අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හොලිවුඩ් ක්ලැසික් සිනමා ගැන කතාකරනකොට අහන්න ලැබෙන සිනමා ශනාරයක් විදියටත් හදුන්වන්න පුළුවන් නැත්නම් සිනමා ශෛලියක් විදියටත් හදුන්වනන පුළුවන් Film Noir ගැන...මේක සිංහපෙන් උච්චචාරණය කරන්නේ ෆිල්ම් නොව(ආ)ර් නැත්නම් නොවාර් කියලා....
මේ වචනය බිඳිලා එන්නේ ප්‍රංශ භාෂාවෙන්.....මේ වචනය ඉංග්‍රීසි භාෂාවෙන් නම් Black Cinema විදියට තමයි පරිවර්තනය වෙන්නේ...දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ප්‍රංශය ඇමරිකානු ත්‍රිලර් නැත්නම් රහස් පරීක්ෂක ශනාරවල චිත්‍රපට හදුන්වන්න තමයි මේ වචනය යොදාගෙන තිබිලා තියෙන්නේ....Film Noir කියන්නේ මොකද්ද කියලා බැලුවොත් එ කියන්නේ අශුභවාදීත්වය (අසුබ දේ්වල් වල පෙරනිමිති හෝ අසුබ දේවල් සිදුවන බව ඇති විශ්වාසය), දෛවවාදය (හැමදේම වෙන්නේ දෛවයට අනුව කියන විශ්වාසය), නරුමවාදය (කිසිවක් නොරිස්සන බව නැත්නම් ඍණාත්මක බව) මේ සලකුණු තියෙන චිත්‍රපට ශනාරයක් විදියට තමයි මුලිකව මේ චිත්‍රපට විශේෂය හදුන්වලා තියෙන්නේ....
සරලවම අදුරු , මාරාන්තික, අභිරහස් ගනයේ හොලිවුඩ් චිත්‍රපට හදුන්වන්න තමයි ප්‍රංශ විචාරකයින් මේ වචනය යොදාගෙන තියෙන්නේ...මේක ඇත්තටම චිත්‍රපට ශනාරයක්ද නැත්නම් චිත්‍රපට ශෛලියක්ද කියන එක කියන්න අමාරුයි....මේ චිත්‍රපට විශේෂයේ පොදු ලක්ෂණ කිහිපයක් අපි බලමු....
⭕ප්‍රධාන චරිතය ප්‍රතිවීර චරිතයක්....
⭕Femme Fetale චරිත නැත්නම් අභිරහස්,දරුණු,ගුප්ත ඉතා රූමත් කාන්තාවන්..
⭕රළු සංක්ෂිප්ත සංවාද
⭕High Contrast Lighting නැත්නම් ඉහළ අසමානතා ආලෝකකරණය
⭕ප්‍රශ්චාත් යුධ සමයේ කලකිරීම් හා විපාක
මේ චිත්‍රපට වල තේමාවන් බිහිවෙන්න හේතු විදියට සඳහන් වෙන්නේ දෙවන ලෝක යුධයේ අතුරු ප්‍රතිඵල විදියට...යුද්ධයට පිරිමින් සහභාගී වෙද්දි කාන්තාවන්ට ආර්ථිකය රැක ගැනීම වෙනුවෙන් විවිධ වෘත්තීන් වල නිරත වෙන්න සිදුවුණා...පිරිමින් බහුතරය යුද්ධය නිසා මියගිහිං ඉතුරු වුන අය ආපහු ආවම දැක්කේ ස්ත්‍රි පුරුෂ සමාජ භේදය නැති වෙලා කාන්තාවන් පිරිමියාගේ තැනට ඇවිත් තියෙනවා...
ඉතිං මේ පශ්චාත් යුධ සමයේ ආභාෂය එක්ක මේ නොවාර් චිත්‍රපට වල අපිට දරුණු කාන්තාවන් වෙනුවෙන් අපරාධ කරන පිරිමි නැත්නම් කාන්තාවන් පිරිමින්ව ප්‍රයෝජනයට ගන්න ආකාරයේ තේමාවන් අපිට දකින්න පුළුවන්....
කතා තේමාවන් වලට ආභාෂය එහෙම එනකොට මේ චිත්‍රපට වලට සිනමාකරණ ආභාෂය අැවිත් තියෙන්නේ ජර්මන් ප්රකාශනවාදයෙන් කියලා දකින්න පුළුවන්...විශේෂයෙන්ම අදුර හා ආලෝකය අතර පරස්පරතාවය නැත්නම් Contrast එක වගේම චිත්‍රපට වල ගුප්ත අදුරු බව නිසා මේ ජර්මන් ප්‍රකාශනවාදි සිනමාවේ ආභාෂය නොවාර් චිත්‍රපට වලට ලැබිලා තියෙනවා කියන එක විචාරක මතයක් විදියටත් පැහැදිලි වෙනවා...
ජනප්‍රිය ක්ලැසික් ෆිල්ම් නොවාර් චිත්‍රපට කිහිපයක ගැන දැන් අපි බලමු...
⭕The Maltese Falcon (1941)
-Humphrey Bogart රංගනයෙන් දායක වෙන නොවාර් චිත්‍රපට ලක්ෂණ විශිෂ්ඨ ලෙස භාවිතා කරන චිත්‍රපටයක්
⭕Laura (1944)
- Dana Andrew ,Gene Tierney රංගනයෙන් දායක වෙන නොවාර් චිත්‍රපට අතර සලකුණක් වු චිත්‍රපටයක්
⭕The Blue Dahlia (1946)
- ඇකඩමි සම්මාන උළලේ හොඳම තිරරචනය වෙනුවෙන පවා නිර්දේශ වු විශිෂ්ඨ නොවාර් චිත්‍රපටයක්...
⭕Touch of Evil (1958)
-Citizen Kane චිත්‍රපටයේ අධ්‍යක්ෂක Orson welles ගේ හොඳම චිත්‍රපටයක් විදියට සැලකේ..
මේ 40 ,50 දශකයෙන් පස්සේ ඒ කියන්නේ හොලිවුඩ් ක්ලැසික් යුගයෙන් පස්සේ නිර්මාණය වුණු නොවාර් චිත්‍රපට හදුන්වන්නේ Neo - Noir (නියො නොවාර්) කියලා.. එකේ තේරුම නව නොවාර් චිත්‍රපට කියන එක....1960 ,70දශකයෙ ඉඳලා අද වෙනකං මේ Neo - Noir චිත්‍රපට නිර්මාණය වෙනවා...
Neo Noir චිත්‍රපට වලදි ක්ලැසික් යුගයේ චිත්‍රපට වල ලක්ෂණ වලට අළුතින් ලක්ෂණ චිත්‍රපට නිර්මාණකරුවන් එකතු කරනවා....පළිගැනීම ,වෛරය,පීඩනය කියන දේවල් කතා තේමාවට එකතු වෙලා තියෙනවා....
ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් නිර්මාණය කරපු නියො නොවාර් චිත්‍රපට මොනවාද කියලා බලමු...
⭕Roman Polanski ගේ Chinatown (1974)
⭕Martin Scorsese ගේ Taxi Driver (1976)
⭕David Fincher ගේ Seven (1995)
⭕Coen සහෝදරයන්ගේ Blood Simple (1984)
⭕Quentin Tarantino ගේ Reservoir Dogs (1992) සහ Plup Fiction (1994)
⭕Christopher Nolan ගේ Fallowing (1998) , Memento (2000) සහ Insomnia (2002), The Dark Knight (2008)
⭕Paul Thomas Anderson ගේ Inherent Vice (2014)
⭕Chad Stahelski ගේ John wick චිත්‍රපට මාලාව
මීට අමතරව තව බොහෝ නිර්මාණ අදට පවා නියො නොවාර් චිත්‍රපට විදියට නිර්මාණය වෙනවා....
ඒ වගේම Tech Noir නැත්නම් Cyber Noir , Future Noir , Science Fiction Noir කියන නම් වලින්ද හදුන්වන චිත්‍රපට විශේෂයක්ද තියෙනවා....Ridley Scott ගේ Blade Runner (1982), James Cameronගේ The Terminator චිත්‍රපට මාලාව වගේ ෆිල්ම් නොවාර් ශෛලිය එක්ක විද්‍යා ප්‍රබන්ධ තේමාවන් එකට එකතු වුන චිත්‍රපට Tech Noir විදියට හදුන්වනවා...
ඉතිං ෆිල්ම් නොවාර් ගැන අවබෝධයක්, දැනුමක් මේ ලිපියෙන් එකතු වුනා කියලා හිතනවා...අවසන් වශයෙන් කියන්න තියෙන්නේ නොවාර් කියන්නේ චිත්‍රපට ශනාරයක් විදියටත් ශෛලියක් විදියටත් නැත්නම් සිනමා ධාරාවක් විදියටත් හදුන්වන්න පුළුවන් අදටත් වගේම හෙටටත් පවතින්න පුළුවන් සිනමා විශේෂයක්....
0 Comments