තිරපිටපතක සම්මත ආකෘතියක් වැදගත් වෙන්නේ ඇයි කියන කාරණාව කලින් අපි කතා කලා.ඒ යටතේ තිරපිටපතක මූලිකම ආකෘතිය නැත්නම් තිරපිටපතක් සකස් කිරීමේදි අනුගමනය කරන රීති මොනවදා කියලා ඒ යටතේ අපි කතා කලා.
දැන් කතාකරන්න යන්නේ තිරපිටපතක සම්මත ආකෘතිය ඇතුලේ අපිට හමුවෙන කොටස් නැත්නම් Elements මොනවාද කියලා.
දැවැන්ත වාත්තාන්ත චිත්‍රපටයක් නිර්මාණකරණයේදි පිටපත් දෙකක් සාමාන්‍යයෙන් නිර්මාණය වෙනවා.මුලින්ම තිරරචකයා තිරපිටපත නිර්මාණය කලාට පස්සේ මේ පිටපත අධ්‍යක්ෂකවරයා හා නිෂ්පාදකවරයාගේ අධීක්ෂණයෙන් පස්සේ රූගත කිරීම් වලට කලින් නැවත සංශෝධනය කිරීමක් සිදු වෙනවා.මේ විදියට දෙවනිවර හදාගන්න තිරපිටපත Shooting Script එකක් කියලා හදුන්වනවා.
මුලින්ම අපි බලමු තිරරචකයා විසින් සම්මත ආකෘතිය යටතේ නිර්මාණය කරන තිරපිටපතේ ප්‍රධාන අංග මොනවාද කියලා.ඒ යටතේ අපිට මූලික් අංග කොටස් 6ක් හදුනගන්න පුළුවන්..ඒ තමයි,
🔸01.Sluglines - දර්ශනය පසුබිම
🔸02.Action Lines - ක්‍රියාව
🔸03.Characters cues - චරිත හැදින්වීම
🔸04.Dialogue - දෙබස්
🔸05.Extensions - කෙටි නාම
🔸06.Parentheticals - වරහන්
දැන් අපි වෙන වෙනම මේවා හදුනගමු..
01.Sluglines - දර්ශනයට අදාල පසුතලය/පරිසරය හඳුන්වාදීම
මේ තමයි දර්ශනයක් නැත්නම් සීන් එකක් ලියනකොට මුලින්ම ලියන කොටස.මුලින්ම වම් පස ඉහළින් එළිමහන් දර්ශනයක්ද සංවෘත දර්ශනයක්ද කියලා සඳහන් කරලා පසුබිම නැත්නම් දර්ශනයට අදාල අවට පරිසරය හදුන්වන කොටස තමයි මේ Slugline කියලා හදුන්වන්නේ.
🔸මුලින්ම විවෘත එළිමහන් දර්ශනයක් නම් EXT. විදියටත් සංවෘත නැත්නම් ඇතුලත දර්ශනයක් නම් INT.කියලා වරහන් ඇතුලේ මේක සඳහන් කරනවා.සිංහලෙන් නම් මේක සංවෘත හා වීවෘත කියලත් ලියන්න පුළුවන්.
🔸ඊළඟට ස්ථානය හදුන්වන කොටස.සංවෘත පරිසරයක්ද විවෘත පරිසරයක්ද කියලා සඳහන් කලාට පස්සේ ඊට එහා පැත්තෙන් ඒත් එක්කම ලියන්නේ මේ කොහෙද කියන එකයි.නිවස තුල නම්,
INT.නිවස තුළ
විදියට තමයි ලියන්නේ.
🔸ඊළඟට වරහන් තුල කාලය සඳහන් කරනවා.මේක ලියන්නේ ඉර පායලා නම් Day නැත්නම් දිවා විදියටත් ඉර බැහැලා කළුවර වැටුණ වෙලාවක් නම් Night කියලා විතරයි.අවශ්‍ය නම් අළුයම හෝ සවස කියලා ඉර නැඟ එන අවස්ථාව හා ඉර බැස යන අවස්ථා විශේෂ කරන්න පුළුවන්.ඒත් සම්මතය විදියට දිවා / රාත්‍රි දැක්වීම අනිවාර්ය වෙනවා.
🚫Sluglines ලියනකොට දර්ශන අංකය තිරරචකයා නොලියන දෙයක්.මේක Production Script එක හැදෙනකොට ලියවෙන දෙයක් මිස තිරරචකයා ලියන එකක් නෙවෙයි. ඒකට හේතුව අධ්‍යක්ෂකවරයාට හෝ නිෂ්පාදකවරයාට ද9ර්ශන අනුපිළිවෙල වෙනස් කරන්න හෝ අමතර දර්ශන එකතු කරන්න හෝ ඉවත් කරන්න අවශ්‍ය වුනොත් ආපහු මුල ඉඳන් දර්ශන අංකය වෙනස් වෙන නිසයි.ඒ නිසා ඔයා තිරරචකයා නම් දර්ශන අංකය යොදන්නේ නැති වෙන්න වග බලාගන්න.
එහෙනම් සම්මත විදියට ඕනම දර්ශනයක් පටන් ගන්නකොට slugline එක ලියවෙන්නේ මේ වගේ.උදාහරණයක් විදියට නිවස තුළ දිවාකාලයේ දර්ශනයක් අපි ගමු.
INT.නිවස තුළ - (DAY) නැත්නම්,
සංවෘත.නිවස තුළ - (දිවා)
🔹එකම දර්ශනය තුල සංවෘත විවෘත පරිසර දෙකම තියෙන්න පුළුවන්...උදාහරණයක් විදියට වාහනයක් අැතුලේ ඉඳලා එළියට එන දර්ශනයක මේ INT. සහ EXT. දෙකම තියෙන නිසා එතනදී සඳහන් කරන්නේ 'INT./EXT. ' විදියට..
🔹කෙලින්ම එක දර්ශනයක් කලින් දර්ශනයට සම්බන්ධයි නම් Slugline එකේ Day /Night කොටසට දකුණු පැත්තෙන් CONTINUOUS කියලා යොදනවා.
උදාහරණයක් විදියට කෙනෙක් රෑ නිදාන්න දර්ශනයක් පෙන්නලා ඊළඟ දර්ශනය උදේ ඇහැරෙන එකක් නම් මේ විදියට උදේ දර්ශනයේ " INT.කාමරය තුල - (DAY) CONTINUOUS " කියලා යොදනවා.
Script BreakDown ක්‍රියාවලියේදි සහය අධ්‍යක්ෂකවරයාට වැදගත් වගේම පහසු කාර්යයක් තමයි නිවැරදි විදියට Slugline එක යොදාලා තිබීම.ඒ වගේම රෑ දර්ශනයක් උදේට සම්බන්ධ වෙනකොට ඇදුම් පැළඳුම් වේෂ නිරූපණය කියන දේවල් සමාන වෙන්න අදාල අංශ වලටත් මේකෙන් පහසු වෙනවා.
02.Action Lines - ක්‍රියාව හදුන්වා දීම
තිරපිටපතක වැදගත්ම කොටස විදියට එන ක්‍රියාව ලියන මේ කොටස කලින් කියපු විදියට කතාවක් ලියන විදියට නොවී කතාවක් කියන විදියට නැත්නම් පුළුවන් තරම් විෂුවලි ලියන්න තිරරචකයා සමත් වෙන්න ඕන තැන තමයි මෙතන.
නවකතාවක් ලියන විදියට නැතුව සරල බසින් වර්තමාන කාලයෙන් තමයි මේ කොටස ලියන්නේ.ස්ක්‍රිප්ට් එක කියවන කෙනා සිද්ධීන් හා අවස්ථාව මවාගන්නේ මේ කොටස ලියවෙන විදිය අනුව. සරල බසින් පුළුවන් තරම් දර්ශනය ගැන විස්තරාත්මකව ලියවෙන තරමට කියවන කෙනාගේ හිතේ මැවෙන රූපය තිරරචකයාගේ දැක්මත් එක්ක සමපාත කරන්න පුළුවන් වෙනවා.
උදාහරණයක් විදියට අවන්හලක් තුල දර්ශනයක් නම්,
INT.අවන්හලක - (DAY)
නගරය තුල සෙනඟ ගැවසෙන පාරක් අයිනේ ඇති අවන්හල ඉදිරිපිට මිනිස්සුන් පදික වේදිකාවේ එහා මෙහා යමින් සිටියි.
අවන්හල තුල මිනිසුන් කිහිපදෙනෙක් මේස වල වාඩිවී සිටියි.පසුබිමින් 80 දශකයේ ජනප්‍රිය ගීතයක් රේඩියෝවක සෙමෙන් ධාවනය වෙයි.එක් මේසයක පෙම්වතුන් යුවලක් වාඩි වී කතා කරමින්ද තවත් මැදිවයසේ අයෙක් බිත්තිය පැත්තේ කෙළවර වාඩී වී පත්තරක් කියවමින්ද සිටියි.බිත්තියේ තැඹිලි පැහැති දොඩම් කිහිපයක පින්තූරයක් එල්ලා ඇත.
සාලිය හා දේවක දෙදෙනා දොර අසල මේසයක මුහුණට මුහුණ බලාගෙන වාඩි වී සිටියි.දේවක අවන්හලේ ඉදිරිපස වීදුරු කවුළුවෙන් එළිය බලාගෙන සිටින අතර සාලිය ඔහු අසල මේසය මත ඇති ඔහුගේ ජංගම දුරකතයේ තිරය දෙස බලාගෙන කල්පනා කරමින් සිටියි. මේසය මැද විසිතුරු බදුනක රතු මල් පොකුරක් වෙයි.
සේවකයින් හිස් මේස පිසදමමින් ද තවත් සේවකයින් දෙදෙනෙක් කෑම බීම එහා මෙහා ගෙන යමින්ද සිටියි.මුදල් අයකැමියා ඔහුගේ මේසයට වී මුදල් ගනිමින් සිටියි.
සාලිය හා දේවක අසලට සේවකයෙක් බියර් වීදුරු දෙකක් ගෙන පැමිණෙයි.
දැන් මේ සිද්ධිය කියවන කෙනෙක්ට පැහැදිලි රූපයක් මේ ගැන මැවෙන්න අැති කියලා හිතනවා.මේ විදියට සිද්ධි හා අවස්ථාවන් විස්තරාත්මකව ලිවීමෙන් තිරරචනයෙන් එහාට තියෙන පියවර වලදී ලොකු පහසුවක් වෙනවා කියන එක පැහැදිලි ඇති කියලා හිතනවා.
03.Character Cues - චරිත දැක්වීම
දෙබස් ලියන්න කලින්, අදාල දෙබස කියන චරිතය සම්මත ආකෘතිය තුල අපි ලියන්නේ පිටුව මැද.මෙතනදි චරිතයේ නම මොකක් වුනත් සමස්ත තිරරචනය පුරාම එකම නම තමයි යොදාගන්න ඕන.
එකම පුද්ගලයාව දෙවිදියකට හමුවෙනවා නම් ඒ වගේ අවස්ථාවලදීත එකම නමක් යොදාගන්න තිරරචනයේදි සිද්ධ වෙනවා.
උදාහරණයක් විදියට ඇල්බස් ඩම්බල්ඩෝර් නම යොදා ගන්නවා නම් තිරපිටපත පුරාම එක්කො ඇල්බස් නම විතරක් හෝ එක්කො ඩම්බල්ඩෝර් නම විතරක් හෝ නැත්නම් ඒ දෙකම එකට යොදාගන්න වග බලාගන්න වෙනවා.
ඒත් හැමවෙලේම මේක ප්‍රායෝගික නැහැ.එකම චරිතය එකිනෙකට වෙනස් චරිත දෙකක් කරනවා කියලා අපි හිතමු.
උදාහරණයක් විදයට Batman හා Bruce Wayne කියන්නේ එකම කෙනෙක් කියලා Bruce wayne කියන නම විතරක් පිටපතේ පාවිච්චි කලාම Batman ඇදුම ඇදගෙන දෙබසක් කියන තැනත් Bruce කියලා ලිව්වොත් කියවන කෙනා මේ චරිත දෙක මාරු වෙලා අපහසුතාවයට පත් වෙනවා..ඒවගේ වෙලාවට Bruce Wayne/Batman විදියට නම් දෙක පාවිච්චි කරනවා...එහෙම නැත්නම් Batman කියන දෙබසක BATMAN (BRUICE WAYNE) විදියට චරිතයේ නම ලියලා වරහන් ඇතුළෙ අනිත් නම ලියන්නත් පුළුවන්.
04.Dialogue - දෙබස්
චරිත වල අදහස් ප්‍රකාශනය විදියට නිර්මාණය වෙන දෙබස් කියන්නේ තිරපිටපතක අසීරුතම කාර්යය කියන්නත් පුළුවන්.
සමස්ත චරිතයම දෙබස් මත වැඩි ප්‍රමාණයක් රදාපවතින්නේ දෙබස් වලින් චරිතය ගැන අදහසක් කෙලින්ම බලන කියවන කෙනාට එන නිසයි.
තිරරචනයක දෙබස් රචනය ගැන වෙනමම අපි ඉස්සරහට කතා කරමු.දෙබස් ලියනකොට පුළුවන් තරම් චරිතය ගැන අවබෝධයෙන් ලියන්න වග බලාගන්න වෙනවා.චරිතයේ හැසිරීම පෞරුෂය දෙබස් හරහා ගොඩනැගෙන නිසා මුලින්ම චරිතය මුළුමනින්ම ගොඩ නඟා ගත්තට පස්සේ දෙබස් රචනය යොමු වීම තමයි සාර්ථක ක්‍රමය වෙන්නේ.
05.Extension - කෙටි නාම
තිරරචනයේදි කෙටි නාම යොදාගන්න අවස්ථා කිහිපයක් තියෙනවා.මේක ගොඩාක්ම අදාල වෙන්නේ දෙබස් ලියන අවස්ථාවේදි.දෙබස් රචනා කරනකොට මේ එක් එක් අවස්ථාවල යොදන කෙටි නාම යොදන්නෙ චරිතයේ නමට දකුණු පැත්තෙන් වරහන් ඇතුලේ වෙනවා.
🔸CONTINUED (CONT'D) - චරිතයක දෙබසක් අතර බාධාවක් ඇතිවෙලා ආපහු දෙබස Continue වෙන අවස්ථාවල මේක යොදනවා.
උදාහරණයක් විදියට සාලිය හා දේවක අතර දෙබසක් ගමු.
සාලිය
මං උඹට කිව්වනේ ඒකි එහෙම නැහැ
දේවක සිනාසෙයි.
සාලිය (CONT'D)
කියලා.උඹ මොකද හිනාවෙන්නේ?
මේ උදාහරණය වගේ දෙබසක් ඉවරකරන්න කලින් බාධා ඇතිවෙලා ආපහු දෙබස පටන් ගන්නකොට චරිතයේ නමට දකුණු පසින් CONT'D යොදනවා.
🔸Voice Over (V.O) - චරිතයක් මොනවා හරි ගැන හිතන අවස්ථාවක අපිට ඔහු කතා කරන හඬ පසුබිමින් ඇහෙනවා චිත්‍රපට වල දැකලා ඇති.ඒ වගේ අවස්ථාවක් තිරරචනයකදී පිටපතෙහි සඳහන් කරන්නේ චරිතයේ නමට පසුව වරහන් ඇතුලේ (V.O.) විදියට.මෙතනදි ඒ දෙබස ඇහෙන්නේ ප්‍රේක්ෂකයන්ට විතරයි.
🔸Off Screen (O.S.) - චරිතයක දෙබස් චරිතය නැතුව ඇහෙන අවස්ථා මතක ඇති.ඒ වගේ අවස්ථාවලදී තිරරචනයේ චරිතයට දකුණු පසින් යොදන්නෙ (O.S) කියලා.සරලවම චරිතය Off Screen නැත්නම් තිරයේ පේන්න නැති වුනත් හඬ අපිට පසුබිමින් ඇහෙනවා නම් ලියන්නේ මේක.
🔸INTO DIVECES - දුරකතනය හරහා නම් දෙබස ඇහෙන්නේ කලින් වගේම චරිතයට දකුණු පැත්තෙන් වරහන් ඇතුලේ (දුරකතනය තුලින්) කියලා යොදනවා.
06.Parentheticals - දෙබස් ප්‍රකාශ කරන භාවාත්මක රූපය
සරලවම චරිතය දෙබස් ඉදිරිපත් කරන ආකාරය තමයි මේ Parentheticals කියලා කියන්නේ.
'සිනාසෙමින්,හතිදමමින්,වේදනාවෙන්,කොඳුරමින්,ඉකිගසමින්,හයියෙන් සිනාසෙමින්,තුවක්කුව ඉවතට අදිමින්,සකස් කරමින් '....වගේ හැඟීම් නිරූපණයෙන් දෙබස් ප්‍රකාශ කරන අවස්ථාවලදී ඒවා යොදන්නේ චරිතයේ නමට යටින් වරහන් ඇතුලේ වෙනවා..උදාහරණයක් විදියට
සාලිය
(හතිදමමින්)
මේ විදියට මුලික තිරපිටපතේ මූලික කරුණු වලට අමතරව සංස්කරණයෙදි කරන Transitions නැත්නම් රූපරාමු මාරුවෙන ආකාරය වගේම Camara Shots යන කරුණු අධ්‍යක්ෂකවරයා තිරපිටපතට එකත කරන්න පුළුවන් විශේෂ කරුණු වෙනවා.ඒ වගේම දර්ශන අංකය නැත්නම් Scene no පවා යොදන්නේ රූගත කිරීම් සිදු කිරීමට යෙදාගන්නා පිටපතටම වෙනවා... මී
0 Comments