09 Screenplay Structure (තිරරචනය - නව සංස්කරණය 07)



තිරරචනයක් සිදු කිරීමේදි වැදගත් පියවරක් විදියට Screenplay Structure නැත්නම් තිරරචන ව්‍යුහයක් තිබීම හදුන්වන්න පුළුවන්. තිරරචන ව්‍යුහයක් නැත්නම් Screenplay Structure එකක් වැදගත් වෙන්නේ තිරරචනයක් සිදු කරන්න කලින් කතාව නිවැරදිව සකස් කරගැනීමේදි කතාවේ මුල මැද අග නිවැරදිව සකස් කරගන්න වගේම චරිත ගොඩනැඟීම කියන කාරණාවත් නිවැරදිව කරගන්න වෙනවා.


මුල් කාලයේ මේ තිරරචන ව්‍යුහය විදියට තිබුණේ 3 Act Structure නැත්නම් මුල මැද අග කියන කොටස් තුන පාදක කරගත්ත මුලික ව්‍යුහයක් විතරක් වුනාට අද වෙනකොට මේ මුලික 3 Act Structure ව්‍යුහය තවත් අනුකොටස් වලට බෙදීමෙන් විවිධ තිරරචනය ව්‍යුහයන් කිහිපයක්ම නිර්මාණය කරගෙන තියෙනවා දකින්න පුළුවන්.ඒ විදියට නිර්මාණය කරගත්ත මේ වෙනකෙටෙ බහුලව යොදාගන්න තිරරචන ව්‍යුහයක් විදියට කලින් ලිපියක Blake Snyderගේ Save the Cat ව්‍යුහය ගැන කතා කලා මතක ඇති.අද මේ ලිපියෙන් අරන් එන්නේ තවත් තිරරචන ව්‍යුහයන් 9ක් උදාහරණයත් සහිතව වෙනවා.


01.Tree-Act Structure 


කලින් සඳහන් කරපු විදියටම මේ තමයි ඕනම කතාවක මූලිකම වගේම  හැමකතාවකටම පොදු ව්‍යුහය වෙන්නේ..සරලවම චිත්‍රපටයක වේවා කතාවක වේවා පවතින් මූලික අංග තුන වෙන මුල මැද අග කියන කොටස් තුන තමයි මේ...මෙතනින් එහාට කතාවක් කොටස් පහකට,හතකට,නවයකට බෙදාගෙන 5 Act, 7 Act, 9 Act Structure විදියට කතාවක ව්‍යුහය සකස් කලාට මේ ඕනම ව්‍යුහයක පොදු කතා ව්‍යුහය තමයි මේ 3 Act Structure....


මේ සරල කතා ආකෘතියෙන් ලිය වුන චිත්‍රපට තිරපිටපත් විදියට Star Wars, The Fugitive, Witness, Raiders of the Lost Ark වගේම Die Hard හදුන්වන්න පුළුවන්...


02.Real Time Structure 


මේකට හොඳම උදාහරණය විදියට 24 කතාමාලාව වගේම 12 Angry Men, My Dinner with Andre, Nivk of Time Untied 9, High Noon වගේ චිත්‍රපටත් හදුන්වන්න පුළුවන්...මේ හැම එකකම විශේත්වය අදුරගත්තා නම් මොකද්ද මේ ව්‍යුහය කියලා ඔයාලා දන්නවා ඇති...තව හොඳම උදාහරණයක් තමයි මේ අවුරුද්දේ ඇකඩමි සම්මාන දිගාගත් Nomadland චිත්‍රපටයේ තිරරචනය....රේඛීය විදියට ගලාගෙන යන මේ ව්‍යුහය හදුන්වන්නේ Real Time Structure කියලා...


මේ ව්‍යුහයේ කතාතුල කිසිම අතරමැදි බාධාවන් නැහැ..ඒ කියන්නේ කඩවීමක් නැතුව දිගටම ගලාගෙන යනවා....අතීත මතක,ඉදිරියට පැනීම් මේ කිසිවවක් නැතුව කතාව ගලාගෙන යෑම මේ ආකෘතියේ විශේෂත්වයයි...


03.Multiple Timeline Structure 


මේ ව්‍යුහය තරමක් සංකීර්ණ ව්‍යුහයක් වෙනවා...විවිධ කාල වල කතා එකට එකතු වී නිර්මාණය වෙන ආකාරයේ ව්‍යුහවන් තමයි මේ කාණ්ඩයට අයිති වෙන්නේ...Intolerance, The Fountain ,Cloud Atlas වගේම The Godfather 2 චිත්‍රපට මේකට උදාහරණ විදියට දෙන්න පුළුවන්...


මේ ව්‍යුහයේදි චිත්‍රපට වල විවිධ කාල වල විවිධ සිදුවීම් වල එකට එකතු කර නිර්මාණය කිරීම් සිදු කරනවා..ඒ  ඒ කොටස් කතාවේ තේමාවට සම්බන්ධ සිදුවීම් වෙනවා වගේම සමහර විට එකකින් අනිත් එකට ඍජු සම්බන්ධතාවයක් නැති වෙන්න පුළුවන්...ඒත් ඒ ඒ කොටස් වලින් අනිත් එකට පණිවිඩයක්,නැත්නම් හේතුවක් සපයන්න පුළුවන්...


මේ විදියේ කතා වලින් ප්‍රේක්ෂකයාට දැනෙනවා මේ හැම දෙයක්ම එකට එකතු වෙලා තියෙන්නේ කියලා...අතීත සිදුවීමකට සමාන්තරව වර්තමාන සිදුවීමක් ගලාගෙන යන චිත්‍රපට සරලවම මේකට උදාහරණයක් විදියට හදුන්වන්න පුළුවන්...The God Father 2 චිත්‍රපටයේ 1921 දී Don Vito ගේ කතාවත්  1958 දී එයාගේ පුතා Micheal ගේ කතාව විදියට කොටස් දෙකකට යන්නේ..එක පැත්තකින් පුතාගේ නැගීසිටිම පෙන්නකොට අනිත් පැත්තෙන් තාත්තාගේ නැඟි සිටීම පෙන්නවා...ඒ වගේ වෙනස් කාල වල එකකට එකක් සම්බන්ධ නොවුනත් තේමාවට සම්බන්ධ වගේම එකකින් අනිත් එකට පණිවිඩයක් දෙන,එකකින් අනිත් එකට අර්ථයක් දෙන විදියේ සංකීර්ණ ව්‍යුහයක් තමයි මේ Multiple Time Structure කි⁣යන්නේ...


04.Hyperlink Structure 


Domino Effect ගැන ඔයාලා දන්නවා ඇති...අර පෝලිමට කාඩ් පේලියක් සිරස් අතට තියලා කෙළවරේම කොළයට තට්ටුවක් දැම්මාම ඒකට කලින් කොළය වැටෙනවා,ඒ වැටෙන කොළය නිසා අනිත්  නිසා ඒක වැටෙනවා...ඒකෙන් අනිත් කොළය විදියට කොළ පේලියම වැටීගෙන යන එක...අන්න ඒක තමයි Domino Effect කියන්නේ.... 


මේ ආකා⁣රයේ චිත්‍රපට  ඇන්තලොජි ආකාරයේ චිත්‍රපට වලට බොහෝ සමාන වුනත් කාත අතර යම් සම්බන්ධයක් වක්‍රව හෝ පවතිනවා...වෙන වෙනම යන එකකට එකක් සම්බන්ධයක් නැති විදියට චිත්‍රපටය ගලාගෙන ගියත් අන්තිමට හැම එකක්ම එකට එකක් මේ ව්‍යුහයේ සම්බන්ධ වෙලා තියෙනවා...


Magnolia , Crash වගේම Babel චිත්‍රපටයත් මේකට උදාහරණ වෙනවා..මේ චිත්‍රපට හැමෝම බලලා නැති වුනත් අනුරාග් බාසුගේ Ludo බොලිවුඩ් චිත්‍රපටය වගේම Super Deluxe දමිළ චිත්‍රපට දෙක බලලා ඇති..මේ චිත්‍රපට දෙක ගලාගෙන යන ආකෘතිය මේක තමයි...


කතා හතරක් ව්දියට වෙන වෙනම ගියත් අන්තිමට මේ කතා හතර සම්බන්ධ වෙන තැනක් නැත්තම් එකකට එකක් බලපාන විදිය⁣ට නිර්මාණය වෙන සේ ව්‍යුහය කලින් වගේම සංකීර්ණ නොවුනත් අවසානයේ ප්‍රේක්ෂකයාව පුදුමයට පත් කරන්න පුළුවන් ව්‍යුහයක්...


05.Fabula / Syuzhet Structure 


මේක නුපුරුදුයි වචනයක් වගේ කියලා හිතුනට මේ ව්‍යුහයයෙන් තිරරචනය කරපු චිත්‍රපට ඕනපතරම් තියෙනවා...Fight club,Casino,American Beauty,Goodfellas,Citizen Kane වගේ චිත්‍රපට වල තිරරචනය ලියවිලා තියෙන්නේ මේ ආකෘතියෙන්...


Fabula නැත්නම් Syuzhet කියන්නේ රුසියානු සිනමාවෙන් ඇමරිකාවට පැමිණි ව්‍යුහ ආකෘතියක්....


සරලවම මෙහෙමයි...අවසානයෙන් ආරම්භය ගන්න විදියට ලියවෙන ඒවා තමයි මේ....මේ ආකෘතියේ ගොඩාක් වෙලාවට සිද්ධ වෙන්නේ අපිට කවුරු හරි කතාව කියනවා වගේ හරි නැත්තම් කාගේ හරි මතකාවර්ජනයක් විදියට චිත්‍රපටය ගලාගෙන යන එක..ගොඩාක් වෙලාවට මේ චිත්‍රපට වල Voice Over narration නැත්නම් පසුබිම් කථනයකින් තමයි සිද්ධ වෙන්නේ...


06.Reverse Chronological Structure 


මේ ගැන තියෙන හොඳම එකම උදාහරණය ක්‍රිස්ටෝපර් නොලන්ගේ Memento...ඉතිං මේ ආකෘතිය මොන වගේද කියලා අවශ්‍ය නැහැ කියලා හිතනවා...කතාව පටන් ගන්නේ කලින් කතා කරපු Fabula විදියට...ඒත් කතාව ගලාගෙන යන්නේ මතකාවර්ජනයක් වගේ වෙනුවට ආපස්සට....


07.Rashomom 


මේකත් හරියට කලින් කිව්වා වගේම එකම හොඳම  උදාහරණයක් තියෙන ව්‍යුහයක්...අකිරා කුරොසාවා⁣ගේ මාස්ටර්පීස් චිත්‍රපටයක් වුන Rashomom චිත්‍රපටයේ ආකෘතිය තමයි මේ...


එකම කතාව විවිධ දෘශ්‍ඨි කෝණ වලින් ඉදිරිපත් කරන Rashomom චිත්‍රපටයේ ව්‍යුහය තමයි මේ....මේකට කලින් කියපු Fabula/Syuzhet ව්‍යුහය යොදාගෙන මතකාවර්ජනයක් විදියට හරි නැවත කියවීමක් විදියට හරි යන්න පුළුවන්...ඒත් මේකේ වෙනස තමයි එකම කතාව එක එකෙනා වෙන වෙනම කියන එක....


මේක නිර්මාණශිලි වගේම වෙනසක් කරන්න පුළුවන් අපූරු ව්‍යුහයක්...මොකද ඕනම සිද්ධියක් කියනකොට කියන කෙනා අනුව වෙනස්කම් සිද්ධ වෙන එක සාමාන්‍ය දෙයක්....


08.Circular Structure 


සරලවම ටියිම් ලූප් එකක් වගේ ව්‍යුහයක්...ආරම්භය ගන්නේ අවසානයෙන් වගේම අවසන් වෙන්නේ ආරම්භයෙන්...Fabula වගේම තමයි...ඒත් අවසානය ආරම්භයෙන් ඉවර වෙන නිසා මේ ව්‍යුහය වෙනස්....


Back to the Future,Primer,12 Monkeys,Looper,Triangle මේ ව්‍යුහය තිරරචනයට යොදාගත්ත චිත්‍රපට වෙනවා...


09.Non- Linear Structure 


අපි රේඛීය නැත්නම් Liner Structure ආකාරයට කිව්වේ Real Time Structure කියලා...මේක ඊ⁣ට වෙනස් විදියට ගලාගෙන යන ව්‍යුහය...


ඒකියන්නේ කතාව ඉස්සරහට ගලාගෙන යනවා..හැබැයි එකපාරට ඉස්සරහට පනිනවා..එකපාරට ආපස්සට ගිහිං පරණ සිදුවීම් පෙන්නවා..නැත්නම් එකම කාලයේ සිද්ධ වෙන විවිධ සිදුවීම් පෙන්නවා...Pulp Fiction,Reservoir Dogs,Annie Hall,Dunkirk මේකට උදාහරණ කිහිපයක්...


මේ ව්‍යුහයේදි සැලකිලිමත් වෙන්න ඕන වැදගත්ම දේ තමයි අපි කොතනටද කතාව අරන් යන්නේ වගේම ආපහු හිටපු තැනට සම්බන්ධ කරන්නේ කොහොමද කියන දේ ගැන...


මේ තමයි චිත්‍රපට වලට ප්‍රධාන වශයෙන් භාවිතා වෙන කතන්දර ව්‍යුහ ආකාර වෙන්නේ...ඉතිං තිරරචනයකදී මේ ව්‍යුහ වගේම මේ ව්‍යුහ දෙකක් තුනක් එකට බද්ධ කරලා උනත් තිරරචනය සිදු කරන්න පුළුවන්....


                            ✒️ සිනමා තක්සලාව වෙනුවෙන්
                                 -අනුෂ්ක රසාංජන ද සිල්වා-

Post a Comment

0 Comments