ලෝක සිනමාවේ සිනමා ධාරාවන් ගැන අවධානය යොමු කලොත් ඒ අතර ඉන්දීය සිනමාවේ සුවිශේෂි සිනමාධාරාවක් ලෙස මේ Parrellel සිනමා ධාරාව හදුනාගන්න පුළුවන් වනවා..සිනමා ධාරාවක් නැත්නම් Movements of Cinema යනු සිනමා නිර්මාණකරුවන්,විචාරකයින් විසින් හදුන්වාදෙන නිර්මාණ විධි අනුව ඉන් පසුව ඒ හරහා සිදුවන චිත්‍රපට නිර්මාණ කිරීම් වනවා...
ඉන්දියානු සිනමාවේ සම්ප්‍රාප්තිය සිදු වු 1890 දශකයේ සිට විකාශය වු වාණිජ සිනමා ධාරාවට විකල්පයක් ලෙස 1950 දශකයේ බිහිවු සිනමාධාරාවක් ලෙස මේ Parrellel සිනමා ධාරාව හදුන්වා දිය හැකි වෙයි...ඉන්දියානු Parrellel සිනමාධාරාවේ පුරෝගාමියා හෙවත් Master of Parrellel cinema ලෙස සැලකෙන්නේ ඉන්දියානු මහා සිනමානිර්මාණකරු සත්‍යජිත් රායි ශ්‍රිමතාණන් වෙයි....වර්තමානයේ බොලිවුඩ් හොලිවුඩ් කොළිවුඩ් ටොලිවුඩ් ලෙස විභේදණය වු ඉන්දීය වාණිජ චිත්‍රපට ධාරාවට වඩා මේ Parrellel සිනමා ධාරාව වෙනස් වන්නේ මේ සිනමාධාරාවේ නිර්මාණය වු චිත්‍රපට වල විශාල වශයෙන් සමාජ දේශපාලන වාතාවරණයන් කෙරෙහි අවධානය යොමු කර තිබීම හා වාණිජ සිනමාවෙහි දක්නට ලැබෙන ගීත නැටුම් ආදිය අන්තර්ගත නොවීමයි....
ඉන්දියාවේ ශේෂ්ඨ දේශපාලඥයකු වු ජවහල්ලාල් නේරු පාලන වකවානුවේ ආරම්භ වු මේ සිනමා ධාරාව 1970 දී නිර්මාණය වන ලිබරල් හෙවත් නිදහස් සිනමාව දක්වා කාලවකවානුව තෙක් විකාශය වනවා...මේ සිනමා ධාරාව ආරම්භයට ආභාෂය ලැබී ඇත්තේ ප්‍රංශ හා ඉතාලි සිනමාව වෙයි..දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඉතාලියානු සිනමාවේ Neorealism සිනමාධාරාව නැතහොත් ස්වර්ණමය යුගය ලෙස හදුන්වන සිනමා ධාරාව හා ප්‍රංශයේ Poetic Realism සිනමාධාරාවේ ආභාෂය මේ ඉන්දියානු Parrellel සිනමා ධාරාවට ලැබී ඇත...මේ සිනමාධාරා ද්විත්වය යටතේ පිළිවෙලින් නිර්මාණ වු ඉතාලියානු චිත්‍රපට අධ්‍යක්ෂක Vittotrio De Sica ගේ Bicycle Thieves (1948) හා ප්‍රංශ සිනමා අධ්‍යක්ෂක Jean Renoir ගේ The River චිත්‍රපට ආභාෂයෙන් සත්‍යජිත් රායි සිය කුළුදුල් චිත්‍රපටය වු Pathar Panchali චිත්‍රපටය 1955 දී නිර්මාණය කරනුයේ බෙංගාලි සාහිත්‍යයේද අභාෂය ලබාගෙන වෙයි.... නමුත් ඔහුට පෙර 1953 දී බිමල් රෝයි විසින් De Sicaගේ Bicycle Thieves චිත්‍රපටයේ ආභාෂය ගෙන Do Bigza Zamin චිත්‍රපටය නිර්මාණය කර ඇත..නමුත් මේ Parrellel සිනමාධාරාවේ ප්‍රධාන ලක්ෂණයක් වන Neo-Realist ආකෘතිය තම සිනමා අනන්‍යතාවය බවට පත් කරගත් නිසා සත්‍යජිත් රායි ,Master of Parrellel Cinema ලෙස හදුන්වනවා විය යුතුයි...
සත්‍යජිත් රායි හැරුණු කොට 1940 සිට මේ නව සිනමාධාරාව වෙනුවෙන් පුරෝගාමිත්වය ගත් අනෙක් සිනමා නිර්මාණකරුවන් ලෙස Ritwik Ghatak ,Bimal Roy, Mrinal Sen, Tapan Sinha , Khawaja Ahmed Abbas, Buddhadeb, Dasgupta, Chetan Anand, Guru Dutt, සහ V.shantaram හදුන්වාදිය හැකි වෙයි...සත්‍යජිත් රායිගෙන් පසුව ඔහුව අනුගමනය කල මේ Parrellel සිනමා ධාරාව ඉදිරියට අරන් ගිය නිර්මාණ කරුවන් ලෙස Shyam Benegal, Mrinal Sen, Adoor Gopalakrishnan, G.Aravindan සහ Girish Kasaravalli හදුන්වා දිය හැකි වෙයි...
ඉන්දීය Parrellel සිනමා ධාරාවේ ප්‍රධාන ලක්ෂණය කලින් කියු පරිදි සමාජ හා දේශපාලනික වශයෙන් සම්බන්ධ මාතෘකා සිනමා නිර්මාණයන් තුල අන්තර්ගතය වීමයි...තවද මේ සිනමාධාරාව නිර්මාණකරුවන් අත්හදා බැලීම් සිදු කල බවටද අතැම් නිර්මාණකරුවන්ගේ නිර්මාණ සාක්ෂි දරයි...මේ සිනමාධාරාවේ නිර්මාණයන් තුල කලින් සඳහන් කල පරිදි වාණිජ සිනමාධාරාවේ මෙන් ගීත හා නැටුම් මෙන්ම සටන් ජවනිකාද අඩංගු නොවන අතර එයට ආවේණික ලක්ෂණයක් ලෙස ග්‍රාමීය පිටිසර පරිසරය මෙන්ම නළු නිළියන්ගේ භාවාත්මක රංගනය කැමරාවෙන් සමීප රූපරාමු ඛණ්ඩයන්ට අසුකර ගැනීමද දැක ගැනීමට හැකි වෙයි...එමෙන්ම මේ නිර්මාණයන් හි පසුබිම් සංගීතයද වාණිජ සිනමාවේ මෙන් විශාල අවධානයක් යොමු නොකල සරල සාමාන්‍ය වාදනයන්ගෙන් යුක්ත වෙනවා...මහා සිනමා නිර්මාණකරු සත්‍යජිත් රායිගේ නිර්මාණයන් තුල මේ ලක්ෂණ ඔබට නොඅඩුව දැකගැනීමට හැකි වෙනු ඇත...
Parrellel සිනමාධාරාවට උත්තේජනයක් සැපයෙන්නේ 1946 දී කෑන්ස් සිනමා සම්මාන උළෙලේදී චේතන් ආනන්ද්ගේ Neecha Nagar චිත්‍රපටය Grand Prize සම්මානය හිමිකරගැනීමත් සමඟ වෙයි..ඉන් පසුව Parrellel සිනමාධාරාව Neo Realist සිනමා ධාරාවක් ලෙස ලෝකය හමුවේ සලකුණු තබන්නේ සත්‍යජිත් රායිගේ Pathar Panchali,Aparajitho හා The World of Apu යන The Apu Trilogy ප්‍රංශයේ කෑන්ස්, බර්ලින්, වැනිස් චිත්‍රපට සම්මාන උළෙල වල් හීදී සම්මානයට පාත්‍රවීමෙන් පසුව වෙයි....
මේ Parrellel සිනමාධාරාවේ විකාශනය පසුව දමිළ මලයාලම් හා තෙළුගු සිනමාව කරාත් ව්‍යාප්ත වෙනවා...මේ සිනමාධාරාව ඉදිරියට ගෙන ගිය සිනමානිර්මාණකරුවන් ලෙස Gulzar, Shaym Benegal, Mani Kaul, Rajinder Singh, Bedi, Kantilal Rathod සහ Saeed Akhtar Mirza හදුන්වාදිය හැකි වෙයි...මේ හරහා අධ්‍යක්ෂකවරු පමණක් නොව Parrellel සිනමාධාරාවේ ස්වර්ණමය කාලවකවානුව වන 70 හා 80 දශකයේදි චරිතාංග රංගන ශිල්පී ශිල්පිනියන් කිහිප දෙනෙක්ම මේ හරහා සිනමාවට ප්‍රවිශ්ඨ වූවා...ඒ අතර Shabana Azmi, Smita Patil, Amol Palekar, Om Puri, Naseeruddin Shah, Kulbhusan Kharbanda, Pankaj Kapoor, Deepthi Naval, Farooq Shaikh පමණක් නොව වාණිජ සිනමාවේ ජනප්‍රිය නිළියන් වු Hema Malini, Raakhee, Rekha වැනි අයටත් සිය රංගන කෞෂල්‍යය ඔපමට්ටම් කර භාවාත්මක රංගන හැකියාව විදහා දැක්වීමට Parrellel සිනමාධාරාව හරහා හැකි වී ඇත....
මේ Parrellel සිනමාධාරාවේ ආභාෂය මලයාලම් සිනමාවට ලෙන ගිය සිනමාකරුවා ලෙස හදුන්වන්නේ Adoor Gopalakrishnan වෙයි...1972 දී ඔහුගේ Swayamvaram චිත්‍රපටය මළයාලම් සිනමාව 1980 හා 90 දශකයේ දී ස්වර්ණමය යුගයක් දක්වා ගෙන යාමට සමත් වී ඇත....K.Balachander, C.V.Sridhar, Mahenfran, Balu Mahendra, Bharathiraja, Kamal Hasan, Bala, Selvaraghavan, Mysskin, Vetrimaaran සහ Ram විසින් දමිළ සිනමාවටත් Pattabhirami Reddy, K.N.T.Sastry, Narsing Rao,Kutumba Rao හරහා තෙළුගු සිනමාවටත් මේ Parrellel සිනමාධාරාවේ ආභාෂය පැතිර ගොස් ඇත්තේ එකල මේ සියළු සිනමාන් තුල වු වාණිජ සිනමාවට අභියෝගයක් වෙමින් වෙයි....එතනින් නොනැවතී කන්නඩ හා මනිපූරි සිනමාවටද මේ සිනමා ධාරාවේ ආභාෂය ව්‍යාප්තව ගොස් ඇත....
බටහිර බෙන්ගාලය ආශ්‍රිතව නිර්මාණය වු මේ සිනමා ධාරාව 1971දී බංගලාදේශය ඉන්දියාවෙන් වෙන්වීමත් සමඟ එම දේශසිමාවේ පිහිටි බටහිර බෙන්ගාලයෙන් බංගලාදේශයටද මේ සිනමා ධාරාව ව්‍යාප්ත වී අැති බව සඳහන් වෙයි...ඒ බවට ඇති හොඳම උදාහරණය ලෙස අද වන විට Dallywood ලෙස හදුන්වන බංගලාදේශ සිනමාවේ නිර්මාණ දෙස බැලුවොත් මේ Parellel සිනමා ධාරාවේ අවශේෂයන් දැක ගත හැකි වෙයි....ඉන්දියාවේ අසල්වැසි රට ලෙස අපේ සිනමාව තුලද මුළු මනින්ම නැතත් Parrellel සිනමාධාරාවේ ආභාෂයන් ලෙස සත්‍යජිත් රායි සිනමාකරුවාගේ සිනමා ලක්ෂණ දැකිය හැකි වන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිර්මාණකරයන් තුලින් වෙයි...
මෙසේ දකුණු ආසියාව පුරා විශාල පෙරළියක් හා ආභාෂයක් ලබා දුන් යුරෝපීය සිනමාවේ සිනමා සෙවනැල්ලක් ලෙස ඇවිඳ පසුව ඉන්දීය සංස්කෘතිය දේශපාලය ඇතුළු සමාජ ගැටළු වලින් ඔපවත් වී පතාක සිනමා නිර්මාණකරුවන් හා සිනමානිර්මාණ ලෝක සිනමාවට දායාද කල ඉන්දීය සිනමාවේ විශාලතම සිනමා ධාරාව වු Parrellel සිනමාධාරාවේ අභාවය 90 දශකයේ වාණිජ සිනමාවේ දැවැන්ත සාර්ථකත්වය නිසාම සිදු විය....නමුත් ඉන්පසුවද එහි අවශේෂයන්ගෙන් පෝෂණය කරවු වෙනස් සිනමානිර්මාණයන් බිහිකිරීමට නිර්මාණකරුවන් උත්සහගත් අතර එහි සාර්ථක ප්‍රතිඵල ලෙස Mani Rathnam ගේ Yuwa,Nageah Kukunoor ගේ 3Deewareinසහ Dor, Sudhir Mishra ගේ Hazaaron Khawaishen Aisi, Jahnu Barus ගේ Maine Gandhi Ko Nahin Mara, Pan Nalin ගේ Valley of Flowers , Onir ගේ My Brother Nikhil මෙන්ම ඔහුගේ Bas ek Pal , Anurah Kashyap ගේ Black Friday හා Anand Gandhi ගේ Ship of Thesus නිර්මාණ 2000 දශයෙන් පසුව බිහි වු කිහිපයක් වනවා....
බොලිවුඩයේ සුපිරි නළු අමීර් ඛාන් සිය නිෂ්පාදන සමාගම වන Aamir khan Productions හරහා නිර්මාණය කරන චිත්‍රපට වල වාණිජ සිනමාව හා මේ Parrellel සිනමාධාරාව සම්මිශ්‍රණය කර ඉන්දියානු මසාලා සිනමාව ආදායම් වාර්තා හා විචාරක පැසසුම් ලබා ගැනීමට සමත් වීම මේ සිනමාධාරාව වර්තමාන ප්‍රේක්ෂකයාට අතරට යවන්න ගත් ප්‍රශංසනීය වෑයමක් ලෙස හැදින්විය හැකි වෙයි....
ඔබ මේ සිනමාධාරාවේ අනෙක් සිනමානිර්මාණකරුවන්ට වඩා සත්‍යජිත් රායි අග්‍රගන්‍ය සිනමාකරුගේ නිර්මාණ නරඹා ඇති බව නොඅනුමානයි...එසේ නොවේ නම් ඔබට විශිෂ්ඨ ඉන්දීය සිනමාව මඟ හැරී ඇති බව කිව යුතුමයි...මන්ද යත් මේ මහා සිනමා නිර්මාණකරුවාගේ සිනමාරූපි ශෛලිය හොලිවුඩයේ Martin Scorsese,Wes Anderson ,James Ivory,Elia Kazan මෙන්ම ඉරාන සිනමාකරු Abbas Kiarostami මෙන්ම ප්‍රංහ සිනමාකරු Francois Truffaut හා ස්පාඤ්ඤ සිනමාකරු Carlos Saura යන අයට ආභාෂය වුවා පමණක් නොව විශිෂ්ඨතම ජපන් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වු Akira Kurosawa පවා රායිගේ නිර්මාණයන් අගය කර තිබෙනවා...
මේ සටහන සම්පූර්ණ කිරීම සඳහා බෙංගාල් සිනමාව ගැනද සඳහන් කිරීමක් සිදු කල යුතු යැයි සිතමි...බටහිර බෙංගාලය ආශ්‍රිතව බිහි වු මේ සිනමාව හදුන්වන්නේ Tollywood සිනමාව ලෙස වෙයි...වර්තමානයේදි තෙළුගු සිනමාව මේ නමින් හැදින්වුවත් Hollywood නම ආදේශ කර ගනිමින් ඉන්දියානු සිනමාවේ මුලින්ම Wood ආදේශ කරගත් සිනමාව මේ බෙංගාල සිනමාවයි....ඉන්දියාවේ කොල්කටා සහ බටහිර බෙංගාලයට මායිම් වු Tollygunge දේශය ආශ්‍රිතව මේ සිනමාව බිහි වු නිසා Tollywood ලෙස නම් කරීමට හේතු වී ඇත.....ඉන්පසුව බොම්බාය ආශ්‍රිතව බිහිවු සිනමාව Bollywood ලෙස නම් කර ඇත්තේ මේ Tollywood නාමය බිහිවීම ආදේශ කරගෙන වෙයි...
බොංගාල් සිනමාවේ පලමු චිත්‍රපට ප්‍රදර්ශනය සිදු කල වසර ලෙස සැලකෙන්නේ 1920 වසර වෙයි...ඒ පලමු ඉන්දීය චිත්‍රපටය ලෙස 1913 දී Raja Harishchandra චිත්‍රපටය නිර්මාණ වී වසර හයකට පසුව 1919දී නිර්මාණය වු පලමු බෙංගාල් චිත්‍රපටය වන්නේ Billwamangal චිත්‍රපටය වෙයි....පලමු බෙංගාල් කතානාද සිනමාපටය ලෙස සැලකෙන්නේ 1921 දී නිර්මාණය වු Jamal Shashthi චිත්‍රපටයයි..බෙංගාල් චිත්‍රපට කර්මාන්තයේ වර්ධනය හා අනෙක් සිනමාවන්ට අභියෝගයක් හා ලෝකය පුරා බෙංගාල සිනමාව ප්‍රචලිත වීම සිදු වන්නේ මේ Parrellel සිනමාධාරාව බිහි වීමත් සමඟයි...Sathyajith Ray,Mrinal Sen මෙන්ම Ritwik Ghatak බෙංගාල් සිනමාවේ විශිෂ්ඨතමයන් ලෙස සැලකනු ලබයි....
0 Comments