රූප සමූදායක එකතුවක චලනයක් චිත්‍රපටයක් කියලා අපිට සරලව හදුන්වා දිය හැකියි.....නමුත් සිනමාව කලාවක් විදියට අර්ථ ගැන්වෙන්නේ එ් එක් එක් රූපරාමු වල කලාත්මක හැසිරවීම මතයි... කැමරාකරණය,ආලෝකකරණය,වර්ණ භාවිතය යන සමස්තයන්ගේ එකතුවත් සමග එක් එක් රූප රාමුවල කලාත්මක බව සිනමාවේ ගුණාත්මක බව නිර්ණය කරන්න පාදක වව බව පැවසිය හැකිය.....
චිත්‍රපට ගැන පැහැදිලි කිරීම් චිචාර වලින් බැහැරව චිත්‍රපටයක් කියවන්න පුළුවන්ද.....ඇත්තටම චිත්‍රපටයක් දෙබස වලින් හෝ අංග චලනයන්ගෙන් තොරව කියවිය හැකි තවත් ක්‍රම පවතී..... කලින් සඳහන් කල පරිදි රූපරාමු වල ආලෝකකරණය, වර්ණ භාවිතය වැනි සාධක වලින් පවා චිත්‍රපටයක් කියවීම ද එක්තරා කලාවක් ලෙස හැඳින්විය හැකිය.....
එය සිනමැටෝගැෆිකරණය හෙවත් සිනමාඡායාරෑප ශිල්පය ලෙස හදුන්වනු ලබනවා... ආලෝකකරණය,සංයෝජනය,කැමරා චලනය,කැමරා කෝණය,වර්ණ භාවිතය,වස්තුවේ ගැඹුර,පසුතල නිර්මාණය,කැමරාවේ ලෙන්ස් පවා අඩංගුවන විශාල පරාසයක එකතුවක් සිනමැටෝගැෆිකරණය ලෙස හදුන්වනු ලබනවා....එනම් රූප රාමුවක කලාත්මක බව හා ගුණාත්මක බව රදා පවතින් සාධකය සිනමැටෝගැෆිකරණය වෙනවා...
චිත්‍රපටයක් නිර්මාණය කිරීමේදි කැමරාකරණය හා ආලෝකකරණය හසුරවන සිනමා ඡායාරූප ශිල්පියා නැත්තම් DOP හරහා චිත්‍රපටය කියවිය හැකි ,රසවිඳිය හැකි කලාවක් බවට පත් කිරීම අධ්‍යක්ෂකවරයාගේ කාර්යභාරයක් වෙනවා...
ඉතිං මේ සුදානම සිනමා නිර්මාණයක වැදගත්ම කොටසක් වන සිනමා ඡායාරූප ශිල්පය නැත්තම් සිනමැටෝගැෆිකරණය හරහා චිත්‍රපටයක් කියවන්නේ කොහොමද යන්න විමසා බැලීමටයි......
අද මුලින්ම මේ සටහන කැමරා කෝණ නැත්තම් Camara Angle භාවිතයෙන් සිනමාව කියවීම ගැනයි....එනම් කැමරා කෝණය,උස හා දුර වැනි සාධක මත චිත්‍රපටය දෙස බලන දෘෂ්ඨි කෝණය ගැන අධ්‍යනයක් කිරීමයි....කැමරා කෝණය යනු සිනමැටෝගැෆිකරණයක නැතහොත් සිනමා ඡායාරූප ශිල්පයේ වැදගත්ම අංගයක් වනවා......කැමරාව පිහිටුවන උස,දුර හා කෝණය පාදක කරගෙන රූපරාමුවට ලොකු ආර්ථයක් දිය හැකි බව ඔබ සිතුවද..ඒ තමයි සිනමාව කියවීම යන කොටස...ඉතිං දෙබස් නැතුව
කැමරාවෙන් චිත්‍රපටයක් කියවන්නේ කෙසේද යන්න අපි විමසා බලමු...මේ කැමරා කෝණ හරහා කියවීම සදහා මං අද පාදක කර ගත්තේ ජනප්‍රිය Game of Thrones කතා මලාවයි...
ප්‍රධාන වශයෙන් චිත්‍රපටයක කැමරා කෝණ කිහිපයක් භාවිතා වෙනවා...ඒවා නම්,
01.Eye Level
02.Low Angle
03.High Angle
04.Hip Level
05.Knee Level
06.Ground Level
07.Shoulder Level
08.Dutch Angle
09.Overhead
10.Aerial
අපි දැන් මේ එක් එක් ඒවා අරගෙන ඒවා මොනවාද වගේම මොන මොන අවස්ථාවලදීද යෝදාගන්නේ කියලා බලමු....
Eye Level Angle
Eye level කියන වචනයෙන් කියවෙන විදියටම මේකේ තේරුම කැමරාව රූප රාමුවේ ඇස් මට්ටමට සමාන උසකින් තබාගැනීම වෙනවා...අපි සාමාන්‍යයෙන් කියන්නේ කතාකරනකොට ඇස් දිහා බලන් කතා කරන්න කියලා...එතකොට දෙන්නා අතර හොද අවබෝධයක් වගේම හොද සන්නිවේදන සම්බන්ධතාවයක් ඇති වෙන්වා..
ඉතිං මේ විදියට ඇස් මට්ටමෙන් කැමරාව තබා ගැනීමේ අරමුණ චරිතයේ හැගීම් හා භාවයන් හොදින් ප්‍රේක්ෂකයාට දැනවීමයි...නමුත් මේ සදහා
ප්‍රේක්ෂකයා රංගන ශිල්පියාගේ ඇස දැකීම හෝ රංගන ශිල්පියා කමරාව දෙස බැලීම අවශ්‍ය නොවේ... වැදගත්ම කාරණය මේ සදහා කැමරාව ඇස මට්ට්මින් නභිගත කිරීමයි...
Low Angle
ඇස් මට්ටමට පහළින් කැමරාව ස්ථානගත කරගෙන කැමරාව මදක් ඉහළට ආනතව ගනු ලබන දර්ශන Law angle නැතහොත් පහළ කැමරා කෝණයක් විදියට හදුන්වනවා...
මේ විදියට කැමරා කෝණයක භාවිතා කරලා වීර චරිතයක බලය පෙන්වන්න වගේම චරිතයකට එල්ල වෙලා තියෙන අවධානමක් පෙන්නනත් භාවිතා කරනවා....මේ කැමරා කෝණයෙන් වස්තුවක උස වැඩි කරලා පෙන්නනත් පුළුවන්.....
මේ විචියට බලය පෙන්නන්න වීර චරිතයක් වගේම ප්‍රතිවීර චරිතයක් වෙන්නත් පුළුවන්...උදාහරණයක් විදියට Game of Thrones එකේ ජනප්‍රියම කොටසක් වෙන Battle of basterd කොටසේදි රැම්සිගේ බගය පෙන්නන්න මේ විදියේ කෝණයක් පාවිච්චි කරලා තියෙන විදිය පහළ උදාහරණ වලින් බලාගන්න පුළුවන්...
ගොඩක් වෙලාවක වීරයා ප්‍රතිවීරයා හමුවෙන අවස්ථාවක් නැත්තම් සටන් දර්ශනයකදි බලය තියෙන කෙනා පෙන්වන්න Law Angle හා බලයට යටත් කෙනා පෙන්වන්න High Angle යොදා ගනු ලබනවා....
High Angle Shots
Law angle වලදී කැමරාව ඇස් මට්ටමින් පහළට ගෙන යනවා වගේම මේ High Angle වලදී ඇස් මට්ටමින් උඩ ට කැමරාව පිහිටවලා කැමරාව පහළට ආනත කරනවා...
විශේෂයෙන්ම යුධ දර්ශන වලදී ලොකු පිරිසක් පෙන්වන්න වගේම බයක්,බිඳ වැටීමක් පෙන්නනන් නැත්තම් කලින් කිව්වා වගේ යම්කිසි බලයකට නතු වෙලා වගේ වෙන්න යනවා වගේ පෙන්නන්න මේ විදියේ කැමරාකෝණයක් භාවිතා කරනවා....
මතකද The Shawshank of Redemption චිත්‍රපටයේ අන්තිමට ඇන්ඩි හිරෙන් පැනලා නිදහස් වෙලා එළියට ඇවිත් වැස්සට තෙමෙන දර්ශනය...ඒතන ඇන්ඩිගේ බලයක් නෙවෙයි පෙන්නන්නේ...නිදහස කියන දේ වටිනාකම...නිදහස තුල තියෙන බලය...ඇන්ඩි එයාගේ ප්‍රශ්න හේදිලා යන අවස්ථාව විඳිනවා කියලා පෙන්නනන් නැත්තම් නිදහසේ බලයට යටත් වෙලා කියලා පෙන්නන්න මෙතන High Angle shot එකක් පාවිච්චි කරලා තියෙනවා....
මේ ගැන තව ටිකක් අපි අපේ උදාහරණය එක්කම කතා කරමු...
Shoulder Level Shots
කැමරාවේ කෝණය චරිතයේ උරහිස් මට්ටමින් තබාගන්නා අවස්ථාව මේ විදියට හදුන්වනවා....මේ කැමරාකෝණය ඇස් මට්ටමින් තියාගන්න Eye Level Shot වලට වඩා සම්මත කෝණයක් වෙනවා...ඇස් මට්ටමින් පෙනන කෝණයට වඩා වැඩ් භාව නිරූපණයක් මේ කෝණයෙන් කැපිලා පේන නිසා නිර්මාණකරුවන් ඇස් මට්ටමට වඩා මේ කෝණයෙන් කැමරාව තබා ගන්න පෙළඹෙනවා....
කැමරාව මේ කෝණයෙන් තියාගන්න අවස්ථාවලදී හිස රාමුවේ මුදුනට ළං වෙලා තියෙනවා දකින්න පුළුවන් ....සමහර අවස්ථාවලදී මේ කෝණය තරමක් දුරට Low Level Angle එකකට යන්තම් සමාන වෙනවා දකින්නත් පුළුවන් වෙන්නේ කැමරාව චලනය වන ආකාරයත් සමඟයි...
Hip Level Shots
Hip Level shot නැත්තම් Cow Boy Shot කියන මේ කෝණයේදි කැමරාව ඉන මට්ටමේ තියාගන්නවා කියලා වචනයෙන්ම පැහැදිලි වෙනවා...
මේ කැමරා කෝණය පාවිච්චි කරන්නේ ඉනට සම්බන්ධ ක්‍රියාකාරකම් පෙන්නන්න...ඒ කියන්නේ තුවක්කුවක් ඇදලා ගන්නවා වගේ නැත්තම් සාක්කු වලින් මොනා හරි ගන්නවා වගේ දෙයක් පෙන්නන්න....ඇමරිකන් ක්ලැසික් Cow Boy චිත්‍රපට වල අර තුවක්කු වලින් කරන සටන් මතකද...අර තිරයේ Aspect retio එක එහෙම අඩු කරලා කව් බෝයි මියුසික් එකක් මැද්දේ කොල හුලඟට එහෙම යනකොට කරන වෙඩි තියාගන්න දර්ශන ...ඒ දර්ශන වල තුවක්කුව එළියට ගන්නකොට පාවිච්චි කරන්නේ මේ කැමරා කෝණය...ඒකයි මේකට The Cow Boy Shot කියන්නේ....
Knee Level Shot
Hip Level ඉන මට්ටමින් වගේම Knee Level Shot වලදී කැමරාව දණ හිස්වල මට්ටමින් තියාගන්නේ ගොඩාක් දුරට ඇවිදගෙන යන දර්ශන වලදී...මේ කැමරාකෝණය Low Angle කෝණයත් එක්ක එකට එකතු කරලා චරිතයක වැඩි බලයක් පෙන්වන්නත් පුළුවන්....
Ground Level Shot
කැමරාව බිම් මට්ටමේ තබාගන්න අවස්ථාව ගොඩාක් දුරට භාවිතා කරන්නේ චරිතයක් ගොඩනඟන විදිය පෙන්නන්න..ගොඩාක් දුරට වැදගත් චරිතයක් හදුන්වලා දෙනකොට මුහුණ එකපාර පෙන්නන්නවට වඩා චරිතය ගැන උනන්දුවක් හා ආකර්ෂණයක් ඇති කරන්න මේ කැමරාකෝණය භාවිතා කරන්න පුළුවන්....
Dutch Angle Shots
Dutch Angle එහෙම නැත්තම් Dutch tilt,Canted Angle හා Oblique Angle කියලාත් හදුන්වන මේ කැමරා කෝණය භාවිතා වෙන්නේ x අක්ෂය දිගේ කැමරාව tilt නැත්තම් ඇල කිරීමක් කරලා....
මේ වගේ කැමරා කෝණයක් හරහා සිද්ධියක අවිනිශ්චිත බවත් කලබලයක් හරියට අන්දමන්ද වෙලා යන ගතියක් පෙන්නන්න පුළුවන්...මේ ඇල වුන කැමරා කොණය වෙනස්ම ආකාරයක් ගන්න නිසා සිනමාකරුවන් මේ කෝණය භාවිතා කරන්නේ හරිම වෙලාවේ හරිම හරිම තැනදී විතරයි...මොකද මේ කැමරාකෝණය බලන් ඉන්න ප්‍රෙක්ෂකයන්ට තදින්ම දැනෙන චරිතය ගැන උනත් ලොකු අවධානමක් යොමු වෙන කැමරා කෝණයක්.....
The Aerial Shot
කැමරාව ඉහළම ස්ථානයක රඳවා ගනු ලබන දර්ශන වනවා...මේ දර්ශන වලට God's Eye view shot,Bird eye view shot,Ariel view,Raised shot,Elevated shot,over head shot ලෙසද හදුන්යනු ලබනවා...නමුත් Over head shot ලෙස වෙනම කැමරා කෝණයක් ඇති අතර ඒ ගැන පසුව විමසා බලමු....
මේ ආකාරයේ ඉහළ කෝණයකින් ගනු ලබන දර්ශන මඟින් ප්‍රේක්ෂකයාට පහළ සිදුවන සිදුවීම් සවිස්තරාත්මකව ප්‍රකාශ කිරීම මෙහි අරමුණ වනවා...සාමාන්‍යයෙන් යුධ දර්ශන වලදී බහුලව මේ කැමරා කෝණය භාවිතා කරනවා දකින්නට හැකිවේ...
අතීතයේදි මුලින්ම මේ කැමරා දර්ශන වලට ඉහළ යැවු බැලුන් යොදා ගත් අතර පසුව හෙලිකොප්ටර් හා වර්තමානයේ ඩ්‍රෝන් කැමරා තාක්ෂණය යොදා ගනු ලබනවා....
Over Head shot
කලින් පැවසු පරිදිම මෙය Aerial Shot හි එක් අවස්ථාවක් වනවා...මෙහි විශේෂත්වය කැමරාව චරිතය හෝ වස්තුවට හරි ඉහළින්ම පිහිටීමයි...
.......................................................................................................................................................................
ඉතිං මේ ආකාරයේ කැමරාවේ උස දුර කෝණය අනුව කැමරා කෝණ වර්ග වලට බෙදා වෙන් කරනු ලබනවා....අප දැන් Game of Thrones කතා මාලාවේ කැමරාකෝණ ඇසුරෙන් ඒවා තවත් හොඳින් අවබෝධ කරගනිමු....අවසාන ඡායාරූපය වන Battle of Basterds කතාකොටසේ අවස්ථා විග්‍රහයෙන් මේ කැමරා කෝණ ඇසුරෙන් සිනමාව කියවන ආකාරය ගැන අවබෝධයක් ඔබට ලබා ගත හැකි වනු ඇත....
අවසාන වශයෙන් GOT කතාමාලාවේ ජනප්‍රිය විශිෂ්ඨ කතාකොටසක් වන Batte of Bastards කතාමාලාවේ යොදාගෙන ඇති කැමරා කෝණයන් භාවිතයෙන් මේ අවස්ථාව කියවීම සිදුකරමු...
1-ජෝන් දැනගන්නවා එයාගේ සහෝදරයා ඉන්නේ රැම්සි ළඟ කියලා...ඉතිං ඒ වෙලාවේ ජොන් ඉන්නේ රැම්සිගේ බලයට යටත් වෙලා කියන එක් පෙන්නන්න මෙතන High Level Angle එක යොදාගෙන තියෙනවා...
2-රුම්සිට සටනේ වැඩි බලයක් තියෙනවා..ඒ වගේම ජෝන්ගේ සහෝදරයත් ඉන්නවා...ඉතිං රැම්සිගේ ඒ බලයේ වාසිය පෙන්නන්න කැමරා කෝණය තරමක් Low Angle තත්වයට පත්කරගන්නවා....
3-ජෝන්ගේ හැඟීම් වල බිය හා කුතුහලය වඩාත් තීව්‍රව පෙන්නන්න මෙතනදී කැමරාවේ කෝණය ඇස් මට්ටමට ගෙන ඇවිත් තියෙනවා බලාගන්න පුළුවන්...
4-ඊළඟට වෙන්නේ මොකද්ද කියලා අපි දන්නවා...රැම්සි තමන්ගේ බලය ඉස්සරහා ජෝන්ව දණ ගස්සන්නේ ,කොහොමද අසරණ කරන්නේ කියලා අපි දන්නවා...ඉතිං මෙතන ගැලපෙනම කෝණය විදියට ආපහු Low Angle එකකට කැමරාව ස්ථානගත කරනවා....
Game of Thrones කතාමාලාව එදා මෙදා තුර ඉතිහාසයේ විශිෂ්ඨතම මාස්ටර්පීස් එකක් ලෙස හැඳින්විය හැකි Game of Thrones කතාමාලාවේ සිනමැටෝගැෆිකරණය ඉහළින්ම තිබු කතා මාලාවක් වනවා.....විශේෂයෙන්ම චරිත ගොඩනැගීම හා ඒ චරිතවල භාව ප්‍රකාශනයන් දැඩිව ඉස්මතු වන ආකාරයේ සිනමැටෝගැෆිකරණක් නැතහොත් සිනමා ඡායාරූප ශිල්පය ඉහළින්ම තිබුණ කතාමාලාවක් ලෙස Game of Thrones හැඳින්විය හැකිය...
අවසන් කතාමාලාවේ තිරපිටපතේ දුර්වලකම් පසෙකලා මුල සිට දැන් ඉහතදී කතා කල සිනමැටෝගැෆිකරණයේ අංගයක් වන කැමරා කෝණ ඇතුළු සමස්ත සිනමැටෝගැෆිකරණයට දෙස අවධානය යොමු කර නැරඹුවහොත් මෙම කතාමාලාව සිනමාව හැදෑරීමක් කරන අයෙකුට අත්පොතක් වනු නොඅනුමානයි...
-අනුෂ්ක රසාංජන ද සිල්වා-
0 Comments