රුසියානු සිනමා ඉතිහාසය - 01

ලෝක සිනමා ඉතිහාසය හොයාගෙන යන ලිපි මාලාවේ අද හොයන් යන්න බලාපොරොත්තු වෙන්නේ තවත් සිනමාව වෙනුවෙන් වැදගත් අත්හදාබැලීම් සිදුකරපු සිනමාකර්මාන්තයක් ගැන...ඒ සොවියට් සිනමාව නැත්නම් රුසියැනු සිනමාව ගැනයි....

    රුසියානු සිනමාව ගැන කතා කරනකොට කතාකරන්න තියෙන වැදගත්ම දේ තමයි සිනමා සංස්කරණය ශෛලියක් වගේම සිනමා තාක්ෂණික ධාරාවක් වුන සොවියට් මොන්තාජ් සිනමා ශෛලිය ගැන...එ ගැන කතා කරන්න කලින් සොවියට් සිනමාවේ ආරම්භය ගැන අපි හොයලා බලමු...


සොවියට් සිනමාවේ ආරම්භ සිද්ධ වෙන්නෙත් ඉතාලිය වගේම තවත් රටවල් කිහිලයකම සිනමාවේ ආරම්භයට බලපාපු ලුමියර් සහෝදරයන්ගේ ලෝක සවාරියේ ප්‍රතිඵල විදියටයි....1896 දී මොස්කව් නුවරදී ලුමියර් සහෝදරයන් රුසියාවේ පළවෙනි සිනමාප්‍රදර්ශනය පැවැත්වුවාට පස්සේ ලුමියර් සහෝදරයන්ගේ කැමරාකරු Camille Cerf ඒ රුසියාවේ චිත්‍රපටයක් නිර්මාණය කරලා තියෙනවා...


ඊට පස්සේ නිෂ්පාදනය Aleksandr Drankov විසිනුත් අධ්‍යක්ෂණය Vladimir Ramashkov විසින් පලවෙනි රුසියානු චිත්‍රපටය විදියට Stenka Razin චිත්‍රපටය නිර්මාණය කරලා තියෙනවා...ඊට පස්සේ Ladislas Stare විසින් ලෝකයේ පලවෙනි කතාවක් තියෙන Stop Motion Puppet චිත්‍රපටය වගේම රුසියාවේ පලවෙනි ඇනිමේෂන් චිත්‍රපටය   විදියට 1910 දී Lucanus Cervus චිත්‍රපටය නිර්මාණය කරනවා....


පලවෙනි ලෝක යුද්ධයට කලින් සොවියට් සිනමාවට සැලකියි යුතු සැලකිල්ලක් තිබිලා නැහැ...ගොඩාක්ම ප්‍රංශය වගේ රටවල් වලින් ගෙන්නපු චිත්‍රපට ප්‍රදර්ශනය කරලා තිබුණත් රුසියාව පළවෙනි ලෝක යුද්ධයට අවතීර්ණ වුනාට පස්සේ ඒ විදියට චිත්‍රපට ආනයනය කරන එකත්  නවත්තලා තියෙනවා...


1917 දී සාර් පාලනය බිඳ වැටිලා සොවියට් රුසියාවේ පලානය ලෙනින් ප්‍රමුඛ බොල්ෂෙවික්වරු අතට රසියාවේ පාලනය ලැබෙන්නේ ලෝකයේ විශාලතම ගොඩබිමක් තියෙන රටේ භාෂා 100ක් විතර පාවිච්චි කරන මිලියන 160ක් ජනතාවගේ පාලකයන් විදියට...ඉතිං මේ යුද්ධයෙන් පස්සේ සාක්ෂරතාව,දර්ද්‍රතාවෙන් බැටකන හැම ජනවර්ගයකටම තේරන විදියට තමන්ගේ පණිවිඩ යවන්න පුළුවන් හොඳම මාධ්‍ය විදියට ලෙනින් ප්‍රමුඛ බොලෂෙවික්වරු හදුනාගෙන තියෙන්නේ සිනමාව....මේවිදියට ජාතියක් එක්සත් කරන, පාලකයන්ගේ පණිවිඩ ජනතාවට අරන් යන්න පුළුවන් ඵලදායි සන්නිවේදන මාධ්‍යක් විදියට සිනමාව දැකපු 20 වනසියවසේ පළමු දේශපාලන නායකයා විදියට ලෙනින් හදුන්වන්න පුළුවන්...."The Cinema is for us the most important of the arts "කියලා තියෙන ලෙනින් සොවියට් සිනමාවට සිය රජයේ ප්‍රමුඛතාවය ඒ දීලා තියෙනවා...මේක අධීක්ෂණය කරන්න ලෙනින් පත් කරන්නේ එයාගේ බිරිඳ වුන Nadezhda krupskaya ට...


යුද්ධයෙන් පස්සේ සිනමාව ගොඩ නඟන්න ඇත්තටම රුසියාවේ සිනමාවක ඉතුරු වෙලා තිබිලා නැහැ...යුද්ධයට කලින් හිටපු චිත්‍රපට නිෂ්පාදකවරු ඔවුන්ගේ චිත්‍රාගාර ගිනිබත් කරලා ඔවුන්ට අයිති උපකරණ හා උපාංග අරන් ගිහිං තිබුණ කාලවකවානුවක සිනමාව බිංදුවේ ඉඳන් ගොඩ නඟන්න රජයට සිද්ධ වෙලා තියෙනවා...උපකරණ ආනයනය නවත්තලා තියෙන පසුබිමක,විදුලිය හිඟ වෙලා තියෙන පසුබිමක සොවියට් රජයේ පලවෙනි පියවර වෙලා තියෙන්නේ සිනමාවට අවශ්‍ය අධ්‍යක්ෂකවරු,කාර්මික ශිල්පීන් හා නළුවන් පුහුණු කරන්න සිනමා පාසලක් නිර්මාණය කරන එක...ඒ විදියට තමයි ලෝකයේ පලවෙනි සිනමාපාසල විදියට All Union State Institute of Cinematography කියන පාසල නිර්මාණය වෙන්නේ ..කුලේෂොව් ඉෆෙක්ට් ගැන කතාකරනකොට කියපු ලේව් කුලේෂොව් කියන්නේ මේ සිනමා පාසලේ ගුරුවරයෙක් විදියට තමන්ගේ ශිෂ්‍යන් එක්ක චිත්‍රපට සංස්කරණය ගැන විවිධ අත්හදාබැලීම් කරපු කෙනෙක්...


මේ පර්යේෂණ වල ප්‍රතිඵල විදියට ඒ කාලේදි  තමයි අපි කලින් ලිපියක කතා කරපු කුලේෂෙව් ඉෆෙක්ට් එක ලෙව් කුලෙෂොව් හදුන්වලා දෙන්නේ....කුලේ⁣ෂොව්ගේ 1926 දී නිර්මාණය වුන By the Law වගේ විශිෂ්ඨ චිත්‍රපට කිහිපයක්ම මේ කාලයේදි නිර්මාණය වෙලා තියෙනවා...කුලෙෂොව්ලේ ගෝලයන් වුන මේ සොවියට් සිනමාව ඉදිරියට අරන් ගිය චිත්‍රපට නිර්මාණකරුවන් දෙන්නෙක් තමයි සර්ජි අයින්ස්ටයින් වගේම  Vsevolod Pudovkin කියන්නේ....සර්ජි අයින්ස්ටයින්ව අපිට නූතන රුසියානු සිනමාවේ ආරම්භක පුරොගාමියෙක් විදියට හදුන්වන්න පුළුවන්....


දැන් අපි සෝවියට් මොන්තාජ් ශෛලිය ගැන කතා කරමු...


Soviet Montage Theory 


මේ මොන්තාජ් සිනමා ශෛලිය ලෝකයේ වැඩියෙන්ම ආභාෂයට පත් වුන තාක්ෂණික සිනමාධාරාවක් විදියට අපිට හදුන්වන්න පුළුවන්....1910,20' හා 30' දශකයේ මුල්කාලයේ රුසියානු සිනමාවේ තිබුමේ සිනමා ශෛලිය සොයාගන්නෙත් ලෙව් කුලේෂොව් විසින්මයි...


කලින් කියපු විදියට රුසියානු විප්ලවයෙන් පස්සේ ඇතිවුනේ චිත්‍රපට නිර්මාණය කරන්න ෆිල්ම් නැත්ම් සේයා පට රුසියාවේ හොයාගන්නවත් නැති කාලයක්...ඒ නිසාම තමයි කුලෙෂොව් ප්‍රමුඛ එයාලේ ශිෂ්‍යයන් VGIK සිනමා පාසලේදි සිනමා නිර්මාණ කරනවා වෙනුවට විවිධ පර්යෙෂණ කරන ගමන් සිනමාව ඉලෙන ගන්න කාලය කැප කරලා තියෙන්නේ....ඒ පර්යේෂණ වල ප්‍රතිඵල විදියට මේ සෝවියට් මොන්තාජ් ශෛලිය මුලින්ම එළියට එන්නේ 1924 දී කුලෙෂොව් VGIK පාසලේදි ප්‍රදර්ශනය කරන "The Extraodinary Adventure of mr.West in the Land of the Bolshevik " කියන චිත්‍රපටයෙන්...


මේ මොන්තාජ් සිනමාශෛලිය පදනම් වෙලා තියෙන්නේ සිනමා සංස්කරණය කියන දේ මත...ඔවුන් ඒ කාලේ විශ්වාස කරලා තියෙනවා තනි තනි රූප ඛණ්ඩ වලට වඩා මේවා එක එක බද්ධ කලාම තමයි සිනමා ප්‍රකාශනය බිහි වෙන්නේ කියන දේ....සර්ජි අයින්ස්ටයින්ගේ 1925 දී නිර්මාණය වෙන ඔහුගේ පලවෙනි චිත්‍රපටය වුන Strike චිත්‍රපටයේ මොන්තාජ් ශෛලිය යොදාගත්තට මේ ශෛලිය ගැන ලොකු අවධානයක් යොමු වෙන්න ගන්නේ සර්ජි අයින්ස්ටයින්ගේ දෙවනි චිත්‍රපටය වුන Battleship Potemkin චිත්‍රපටය නිකුත් වුනාට පස්සේ....


සර්ජි අයින්ස්ටයින් කියලා තියෙන විදියට මොන්තාජ් සිනමාශෛලියේ ආකෘති 5ක් තියෙනවා...ඒ තමයි Intellectual , Metric , Rhythemic , Tonal සහ Overtonal කියන පහ...(මේවාට සිංහල වචන හරියටම නොදන්න නිසා ඒ නම්වලින්ම ඉස්සරහට කතා කරමු...)..මේ හැම ශෛලියක්ම කතා කරන්නේ කලින් කිව්වා වගේ සිනමා සංස්කරණය ගැන...ඇත්තටම මෙතනදි වෙන්නේ එකදර්ශනයක නැත්නම් Scene එකක වෙනස් වෙනස් රූප ඛණ්ඩ අතර සම්බන්ධතාවයක් ඇති කරන්න විවිධ ශෛලියන් යොදාගන්න එක....මේ ක්‍රම අදටත් සිනමා සංස්කරණයේදි යොදාගන්නවා...දැන් අපි ඒ එක එක ශෛලියන් ගැන වෙන වෙනම බලමු...


01.Intellectual Montage 


මේ මොන්තාජ් ශෛලියෙන් කරන්නේ එකිනෙකට වෙනස් රූප ඛණ්ඩ පොදුවේ තව රූප ඛණ්ඩයක් එක්ක දක්වන සම්බන්ධයෙන් වෙනස් වෙනස් අර්ථ දෙන එක...සරලවම මේ තමයි කුලෙෂොව් ඉෆෙක්ට් කියන්නේ....


දර්ශනයක වෙනස් වෙනස් රූප ඛණ්ඩ තුනක් තියෙනවා නම් මේ තුනටම පොදු හත⁣රවෙනි රූප ඛණ්ඩය අර තුනට වෙන වෙනම සම්බන්ධ කරන මේ ශෛලිය නැත්නම් කුලෙෂොව් ඉෆෙක්ට් එක ගැන පල්ලේහා තියෙන ලින්ක් එකෙන් වැඩිදුරට කියවන්න පුළුවන් .....


https://m.facebook.com/groups/817934305729259/permalink/905323200323702/


02.Metric Montage 


රූප ඛණ්ඩයෙන්  රූප ඛණ්ඩයට සංගීතයක් එක්ක වේගයෙන් මාරුවෙන විදියේ ශෛලිය තමයි මේ ...මෙතනදී රූප අතර විතරයි සම්බන්ධය තියෙන්නේ..requiem for a dream චිත්‍රපටයේ අන්තිම දර්ශනයේදි චරිත අතර වේගයෙන් මාරු වෙන දර්ශනය මතකයි නම් ඒ තමයි මේ Metric Montage ශෛලියට උදාහරණයක්....


03.Rhythemic Montage 


මේ ශෛලිය තමයි චිත්‍රපට වල වැඩිපුරම දකින්න තියෙන ශෛලිය...රූප ඛණ්ඩ අතර රූප හා ශබ්ද අතර රිද්මයක් ඇති කරන විදියට තමයි මේ ශෛලිය යොදාගන්නේ...කලින් කතා කරපු Metric එකේදි රූප අතර විතරයි...මෙතන රූප ශබ්ද දෙකම අතර සම්බන්ධයක් තියෙනවා....


මේකට හොඳම උදාහරණය විදියට අද වෙනකොට නිර්මාණය වෙන චිත්‍රපට පූර්ව ප්‍රචාරක පට නැත්නම් ට්‍රේලර්ස් හදුන්වන්න පුළුවන්....ඒවා නිර්මාණය කරලා ශබ්දයයි රූපයයි මේ දෙක එකම රිදම් එකකට යන විදියට...ට්‍රේලර් එකක අවසාන හරියේ චිත්‍රපටයේ උච්චතම අවස්ථා පෙන්නනතොට සංගීතය පවා ඉහළ වේග රිද්ම පරාසයකින් නැත්නම් උච්චතම අවස්ථාවෙන් ධාවනය වෙනවා...ඉතිං මේ තමයි Rhythemic Montage එක අද කාලේ බහුලව යොදාගන්න එකට හොඳම උදාහරණය...


04.Tonal Montage 


Intellectual Montage ශෛලියේදි වෙන්නේ එක රූප ඛණ්ඩයකින් තව රූප ඛණ්ඩ  කිහිපයකට වෙනස වෙනස් තේරුම් දෙන එක...මේකේදි ඒකේ අනිත් පැත්ත,ඒ කියන්නේ වෙනස් වෙනස් රූප ඛණ්ඩ වලින් එක රූප ඛණ්යක් එක්ක සම්බන්ධතාවයක් ඇති කරනවා...ඒක විදියට හැඟීම් තමයි එකට එකතු කරලා සම්බන්ධතාවයක් ඇති කරන්නේ .....


Harry Potter චිත්‍රපට මාලාවේ හය වෙනි චිත්‍රපටයේ දී ඩස්බල්ඩෝර් මැරෙන වෙලාවේ හැරී ,ඩ්‍රැකෝ,ස්නේප් කියන අ⁣යගේ හැඟීම් පෙන්නන රූපඛණ්ඩ ඩම්බල්ඩොර්ගේ රූපඛණ්ඩ එක්ක එකතු කරනවා...එතකොට ඩම්බල්ඩෝර්ගේ මරණය ඒ තුන්දෙනාට බලපාන විදිය ඒ රූපරාමු එකතු කරලා තියෙන විදියෙන් අපිට හිතාගන්න පුළුවන් වෙනවා ..


05.Overtonal Montage 


මේ කියන්නේ අපි කලින් කතා කරපු අනිත් හතරම එකට එකතු වුන ශෛලිය...එක දර්ශනයක නැත්නම් Scene එකක Sequence එකක කලින් කතාකරපු ශෛලියන් හතරම එකට එකතු කරලා රූප ඛණ්ඩ අතර සම්බන්ධතාවයක් ඇති කරන එක...


මේ විදියට සෝවියට සිනමාව ගැන කතාකරනකොට කතා නොකරම බැරි මොන්තාජ් සිනමා ශෛලිය ගැන තමයි අපි කතා කලේ..ආපහු නැවත වතාවක් රුසියානු සිනමාව ගැන ලිපියක් අරන් එනකං සිනමා ඉතිහාසය ගැන කලින පළ වුන ලිපි පෙළම කියවන්න අපේ සිනමාතක්සලාව බ්ලොග් පිටුවත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා....



                                   සිනමා තක්සලාව වෙනුවෙන්
                                     -අනුෂ්ක රසාංජන ද සිල්වා-

Post a Comment

0 Comments