ජර්මන් සිනමා ඉතිහාසය - 01


 


සිනමාවේ ආරම්භය කොනතදි හරියටම සිද්ධ වුනාද කියලා අපිට කියන්න පුළුවන්ද..ලුමියර් සහෝදරයන් ගෙන් ප්‍රංශයේදීද සිනමාව ආරම්භ වුනේ..සිනමාව මහජනයා අතරට ගියේ ප්‍රංශයේදී 1895 දෙසැම්බර් 28 වුනත් ඊට කලින් තමයි අපි සිනමාවේ ඉතිහාසය ගැන කතාකරපු පලවෙනි ලිපියේ කියපු විදියට තෝමස් අල්වා එඩිසන් එයාගේ කිනෙටොස්කොප් යන්ත්‍රය නිර්මාණය කරන්නේ...



ජර්මන් සිනමාවේ ආරම්භය ගැන බැලුවොත් ජර්මන් සිනමාන ආරම්භ වෙන්නේ ප්‍රංශ සිනමාවේ ආරම්භය හා සමකාලිනවයි....ලුමියර් සහෝදරයන්ගේ මහජන ප්‍රදර්ශනයට කලින් ජර්මනියේ බර්ලින් නගරයේ හිටපු Max Skiadanowsky එයාගේ සහෝදරයා එක්ක එකතු වෙලා Bioscop කියන ප්‍රක්ෂේපණ යන්ත්‍රය නිර්මාණය කරනවා...මේ යන්ත්‍රයෙන් මෙයාලා තමයි ලෝකයේ  පළමු වරට මුදල් වලට ප්‍රේක්ෂකයන්ට චිත්‍රපට පෙන්නලා තියෙන්නේ...ඒ ප්‍රංශයේ ලුමියර් සහෝදරයන් ලෝකයේ පලවෙනි වතාවට සමූහ ප්‍රේක්ෂකාගාරයකට පවත්වපු පලවෙනි සිනමාප්‍රදර්ශනය පවත්වන්න දින කිහිපයකට කලින්....දැන් ජර්මන් සිනමා ඉතිහාසය ගැන වැදගත් තොරතුරු  කරුණු යටතේ අවධානය යොමු කරමු...




  • ජර්මනියේ මුලින්ම සිනමාශාලාවක් විවෘත කරලා තියෙන්නේ 1906 වසරේදි...1910 වෙනවිට ජර්මනියේ සිනමාශාලා 1000 ක් විතර පවත්වාගෙන ගොස් ඇති නමුත් මේවාගේ ප්‍රදර්ශනය කර ඇත්තේ  ප්‍රංශ, ඇමරිකානු , ඉතාලි හා ඩෙන්මාර්ක චිත්‍රපට වෙයි...
  • 1916 වන විට ජර්මනියට ඩෙන්මාර්කය හැර අනිත් රටවලින් චිත්‍රපට ආනයනයත් අනිත් රටවලින් ජර්මනියේ චිත්‍රපට ආනයනයත් නවත්වා දමා ඇත්තේ දේශපාලන හා යුධ ගැටළු නිසාවෙනි...
  • 1911 වනවිට ජර්මනියේ තිබී ඇත්තේ කුඩා නිෂ්පාදන සමාගම් 12කට ආසන්න ගණනක් වුවත් 1918 වන විට එය 131 දක්වා වැඩී වී ඇත...
  • 1917 දී ජර්මන් රජය යුද්ධයට පක්ෂපාති චිත්‍රපට නිර්මාණය කිරීම වෙනුවෙන් ප්‍රධාන පෙලේ සිනමා නිෂ්පාදන සමාගම් හා ඩොයිෂ් බැංකුව ඒකාබද්ධ කරගෙන Universum Film AG හෙවත් UFA නම් විශාල චිත්‍රපට සමාගම නිරමාණය කර ඇත....
  • 1920 වන විට ජර්මනිය වෙනත් රටවල් වල චිත්‍රපට සමාගම් හා එක්වද චිත්‍රපට නිර්මාණය කර ඇත...
  • ජර්මන් සිනමාව 1918 සිට 1933 දක්වා පැවති වෙයිමාර් ජනරජය යටතේ හොලිවුඩය හා සම⁣ව යුරෝපයේ පුමුඛතම සිනමා කර්මාන්තය බවට පත්ව ඇත...වසර 14ක කාලය තුලදී වසරකට චිත්‍රපට 250ක සමාන්‍යය අගයක් සහිතව චිත්‍රපට 3500 ක් පමණ නිර්මාණය කර තිබී ඇත...එමෙන්ම ඒ වන විට චිත්‍රපට නිෂ්පාදන සමාගම් 230ක් පමණ බර්ලින් නගරයේ පමණක් තිබී ඇත...
  • මෙකල එනම් පළමු ලෝක යුද්ධයෙන් පසුව ප්‍රධාන සිනමා ෂානර තුනක් ජර්මන් සිනමාව තුල තිබී ඇත...පලමු ෂානරය රහස් පරීක්ෂක චිත්‍රපටද දෙවැනි ෂානරය අධ්‍යාපනික දෘෂ්ඨියකින් ලිංගික විෂයයන් සාකච්ඡා කල චිත්‍රපට හා තෙවැනි ෂානරය ඓතිහාසික පුරාවෘත වෙයි...


මේ වෙයිමාර් ජනරජය යටතේ පැවති ජර්මන් සිනමාවේ ස්වර්ණමය යුගයේ අපට හමුවන ප්‍රධාන සිනමා ධාරාව ගැන දැන් අවධානය යොමු කරමු...ඒ ජර්මන් ප්‍රකාශනවාදය හෙවත් German Expressionism සිනමා ධාරාවයි...


ජර්මන් ප්‍රකාශනවාදය (1919-1926)


ජර්මනියේ 1910 පමණකාල වකවානුවේදි සාහිත්‍ය හා වේදිකා නාට්‍යය කලාවට හදුන්වාදුන් ප්‍රකාශනවාදී කලා ධාරාවේ ආභාෂය ලැබු මේ සිනමාධාරාව යටතේ නිර්මාණය වු චිත්‍රපට පළමු ලෝක යුද්ධයෙන් පසු වසර දහයක කාලයක් පුරාවට ලොව ජනප්‍රියම චිත්‍රපට බවට පත් වී ඇත....ජර්මන් ප්‍රකාශනවාදි සිනමාවේ ආරම්භක සිනමා නිර්මාණ ලෙස සැලකෙන්නේ The Cabinet of Dr.Caligari චිත්‍රපටය හා Metropolis චිත්‍රපටය වෙයි...

  

                                                           


ජර්මන් ප්‍රකාශනවාදි සිනමාව අන්තර්ජාතික වශයෙන් ඇගයීමට හා පැසසුමට ලක් වෙන්නේ 1920 නිර්මාණය වු කලින් කියු The Cabinet of Dr.Caligari (දොස්තර කැලීගාරිගේ පෙට්ටගම) චිත්‍රපටය ඇමරිකාව ප්‍රංශය රටවල්වල  පවා ජනප්‍රිය වීමත් සමඟයි...


ජර්මන් ප්‍රකාශනවාදී සිනමාවෙන් ලෝක සිනමාවට හදුන්වා දුන් අදටත් භාවිතා වන ආලෝකකරණ මූලධර්මයක් නම් Chiaroscuro Lighting නැතනම් කි(අ)රොස්කි(යු)රො ආලෝකකරණය  වෙයි..සරලවම මෙනම් ආලෝකය හා අදුර අතර පුළුල් වෙනසක් නැත්නම් විශාල අසමානතාවක් පෙන්වීමයි...අදුරු පසුබිමක කුඩා එහෙත් ප්‍රබල ආලෝකකක් පෙන්වන මේ සිද්ධාන්තය ගැන ඉදිරියේදි වෙනම සිනමැටෝග්‍රැෆිකරණය යටකේ අවධානය යොමු කරමු....මේ ආලෝකකරණ මුලධර්මය කළ එළි දකින්නේ කලින් කියු The Cabinet of Dr.Caligari චිත්‍රපටය හරහා වෙයි...





එමෙන්ම ප්‍රකාශනවාදි සිනමාව මිසොන් සෙන් ගුණාංගය මත යැපුණු චිත්‍රපට විශේෂයක් බවට පත්ව ඇත...නළු නිළියන් අසාමාන්‍ය ලෙස වෙස් ගන්වා ඇති අතර ඔවුන්ගේ ඉරියව් පවා තාත්විකත්වය අතික්‍රමණය කල ඒවා වීම දැකිය හැකි වනු ඇත...මේ චිත්‍රපට වල සැලසුම් ශිල්පීන්ට වැඩි කාර්යය භාරයක් තිබී ඇත...ඒ නිසා සැලසුම් ශිල්පීන්ට වැදගත් තැනක් එකල ජර්මානු සිනමාව තුල තිබී ඇත....


ජර්මන් ප්‍රකාශවදි සිනමාවේ විශේෂ චිත්‍රපට ලෙස මේවා හදුනාගත හැකි වෙයි...

01.The Cabinet of Dr.Caligar (1920)
02.Nosferatu (1922)
03.Metropolis (1927)
04.The Haunted Screen (1998)      

          ඉහත The Haunted Screen යනු ජර්මන් ප්‍රකාශනවාදී සිනමාව ගැන ගැඹුරින් කතා කරන ඒකි සිනමාධාරාව අළලා සකස් වු 1998 දී නිකුත් වු වාර්තා චිත්‍රපටයක් වෙයි...


          1920 දශකය අගභාගය වන විට මේ සිනමාධාරාව ජර්මනිය තුල වියැකී යන්නට ගොස් ඇත...1927 වනපවිට ප්‍රකාශනවාදී සිනමාව මුළුමනින්ම මියගිය සිනමා ධාරාවක් බවට පත්ව ඇත...


          නමුත් ඉන්පසුව 1930 දී නිර්මාණය වු M හා 1932 දී නිරමාණය වු Testament of Dr.Mabuse නම් ජර්මන් චිත්‍රපට වල ප්‍රකාශනවාදී සිනමාවේ ඉතුරු වු යම් ගුණාංග දැක ගැනීමට හැකි වී ඇත...හොලිවුඩයේ හොරර් ශනාරයේ චිත්‍රපට වල හා අදුරු සිනමාව හෙවත් Film Noir ශෛලියේ චිත්‍රපට වලද මේ ප්‍රකාශනවාදී සිනමා ශෛලිය දැක ගැනීමට පුළුවන් වෙයි..යුරෝපීය චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් වු Jean Cocteau හා Ingmar Bergman ගේ චිත්‍රපටයත තුලින්ද ප්‍රකාශනවාදී සිනමා ලක්ෂණ දැක ගැනීමට හැකි වෙයි...අදටත් ජර්මන් ප්‍රකාශනවාදී සිනමාධාරාවේ ආභාෂය ගත් චිත්‍රපට නිර්මාණය වන අතර මේ සිනමා ආභාෂය ගත් වත්මන් සිනමා අධ්‍යක්ෂකවරයෙක් ලෙස ටිම් බර්ටන් නම් හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂකවරයා හදුන්වාදෙන්නට පුළුවන්....


          ----------------------------------------------------------------------------------------------------------------------------



          1930 දශකයේ ආරම්භයෙන් පසුව ජර්මන් සිනමාවට හොඳ කාලයක් උදා නොවීය...විශේෂයෙන්ම නාසිවරු බලයත් පත්වීමත් සමඟ චිත්‍රපට අධ්‍යක්ෂකවරු,නිෂ්පාදකවරු හා නළු නිළියන් පවා ජර්මනිය අතහැර ඇමරිකාව වැනි රටවල් වලට සංක්‍රමණය වී ඇත...දෙවනි ලෝක යුද්ධයෙන් පසු ජර්මන් සිනමාව ගැන අපි ඊළඟ ලිපියෙන් අවධානය යොමු කරමු...



                                                සිනමා තක්සලාව වෙනුවෙන්
                                                 - අනුෂ්ක රසාංජන ද සිල්වා-

          Post a Comment

          0 Comments