Camara Composition / කැමරා සංයෝජනය
තිරපිටපතක් අධ්‍යක්ෂකවරයා අතට ලැබීමෙන් පසු කැමරාවෙන් අදාල දර්ශන අසුකර ගැනීමෙන්ම පමණක් සර්ව සම්පූර්ණ චිත්‍රපටයක් නිර්මාණය නොවන බව දැන් ඔබ හොඳින්ම දන්නවා ඇති....සර්ව සම්පූර්ණ චිත්‍රපටයක් නිර්මාණය කිරීම යන එකී කරුණෙදී සිනමැටෝගැෆිකරණයේ වැදගත්කම මින් පෙර අප කතා කලා....දැන් අපි අවධානය යොමු කරන්න ඒ යටතේ තවත් වැදගත් මාතෘකායක් ගැනයි...Camara Composition නැතහොත් කැමරා සංයෝජනය ගැනයි...
රූප රාමුවක චරිත හා වස්තු මනාව හැසිරවීම නැතහොත් සංයෝජනය මගින් රූප රාමු වලට වෙනස්ම හැඩයක්,වර්ණයක් එකතු කිරීම මෙකී සිද්ධාන්තයේ මූලික අරමුණ වනවා...සරලවම වස්තු හා චරිත පසුතලය හා හැසිරවීම කැමරා සංයෝජනයයි...
තිරපිටපතට පසු අවධානය යොමු කලයුතු වන්නේ අපට ප්‍රේක්ෂකයාට පෙන්වීමට අවශ්‍ය කුමක්ද කියා වේ...අපි පෙන්වන දේ හා පෙන්වීමටඅවශ්‍යය දේ නිවැරදිව හදුනාගත් පසුව දර්ශන සංයෝජනය නැතහොත් Shot Composition නිවැරදිව මුල සිට අවසානය තෙක් සිදුකිරීමෙන් චිත්‍රපටය පුරාම අපට ප්‍රේක්ෂකයායගව ඊට සම්බන්ධ කරගෙන සිටිය හැකි වනවා...චිත්‍රපටයක සාර්ථකත්වය තීරණය වන්නේ එසේ ප්‍රේක්ෂකයාව මුල සිට අවසානය තෙක් චිත්‍රපටය හා සම්බන්ධ කරගෙන සිටීම තුලයි....
විශේෂයෙන්ම ප්‍රේක්ෂකයන් චිත්‍රපටයක නරඹන්න අකමැති ආකාරයේ දර්ශන සමඟ කටයුතු කිරීමේදී,එනම් උදාහරණයක් ලෙස ප්‍රතිවීර චරිතය හා සම්බන්ධ දර්ශන පෙන්වීමේදී ප්‍රේක්ෂකයාව වඩාත් උනන්දුවෙන් චිත්‍රපටය හා සම්බන්ධ කරගෙන සිටීමට කැමරා රූප රාමු මෙන්ම රූප සංයෝජනයද ඉතා වැදගත් වේ.Jake Gyllenhaal රංගනයෙන් දායක වන Nightcrawler චිත්‍රපටය මීට හොඳම උදාහරණයයි.....
ඊළඟට අපි අවධානය යොමු කරමු Elements of Competition නැතහොත් සංයෝජවගන මූලධර්මයක් ලෙස සැලකෙන The Rule of Thirds ගැන..
𝗧𝗵𝗲 𝗥𝘂𝗹𝗲 𝗼𝗳 𝗧𝗵𝗶𝗿𝗱𝘀
Rule of Thirds නැත්තම් සිංහලෙන් තුනෙන් එකේ රීතිය කියන්නේ ඡායාරූපකරණයේදී මෙන්ම සිනමැටෝග්‍රැෆිකරණයේ දී හමුවන මූලික සංයෝජන ක්‍රමයක් වනවා...මේ Rule of Thirds අයත් වෙන්නේ සංයෝජන රීතියක් විදියට...
දර්ශානයක් හෝ ඡායාරූපයක් තිරස් හා හරස් රේඛා මඟින් සමාන කාණ්ඩ තුනකට බෙදා වෙන්කිරීම මෙහිදී සිදුවනවා...එහිදී ඉන් කොටස් නවයක් හා ජේදන ලක්ෂ්‍යය හතරක් හමුවෙයි...මේ ජේදන ලක්ෂ්‍යය නැත්තම් intersection point වල වස්තුව තබා ඇති විට ඉන් ඡායාරූපය හො දර්ශන කෙරෙහි වැඩි අවධානයක් යොමු කරගත හැකිය...එමෙන්ම Horizon නැත්තම් ක්ෂිතිජය Horizin lines නැත්තම් තිරස් ඉරි මත පිහිටුවීමට වග බලා ගැනීම වඩාත් සුදුසු රීතියක් වෙයි...
වස්තුවක් හෝ චරිතයක් පසුබිම සමඟ off -center නැත්නම් මධ්‍යයෙන් බැහැරව ජේදන ලක්ෂ්‍යය මත තැබීම හරහා වස්තුව හෝ චරිතයට ඇස ඉක්මනින් යොමු වන අතරම වස්තුව හෝ චරිතය බාහිර පසුබිම නැත්තම් පසුතලය සමඟ ඇති අනෝන්‍යය ගනුදෙනුව වඩාත් තීව්‍රව ප්‍රකාශ කිරීමට හැකි වීමත් මේ Rile of Thirds නැත්තම් තුනෙන් එකේ රීතියේ විශේෂත්වය වනවා....
ඡායාරූපකරණයේදී මේ රීතියට යටත් වීම පහසු වුවත සිනමාවේදී මෙය තරමක් අපහසු කාර්යයක් වන්නේ එක්කෝ කැමරාව නිශ්චල විට වස්තුව චලනය වන නිසා හෝ නැත්තම් වස්තුව නිශ්චල විට විට කැමරාව චලනය වන නිසාය....එවැනි අවස්ථාවල බොහෝ විට මේ රීතිය බිඳ වැටුනත් චිත්‍රපට නිර්මාණකරුවන් චලනය වන කැමරාව හෝ චලනය වන වස්තුව ජේදන ලක්ෂ්‍යය වලදී ග්‍රහණය කර ගැනීමට උත්සහ දරණ ආකාරය චිත්‍රපට නැරඹීමේදී දැකීමට හැකි වනු ඇත...ඉතිං සිනමාවේදි සිදුවන මේ බිඳ වැටීම නිසාම ඊළඟට අපි බලමු තුනෙන් එක රීතියේ බිඳ වැටීම නැත්තම් Breaking the Rule of Thirds ගැන...
ස්ටැන්ලි කියුබ්‍රික් මෙන්ම වෙස් ඇන්ඩර්සන් යනු මේ තුනෙන් එක රීතිය බිඳ දමන ප්‍රධාන අධ්‍යක්ෂකවරු දෙදෙනෙක් වනවා...කියුබ්‍රික්ගේ චිත්‍රපට වල ඇතැම් අවස්ථාවලදී පමණක් මේ රීතිය බිඳ වැටුණත් වෙස් ඇන්ඩර්සන් නිතරම මේ රීතිය බිඳ දමන්නේ එය ඔහුගේ අනන්‍යතාවයක් කරගනිමින්...කෙසේ හෝ මෙය රීතියක් පමණක්..නිතියක් නොවෙයි...ඒ නිසා රූප රාමු නිවැරදිව සකස් කරගනිමින් වඩාත් නිවැරදිව ප්‍රේක්ෂකයාව චිත්‍රපටය වෙත ග්‍රහණය කර ගන්නේ කෙසේද යැයි තීරණය අධ්‍යක්ෂකවරයා සතු වනවා..කෙසේ නමුත් තුනෙන් එක රීතිය සිනමැටෝග්‍රැෆිකරණයේදී ඉතාමත් ප්‍රායෝගික වඩාත් සුදුසු රීතියක් වනවා...
ඔබ එ්ත් කියුබ්‍රික් හෝ වෙස් ඇන්ඩර්සන් මෙන් තුනෙන් එක රීතිය බිඳින්න යන්නේ නම් ඔබට ඊළඟට වැදගත් වන මාතෘකාවට දැන් හැරෙමු....
𝗕𝗮𝗹𝗮𝗻𝗰𝗲 𝗮𝗻𝗱 𝗦𝘆𝗺𝗺𝗲𝘁𝗿𝘆
සමබරතාවය හා සමමිතිය මොකද්ද...ඔබට අවශ්‍ය නම් තුනෙන් එක රීතිය බිඳින්න ඔබට සිදුවෙනවා කලින් සඳහන් කල පරිදි ප්‍රේක්ෂකයාව චිත්‍රපටය හා සම්බන්ධ කරගෙන සිටීම යන කරුණ රීතිය බිදීමෙන් පසුවත් සිදුකරන ආකාරය කෙසේ දැයි සොයාගැනීමට...කියුබ්‍රික්,ඇන්ඩසන් යන අය මෙහිදි යොදාගන්න එවැන් තුනෙන් එක රීතිය බිඳීමකදී භාවිතා කරන සාර්ථක සංයෝජන විධිය මේ Balance and Symmetry නැතහොත් සමබරතාවය හා සමමිතිය වනවා...
Rule of Thirds බිදිනවා යනු වස්තුව හෝ චරිතය රාමුව මැදට ගෙන ඒමයි...මෙහිදී ප්‍රෙක්ෂක ඇස ඒ වෙත යොමු කර ගැනීමට ඔබට සිදුවනනා දර්ශන රාමුව සමබර හෝ සමමිතික කරගැනීමට...මේ ක්‍රමය සරලවම මෙසේ හදුන්වා දෙන්නම්...හතරැස් කොටුවක මැදින් දෙකට බෙදු විට ලැබෙන කොටු දෙක සමානයි නේද...එසේ තිරය හරි මැදින් නැමූ විට දෙපැත්ත එක සමානලෙස සමබර හා සමමිතික කිරීම සරලවම මෙය වේ...
𝗟𝗲𝗮𝗱𝗶𝗻𝗴 𝗟𝗶𝗻𝗲𝘀
රෑප රාමුවේ වැදගත් යමක් වෙත රේඛා ඔස්සේ ප්‍රේක්ෂකයාගේ ඇස යොමුකිරීමට යොදා ගන්නා සංයෝජන උපක්‍රමයක් leading lines ලෙස ඡායාරූපකරණයේදී හා සිනමැටෝග්‍රැෆිකරණයදී හැදින්වේ...මේ රේඛා ඇතැම් විට පහසුවෙන් දැකිය හැකි නමුත් ඇතැම් අවස්ථාවලදී රේඛා හිතින් මවාගෙන ඒ ඔස්සේ ඇස යොමු කල යුතු වනවා...කෙසේ වුවත් ඡායාරූපකරණයේදී ඡායාරූපශිල්පියා හෝ සිනමැටෝග්‍රැෆිකරණයේදි සිනමැටෝග්‍රැෆර් එකී රේඛා ඉසමතු කරමින් ප්‍රේක්ෂකයාගේ අවධානය ඒ ඔස්සේ යොමු කිරීමට වග බලා ගත යුතුය...
සැම විටම මේ රේඛා ඔස්සේ ප්‍රේක්ෂකයාගේ අවධානය යොමු වන නිසාම මේ රේඛා යොමු විය යුත්තේද වැදගත් දේකට විය යුතුය....සමහරවිට මෙයින් චරිතය ඊට අදාල බාහිර වස්තුවකට හෝ සිදුවීමකට දක්වන සම්බන්ධය මේ හරහා පෙන්විය හැකි වෙයි...
𝗗𝗲𝗽𝘁𝗵 𝗼𝗳 𝗙𝗶𝗲𝗹𝗱
සිනමැටෝග්‍රැෆිකරණය තේරුම් ගැනීමට නම් ඉහත කී තුනෙන් එක රීතිය මෙන්ම කියවුම් රේඛා නිවැරදිව යොදා ගැනීමට නම් මූලිකවම ඔබට මේ depth of field නැතහොත් ක්ෂේත්‍ර ගැඹුර අවබෝධ කරගැනීමට සිදු වනවා...
ඡායාරූපයක හෝ සිනමාවේදි රූපරාමුවක වස්තූන් තියුණු ලෙස පැහැදිලිව පෙනෙන ප්‍රදේශය ක්ෂේත්‍රය වනවා...මේ ක්ෂේත්‍රයේ විශාලත්වය Depth of Field නැත්තම් ක්ෂේත්‍ර ගැඹුර ලෙස හදුන්වනවා..
මේ ක්ෂේත්‍ර ගැඹුර වැඩි කර වස්තූන් වැඩි ගනනක් කැමරාවෙන් නාභිගත කරනවා නම් එය Deep Depth of Field එකක් ලෙස හදුන්වනවා...ඔබට මතක ඇති අපි කලින් ලිපියේ්කතා කල Wide Shot ,Extreme Wide Shot,Establishing Shot වැනි Camara Shot වලදී මේ Deep depth of field නැත්තම් දිගු ක්ෂේත්‍ර ගැඹුර දකින්නට ලැබේ...
එහිම අනිත් පැත්ත,ඉතා අඩු වස්තු ගනනක අඩු පරාසයක ක්ෂේත්‍ර ගැඹුරකට Shallow Depth of Field ලෙස හදුන්වයි...Extreme Close up සිට Full Shot දක්වා කැමරා Shots මේ කෙටි පරාසයක ක්ෂේත්‍ර ගැඹුර හසුකර ගැනීමට යොදා ගනී...
ප්‍රධාන වශයෙන් රූපරාමුවක ස්ථර නැත්නම් ලේයර් තුනක් වනවා..
01.Foreground - පෙරබිම
02.Middleground - මැදබිම
03.Background - පසුබිම
පහත ඡායාරූප යටතේ මේවා ගැන වෙන වෙනම හදුනාගමු....
මේ රූපරාමුවේ රතු පාටින් දක්වා ඇත්තේ සමීපව පිහිටන පෙරබිම හෙවත් Foreground වෙයි....
මෙහි කහ පැහැයෙන් දක්වා ඇති කොටස මැදබිම හෙවත් පෙරබිමට පසු කොටස වන Middleground කොටස වෙයි...
මෙහි රතු පැහැයෙන් Foreground කොටසද කහ පැහැයෙන් Middleground කොටසද ඈතින් පිහිටි කොළ හා නිල් පැහැයෙන් පසුබිම හෙවත් Background කොටසද නිරූපණය කර ඇත....
මේ ක්ෂේත්‍ර ගැඹුර වැඩි කර වස්තූන් වැඩි ගනනක් කැමරාවෙන් නාභිගත කරනවා නම් එය Deep Depth of Field එකක් ලෙස හදුන්වනවා...ඔබට මතක ඇති අපි කලින් ලිපියේ්කතා කල Wide Shot ,Extreme Wide Shot,Establishing Shot වැනි Camara Shot වලදී මේ Deep depth of field නැත්තම් දිගු ක්ෂේත්‍ර ගැඹුර දකින්නට ලැබේ...
මෙහි පෙරබිම මැදබිම පසුබිම සියල්ල නාභිගත කර ඇත....මෙවැනි සංයෝජනයන්ට Deep Depth of Field එකක් ලෙස හදුන්වනු ලබයි...
එහිම අනිත් පැත්ත,ඉතා අඩු වස්තු ගනනක අඩු පරාසයක ක්ෂේත්‍ර ගැඹුරකට Shallow Depth of Field ලෙස හදුන්වයි...Extreme Close up සිට Full Shot දක්වා කැමරා Shots මේ කෙටි පරාසයක ක්ෂේත්‍ර ගැඹුර හසුකර ගැනීමට යොදා ගනී...
මෙහි කැමරාව නාභිගත කර ඇත්තේ Middleground කොටසට වෙයි...අනෙක් ඒවා බොඳ වී ඇති නිසා මෙය Shallow Depth of Field එකක් ලෙස හදුන්වයි...
Depth of Field නැතහොත් ක්ෂේත්‍ර ගැඹුරට බලපාන ඒවා මොනවාද යැයි දැන් අවධානය යොමු කරමු...
01.Aperture (ඇපචර්)
02.Camara-Subject Distance -කැමරාව හා වස්තුව අතර දුර
03.Fical Length of Lens - කාචයේ නාභි දුර
04.Size of Camara Sensor - කැමරාවේ සංවේදකයේ ප්‍රමාණය
අපි දැන් මේවා එකින් එක ගැන වෙන වෙනම අවධානය යොමු කරමු...
01.Aperture
ඇපචර් යනු ආලෝකය ගමන් කිරීමට කැමරාවේ කාචය විවෘත කිරීමයි...සාමාන්‍යයෙන් ඡායාරූපකරණයේදී ඡායාරූපයක් ගැනීමේදී Shutter Button එක ක්‍රියාත්මක කිරීමේදි කාචයේ සිදුර විවෘත වේ...ඇපචර් යනු එම සිදුරේ විශාලත්වයයි...ඇපචර් ඡායාරූපයක ආලෝකය හා තියුණු බව නැතහොත් Sharpness සඳහා බලපායි....
සිදුර විශාල වල විට ආලෝකය වැඩියෙන් ඇතුල් වෙයි...සිදුර කුඩා වන විට අඩු ආලෝකයක් ඇතුල් වෙයි..සිදුරේ විශාලත්වය වැඩි වන විට දුර වස්තුන් බොඳ වෙයි...සිදුරෙහි විශාලත්වය අඩු වන විට වස්තූන් වඩාත් තියුණු වෙයි...එයට හේතුව සිදුර විශාල වන විට වැඩි පරාසයක ආලෝක කිරණ කාචය වෙත ළගා වන විට දුර ඇති වස්තූන්ගෙන පරාවර්තනය වන ආලෝකයට පෙර ළඟ ඇති වස්තුන්ගෙන් පරාවර්තනය වන ආලෝකය කාචය ග්‍රහණය කර ගැනීමයි...සිදුර කුඩා වනවිට පරාසය අඩු වෙයි...ළඟ මෙන්ම දුර ඇති ආලෝක කිරණ පවා කාචය ග්‍රහණය කර ගනීයි...
මේ සිදුරේ ක්‍රියාකාරිත්වය ඇසකට සමාන වෙයි...ආලෝකය වැඩි අවස්ථාවල කණිනිකා සිදුර කුඩාවන අතර ආලෝකය අඩු වු විට කණිනිකා සිදුර විශාලවේ...එසේම ඇපචර් අගය වැඩි වන විට සිදුර කුඩා වෙයි..ඇපචර් අගය අඩු වන විට කාචයේ සිදුර විශාල වෙයි....මේ අගය හදුන්යවන්නේ f අගය ලෙසයි....එය 1.4,2,2.8,4,5,8,11 හා 16 වැනි අගයන්ගෙන් සමන්විතයි...එසේ නම් f අගය 1.4 දී සිදුර සිදුර විශාල අතර එනම් විශාල ඇපචර් එකක් පවතියි... f අගය 16 වන විට සිදුර කුඩා වී පවතින අතර එනම් ඇපචර් එක අඩු යැයි පැවසේ....
ඇපචර් එක වැඩි විට (f අගය අඩු) රූප රාමුවක් බොඳ කරගත හැකි වේ...එනම් අවශ්‍ය කරන වස්තුව පමණක් නාභිගත කර අනෙක් සියල්ල බොඳ කරගත හැකිවේ...මෙය Shallow Depth of field ලෙස හදුන්වයි...
ඇපචර් අගය අඩු එනම් සිදුර කුඩා (f අගය වැඩි) වන විට විශාල ක්ෂේත්‍ර ගැඹුරක් ලබාගන්නට පුළුවන් වන අතර එය Deep Depth of Field එකක් ලෙස හදුන්වයි...
මේ ඇපචර් අගය හා සම්බන්ධ අනෙක් මුලාංග දෙක නම් ISO අගය හා Shutter Speed දෙක වන අතර ඒ ගැන වෙනත් ලිපියකින් කතා කරමු...
02.Camara-Subject Distance -කැමරාව හා වස්තුව අතර දුර
කැමරාව හා වස්තුවඅතර දුරද ක්ෂේත්‍ර ගැඹුර කෙරෙහි බලපානු ලබයි....කැමරාව වස්තුවට සමීප කරගෙන වඩාත්
කෙටි පසුබිම බොඳවු රූපරාමුවක් ලබා ගත් හැකි අතර වස්තුවට දුරින් තබා ගෙන වඩාත් වැඩි ක්ෂේත්‍ර ගැඹුරක් ලබා ගත හැකිවේ...
03.Focal Lenght - කාචයේ නාභි දුර
කෙටිනාභි දුරක් එසේත් නැතිනම් Wide Angle Lens වල වඩා වැඩි ක්ෂේත්‍ර ගැඹුරක් නැත්තම් Deep Depth of Field එකක් ඇති අතර කාචයේ නාභිය දුර වැඩි,ටෙලිෆොටෝ කාච වල කෙටි ක්ෂේත්‍ර ගැඹුරක් නැත්නම් Shallow Depth of Field එකක් ලැබෙනු ඇත...
සරවම ප්‍රායෝගිකව යෙදීම් සිදුකරන විට මෙය මෙසේ කෙටියෙන් මතකතබා ගන්න...
ක්ෂේත්‍ර ගැඹුර වැඩි කර වස්තුව තියුණුව අසුකරගැනීමට නම්,
🔸ඇපචර් එක අඩු එනම් සිදුර කුඩා කර ගැනීමට f අගය වැඩි කරගන්න...
🔸වස්තුවෙන් ඈතට යන්න...
🔸කෙටි නාභි දුරක් සහිත කාචයක් යොදාගන්න...
බොඳ වු පසුබිමක ක්ෂේත්‍ර ගැඹුරක් ලබා ගැනීමට
🔸ඇපචර් එක වැඩි කරගැනීමට f අගය අඩු කරමින් කාචයේ සිදුර විශාල කර ගන්න...
🔸වස්තුව දෙසට යන්න...
🔸වැඩි නාභිය දුරක් සහිත කාචයක් යොදාගන්න...
කැමරා සංයෝජනය යටතේ වැදගත් කරුණු කිහිපය ගැන එසේ ගෙන ආව කරුණු ඔබට පැහැදිලි ඇති බව සිතනවා...Bokhe,Stutter Speed හා ISO වැනි කරුණු ගැන ඊළඟ ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වනවා...දැන් පහත උදාහරණ ඇසුරෙන් ඉහත කරුණු අවබෝධ කර ගනිමු...එමෙන්ම 2019 දී නිකුත් වු Vivarium චිත්‍රපටයේ කැමරා සංයෝජනයට උදාහරණ කිහිපයක්ද පහතින් වෙයි...
The Rule of Thirds
The Rule of Thirds
Leading Lines
Leading Lines
Balance and Symmetry
Balance and Symmetry
අවධානය වැඩියෙන් හිමි වන වස්තුව පෙරබිමට යොදාගෙන රූපරාමුව සංයෝජනය කල අවස්ථාවක්...
කලින් කියු පරිදි වගේ මේ Composition රීති අනිවාර්යෙන්ම චිත්‍රපටයක තිබිය යුතු යැයි නියමයක් නැත...රීති ලෙස ඒවා හදුන්වන්නෙ ඒ නිසාවෙනි...නිර්මාණයකදී ඒවා අත්හදා බැලීම් හා බිඳ දැමීම සුදුසු පරිදි සිදුකල හැකි අතර මතක තබා ගත යුතු වඩා වැදගත් කරුණ නම් ප්‍රේක්ෂකයාගේ අවදානය ආරම්භයේ සිට අවසානය තෙක් තබා ගැනීමට රූපරාමු හැසිරවීමයි....
Anushka Rasanjana De Silva
0 Comments