නවකතාවක් රචනා කිරීමේදී අපිට නවකතාවක අංග හා ලක්ෂණ කියන කරුණු ගැන අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා.ඒ වගේම තිරරචනයක් තුළත් අවධානය යොමු කල යුතු සාහිත්‍යමය යෙදීම් දෙකක් හමුවෙනවා..මේවා Litarary Devices විදියට හදුන්වනවා..


ඒ සාහිත්‍යමය යෙදිම් නැත්නම් Literary Devices කොටස් දෙක තමයි,

      01.Literary Elements (සාහිත්‍යමය අංග) 

      02.Literary Techniques (සාහිත්‍යමය ශිල්ප ක්‍රම)


අපි එහෙනම් මුලින්ම බලමු මොනවද මේ සාහිත්‍යමය අංග නැත්නම් තිරරචනයක Litarary Elements කියලා...


01.Theme - තේමාව
02.Plot - කතා වස්තුව 
03.Subplot - උප කතා වස්තුව
04.Protagonist - කතා නායකයා 
05.Antagonist - ප්‍රතිවාදියා
06.Conflict - අරගලයක් 
07.Prologue - ප්‍රස්තාවනාව
08.Epilogue - සමාප්තිය 
09.Motifs - තේමාවට සම්බන්ධ විවිධ අංග
10.Subtext - ව්‍යාංගාර්ථ පද


අපි දැන් මේවා ගැන වෙන වෙනම අවධානය යොමු කරමු...


01.Theme


තේමාව කියලා කියන්නේ කතාවක හැඳින්වීම.තේමාව ඕනම කතාවක නැත්නම් තිරරචනයක ප්‍රධාන අංගයක් විදියට හදුන්වන්න පුළුවන්..තේමාව ඇසුරෙන් තමයි කතාව නිර්මාණය වෙන්නේ..


Titanic චිත්‍රපටයේ කතා තේමාව ගැන බැලුවොත්, මුහුදුබත් වුණු ටයිටැනික් නෞකාවේ  ඇතිවුණු ආදර අන්දරයක අතීතාවර්ජනය තමයි  චිත්‍රපටයේ කතා තේමාව වෙන්නේ..


02.Plot


කතාවස්තුව කියන්නේ කතාවේ අන්තර්ගතය.කතාවේ අන්තර්ගතය කලින් කතා කරපු තේමාව එක්ක ගොඩ නැගෙන දෙයක්.කතාවස්තුව තිරපිටපතේ ලියවෙන කතාවේ සාරාංශය විදියටත් හදුන්වන්න පුළුවන්..


හොඳ ප්ලොට් එකක් ගොඩනඟාගන්න අවශ්‍ය කරන දළ සැකැස්මක් හදුන්වලා දීලා තියෙනවා.


                   Exposition (ආරම්භයක්)
                                        ⬇
  Inciting Incident (යම් සිද්ධියක ආරම්භය/ඇවිලීම) 
                                        ⬇
             Rising Action (සටනක ආරම්භය)
                                        ⬇
      Crisis (ලොකු අවධානම් තත්වයකට පත් වීම)  
                                        ⬇
                Climax (උච්චතම අවස්ථාව) 
                                        ⬇
          Falling Action (සටන අවසානය)
                                        ⬇
      Resolution ( ඵලය නැත්තම් අවසානය)


විකීපීඩියා වල අපිට ඕනම චිත්‍රපටයක ප්ලොට් එක මේ සැකැස්ම අනුව ලියවිලා තියෙනවා දකින්න පුළුවන්.


03.Subplot


උපකතා වස්තු කියන්නේ ප්‍රධාන කතාවට අමතරව තියෙන අතුරු කතා වලට..The Lord of the Rings චිත්‍රපටයේ බලමුදුව නිර්මාණය වීම,සවුරෝන් බලයට පැමිණීම,මධ්‍යම පෘතුවියේ ආරම්භය වගේ දේවල්, බලමුදුව විනාශ කිරීමට යන චාරිකාව කියන ප්‍රධාන කතාවස්තුවට සම්බන්ධ අතුරු කතා නැත්නම් Subplot විදියට අපිට හදුනගන්න පුළුවන්...


04.Protogonist 


කතා නායකයා කියන්නේ කතාව ඉදිරියට අරගෙන යන ප්‍රධාන චරිතය.


05.Antagonist


ප්‍රතිවාදියා කියන්නේ චිත්‍රපටයේ කතානායකයා නැත්නම් ප්‍රධාන චරිතය අභියෝගයක් වෙන චරිතය වෙනවා.මේක චරිතයක් වෙන්න ඕනමයි කියලා නියතයක් නැහැ..


ඩේවිඩ් ෆින්ච්ර්ගේ The Curious Case of Benjamin Button චිත්‍රපටයේ ප්‍රතිවාදියා තමයි  Backward Aging නැත්තම් වයස ආපස්සට යන එක.2001 Space Odyssey චිත්‍රපටයේ නම් HAL 9000 කියන කෘතිම බුද්ධිය තමයි ප්‍රතිවාදියා විදියට අපිට දකින්න පුළුවන් වෙන්නේ..


06.Conflict 

මෙතනදී අරගලයක් කියන්නේ කතාවේ protogonist හා Antagonist අතර ඇතිවෙන ගැටුමක් නැත්තම් අරගලයක්.



07.Prologue


පූර්විකාව නැත්තම් ආරම්භය කියන්නේ කතාවේ ආරම්භය..කතාව නැත්නම් චිත්‍රපටය ආරම්භ කරන විදිය උදාහරණයකින් පැහැදිලි කලොත් The Lord of the Rings චිත්‍රපටයේ ආරම්භය නැත්නම් Prologue වෙන්නේ බලමුදුව නිර්මාණය වුන විදිය වගේම සවුරෝන් බලයට පත්වීම ගැන කරන හැදින්වීම දකින්න පුළුවන්..



08.Epilogue 


සමාප්තිය කියන්නේ කතාවේ අවසානය...The Lord of the Rings චිත්‍රපටයේ බලමුදුව විනාශ කලාට පස්සේ සිද්ධ වෙන දේවල් තමයි මේ කොටසට අයිති වෙන්නේ.මේ චිත්‍රපටයට පාදක වුන නවකතාවේ Epilogue කොටස ලියවිලා තියෙන විදිය තමයි මේ,


"They went in, and Sam shut the door. But even as he did so, he heard suddenly, deep and unstilled, the sigh and murmur of the Sea upon the shores of Middle-earth"



09.Motifs


මොටිෆ් එකක් කියන්නේ කතාවක කිහිපවතාවක්ම යොදාගන්න කතා තේමාවට ගැලපෙන සංකේතාත්මක අනන්‍යතාවයක්..මේක ප්‍රේක්ෂකයන් චිත්‍රපටයක කිහිප වතාවක් දැකිය යුතු දෙයක් වගේම කතා තේමාවට ගැලපෙන දෙයක් විය යුතු වෙනවා...


මොටිෆ් එකක් වස්තුවක්, රූපයක්, සංකේත හේ සංඥාවක්, පදයක් හෝ වාක්‍යයක් , වාදනයක් වගේ චිත්‍රපටයකට අනන්‍යය,කතා තේමාවට ගැලපෙන ඕනම දෙයක් වෙන්න පුළුවන්...


Harry Potter and the Prisoner of Azkaban චිත්‍රපටයේ සීරියස් බ්ලැක් චරිතයට අදාල කතා තේමාවේදී චිත්‍රපටය පුරා නිතර සුනඛයාව රූප වලින් වචන වලින් වගේම සංකේත හා සංඥා වලින් චිත්‍රපටය පුරා කිහිප වතාවක්ම අපිට දකින්න පුළුවන්...මේකෙදී සුනඛයා මොටිෆ් එකක් විදියට චිත්‍රපටයේ යොදාගෙන තියෙනවා.


Parasite  චිත්‍රපටයේ රතු ඉන්දියානුවන් හා සම්බන්ධ සංකේත ,සංඥා , වස්තු හා රූප භාවිතයන් චිත්‍රපටයේ කිහිපවතාවකදීම දකින්න පුළුවන් වෙනවා..මේ හරහා චිත්‍රපටයේ තේමාවට සම්බන්ධ මොටිෆ් භාවිතයක් චිත්‍රපටයේ තිරරචක හා අධ්‍යක්ෂක බොන්ග් ජුන් හෝ පෙන්වාදීලා තියෙනවා.




10.Subtext

දෙබස් රචනයේදි වැදගත් වෙන දෙයක් විදියට මේ Subtext හදුන්වන්න පුළුවන්...⁣දෙබස් ප්‍රකාශනයේදි කෙළින්ම අදහස ප්‍රකාශ නොකර ව්‍යාංගාර්ථවත්ව අදහස් ප්‍රකාශ කරන ආකාරයට ලියවෙන පද Subtext විදියට සරලව හදුන්වනවා..මේ ව්‍යාංගාර්ථවත් අර්ථය චිත්‍රපටය නරඹන ප්‍රේ්ක්ෂකයාට චිත්‍රපටයේ ගලායාමත් එක්ක අව⁣බෝධ වෙනවා..සරලවම කියන්නේ එකක්,අර්ථය තව එකක්..


The Godfather චිත්‍රපටයේ මියගිය අශ්වයාගේ දර්ශනයට කලින් Don Vito කියන දෙබස උදාහරණයක් විදියට බලන්න,


"මං එයාට ප්‍රතික්ෂේප කරන්න බැරි යෝජනාවක් ඉදිරිපත් කරන්න යන්නේ."


ඒ ප්‍රතික්ෂේප කරන්න බැරි යෝජනාව මරණ තර්ජනයක් විදියට ප්‍රෙක්ෂකයන් දකින්නෙ මියගිය අශ්වයා නිසා වෙනවා..ඉතිං දෙබසින් කියවෙන අර්ථය මොකද්ද කියලා ප්‍රේක්ෂකයාට හේත්තු ගැන්වෙනවා වගේම දෙබසින් ප්‍රචණ්ඩත්වය කෙළින්ම අදහස් වෙන්නේ නැහැ..


මේ වගේ යොදාගන්න දෙබස් භාවිතයන් Subtext විදියට හදුන්වනවා..


මේ කෙළින්ව නොපෙන්වන කතාව ඇතුලේ තියෙන ව්‍යාංගාර්ථවත් අදහස් රූප විදියට පවා යොදාගන්න පුළුවන්..



ඊළඟ ලිපියෙන්  අපි බලමු තිරරචනයක යෙදාගන්න සාහිත්‍ය ශිල්පක්‍රම මොනවාද කියලා..


                         ✒️  සිනමා තක්සලාව වෙනුවෙන්
                              -අනුෂ්ක රසාංජන ද සිල්වා-