Dogme 95




සිනමාව කියන්නේ විශ්වයක්...සීමාවක් කෙළවරක් අවසානයක් හෝ දිග පලළක් නැති විශ්වයක්...සිනමා නිර්මාණකරුවා,ප්‍රේක්ෂකයා  එකී විශ්වය ගවේෂණය කරන විශ්ව ගවේෂකයෙක් වෙන්නේ අත්හදාබැලීම් හා රසවින්දනය තුලින් වෙයි...සිනමා නිර්මාණයක වේවා ඕනම කලානිර්මාණයක  හොඳ නරක කියන්න බැරි අන්න ඒ නිසයි...ලියනාඩෝ ඩාවින්චිගේ මොනාලිසා සිතු⁣වමෙත් Edvard Munch ගේ Angry Dog සිතුවමෙත් ඇත්තේ නිර්මාණකරුවාගේ දෘශ්‍ය කෝණයයි...තවද ඒ නිර්මාණකරුවාගේ විශ්ව ගවේෂණයේ ප්‍රතිඵලයි......එලෙස සිනමාවේද වෙනස් වෙනස් අත්හදාබැලීම් වල ප්‍රතිඵලය අවසානයේ වෙනස්ම සිනමා ධාරාවක් නිර්මාණය වීමට ඉවහල් වන බවට හොඳම උදාහරණයක් පිළිබඳව කතා කිරීමටයි මේ සුදානම....


90 දශකයේ ලෝක සිනමාව "Wood" ආක්‍රමණික සිනමාවක් වුනා...දැවැන්ත පිරිවැයක්,විශාල දර්ශන තල,විශාල ප්‍රයෝගයන්...මේ කරුණු වලින් සන්නද්ධ සිනමාවක වෙනස්ම සිනමාවක් වෙනස්ම සරලබවක් අත්හදා බැලීමේ ප්‍රතිඵලයක් ලෙස Dogme 95 බිහිවී ඇත...කලින් කියු වාණිජ ධාරාවේ ප්‍රධාන සිනමාකර්මාන්ත වලට අභියෝග කරමින් ඩෙන්මාර්කයේ සිනමා අධ්‍යක්ෂකවරු වන Lars von Trier,Kristian Levring,Soren Kragh - Jacobsen සහ Thomas Vinterberg යන අයගේ රැඩිකල් සිනමා අත්හදා බැලීම පසුව Thomas Vinterberg හා Lars Von Trier නිසා සිනමා නිර්මාණ ක්‍රමයක් නැත්නම් Filmmaking style එකක් ලෙස Dogme 95 සිනමාවට එකතු වූයේ වෙනස් සිනමාධාරාවක් ඇති කරමින් වෙයි.....


ඉතිං කලින් සඳහන් කල Lars von Trier හා Thomas Vinterberg අධ්‍යක්ෂකවරු දෙදෙනා මේ Dogme 95 ක්‍රමවත්ම හඳුන්වාදීමේ අරමුණින් නීතිරීති මාලාවක් හදුන්වාදීම සිදු කලා..ඒ නීති රීති මාලාව Vow of Chastity ලෙස හදුන්වයි....එහි නීති රීති 10ක් අන්තර්ගත වන අතර ඒවා මෙසේ වෙයි...


Dogme 95 Rules


01.රූගත කිරීම ස්වාභාවික දර්ශන තලයක පමණක් සිදුවිය යුතුයි...මෙහි අර්ථය ස්ටුඩියෝ හෝ සකස් කල දර්ශන තලයක රූගත කිරීම සිදුනොකල යුතුයි....තවද රංග භාණ්ඩ (Props) අවශ්‍ය නම්  ඒවා සපයා ගත හැකි ස්ථානයක රූගත කිරීම් සිදු කල හැකි අතර පිටින් වෙනම ගෙන ඒම සිදු නොකල යුතුයි..
02.ශබ්දය වෙනම නිපදවිය නොහැක...එනම් දර්ශන තලයේදි යොදාගන්න ශබ්ද පමණක් තිබිය යුතුය...(සංගීතය පවා දර්ශන තලයේ තිබෙනවා නම් පමණක් යොදාගත හැකි අතර වෙනමම යෙදීම සිදු නොකල යුතුයි..)
03.හස්ගත කැමරාවෙන් (Hand Held) රූගත කිරීම් සිදු කල යුතුය..(ඕනම කැමරා චලන ක්‍රමයක්  හෝ ශිල්ප ක්‍රමයන් හස්තගත කැමරාව යටතේ සිදු කල හැක...)
04.චිත්‍රපටය වර්ණ චිත්‍රපටයක් විය යුතුය...විශේෂ  ආලෝකකරණයන් නැත්නම් කෘතිම ආලෝකයන් සිදු නොකල යුතුයි..
05.Optical work නැත්නම් SFX,VFX හා Filters යොදා ගැනීම සිදු නොකල යුතුයි...
06.මිනීමැරුම්,ආයුධ භාවිතය සිදු නොවිය යුතුයි...
07.ස්ථාන හා කාල වෙනස් වීම් සිදු නොකල යුතුයි...(මේකේ අර්ථය සරලවම මෙහෙම දෙයක්, අද කොළඹ රූගත කිරීම් සිදුකරනවා නම් ෆිල්ම් එකේ ඒක අවුරුදු 15කට පසු කියලා හරි ගාල්ල නගරයේදි  පෙන්නන්න බැහැ...මේ 2021 දී කොළඹ කියලාම පෙන්නන්න ඕන..)
08.චිත්‍රපට ශනාර ( Genre) යටතේ  සිදු නොකල යුතුයි...
09.Film Format එක Acadmy 35 mm විය යුතුයි...
10.චිත්‍රපටයේ අධ්‍යක්ෂකගේ නම සඳහන් නොවිය යුතුයි...


මේ විදියට Dogme 95 ය⁣ටතේ චිත්‍රපට නිර්මාණ කිරීම අභියෝගයක් වුනා...නමුත් හොලිවුඩ් ප්‍රමුඛ වාණිජ සිනමාවට අභියෝගයක් වෙමින් උඩුගම් බලා යන සිනමාවක් හෙවත් Movements of Cinema නැත්නම් සිනමාවේ වෙනස් සිනමා ධාරාවන් අතරට Dogme 95 එක් වුනා...කලින සඳහන් කල වෙනස් සිනමා ධාරාවන් ඇති කල සිනමා නිර්මාණකරුවන් වු Federico Fellini,Ingmar Bergman,Stanly Kubrick,Francois Truffaut වැනි සිනමා නිර්මාණකරුවන්ගෙන් පසුව නැවතුන සිනමාධාරාවක් හෙවත් Movements එක ඩෙන්මාර්කයේ ඇති කරන්න මේ Von Trier  සහ Vinterberg දෙදෙනාට හැකි වුනා...


මේ Dogme 35 යටතේ නිළ වශයෙන් නිර්මාණය වුන  චිත්‍රපට 35ක් හදුනාගෙන නම් කර ඇත...මේ අතරින් මේ Dogme 35 හදුන්වාදුන් හා යොදාලත් පලමු චිත්‍රපටය Vinterbergගේ Festen චිත්‍රපටය වනවා...ඉතිං මේ සුදානම Dogme 95 යටතේ නිර්මාණය වු ප්‍රධාන චිත්‍රපට කිහිපයක් ගැන සලකා බැලීමටයි...


Dogme #1 - Festen



1998 දී නිර්මාණය වුන පළමු Dogme 95 චිත්‍රපටය වු මෙහි අධ්‍යක්ෂක Thomas Vinterberg වනවා...ප්‍රංශයේ කෑන්ස් සිනමා සම්මාන උළලේදි ජුලියේ විශේෂ සම්මානයක් දිනාගැනීමට මේ චිත්‍රපටය සමත් වනවා...


මේ චිත්‍රපටය ගැන වින්ටර්බර්ග් පසුව පවසා ඇත්කේ මේ චිත්‍රපටයේ තිරරචනය තමාට අභියෝගයක් වු බවයි...සංගීතය හෝ වේවා වෙනත් වැදගත් දෙයක් යොදා නොගන්නේ නම් ප්‍රේක්ෂකයාව චිත්‍රපටය තුල රදවා තබා ගැනීමට  තිරපිටපතේ වැදගත්කම ගැන සෑම තත්පරයකම සලකා බැලීම නම් දැවැන්ත අභියෝගයට තමන් මුහුණ දුන් බවයි...


Dogme #2 - The Idiots





Dogme හඳුන්වාදීමේ පුරෝගාමිත්වය ගත් අනෙක් ඩෙන්මාර්ක්මහා සිනමානිර්මාණකරුවා වු Lars Von Trier ගේ පලමු Dogme 95 චිත්‍රපටය වනවා...වින්ටර්බර්ග් Fersten චිත්‍රපටය  out of box නම් ලාස් වොන් ට්‍රියගේ The Idiots චිත්‍රපටය out if this galaxy ලෙස සලකන්න පුළුවන් චිත්‍රපටයක් වනවා...


නමුත් ට්‍රිය මෙහිදි තමන් විසින්ම සකස් කල Dogme 95 නීති දෙකක් කඩ කල බව පිළිගනු ලබනවා...එනම් ආලෝකය සම්බන්ධ නීතිය කඩ කිරීමට එක් වරකදී ඔහුට සිදු වු බව ඔහු පිළිගනු ලබනවා...


ඉතිං මේ ආකාරයට මේ Dogme 95 නීති සකස් කල හදුන්වාදුන් නිර්මාණකරුවන් දෙදෙනාටම Dogme 95 යටතේ සිය පලමු  චිත්‍රපටය හීදීම ඒ නීති රාමුව තුල කොටු වීම අභියෝගයක් වු බව පෙනී යනවා...


Dogme #12 - Italian for Beginners 



මේ Dogme 95 සිනමා ධාරාවේ හොඳම චිත්‍රපටය ලෙස සලකන්නේ මේ චිත්‍රපටය වෙයි...Dogme 95 සියළු නීති රීති වලට යටත් වෙමින් එහි ප්‍රබලත්වය හොඳින්ම පෙන්වු චිත්‍රපටය ලෙස සැලකෙන මේ චිත්‍රපටය ඩෙන්මාර්ක් සිනමානිර්මාණකරුවෙක් වෙන Lone Scerfigගේ නිර්මාණයක් වනවා...


මේ ආකාරයට අවධානය යොමු කල Dogme 95 හරහා මිසෝන් සෙන් වැනි ගුණාංගක සලකා බැලීම සිදුකිරීමට අපහසු වුනත් ඩෙන්මාර්කයේ බිහිවු රැඩිකල් සිනමාවේ වෙනස්ම සිනමා ධාරාවක් ඇති Dogme 95 වාණිජ සිනමාවට එරෙහිව ඇති වු ප්‍රබල සිනමා ධාරාවක් ලෙස සැලකිය හැකි වනවා...අවසන් වශයෙන් මේ Dogme 95 පිළිබඳ ඔබේ දැනුමත් බෙදාගන්නට ආරාධනා කරමින් ලිපිය අවසන් කරවන්නේ මේ ලිපිය වෙනුවෙන් මා දිරිගැන්වු Upul Dissanayake  සහෝදරයාට ස්තූතිය පුද කරමින්....


   සිනමා තක්සලාව වෙනුවෙන්
                               -අනුෂ්ක රසාංජන ද සිල්වා-


                                                         

Post a Comment

0 Comments