ලංකාවේ සිනමාව කර්මාන්තයක් විදියට තියෙන්නේ ගොඩාක් පහළ මට්ටමක කියන එක කවුරුත් දන්න දෙයක්...ඒත් ලෝක සිනමාවත් එක්ක ලැබෙන උත්තේජනය නිසාම අද වෙනකොට ලංකාවේ බොහෝ පිරිසක් ඉන්නවා සිනමාවට ඇලුම් කරන,සිනමාව ගවේෂණය කරන්න කැමති වගේම සිනමාව අධ්‍යනය කරන්න පවා කැමති....ඒත් ලංකාවේ සිනමාව වෙනුවෙන් වෙනමම සිනමා පාසල් රාජ්‍ය අනුග්‍රහය සහිතව තවමත් ඉදි වෙලා නම් නැහැ..සිනමාව වෙනුවෙන් වෙනමම සිනමා පාසලක අවශ්‍යතාවයක් නැති වන තරමට සිනමාව ගැන අවදානය බලධාරින්ගෙන් පවා අද වෙනකොට ගිලිහිලා..විශ්ව විද්‍යාල වල සිනමාව සම්බන්ධ පාඨමාලා,ඩිප්ලෝමා හා උපාධි තිබුණත් ලංකාවේ සිනමා⁣වේ නිවැරදි දැක්මක්, පැවැත්මක්,ස්ථාවරත්වක් නැති නිසාම බොහෝ පිරිසක් සිනමාකර්මාන්තයට පිවිසෙන්න  පසුබට වනවා.....
ඒ නිසාම කාලය හා මුදලේ වටිනාකම සියල්ලටම වඩා තදින් ⁣දැනෙන මේ කාලයේ සිනමාව ගැන තියෙන ඇල්ම,ආශාව උපන්ගෙහිම මියයනවා...ඉතිං ඒ වෙනුවෙන් අපි පුංචි පියවරක් තියන්නයි මේ සුදානම....මේ පුංචි පියවර අපි තියන්නේ සිනමාව වෙනුවෙන් ඇල්මක්,ආශාවක් තියෙන සිනමාවට තියෙන ඒ ඇල්ම,ආශාව නිසාම සිනමාව ඉගෙනගන්න කැමති ඔබ වෙනුවෙන්මයි....
🎥සිනමා තක්සලාව
🔴මොකද්ද මේ සිනමා තක්සලාව ?..- සිනමාව ඉගෙන ගැනීමට ඇති ගවේෂණය කිරීමට ඇති මුහුණු පොතේ සමූහයක්..සරලව ⁣fb ගෲප් එකක්....
🔴ඇයි මෙහෙම සමූහයක්?..- සිනමාවේදීන් වගේ සමූහ වල ගොඩාක් සිනමා නිර්මාණ ගැන විචාර පැහැදිලි කිරීම් සිදුවනවා...ඒ හරහා ලෝක සිනමාව ගැන පවා විශාල දැනුම් සංභාරයක් ලබා ගන්න අවස්ථාවක සිනමාව ගැන අධ්‍යන තොරතුරක් ඔබට ගිලිහෙන්න පුළුවන්...ඒ වගේ තොරතුරු එකට එකතු කරන එක  තමයි මේ සමූහයේ අරමුණ...
🔴කවුරු වෙනුවෙන්ද?..- සිනමාව ඉගෙන ගැනීමට කැමති සිනමාව උගන්වන්න කැමති අය වෙනුවෙන්...
🔴මොනවාද බෙදාගන්න පුළුවන්?..- සිනමාව ගැන අධ්‍යනය කරන තව කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන් ඕනම දෙයක්...උදාහරණයක් විදියට සිනමා ආකෘති ගැන,සිනමා ශෛලීන් ගැන,සිනමා තාක්ෂණික තොරතුරු ගැන,සිනමා ඉතිහාසයන් ගැන ඒ වගේම අනාගත සිනමාව ගැන පවා මෙතන බෙදාගන්න අවස්ථාව තියෙනවා..
එකතු වෙන්න ඉතිං අපිත් එක්ක...අපි එකතු වෙලා සිනමාව අපි ඉගෙන ගමු සහ උගන්වමු....