පියවර පහකින් සාර්ථක තිරරචනයක්. (තිරරචනය - නව සංස්කරණය 03)





තිරරචනය නව සංස්කරණ ලිපි මාලාවේ මේ ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාර්ථක තිරරචනයක් සිදු කරගන්න පුළුවන් පියවර මොනවාද කියලා.අපි සාමාන්‍යයෙන් මුලින්ම තිරරචකයා ලියන පිටපත හදුන්වන්නේ Spec Screenplay කියලා.


Spec Screenplay කියන්නේ Speculative Screenplay කියන අරථය..ඒ කියන්නේ තිරරචකයා නිෂ්පාදන සමාගමට කලින් තිරරචකයා සිදු කරන තිරරචනය තමයි මේ විදියට Spec Screenplay කියන්නේ.


තිරරචනයක් සිදු කරන්න කලින් අවශ්‍යම දේ තමයි කතාව...මේක ප්‍රබන්ධ කතවෙක් හෝ පොතක අනුවාදයක් හෝ කාගේ හරි ජීවිත කතාවක් ඒ කියන්නෙ බයොපික් එකක් වෙන්න පුළුවන්..ඒ විදියට තිරරචනය සිදුකරගන්න ගන්න කතාව තිරරචනය කරලා පිටපත සකස් කරගන්න කලින් අනුගමනය කරන පියවර නැත්නම් සාර්ථක තිරරචනයකට අවශ්‍ය පියවර ගැන තමයි දැන් කතා කරන්න  යන්නේ..


තිරපිටපත සකස් කරගන්න කලින් නැත්නම් Pre Writing  වලදී මුලික පියවර තුනකට පස්සේ පියවර පහෙන් සාර්ථකව තිරරචනයක් අපිට සිදුකරන්න පුළුවන් වෙනවා.ඒ පහ ගැන වෙන වෙනම අපි දැන් කතා කරමු...



01.Logline එක නිර්මාණය කර ගැනීම


මොකද්ද මේ කතාව කියන ප්‍රශ්නයට  තිරරචකයාට දෙන්න තියෙන තනි වාක්‍යක උත්තරය තමයි Logline  එක කියන්නේ...ඒ කියන්නේ තමන් ලියන්න බලාපොරොත්තු වෙන කතාව ගැන සරල කෙටි හැඳින්වීම තමයි Logline එක කියන්නේ.


මේ තමයි තිරරචකයාගේ පිටපත ඉදිරියට අරන් යන මුලික පදනම වෙන්නෙත්...හැම වෙලාවෙම කතාවේ අරමුණ වගේම තිරරචකයාගේ අදහස කෙළින්ම තව කෙනෙක්ට යවන්න පුළුවන් වාක්‍ය තමයි  මේ Log line එක.


උදාහරණයක්  විදියට 1988 තිරගත වු ජනප්‍රිය Silence of the Lambs චිත්‍රපටය ගත්තොත් එහි Log line එක මෙහෙමයි..."අමානුෂික මනුෂ්‍ය ඝාතනයන් සිදුකරන දාම ඝාතකයෙක් අල්ලා ගැනීම සඳහා ඊටත් වඩා දරුණු දාම ඝාතකයෙක් සමඟ සම්බන්ධතාවයක් ගොඩනඟාගෙන ගනුදෙනු කරන තරුණ FBI නියෝජිතවරියක් ගැන"


Logline එකක් හරහා පිටපත කියන කෙනාට අරමුණක් ඇතිකරනවා..මොකද අපිගත්ත උදාහරණයේ අපිට ඒ වාක්‍ය අැතුලේ protogonist ,Conflict ,Antagonist වගේ දේවල් සාරාංශගත කරලා කියනවා...


Log line  එකක ප්‍රධාන කොටස් හතරක් හදුනගන්න පුළුවන් ....මේවාට කියනවා Primary part of Longline කියලා...ඒ මොනවාද කියලි ඉහත උදාහරණය එක්කම අපි බලමු...


🔹Protogonist(කතානායකයා) -FBI නියෝජිතවරිය

🔹Inciting Incident(සිද්ධියකට පෙළඹවීම) - අමානුෂික මනුෂ්‍ය ඝාතනයන්

🔹Protogonist's goal (කතානායකයාගේ අරමුණ ) - ඒක නවත්තන එක

🔹Central Conflict (අරගලය කරන විදිය)- තවත් දාම ඝාතකයෙක්⁣ සමඟ සම්බන්ධතාවයක් ගොඩා නඟා ගැනීම 


මේ කොටස් වල අනුපිළිවෙලක් කියලා නැහැ...ඉතිං ඔයා පිටපතේ LogLine එකෙදී මේ පියවර අනුගමනය කලොත් සාර්ථක සාරාංශයක් හදාගන්න පුළුවන් වෙනවා...ඒක තිරපිටපත එක අරමුණක පවත්වාගෙන යන්න උදව් වෙනවා...


අපි තව උදාහරණ කිහිපයක් බලමු...


🔸Forrest Gump - ⁣බුද්ධියෙන් අඩු ෆොරෙස්ට් ගම්ප් නම් තරණයා සිය පෙම්වතිය වු ජෙනීගේ ප්‍රතික්ෂේප වීම හා ජීවිතයේ විවිධ හැලහැප්පීම් හා අත්දැකීම් සමඟ වර්තමානයේ සිට කරන අතීත ආවර්ජනය 


🔸Titanic - ටයිටැනික් නෞකාවේ මංගල ගමනේදී තරුණ යුවලක් ආදරයෙන් මුසපත් වී ආදරයේ අනන්තයට යන අතරතුර අත්ලාන්තික් සාගරයේ මුහුදුබත් වන නෞකාවෙන් ගැලවීමට සිදුකරන අරගලය


🔸LOTR - බලමුදුවක් ලෝකය නපුරෙන් යටත් කරගෙනසිටින අවස්ථාවක කුරුමිට්ටන් දෙදෙනෙක් සිය කණ්ඩායමේ සහයෝගයෙන් බලමුදුව විනාශ කර ලෝකය නපුරෙන් ගලවා ගැනීමට යන ගමන


Long line එකක් වැදගත් වෙන්නේ තිරරචනය තරඟයකට හෝ උළෙලකට ඇතුලත් කිරීමේදී මෙන්ම තිරරචනය විකිණීමේ කාර්යයේදී නිෂ්පාදකයෙක් හෝ නිෂ්පාදන සමාගමකට කතාව ගැන අවබෝධයක් හා 



02.Outline එකක් නිර්මාණය කර ගැනීම..


Outline එක කියන්නේ පිටපතේ ව්‍යුහය නැත්නම් Structure එක හදගන්න එක..ඒ කියන්නේ මෙන්න මේ පිටුවෙදි කතාවේ සිද්ධ වෙන්නේ මෙන්න මේ දේවල් කියන එක ගැන කරන සැලසුම් කිරීම..මේකට කියන්නේ Story Beat කියලා.


Story Beat කියන ක්‍රියාවලිය තිරරචනයකට වැදගත් වෙන්නේ මුල මැද අග නිවැරදිව සකස් කරගන්න වගේම චරිත ගොඩනැඟීම කියන කාරණාවත් සම්පූර්ණ කරගැනීමේදී වෙනවා.මුල් කාලයේ මේ තිරරදන ව්‍යුහය විදියට තිබුණේ 3 Act Structure නැත්නම් මුල මැද අග කියන කොටස් තුන පාදක කරගත්ත ව්‍යුහයක්.


නමුත් අද වෙනකොට ඕනම කෙනෙක්ට සාර්ථක විදියට තමන්ගේ කතාව තිරපිටපතක් විදියට සකස් කරගන්න අවශ්‍ය තිරපිටපත් ව්‍යුහය විදියට 2005 දී Blake Snyder හදුන්වලා දුන්න Save the Cat structure එක හදුන්වන්න පුළුවන්.


Save the cat ව්‍යුහයම නැතිවුනත් වෙනත් තිරරචන ව්‍යුහයක් නැත්නම් Beat Sheet එකක් තිරරචනයේදි අවශ්‍ය වෙනවා.අපිට කතාව කොටස් නැත්නම් අනුමාතෘකා15කට වගේ බෙදාගෙන වුනත් මේක කරන්න පුළුවන්.මේ හරහා තිරරචනය වඩාත් සංවිධානාත්මකමව සැලසුම්සහගව කරන්න පුළුවන් වෙනවා 




03. Treatment එක නිර්මාණය කිරීම


Treatment නැත්නම් පිළියෙල කිරීමක් කියන්නේ කතාවේ අදහස තිරරචනය කිරීමට පෙර පිළියෙල කරගන්නා ලේඛනයටයි..treatment එකක් හදාගන්නේ හැම තිස්සෙම වර්තමාන කාලයෙන් වන අතර ඒක ලියන්නේ සරල ලිඛිත භාෂාවෙන්..


මේ ලේඛනයට ගොඩාක් ලංකාව ඇතුලේ පාවිච්චි කරන වචනය තමයි Synopsis කියන වචනය..ඇත්තටම තිරරචනයේදි සකස් කරගන්න මූලික විස්තර ඇතුලත් සාරාංශගත සටහන නැතනම් සිනොප්සිස් එක තමයි ට්‍රීට්මන්ට් එක කියන්නේ.


කතාවේ සාරාංශය, චරිත හදුන්වාදීම, තේමාව, Logline මේ දේවල් වලින් Treatment එකක් හදාගෙන තමයි ගොඩාක් වෙලාවට තිරරචකයින් අවසන් තිරරචනය සිදු කරන්නේ...සමහර අවස්ථාවලදී කතාව නිර්මාණය කරන කෙනා තිරරචනය සිදු නොකරන්න පුළුවන්..ඒ වගේ අවස්ථාවලදී තිරරචනය සිදු කරන තිරරචකයා⁣ට වගේම චිත්‍රපටයට මූල්‍ය සහය ලබා ගන්න නිෂ්පාදක සමාගම් වලට ගොඩාක් වෙලාවට Roadmap එකක් නැත්නම් මූලික සැකැස්මක් විදියට යොමු කරන්නේ මේ Treatment එක...


අපි දැන් බලමු ඇයි ඔයාට treatment එකක් අවශ්‍ය කියලා...

🔸සම්පූර්ණ කතාවේ සැකැස්මක් නිර්මාණය කරගැනීමට

🔸ප්ලෝට් හොල්ස්  වගේම අඩු වෙලා තියෙන කොටස් හදුනාගැනීමට

🔸චරිත ගොඩානැගීමට හා චරිත වල විශේෂ ලක්ෂණ හදුනගනීමට

🔸චිත්‍රප⁣ටයේ සැකැස්ම පියවරෙන් පියවරට අවබෝධයෙන් අධ්‍යනය  පහසු කරගැනීමට


Treatment එකකට අන්තර්ගත කරගත යුතු කරුණු මොනවාද වගේම මේ කරුණු කොහොමද ඇතුලත් කරගන්නේ කියලා දැන් බලමු....


Title (මාතෘකාව)

මේ කියන්නේ අපි ෆිල්ම් එකට දාන නම ගැන...චිත්‍රපටයේ නම කතාවේ තේමාවට අනුගත වීම අවශ්‍යයි...විවිධ ආකාරයට නමක් චිත්‍රපටයට යොදාගන්න පුළුවන් ...චරිතයක් විදියට නම යොදන්න පුළුවන්..උදාහරණයක් God Father,The 40 year old Virgin වගේ...නැත්නම් Silence of the Lambs වගේ රූපකයක් වෙන්නත් පුළුවන්...මේ කොහොම නම යොදාගත්තත් වැදගත්ම දේ චිත්‍රපටයේ නම තවත් චිත්‍රපටයක නමට සමාන නොවෙන ඔරිජිනල් නමක් වෙන්න ඕන කියන දෙයයි....


Compose Your Longline (Long line එක යොදාගැනීම)

අපි කලින් කතා කරපු Long line එක ඉස්මතු වනවිදියට කතාව හදාගන්න එක...


Summarize the Concept (අදහස සාරාංශගත කිරීම)


මෙතනදී කරන්නේ ඔයා කලින් කෙටියෙන් හදාගත්ත  Longline එක දිගහරිනවා වගේ වැඩක්...කතාවේ තේමාව , වැදගත් සිදුවීම් වගේ ඔයාගේ අදහස හොඳින් මතු කරලා පෙන්වන එකතමයි මේ පියවරේදි කරන්නේ...තේමාවට අදාලව සකස් කරගත්ත පසුබිම ⁣පෙන්නනත් මෙතනදී පුළුවන් .....


Setup the Main Characters (ප්‍රධාන චරිත ගොඩනඟා ගැනීම)


මොනවාද චරිත,එයාලා මොන වගේද,මොනවද එයාලා මේ චිත්‍රපටයේ කරන්නේ වගේ චරිත ගොඩනඟා ගැනීමක් මේ පියවරේදි පෙන්නන්න පුළුවන්....


Explore the acts


කතාවේ පසුබිම හදාගෙන චරිත හදාගෙන ඉවරවෙලා දැන් තියෙන්නේ කතාව ඉස්සරහට අරන් යන එක...කොහොමද කතාව පටන් ගන්නේ කාවද අපි පෙන්නන්නේ,මොකද්ද අපි කියන්න යන්නේ නියන දේ කෙටි කතාවක් විදියට ලියන් යන එකයි කරන්නේ...


වැදගත්ම දේ තිරරචනයේදි තිරපිටපත ලියනවා  වගේම මේ treatment එකත් වර්තමාන කාලයෙන් සරල භාෂාවෙන් තමයි ලිවීම සිදු කරන්නේ...


Epilogue (සමාප්තිය)


කතාවේ අවසානය තමයි මේ...අවසානය වෙන්නේ කොහොමද,චරිත වලට මොකද වෙන්නේ,එයාලා අන්තිමට මොකද කරන්නේ වගේ අවසානය සාරාංශගත කරන එක තමයි Treatment එකේ අවසාන පියවර වෙන්නේ...


මේ විදියට හදාගන්න Treatment එක එක පිටුවකට සීමා වෙනනත් පුළුවන් නැත්තම් පිටු 30,40කට සීමා වෙන්නත් පුළුවන්..නමුත් පුළුවන් තරම් කෙටියෙන් පිටු උපරිම10-12  ලියන එක වඩාත්  සාර්ථක වෙනවා..


සාමාන්‍යයෙන් ජේම්ස් කැමරන් එයාගේ තිරපිටපතේ Treatment එක පිටු 50-100 කට වගේ නිර්මාණය කරගන්නේ හැම දර්ශනයක් ගැනම කෙටි හදුන්වාදීමක් වගේම දර්ශනයෙන් දර්ශනය වෙනම දෙබස් කණ්ඩ කිහිපයක් එකතු කරන නිසා කියලා සඳහන් වෙනවා..




04.තිරරචනය සිදු කිරීම


මේ විදියේ පූර්ව ක්‍රියාවලියකින් පස්සෙ දින සැලසුමකින් තිරරචනයක් සිදු කරගන්න පුළුවන් වෙනවා.තිරරචනයක් ලිවීමේදි දෙබස් හා සිද්ධි ගොඩනැඟීම වගේම චරිත ගොඩනැඟීම ගැන වැඩි අවධානයක් යොමු කරන්න සිද්ධ වෙනවා.


තිරරචනය සිදු කරනකොට කලින් ලිපි වල කතා කරපු සම්මත ආකෘතිය යටතේ සිදු කරන්න වග බලාගන්න..සති 10ක කාල සීමාවකින් තිරරචනයක් කරන්නේ කොහොමද කියන එකගැන අපි ඉදිරි වෙනමම කතා කරමු.




05.Re-Write ක්‍රියාවලිය


අවසන් පියවර විදියට තිරරචනයක් සිදු කරලා අවසානයේදි තිරපිටපත මුල සිට අගට කියවිය යුතු වෙනවා..එතකොට තිරරචනයේදි සිදු වෙලා තියෙන වැරදි,අතපසුවීම් වගේම සංශෝධනය ⁣විය යුතු තැන් ගැන අවබෝධයක් ගන්න පුළුවන් වෙනවා..


සාමාන්‍යයෙන් තිරරචනයක් තිරරචකයා විසින් සිදු කර අවසානයේදී නැවත ලිවීමක් නැත්නම් Re-write ක්‍රියාවලියක් සිද්ධ වෙනවා.මේක සිද්ධ වෙන්නෙ මුලින්ම ලියපු තිරපිට⁣පතේ අඩුපාඩු සකස් කරගෙන Re Write එක සිදු කරන පියවර ගැන අපි ඊළඟ ලිපියෙන් කතා කරමු....


                      ✒️  සිනමා තක්සලාව වෙනුවෙන්
                              -අනුෂ්ක රසාංජන ද සිල්වා-

Post a Comment

0 Comments