Dystopian Fiction




Dystopian Fiction නැත්නම් ඩිස්ටොපියානු ප්‍රබන්ධය ගැන කතා කිරීමට පෙර මේ Dystopian නැත්නම් ඩිසුටෝපියන් හා එහි විරුද්ධ වචනය වු  Utopian නැත්නම් උටොපියන් කියන්නේ කුමක්ද යැයි විමසා බලමු......


කලින් කියු පරිදිම ඩිස්ටොලියන් යනු  උටොපියන් වචනයට විරුද්ධ වචනය නැත්නම් පරස්පරය..Utopia යනු දේශපාලනික හා සමාජීය වශයෙන් පරිපූර්ණ මනඃකල්පිත සමාජයක්....1516 දී සර් තෝමස් මොර් නම් ලේඛකයා විසින් රචනා කරන Utopia නම් ග්‍රන්ථයෙන් මේ වචනය මුල් වරට බිදී පැමිණ ඇත...Utopia යන ග්‍රික වචනයේ තේරුම "No place" නැත්නම් තැනක් නැත  යන්නයි... අත්ලාන්තික් සාගරයේ ප්‍රබන්ධ දූපතක් ලෙස මෝර් විස්තර කරන මේ සමාජය කලින් කියු පරිදි ජීවත් වීමට සුදුසු පරිපූර්ණ එහෙත් කල්පිත සමාජයක් වෙනවා...


දැන් Dystopia යන වචනයට අවධානය යොමු කලොත් මෙහි අර්ථය යුද්ධය,දරිද්‍රතාවය,පරිසර දූෂණය,දේශපාලන අස්ථාවරත්වය,රෝග හා වසංගත මේවායින් බැට කන අන්ත අසරණ සමාජයකට....මේ පැතිර යන කොරෝනා වසංගත සමය සමඟ සිරියාව වැනි රටක් මීට සමීපතම හොඳම උදාහරණය ලෙස පෙන්වාදිය හැකි වෙයි...


දැන් අපි අවධානය යොමු කරමු සාහිත්‍යයේදි මෙන්ම සිනමාවේදි එනම් පොදුවේ කලාවේදි අපට හමුවන  Dystopian Fiction නැත්නම් ඩිස්ටෝපියානු ප්‍රබන්ධය යනු කුමක්ද යන වග...


Dystopian Fiction 




පාරිසරක විනාශයෙන්,දරිද්‍රතාවයෙන්,රෝග පීඩා පීඩා හෝ වසංගත වලින්,යුද්ධය හෝ ත්‍රස්තවාදී ක්‍රියා වලින් බැට කන බිඳ වැටුණු සමාජයක් ගැන නැත්නම් ලෝකයක් ගැන කතා කරන වෙනමම කලා ෂනාරයක් වෙයි...


ඩිස්ටොපියානු ප්‍රබන්ධ වැදගත් වෙන්නේ කුමක් නිසාද නැත්නම් මේ ඩිස්ටොපියානු ප්‍රබන්ධ වල අරමුණ කුමක්ද යන වග විමසා බලමු...


01.වර්තමාන සමාජ හා දේශපාලන අන්තරායන් නැත්නම් මෙහෙම වුනොත් අනාගතය මෙහෙම වෙයි කියන පණිවිඩය මනුෂ්‍ය වර්ගයාට ලබා දීම...1985 දී Magaret Atwood රචනා කරන The Handmaid's Tale කෘතියේ සඳහන් වෙන්නේ අනාගත ඇමරිකාවක් ගැන කල්පිතයක් වෙයි...තව පොදු සරල උදාහරණයක් විදියට The 100 කතා මාලාව ගත්තොත් එයින් අනාගතය ගැන ප්‍රබන්ධ කල්පිතයක් ගොඩ නඟනවා...මනුෂ්‍ය වර්ගයාගේ වර්තමාන ක්‍රියාකලාප අනාගතය වෙනුවෙන් බලපාන ආකාරය ගැන පෙන්වා දෙනවා...


02.කතුවරයා තමන්ගේ අදහස් නැත්නම් අනාගතය ගැන දකාන අකාරය ප්‍රකාශ කරයි....Gatcca නම් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයේ (මේ චිත්‍රපටය ගැන විචාරයක් සිනමාවේදීන් සමූහයේ පළකර ඇත..) අනාගත ලෝකය ඉයුජිනික්වාදී සමාජයක් බවට පරිකල්පනය කර චිත්‍රපටයේ කතාව නිර්මාණය කර ඇත...


03.ඩිස්ටොපියන් කතා වල යම් සිදුවීමක්  වඩාත් නිර්මාණශීලිව පෙන්වා දෙමින් ගොඩනඟා තිබෙනු ඇත...George Orwell ගේ Animal Farm කෘතියේ රූපක සත්ත්ව ගොවිපොළ ඔහු ගොඩ නඟා ඇත්තේ රුසියානු විප්ලවය පාදක කරගෙන වෙයි....මිනිස්සුන්ට විරුද්ධව කැරැල්ලක් ඇති කරන ඌරන් කණ්ඩායමක් ගැන රූපක ආකාරයෙන් ඔහු කතාව ගොඩ නඟා ඇත...


04.ඩිස්ටොපියානු කලා නිර්මාංන සමාජයට එල්ල කරන අතුල් පහරක් නැතනම් උපහාසාත්මක විවේචන ලෙසද නිර්මාණය කිරීමට හැකි වෙයි...ස්ටැන්ලි කූබ්‍රික්ගේ A clockwork Orange චිත්‍රපටයට පාදක වී ඇති Anthony Burgess ගේ නවකතාවෙන් එල්ල කරන්නේ සමාජයේ පුද්ගල හැසිරීම් ගැන උපහාසාත්මක විවේචනයක් වෙයි..ප්‍රචණ්ඩත්වයෙන් පිරුණු තරුණ උප සංස්කෘතියක් තුළින් ලේඛකයා ගෙන එන්නේ සමාජයේ ආගමික දේශපාලනික සමාජීය පැති වලට එල්ල කරන උපහාසයක් වෙයි...


දැන් අපි සිනමාවේ ඩිස්ටොලියානු ප්‍රබන්ධ වගට අදාල උදාහරණ කිහිපයක් ගැන බලමු...


  • A Clockwork Orange (1971)
  • The Mad Max Series (1979 සිට වර්තමානය තෙක්)
  • The Terminator Series (1984 සිට )
  • The Matrix (1999 සිට)
  • Snowpiercer (2013)
  • The Divergent Series (2014 - 2016)


මේකට උදාහරණ විදියට ගන්න පුළුවන් ටීවී සීරිස් කිහිපයක් බලමු....


  • The Handmaid's Tale 
  • The walking dead and Fear the Walking Dead
  • The 100
  • Westworld 
  • Black Mirror 
  • The Society 


ඊළඟට මේ ඩිස්ටොපියානු ප්‍රබන්ධවල ලක්ෂණ මොනවද කියලා බලමු....


01.රාජ්‍යය පාලනය


ඩිස්ටොපියානු සමාජයක රාජ්‍යය පාලනය බලුවොත් ඒ පාලන තන්ත්‍රයන් දූෂිත අක්‍රමවත් පාලන තන්ත්‍රයකින් සමන්විත වෙලා තියෙන්නේ...සරලවම ඩිස්ටොපියානු ප්‍රබන්ධයන් වල රජයක් නැති තරම් වෙනවා...උදාහරණයක් විදියට The Hunger Games නවකතාවේ හෝ චිත්‍රපට මාලාවේ රාජ්‍යය පාලනය පෙන්වන්න පුළුවන්...


02.පාරිසරික විනාශය


ඩිස්ටොපියානු ප්‍රබන්ධ වල පරිසර තත්වය බැලුවොත් පොදු ලක්ෂණයක්  විදියට දකින්න පුළුවන් වෙන්නේ විනාශ වීමට ඇති හෝ විනාශ වු ස්ථානයි....උදාහරණයක් විදියට The Maze Runner කතාවේ පරිසර තත්වය ගත හැකි වනවා.... 


03.තාක්ෂණික පාලනය


ඩිස්ටොපියානු ලෝකයක තවත් ලක්ෂණයක් විදියට තාක්ෂණයෙන් දියුණු බලයන් ලොව පාලනය කරන සුළු පාලනයට නතු කරගන්න සුදානම් වන බව ⁣දකින්නට පුළුවන්....උදාහරණයක් විදියට The Matrix  චිත්‍රපට මාලාව පෙන්වන්න පුළුවන්...


04.දිවි ගලවා ගැනීම


කලින් කියපු ලක්ෂණ තියෙන පරිසරයක ජීවත් වෙන මිනිසුන් හෝ කණ්ඩායමක් දිවි ගලවා ගන්න දරණ වෑයම ඩිස්ටොපියානු ලෝකයක දැකගන්නට පුළුවන්...උදාහරණයක් විදියට The 100 කතා මාලාව


05.මිනිසුන්ගේ පැවැත්මේ  වෙනස් වීම්


අවසාන පොදු ලක්ෂණය විදියට මේකේදි අපිට දකින්න පුළුවන් වෙන්නේ සමාජයේ ජීවත් වන පුද්ගලයන් ඩිස්ටොපියානු සමාජයට අවැසි ආකාරයට වෙනස් ජීවන රටාවන්,චාරිත්‍ර වාරිත්‍ර,ආගම් හා ඇදහිලි  ආදි දේවල් වලට යොමු වීමයි...

උදාහරණයක් විදියට Snowpiercer චිත්‍රපටය හදුන්වන්න පුළුවන්.....



මේ මාතෘකාව ඉතා සංකීර්ණ එකකු වුවත් මේ ලිපියෙන් මේ ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගත්තා යැයි සිතනවා...සුපුරුදු පරිදි අවසානයේ සිහිපත් කරන්නේ සිනමා තක්සලාව බ්ලොග් අඩවියට පිවිස සිනමා තක්සලාව හරහා මෙතෙක් පළවු සියළු ලිපි කියවා දැනුම ලබාගැනීමටත් බෙදාගැනීමටත් ආරාධනා කරනවා...


   

                                 සිනමා තක්සලාව වෙනුවෙන්
-අනුෂ්ක රසාංජන ද සිල්වා-
                             

Post a Comment

0 Comments