනාශයකට පස්සේ මිනිසුන් කොට්ඨාසය ලෙස වෙන වෙනම හවායි දුපතේ ජීවත් වෙන අතර ඔවුන් Sonmi ව අදහනු ලබනවා...මේ කණ්ඩායමේ ඉන්න Zachry Bailey  ජීවත් වෙන ගමට Prescients ලෙස හදුන්වන තාක්ෂණය දියුණු ජන කොට්ඨාසයේ Meronym පැමිණෙන්නේ වසංගතයක් නිසා ලෝකයේ ඉතිරි වෙලා ඉන්න ඔවුන්ගේ දියුණු වර්ගයා බේරාගැනීමට පෘතුවියෙන් පිටත ජීවත් වන මිනිසුන්ගෙන් උදව් ලබා ගන්න පණිවිඩයක් යැවීමට Sonmi ගේ වීඩියෝව පටිගත කල කඳවුර හොයාගන්න...අවසානයේ ඇය Zachery  එක්ක ගිහිං ඒ පණිවිඩය ලබා දීලා ආපහු සෂේරිගේ ගමට ආවම දකින්නේ සතුරු ගෝත්‍රිකයන්  විසින් Zachery ගේ ගම සමූල ඝාතනයට ලක් කරලා තියෙනවා....සතුරු ආක්‍රමණයෙන් බේරෙන්න පුළුවන් වුන  Zachery ගේ ඥාති දියණියත් එක්ක Zacheryටත් Meronymගේ කණ්ඩායම එක්ක පෘතුවියෙන් පිටත ජීවත් වෙන්න අවස්ථාව හම්බවෙනවා...ඒ විදියට චිත්‍රපටය අවසන් වෙන්නේ පෘතුවියට ඈතින් පිහිටි ග්‍රහලෝකයක Zachery සිය මුණුබුරු මිණිබිරියන්ට මේ අතීත කතාව කියලා දෙන විදියටයි....


ඉතිං චිත්‍රපටයේ මේ චරිත එකිනෙකාට සම්බන්ධ කරන විදියක් තමයි මේ Adamගේ දිනපොත රොබට්ට හම්බවෙන එක,ඊට පස්සේ රොබට්ගේ සංගීත නිර්මාණය රේට හම්බවෙන එක,ඊට පස්සේ රේ ලියන අත්පිටපත තිමොතිට හම්බවෙන එක,තිමොති කරන චිත්‍රපටය Seoul බලනඑක වගේම අන්තිමට Seoul පටිගත කරන වීඩියෝ එක Zachry බලන එකෙන් සිද්ධ වෙන්නේ....


දැන් තමයි පැටලෙන තැනට එන්නේ..ඒ චරිත කිහිපයකට  එකම නළුවන් රඟපාන එක...නැත්තම් අඇත්තටම ඒ ඒ චරිත වල පුනරුප්පතතිය සිද්ධ වෙන විදිය...දැන් අපි චරිතයෙන් චරිතයට ඒ ගැන බලමු....


1849bදී Adam කියන්නේ 2144 දී Sonmiව බේරගන්න එන කමාන්ඩර් Hae-Joo වෙන්නේ...ඔහුට රංගනයෙන් දායක වෙන්නේ Jim Sturgees...


1849 දී ඇඩම්ගේ වස්තුව මංකොල්ල කන යන ඩොක්⁣ටර් හෙන්රි තමයි 1936 දී රොබට් නවතින හොටලයේ මැනේජර් වෙන්නේ...එයාම තමයි 1973 දී රේට දෙවනිපාරට වාර්තාව දෙන සික්ස්මිත්ගේ යාළුවා වුන අයිසැක් කියන විද්‍යාඥවරයා වෙන්නේ...ඒ වගේම එයාම තමයි 2012 දී තිමොති පස්සෙන් එන Dermot Hoggins කියන්නෙත්...එයාම තමයි  2144 දි Sonmi බලන චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වෙන්නේ...එතකොට 2346 දී Zachry විදියටත් ඉන්නේ එයාම තමයි...මේ චරිත සේරටම රඟපාන්නේ ජනප්‍රිය හොලිවුඩ් නළු Tom Hanks....


1849 දී Adam විවාහ වෙන ටිල්ඩා තමයි Sonmi කියන්නෙ..එයා තමයි 1973 දී රේට අන්තිමට වාර්තාව දෙන සික්ස්මිත්ගේ ලේලි වෙන්නෙත්...මේ චරිත වලට රංගනයෙන් දායක වෙන්නේ Doona Bae නිළිය...


ඊළඟට 2012 දී රේ විදියට ඉන්න කෙනාගේ පුනරුප්පතති විදියට තමයි 1936 දී වයසක සංගීතඥයා වෙන Vyvyan කියන කෙනාගේ බිරිඳ වගේම 2346 දී Meronym කියලාත් කියන්නේ...ඒ චරිත වලට රංගනයෙන් දායක වෙන්නේ Halle Berry කියන නිළිය..


1849 දී ටිල්ඩාගේ තාත්තා තමයි 1973 දී බිල් ස්මොක් කියන්නේ...එයාම තමයි 2012 දී වැඩිහි⁣ටි නිවාසයේ ප්‍රධාන හෙදිය වුන Noakes කියන්නෙත්...එයාම තමයි 2144 දී Sonmi පස්සේ එන Boardman Mephi වගේම Zachery ට මැවිලා පේන Old Georgie විදියටත් ඉන්නේ...ඒ චරිත වලට රංගනයෙන් දායක වෙන්නේ Hugo waving....


ඒ විදියට තමයි ප්‍රධාන චරිත වල වෙනස්වීම සිද්ධ වෙන්නේ...මේක තවත් හොඳට තේරුම්ගන්න පලවෙනි ක⁣මෙන්ට් එකේ චරිත වල පැහැදිලිකිරීම් ගැන තියෙන ඡායාරූපයක් දාන්නම්...ඉතිං මේ විදියට Tom Hank,Hugo Weaving ,Ben Whishaw ,HalleBerry  යන අයගේ රංගන පරාසයේ විශිෂ්ඨත්වය නිසාමත් මේ චිත්‍රපටය සුවිශේෂි වෙනවා..




-අනුෂ්ක රසාංජන ද සිල්වා-

                                      

                                        

                                    -අනුෂ්ක රසාංජන ද සිල්වා-

Post a Comment

0 Comments