Camara Shots




කලින් පළ කරපු සිනමැටෝග්‍රැෆිකරණය සම්බන්ධ ලිපියට තිබුණ ප්‍රතිචාර සමඟ සිනමාව හා උනන්දු බොහෝ පිරිසක් සිටින බව වැටහුණා...ඉතිං කලින් ලිපියට තිබු අදහස්,යෝජනා සියළු දේ වෙනුවෙන් මුලින්ම ස්තූතිය පුද කරන්න කැමති. .

කලින් ලිපියේ මාතෘකාව වූයේ කැමරා කෝණ නැත්තම් Camara Angles පිළිබඳවයි...අද සිනමැටෝග්‍රැෆිකරණය හරහා සිනමාව කියවීම යටතේ දෙවන ලිපියෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ කැමරාකරණය හා සම්බන්ධ තවත් වැදගත් කොටස් දෙකක් පිළිබඳවයි...ඒ Camara Shot නැත්නම් කැමරා දර්ශන ඛණ්ඩ හා Camara Framing නැත්නම් කැමරා රූප රාමු පිළිබඳවයි...මුලින්ම මේ කොටස් දෙක වෙන වෙනම හදුනාගෙන ඉන්පසු ⁣ගිය සතියේ මෙන් උදාහරණයක් ඇසුරෙන් පැහැදිලි කිරීමක් ගෙන ඒම සඳහා මෙවර මා තෝරාගත්තේ ⁣එදා මෙදාතුර ඉතිහාසයේ විශිෂ්ඨ ටෙලි කතාමාලාවක් වන  Breaking Bad කතාමාලාව....

රූප රාමුවක් නැත්තම් දර්ශන ඛණ්ඩයක ප්‍රධාන ගුණාංගය එය මිසෝන් සෙන් හි පිහිටුවා තිබීමයි...මිසෝන් සෙන් ගුණාංගය නම් පූර්ව සැලැස්මකින් රූපරාමුව හෙවත් දර්ශනයක කරනු ලබන සැකැස්මක් වේ....එනම් රූපරාමුවකට ඇතුලත් වන පසුතලය,ආලෝකකරණය,වර්ණ භාවිතය හෝ කළු සුදුභාවිතය,චරිත නිරූපණය,වේෂ නිරූපණය,වස්ත්‍රාභරණ,කැමරාව ස්ථානගතකිරීම හා  එහි හැසිරවීම,Composition නැතහොත් සංයෝජනය යන  ගුණාංග වල එකතුව හා හැසරවීමයි....එනම් චිත්‍රපටයක  සිනමැටෝග්‍රැෆිකරණයක ප්‍රධාන අරමුණ රූපරාමු මිසෝන් සෙන් ගුණාංගයට අනුගත කිරීමයි.. සිනමැටෝග්‍රැෆිකරණය යනු මිසෝන් සෙන් ගුණාංගයට දායක වන වැදගත් එක් අංගයක් පමණයි...රූපරාමුවක් ප්‍රෙක්ෂකයාට අමතක නොවන සිදුවීමක් කිරීමට මෙකී මිසෝන් සෙන් ගුණංගය වැදගත් වෙයි...මිසෝන් සෙන් ගුණාංගය ගැන වැඩිදුරට ඉදිරියේදි වෙනත් ලිපියකින් විමසා බලමු....

නැවතත් මාතෘකාවට අවධානය යොමු කලොත් කැමරා රූප ඛණ්ඩ නැතහොත් Camara Shots හා රූප රාමු නැත්තම් Camara Framing යනු කොටස් දෙකක් වෙයි...අප මුලින්ම Camra Shots හා Camara Framing වර්ග හදුනාගමු...


𝗖𝗮𝗺𝗮𝗿𝗮 𝗦𝗵𝗼𝘁𝘀

කැමරා රූප ඛණ්ඩ නැතහොත් Camara Shot ප්‍රධාන වශයෙන් වර්ග කිහිපයක් ඇත...ඒවා නම්

01.Close Up (CU)

02.Extreme Close Up (ECU)

03.Medium Close Up (MCU)

04.Medium Shot

05.Medium Long Shot (MFS) or 3/4 Shot

06.Full Shot (FS)

07.Wide Shot or Long Shot (LS)

08.Extreme Wide Shot (ELS)

09.Cowboy Shot

10.Establishing Shot


𝗖𝗮𝗺𝗮𝗿𝗮 𝗙𝗿𝗮𝗺𝗶𝗻𝗴


දැන් ඔබට කැමරා කෝණයක් ඇත...කැමරා රූප ඛණ්ඩයක් ඇත...දැන් ඔබට අවශ්‍ය චරිතය දර්ශනය සඳහා ගෙන ඒමයි..අන්න ඒ අවස්ථාවේදි ඔබට හමුවන මාතෘකාව Camara Framing නැතහොත් Camara Framing වෙයි...ප්‍රධාන වශයෙන් කැමරා රූප රාමු කොටස් කිහිපයකි....

01.Single Shot

02.Two Shot

03.Three Shot

04.Over the Shoulder Shot (OTS)

05.Over the Hip Shot

06.Point of View Shot (POV)

07.Insert Shot


චරිතයක් ආශ්‍රිත ප්‍රධාන කැමරා කෝණ මේවා වනවා....






01-Extreme Close Up

02-Close Up

03-Medium Close Up

04-Medium Shot

05-Medium Long Shot

06-Full Shot

දැන් අපි ඉහත කතා කල ඒවා වෙන වෙනම හදුනාගනිමු...


01.Close Up (CU)




Close Up කියන වචනයේ තේරුම අනුවම මෙහි අර්ථය සමීප රූප ඛණ්ඩ වේ...එනම් වස්තුවක සමීප දෘශ්‍යක්...උදාහරණයක් ලෙස යම් චරිතයක් සැලකුවොත් ඒ චරිතයේ මුහුණේ සමීප රූප ඛණ්ඩයක් විය හැකිය...එහිදී අපිට චරිතයේ මුහුණේ ඉරියව්,හැඟීම් මනාව ප්‍රේක්ෂකයාට දැන්විය හැකිවේ...ප්‍රේක්ෂකයාට වඩාත් හොඳ ,වැදගත් තොරතුරු දැන්වීම සඳහා මේ සමීප රූප ඛණ්ඩ භාවිතා කරනු ලබනවා...
එසේ සංව්දී හැඟීම් දැනවීමටත් වැදගත් යමක් පෙන්වීමටත් හා චරිතයක මුහුණු වල ඉරියව් පෙන්වීමට මේ CU shot උපකාරී වෙයි...සරලව චරිතයක නම් හිසත් උරහිසත් අතර රූප ඛණ්ඩ මේ යටතට අයත් වනවා..


02.Extreme Close Up (ECU)



මෙහිද අර්ථය නමට අනුරූපවම ඉතාමත් සමීප රූප ඛණ්ඩ වනවා....එනම් චරිතයක ඇසක් හෝ මුව හෝ තනි විශාල සමීප රූප ඛණ්ඩයක් වනවා...මෙහිදි සම්පූර්ණ රූප රාමුවම තනි වස්තුවකින් පිරී පවතින ආකාරය දැකගත හැකිය...ඇසක් වෙත වඩාත් සමීප කර ඇත්නම් නැතහොත් ඇසක Extreme Close Up එකකදී එම රාමුව චරිතයේ මුහුණෙන් සම්පූර්ණයෙන්ම පිරී ඇති ආකාරය දැකගත හැකි වනු ඇත...
සරලවම චරිතයක නළල නිකට අතර දුරක රූප ඛණ්ඩ මේ යටතට අයත් වනවා....


03.Medium Close Up (MCU)



Medium Close up එකකදී කැමරාව Close Up එකකට වඩා වැඩි Medium Shot එකක් අතර පිහිටුවනවා...සරලවම චරිතයක නම් හිසත් තන්පුඩුත් අතර දුරක කැමරා රූප ඛණ්ඩ මෙනම් වේ...


04.Medium Shot



වස්තුවට සාමාන්‍ය දුරක සිට ගනු ලබන නිතර දැකිය හැකි රූප ඛණ්ඩ මෙසේ හදුන්වනවා..චරිතයක දෙබස් වලදී මෙන්ම අංග චලනයන් මෙන්ම වස්ත්‍රාභරණ හා බාහිර පරිසරය සුළු වශයෙන් පෙන්වීමට මේ ආකාරයේ ඛණ්ඩ භාවිතා වනවා සුලබව දැකිය හැකිය....සරලව චරිතයක් වඩාත් හොඳින් පසුබිම සමඟ පෙන්වීමට භාවිතා වන රූප ඛණ්ඩ නැත්තම් camara Shots මෙය වේ....


05.Medium Long Shot (MFS) or 3/4 Shot



මෙහි තව කොටසක් ලෙස Medium Long Shot එහෙමත් නැතිනම් Tree Quarters Shot හදුන්වා දිය හැකිය...Medium Shot හා Long Shot වල එකතුවක් ලෙස මෙය හදුනාගත හැකි වෙයි....සරලවම Medium Shot වලදී සාමාන්‍යයෙන් චරිතයක හිසත් උකුලත් අතර කැමරාව හසුරන අතර මේ Medium Long Shot වලදී කැමරාව හසුරවන්නේ හිසත් දණහිසත් අතර වෙයි...


06.Full Shot (FS)



Full නැත්තම් සම්පූර්ණ වචනයේ පරිදිම මෙය චරිතයක හෝ වස්තුවක සම්පූර්ණ හසුකරගැනීම වනවා....චරිතයක් හිසේ සිට පාදාන්තය තෙක් අවට පරිසරයත් සමඟ දැක්වීමට භාවිතා වන කැමරා රූප ඛණ්ඩට Full Shot වනවා...


07.Wide Shot or Long Shot (LS)



Long Shot ලෙසද හදුන්වන Wide Shot චරිතයක් බාහිර පරිසරයත් සමඟ කරන ගණුදෙනුවක් පෙන්වීමට එනම් චරිතයක් හා ඔහුට සම්බන්ධ වස්තුවක් පෙන්වීමට ඕනම කැමරාවකින් ඕනම කාචයක් භාවිතයෙන් හැකිවේ...නමුත් බොහෝ දුරට Wide Angle Lens භාවිතා කරනු ලබයි...


08.Extreme Wide Shot (ELS)



Long Shot නැත්තම් Wide Shot වලදී චරිතය ඉතා හොඳින් හා ඊට සම්බන්ධ වස්තුවක් සමඟ බාහිර පරිසරය නිරූපණය කලද EWS නැත්තම් ELS හීදි එසේ චරිතය එසේ ඉතා හොඳින් පෙනීම අවශ්‍ය නොවේ..එනම් චරිතය ඉතා කුඩාවටත් වැඩි අවධානයක් පසුබිමට වෙන් කරන ආකාරයේ රූප ඛාණ්ඩ ⁣EWS නම් වේ...විශේෂයෙන්ම චිත්‍රපටයක අළුත් පරිසරයක් පෙන්වන්න,විශේෂයෙන්ම චිත්‍රපටයක ආරම්භය අවසානය පෙන්වන්න බොහෝ දුරට භාවිතා කරන්නේ EWS වෙයි....
මේ රූප ඛණ්ඩ වෙනුවෙන් භාවිතා කරන කැමරා කෝණය නැත්තම් Camara Angle එක බොහෝ දුරට Ariel Angle වනවා....මතකද මුලින්ම හොග්වස්ට් පෙන්වපු අවස්ථාව...එසේම ඇවටාර් චිත්‍රපටයේ මුලින්ම පැන්ඩෝරාව පෙන්වපු අවස්ථාව,ලොර්ඩ් ඔෆ් ද රිනග්ස් චිත්‍රපටයේ මුලින්ම ෂයර් හා රිවන්ඩේල් පෙන්නපු අවස්ථාවන් මතකද...ඒ හදුන්වාදෙන අවස්ථාවල භාවිතා කරන කැමරා රූප ඛණ්ඩය ලෙස EWS දැකගත හැකි වනු ඇත....



09.Cowboy Shot



Cowboy Shot රූප ඛණ්ඩ සැලකීමේදි මෙය Medium Shot වලට වඩා වැඩි Full Shot වලට අඩු රූප ඛණ්ඩ වනවා...සරලව චරිතයක් අසුරෙන් මෙසේ පැහැදිලි කරගමු..චරිතයක හිසේ සිට පාදාන්තය තෙක් නම් Full
Shot,හිසේ සිට දණහිසට නම් Medium Full Shot,හිසේ සිට උකුල හෝ ඉන තෙක් නම් Medium Shot....
හිසේ සිට දණහිස ඉන අතර ඉනට ආසන්නයේ රූප ඛණ්ඩ Cowboy Shot වනවා...සාමාන්‍යයෙන් මේ පරාසය තුල Medium Shot වලට සමහර අවස්ථාවල දක්වා තිබුණත් Cowboy Shot වල විශේෂත්වය චරිතයට වීරත්වයක් හෝ චරිතය දැඩි විශ්වාසයෙන් යුතුව සිටින බව පෙන්වීම හෝ ඉනට සම්බන්ධ තුවක්කුවක් ග්නා අවස්ථාවලදී මේ රූප ඛණ්ඩය භාවිතා කරයි....
එමෙන්ම මෙවැනි අවස්ථාවලදි භාවිතා කරන කැමරා කෝණය Low Angle Shot වෙයි....ඒ නිසා මේ කැමරා රූප ඛණ්ඩය ඉතා හොඳින් Medium Shot වලින් වෙන් කර හදුනාගත හැකිය...


10.Establishing Shot





ප්‍රේක්ෂකයාට ස්ථානය හා වේලාව දැනගැනීමට භාවිතා කරන පුළුල් පරාසයක රූප රාමු ඛණ්ඩයක් මේ යටතට අයත් වෙයි....එනම් භූගෝල දර්ශනයන් වඩාත් හොඳින් සමීප කිරීමට භාවිතා කරයි...
උදාහරණයක් ලෙස හැරී පොටර් හි ඔබට මතකද හෝග්වර්ට්ස් වල දේශගුණික වෙනස් වීමත් සමඟ සිදුවන වෙනස්කම් පෙන්වන්න ආකාරය..හිම වැටෙන අයුරු..හැරීගේ සුරතල් බකමූණා ඉඟීලි යන ආකාරය....එවැනි දර්ශන වලට එනම් චරිතයට සම්බන්ධ පසුතලය ⁣අතර සම්බන්ධය මා කාලය වෙනස්වීම් පෙන්වන්න මේ කැමරා රූප ඛණ්ඩය යොදා ගනු ලබනවා....
ඇත්තටම මේ Establishing Shot හා Extreme Wide Shot ඔබට පැටලෙන ස්භාවයක් තිබිය හැකිය.... Establishing Shot ආකාරයටයි..Establishing Shot යනු විශේෂ ස්ථානයක විශේෂ සිදුවීමක් සඳහා ගනු ලබන EWS ආකාරයක් ලෙස මතක තබා ගන්න...උදාහරණයක් ලෙස හෝග්වර්ට්ස්...
Breaking Bad ආශ්‍රයෙන් Establishing shot එකක් සොයා ගැනීමට නොහැකි වු හෙයින් GOT කතාමාලාවේ දර්ශනයක් යොදා ගන්න ලදි..
Witerfell ස්ථාවර කර දැක්වීමට මේ රූප ඛණ්ඩය යොදාගෙන ඇත...
මීට අමතරව තවත් Camara Shot නැතහොත් කැමරා රූප ඛණ්ඩ ලෙස Cutaway Shot,Reaction Shot යන shots සමහර අවස්ථාවලදී දැකගත හැකිවනු ඇත...



මින් පසු අවධානය යොමු කරන්නේ කැමරා රූප රාමු ගැනයි....


01.Single Shot



රූප රාමුවක එක් විශේෂ චරිතයක් පමණක් සිටින රූප රාමුවක් Single Shot වෙයි...ජෝකර් චිත්‍රපටයේ ⁣බහුතරයක් Single Shot rඔබට දැකගත හැකිවනු ඇත.....



02.Two Shot



එක රූප රාමුවක චරිත දෙකක් දැක්වීම මෙනම් වේ...ලෝර්ඩ් ඔෆ් ද රිනිග්ස් චිත්‍රපටයේ ෆ්‍රෝඩෝ හා සෑම්ගේ බොහෝ දර්ශන ඔබ මේ යටතේ දකින්නට ඇති...


03.Three Shot



එක රූප රාමුවක චරිත තුනක නිරූපණයක් මෙනම් වේ....හැරී පොටර් චිත්‍රපටයේ බොහෝ දර්ශන ඔබ මේ රූප රාමුව යටතේ දකින්නට ඇති...


04.Over the Shoulder Shot (OTS)



මේ රූප රාමුව සකස් කරන්නේ Off Screen චරිතයක් නැත්නම් රාමුවෙන් පිටතට සිටින පුද්ගලයෙක්ගේ උරහිසින් On Screen චරිතය නැත්තම් රාමුවේ සිටින චරිතයක් පෙන්වමින්....දර්ශනය තුල සිටින චරිතයේ හැගීම් වඩා තීව්‍ර ලෙස පෙන්වීමට මේ ආකාරයේ රාමුවක් යොදා ගනී...චරිතයක් තනිකිරීමෙන් ප්‍රේක්ෂක අපටද හුදෙකා බවක් දැනෙනවා..නමුත් චරිත දෙකක් පෙන්වමින් එක් චරිතයක් රාමුවෙන් පිටට යන්තම් පෙනෙන ලෙස තබා ඒ චරිතයේ උරහිසින් අනිත් චරිතය පෙන්වීම මඟින් චරිත දෙක අතර හොඳ ගනුදෙනුවක් වගේම කලින් සඳහන් කල පරිදි තිරයේ සිටින චරිතයගෙ හැගීම් අපට හොඳින් ග්‍රහණය වෙයි...

මේ රූප රාමුව තවත් තැනක භාවිතා වනවා...ඒ කැඩපතකින් මුහුණ බලන දර්ශනයකදී යොදාගන්නවා ඔබ දැක ඇති...කැඩපතකින් මුහුණ බලනවිට කැඩපතේ ප්‍රතිබිම්බය පෙන්වන්නේ චරිතයේ උරහිස මතින් වන බව ඔබට මතකද....එසේම කැඩපතින් නැතුව කෙලින්ම මුහුණ පෙන්වන්න අවස්ථාව තිබිලත් ඇයි කැඩපතින් මුහුණ පෙන්නන්නේ කියා ඔබ සිතුවද...කෙළින්ම මුහුණ පෙන්වීමට වඩා එසේ කැඩපතින් පෙන්වීමෙන් හැඟීම් වඩාත් තීව්‍ර වේ...එයත් උරහිස මතින් පෙන්වන්නේ චරිතයේ හැඟීම් වඩාත් හොඳින් අපට සමීප කරවන්නයි....



05.Over the Hip Shot



මෙය කලින් කියු අවස්ථාවට සමාන රූප රාමුවක් වෙයි....මෙහිදී සිදුවන්නේ උරහිස වෙනුවට ඉණ හරහා පෙන්වීමයි...දෙවනි චරිතයේ ඉණ ⁣පසකින් පෙන්වමින් ප්‍රධාන චරිතය නැතහොත් රාමුවේ සි⁣ටින චරිතය පෙන්වන රූප රාමුව මෙනම් වේ....


06.Point of View Shot (POV)

                    

              


අපි දැන් අවතීර්ණ වෙන්නේ මේ යටතේ වැදගත්ම මාතෘකාවට...POV යනු රූප රාමුව චරිතය ලෙස ක්‍රියා කිරීමයි...එනම් චරි ඇසින් පෙන්වීමයි.....එනම් කැමරාව චරිතයේ ඇස ලෙස ක්‍රියාකරමින් දර්ශනය හසුකරගැනීමයි...මෙය රූප රාමුවකට එහා ග්ය තාක්ෂණික යෙදුමක් වෙයි..චරිතය අපට යම් කතාවක් කියන අවස්ථාවකදී යොදාගන්නේ මේ තාක්ෂණික යෙදුම වෙයි...

POV සඳහා කැමරාව නිතරම යොදා ගන්නේ Hand-held නැත්තම් කැමරාව අතින් චලනය කරමින්ය...මේ ⁣POV හී තවත් විශේෂත්වයක් නම් අනිත් චරිත කැමරාව දෙස බැලීමයි....කැමරාව චරිතයක් ලෙස ක්‍රියා කරන්නේ නම් අනිත් චරිත අදාල චරිතය දෙස පලනවා යනු කැමරාව දෙස බැලීමයි...

මේ කැමරා POV හි සුවිශේෂීත්වය වන්නේ මෙමඟින් බොහෝ අළුත් අත්හදා බැලීම් පරාසයන් ස්පර්ශ කල හැකිවීමයි....John Carpenter මේ POV යොදාගෙන ඇත්තේ ඝාතකයාගේ මනස ලෙසයි....Tarantinoගේ kill bill මෙන්ම Hitchcock ගේ Rear Window චිත්‍රපට වල වෙනස් ආකාරයේ POV භාවිත අපට දැකගත හැකිය...
අපි කතා කරන උදාහරණය Breaking Bad කතාමාලාව එසා මෙදා තුර ඉතිහාසයේ සෑම අතින්ම විශිෂ්ඨ කතාමාලාවක් ලෙස හැඳින්විය හැකිය...Breaking Bad කතාමාලාවේදි මේ POV ක්‍රමවේදය වෙනස්ම අයුරකින් භාවිතා කර ඇති අයුරු අපට දැක ගත හැකිය...සාමාන්‍යයෙන් POV යොදාගන්නේ චරිතයක ඇසින් පෙනෙන ආකාරය දක්වන්න වූවාට Breakin Bad හි ඊට වඩා වෙනස් ආකාරයකින් එනම් අජීවි වස්තු වල දෘෂ්ඨිකෝණයෙන් ප්‍රේක්ෂකයාට අවස්ථා සමීප කරවීමයි....Breaking Bad හි POV යොදාගැනීම් පහළින් ඡායාරූප හරහා ඔබට බලාගත හැකි යනු ඇත....


07.Insert Shot




Lord of the Ring චිත්‍රපටයේ මුද්ද ෆ්‍රෝඩෝ අතට මුලින්ම පත් වන අවස්ථාව මතකද...ඒ තමයි මුද්ද අපිත් හරියටම දකින අවස්ථාව...ඉතිං මෙවැනි විශේෂ කුඩා යම් දේවල් විශේෂ කර දක්වන්න යොදාගන්න රූප රාමු වර්ගය Inset Shot වනවා.චිත්‍රපටයක කාලය විශේෂයි නම් ඔරලෝසුවක දර්ශනයක් Insert Shot ලෙස රූප රාමුවෙන් දැකිය හැකිය.....මේ Insert Shot වලට යොදා ගන්න කැමරා රූප ඛණ්ඩ Close up හෝ Extreme Close Up shots වනවා...එමෙන්ම සේ දර්ශන පෙන්වන්නේ චරිතයේ දෘෂ්ඨි කෝණයෙන් හෙවත් POV දෘෂ්ඨිකෝණයෙන වේ...එනම් POV දෘෂ්ඨි කෝණයෙන් පෙන්වන Close Up shot විශේෂ යමක් Insert Shot වේ...


Wide and Closed 



Breaking Bad කතාමාලාවට යොදාගත් තවත් කැමරා රූප කණ්ඩයක් තමයි Wide and Closed...මෙය ඔවුන් විසින් නිර්මාණය කරගත් කැමරා රූප කණ්ඩයක් වනවා....Over The Shoulder රූප රාමුව ගැන සඳහන් කල පරිදි මෙහිදී වස්තුවක් රූප රාමුව අසන්නයේ තබාගෙන ඈතින් පසුබිම හොඳින් පෙනෙන සේ Wide Shot මඟින් මේ නව සංයෝජන කැමරා ඛණ්ඩය ඔවුන් නිර්මාණය කරගෙන ඇත.....


නැවතත් උදාහරණය විදියට ගත් Breaking Bad කතාමාලාවට අවධානය යොමු කලොත් මෙහි කතාව හෙවත් ප්ලෝට් එක චරිත සුළු ගනණක්  වටා ගෙතී ඇති සරල එහෙත් අපූර්ව චරිත ගොඩනැගීමක් කර ඇති අයුරු අපට දැකගත හැකිවනු ඇත....නමුත් මෙහි සුවිශේෂීම ලක්ෂණය සිනමැටෝග්‍රැෆිකරණය හරහා සිදුකර ඇති වෙනස්ම නිර්මාණාත්මක බවයි....ආලෝකකරණය,වර්ණ භාවිතය,සංඥා භාවිතය මෙන්ම අප කතා කල කැමරා කෝණ,කැමරා රූප ඛණ්ඩ,කැමරා රූප රාමු සියල්ලගේම අපූර්ව සුසංයෝගයක් හා අපූර්ව හැසිරවීමක් කතාමාලාව මුල සිට අවසානය තෙක් දැකගත හැකිය....

කතාමාලාවේ මිසෝන් සෙන් ගුණාංගය යොදාගෙන ඇති අාකාරය බැලුවොත් Breaking Bad කියු පමණින් අපට මතක් වන්නේ කරවෑනයක්...එය සමඟ බොහෝ දර්ශන අපට සිහියට එනවා...එනම් කරවෑනය කතාමාලාවේ එක් සලකුණක් ලෙස දැනෙන තරමට පසුතලය වෙනුවෙන් භාවිතා කර ඇති ආකාරය දැකගත හැකි වේ...එමෙන්ම ඇල්බර්කර්කියු නගරය...එම නිවාස පවා නිර්මාණය කර ඇත්තේ කතාමාලාවට අනන්‍යතාවයක එකතු වන ආකාරයට වීම විශේෂත්වයක්....

එමෙන්ම වර්ණ භාවිතය...කතාමාලාව පුරාම විශේෂ අවධානයක් කහ කොළ වර්ණ...එයට හේතුව කතාව ගෙතී ඇත්තෙ බලය,මුදල් හා මෙත් යන වස්තු කේන්ද්‍ර කරගෙන...කොළ පැහැයෙන් මුදල් හා තණ්හාව ගිජුකම,පරිණාමය වැනි දැවැන්ත පරාසයක් නිරූපණය කරන නිසාම නිර්මාණකරුවා කොළ වර්ණයට වැඩි අවධානයක් යොමු කර ඇති බව මනාව පැහැදිලි වෙයි...එය ඇදුම් වලට පවා යොදාගෙන ඇති ආකාරය වැඩිදුරටත් දැක ගත හැකිවේ...කහ වර්ණය යනු මෙත්(Methamphetamine) නිරූපණය කරන වර්ණයයි...එමෙන්ම සතුට,බය,මෙත් හා බිඳ වැ⁣ටුණ බලාපොරොත්තු නිසි ඇති වන සිත් තැවුල හා වේදනාව වැනි දේවල් මේ ප්‍රාථමික වර්ණ වලින් එකක් වන කහ වර්ණය යොදාගෙන නිරූපණය කර ඇති ආකාරය අපට දැක ගත හැකි වන්නේ කතාමාලාව මිසෝන් සෙන් ගුණාංගයේ මනාව පිහිටුවා ඇති ආකාරයයි...

වෝල්ටර් වයිට් රසායන විද්‍යයා ගුරුවරයාගේ සිට මෙත් නිෂ්පාදනය හරහා භයානක පුද්ගලයෙක් බවට පත් වන පරිවර්තනය වස්ත්‍රාභරණ හරහා පවා සිදුකර ඇති ආකාරය සුවිශේෂී වනවා....⁣කැමරා කෝණ භාවිතයත් එලෙසමයි...මුලදි Eye Level,Sholder Level,High Angle යන කැමරා කෝණ වලින් නිරූපණය වු වොල්ටර් වයිට් අවසානය වන විට Law Angle,Dutch Angle සුලභව යොදාගනු ලැබීම කැපී පෙන්නට වුනේ චරිතයේ වෙනස්වීම හා භයානක කම වඩාත් හොඳින් පෙන්වීමට බව ලිපි ද්විත්වය අවසානයේ ඔබට වැටහෙනවා ඇති..

තවද කතාමාලාවට බහුතරයක් යොදාගෙන තිබුණු කැමරාකරණ භාවිතයක් වන්නේ Time Lapses...කාලයේ වෙනස්වීම්,උදාහරණයක් ලෙස දිවා කාලයෙන්  රාත්‍රි කාලයට,රාත්‍රිකාලයෙන් දිවා කාලයට සිදුවන වෙනස්වීම පෙන්වන්න Time Lapses යොදා ගත් ආකාරයද ඉතාම නිර්මාණාත්මකයි....

Breaking Bad කතාමාලාවට යොදාගත් තවත් කැමරා රූප කණ්ඩයක් තමයි Wide and Closed...මෙය ඔවුන් විසින් නිර්මාණය කරගත් කැමරා රූප කණ්ඩයක් වනවා....Over The Shoulder රූප රාමුව ගැන සඳහන් කල පරිදි මෙහිදී වස්තුවක් රූප රාමුව අසන්නයේ තබාගෙන ඈතින් පසුබිම හොඳින් පෙනෙන සේ Wide Shot මඟින් මේ නව සංයෝජන කැමරා ඛණ්ඩය ඔවුන් නිර්මාණය කරගෙන ඇත.....

Breaking Bad කතාමාලාවේ තිබු තවත් විශේෂ ලක්ෂණයක් නම් විශිෂ්ඨ සංඟදා භාවිතය වනවා...

දෙවන කතා සමයේ තනි ඇහැක් සහිත ටෙඩි බෙයාර් එම කතාමාලාවේම 1,4,10,13 කොටස් වල පෙන්වන අතර ඒ සියළු කොටස් වල තේමා නාමයන් එකතු කල විට සෑදෙන්නේ "737 Down Over ABQ" වනවා...එනම් බොයිං 737 ගුවන්යානයක් ඇල්බර්කර්කියු නගරටකඩා වැටීම අර්ථ ගන්වනවා...සැබෑවටම වොල්ටර්ගේ වක්‍ර සිදුවීමක්හරහා සිදුවන ඒ ගුවන් යානා අනතුර සමඟ වොල්ටර්ගේ පවුල දෙදරා යාම යන සිදුවීමත් යන සිදුවීම් සමුදායක එකට එකක සම්බන්ධයක් සංඥා භාවිතයෙන් නිරූපණය කිරීම මේ කතා මාලාව අතිවිශිෂ්ඨ කතාමාලාවක් වීමට හේතු සපයනු ලබනවා...මීට අමතරව අවසාන කොටස Felina යන නාමය ලැබුණ විදියෙන් පවා කතාවට ලොකු අර්ථයක් එකතු කරන්න සමත් වෙලා තියෙනවා...මේ සම්බන්ධව බොහො දෙනා දන්න නිසාත් අන්තර්ජාලයෙන පවා බොහෝ දේවල් ⁣කතාමාලාවේ සංඥා භාවිතය ගැන ඇති නිසාත් ඒ ගැන වැඩිය කතා නොකරන්නෙමි...

ඉතිං කතාමාලාව ගැනකතා කල යුතු තව බොහෝ දේ තිබුණත් මේ සිනමැටෝග්‍රැෆිකරණය හා සම්බන්ධ ලිපිය මං මෙතනින් නවත්වනු ලබන්නේ සිනමාවේදි ඔබට නව දෘශ්‍ඨි කෝණයකින් දර්ශන,කැමරා කොණ රූප රාමු,කැමරා රූප ඛණ්ඩ හා මිසෝන් සෙන් ගුණාංගය පවා සංයමයෙන් අධ්‍යනය කරමින්  Breaking Bad නැවත නරඹන්නට කියා නිර්දේෂ කරමින්ය....මෙවර ඔබ තව බොහෝ දේ ඉන් ඉගෙන ගන්නා බවට ඇති බවද විශ්වාසයි....


                                             

                                                                                                        ©️අනුෂ්ක රසාංජන ද සිල්වා







Post a Comment

0 Comments