සිනමැටෝග්‍රැෆිකරණය හරහා සිනමාව කියවීම යටතේ කලින් ලිපි වලින් කතා කලේ කැමරාකරණය යටතේ කැමරා කෝණ,කැමරා රූපරාමු වගේ දේවල් ගැන...ඒවා නිකම්ම යොදාගන්නවා කරනවාට වඩා ඇයි මේවා යොදාගන්නේ,මොන අවස්ථාවලදීද යොදා ගන්නේ කියලා පැහැදිලි කලා ඔයාලාට මතක ඇති...
අදත් මේ ලිපියෙන් කතා කරන්නේ කැමරාකරණය යටතේ තවත් ඒ වගේම වැදගත් මාතෘකාවක් ගැන..Camara Movements නැත්තම් කැමරා චලන ආකාර ගැනයි...ඒ කියන්නේ සරලවම රූපරාමුවක් තුල කැමරාව චලනය කරන්නේ කොහොමද මොනවාද ඒ ක්‍රම වගේම මොන මොන අවස්ථාවලදීද ඒවා යොදා ගන්නේ කියලා..මුලින්ම අපි ප්‍රධාන වශයෙන් යොදාගන්න කැමරා චලන ක්‍රම නැත්තම් Camara Movements කිහිපයක් අදුරගනිමු....
01.Static Shot
02.Pan
03.Tilt
04.Push In
05.Pull Out
06.Zoom
07.Dolly Zoom
08.Roll
09.Tracking Shot
10.Ark Shot
11.Boom Shot
12.Ramdom Movements
ඇත්තටම Camara Movements එකකින් කරන්නේ රූපරාමු වෙනස් කිරීමක් හරි නැත්නම් රූපරාමුව දිහා බලන විදිය වෙනස් කිරීමක් හරි කියන දෙකෙන් එකක්..රූපරාමු වෙනස් කරන්න කට් එකකින් පුළුවන්...ඒත් ඒකට කැමරාව චලනය කරලා රූපරාමු වෙනස් කරන එක කලොත් කට් එකකට වඩා ප්‍රේක්ෂකයාව අපිට චිත්‍රපටය තුල ග්‍රහණය කරගෙන ඉන්න වැඩි අවස්ථාවක් තියෙනවා...ඒ වගේම කැමරාව චලනය කරන විදියෙන් අපිට මිනිස්සුන්ගේ බය,කුතුහලය වගේම මානසික හා කායික සම්බන්ධතා වුනත් කියන්න කියවන්න පුළුවන්...
දැන් අපි කලින් හදුන්වලා දීපු Camara Movements ගැන වෙන වෙනම අවධානය යොමු කරමු...
01.Static
මේක Movement එකක්මත් නෙවෙයි..Static වලදි කැමරාව චලනය වෙන්නේ නැහැ...ඒ කියන්නේ කැමරාව එකම විදියට ත්රයිපෝඩ් එකක් ආධාරයෙන් රඳවලා තියෙනවා...
දෙන්වෙක් අතර දෙබසක් යන වෙලාවට,රිඇක්ෂන් ෂොට් (දෙබසකට ප්‍රතිචාර දක්වන විදිය ) වලදි වගේම කැමරා සංයෝජනය ඒ කියන්නේ Composition වලදි රූපරාමුව නිශ්චලව තියාගන්නත් මේ විදියට කැමරාව රඳවලා තියාගන්නවා...
02.Pan
දැන් හිතාගන්න කැමරාව කලින් වගේ ත්රයිපෝඩ් එකක රඳවලා තියෙන්නේ කියලා...දැන් දෙන්නෙක් මුහුණට මුහණ බලාගෙන ඉන්නවා කියලා හිකන්න...දැන් එක්කෙනෙක් දෙබස කියලා අනිත් එක්කෙනා දෙබස කියද්දි එයාව පෙන්නන්න කැමරාව කට් නොකර හැරවෙනවා ෆිල්ම් වල දැකලා ඇති...මේවිදියට කැමරාව තිරස් අතට නැත්නම් හරහට වමට හරි දකුණට හරි හරවනඑක තමයි මේ Camara Pan Movement කියන්නේ...
මේකට ත්රයිපොඩ් එකක රඳවන්න ඕනම නැහැ...Handheld නැත්නම් කැමරාව අතේ තියාගෙන ෂුට් කරනවා නම් ඒත් වමට හරි දකුණට හරි තිරස්ව හරවනවා නම් නැත්තම් Stabilizer එකක් යොදාගන්නනා නම් මේ ඕන විදියකට කැමරාව තිරස් අතට හරවන එකත් මේ Pan ම තමයි...
කැමරාව මේ විදියට වමට හරි දකුණට හරි වේගයෙන් හරවනවා කියලා හිතන්න...ඒ කියන්නේ වටේ තියෙන දේවල් පේන්නේ නැති ගාට වේගයෙන්ම හරවනවා නම් ඒකට කියනවා Whip Pan කියලා...මේ Whip Pan Movement එකක් ඔයාලාට La La Land,Whiplash ෆිල්ම් වල තියෙනවා බලන්න පුළුවන් ...La La Land එකේ මියා සෙබෙස්තියන් දෙන්නා සෙබෙස්තියන් වැඩ කරන ජෑස් ක්ලබ් එකට මුලින්ම යන වෙලාවේ සෙබෙස්තියන් පියානො එක වාදනය කරනකොට මියා නටන අවස්ථාව මතක නම් දෙන්නා අතරේ මේ විදියට වේගයෙන් කැමරාව වමට දකුණට කරලා පෙන්නනවා..සෙබෙස්තියන් වාදනය කරනකොට වේගයෙන් මියා පැත්තට කැමරාව හරවලා මියාව පෙන්නන්නවා..පස්සේ එකපාරට ආපහු සෙබෙස්තියන් පෙන්නනවා...
Whiplash එකේ අන්තිම ෂෝ එකේ අන්තිමට ඇන්ඩෘ සෝලෝ ප්ලේ කරන වෙලාවේ ඇන්ඩෘ- සයිමන් දෙන්නා අතරෙත් මේ විදියට Whip Pans එකක් යනවා..මේ විදියට වේගයෙන් කැමරාව Pan කරන එකෙන් චරිත අතර හොඳ සම්බන්ධතාවයක් ගොඩ නඟන්න පුළුවන්...හරියට වාදකයා හා නර්තන ශිල්පියා වගේම වාදකයා හා සංගීත අධ්යක්ෂකනරයා වගේ දෙන්නෙක් අතර හොඳ බැදීමකට මේ කැමරා චලන ක්‍රමය යොදා ගන්නවා...
03.Tilt
මේ Pan එකේ විරුද්ධ විදිය...Pan එකේදි කැමරාව වම දකුණට හැරෙව්වා වගේ මේකෙදි කැමරාව හරවන්නේ උඩට යටට..ඒ කියන්නේ සිරස් අතට...
චරිතයක් ගැන හොඳට පෙන්නකොට දෙයක උස පෙන්නන්න මේ ක්‍රමය යොදා ගන්නවා...
04.Push In
කැමරාව චරිතයක් වස්තුවක් දෙසට අරන් යන කැමරා චලන ක්‍රමය තමයි මේ...මේකට ගොඩාක් වෙලාවට පාවිච්චි කරන්නේ ඩොලියක්...කැමරාව ඩොලියක ආධාරයෙන් චරිතයක් දිහාවට හරි වස්තුවක් දිහාවට හරි වේගයෙන් වෙන්නත් පුළුවන් සාමාන්‍ය වේගයෙන් නැත්තම් සෙමෙන් හරි අරන් යන මේ Movement එක ගොඩාක්ම පාවිච්චි කරන්නේ වැදගත් තොරතුරක් තියෙනවා කියලා පෙන්නන්න...
චරිතයක් ලොකු දෙබස් කණ්ඩයක් කියනවා කියලා හිතමු...එතකොට ඒ දෙබස් කණ්ඩය ඉවර වෙනකම් Static විදියට කැමරාව තියන් ඉන්නවාට වඩා සෙමෙන් චරිතය දෙසට යන එකෙන් බලන් ඉන්න අයට ඒකාකාරී බවක් නැතුව ඒ දෙබසටයි චරිතයටයි අවධානයක් ගන්න පුළුවන් වෙනවා....ඒ වගේම වස්තුවක් දෙසට මේ විදියට කැමරාව අරන් යන එකෙන් ඒ වස්තුවේ මොකක් හරි වටිනාකමක් තියෙනවා කියලා බලන අයට තේරෙනවා...
දෙබසක් නැතුව චරිතයක් දිහාවට අරන් යනවා කියලා හිතමු...එතකොට අපිට තේරෙනවා මේ චරිතය මොකක් හරි තීරණයක් ගන්න යන්නේ...නැත්තම් මොකක් හරි දෙයක් කරන්න යන්නේ කියලා...ඒ වගේ දෙයක වැදගත් බවක් තීරණාත්මක බවක් පෙන්නන්න මේ Movement එකෙන් පුළුවන්...
05.Pull Out
මේ Push in එකේ විරුද්ධ චලනය...කැමරාව චරිතයකින් හරි වස්තුවකින් හරි ඈතට යන කැමරා චලන ක්‍රමය තමයි මේ...
මේ විදිය ගොඩාක් චිත්‍රපට වල අවසානයේ යොදාගන්නවා දැකලා ඇති...ඒකෙන් අර්ථවත් වෙන්නේ වස්තුවකින් චරිතයකින් Disconnect වෙනවා නැත්නම් සම්බන්ධතාවය නැති වෙනවා වගේ තේරුමක්...ඒ වගේම චරිතයක තනිකමක්,කාංසාවක් තියෙන අවස්ථාවක් පෙන්නන්න චරිතයෙන් ඈතට කැමරාව අරන් යන්න පුළුවන්...Joker ෆිල්ම් එකේ මතකයි නම් මේ ව කැමරා Movement එක අවස්ථා කිහිපයක යොදාගන්නවා....
06.Zoom
මේකත් Static වගේ Camara Movement එකක් කියන්නම බැහැ..Zoom කියන්නේ මොකද්ද කියලා දන්නවා...කැමරාවේ කාචයේ Focal length එක අඩු වැඩි කරලා Zoom in හෝ Zoom out කරන එක තමයි මේකෙන් වෙන්නේ...
මේක Push in එකට වඩා වස්තුවක් හරි චරිතයනට හරි ළං කරනකොට ස්භාවික ,තාත්විකව බවක් එන්නේ මේකෙන් හරියට අපි අපේ ඇහෙන් බලනවා වගේ පේන නිසා...අැස තමයි තියෙන හොඳම Zoom Device එක...ඒනිසා තමයි අපිට මේකේ තාත්වික බවක් නිකම්ම තේරෙන්නේ....
මේ Zoom in ගොඩාක් වෙලාවට Horror ,Thriller චිත්‍රපට වලට යොදාගන්නවා...මොනද ත්‍රාසය භීතිය පෙන්නන්න මේ ක්‍රමය ගොඩාක් සුදුසු වෙන නිසා...
මේ Zoom කරන එක වේගයෙන් කරන එකට කියනවා Crash Zoom කියලා...ටරාන්ටිනොගේ Django Unchained චිත්‍රපටයේ මේ වේගයෙන් Zoom in වගේම Zoom out කරන අවස්ථා කිහිපසැරයක්ම යොදාගන්නවා...ඒ වගේ හිච්කොක්ගේ චිත්‍රපට වලත් මේ විදියේ Crash Zoom බලාගන්න පුළුවන්...Full shit එකක ඉඳලා Close up වෙනකම් Crash Zoom in එකක් හිතලා බලන්න...ඒකෙන් ලොකු බලයක් පෙන්නන්න පුළුවන් ....
අද වෙනකොට සංස්කරණයේදි වුනත් මේ Zoom කරන එකකරන්න පුළුවන් නිසා ප්‍රින්සිපල් ෆොටොග්රැෆි එකේදි මේක මඟ ඇරුණත් එඩිට් එකේදි කරගන්න පුළුවන් අවස්ථාව තියෙනවා...
07.Dolly Zoom
කැමරාව වස්තුව දෙසට හෝ වස්තුවෙන් ඈතට යන විට Zoom ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට කරන Camara Movement එක තමයි මේ Dolly Zoom කියන්නේ.....මේක ඇල්ෆඩ් හිච්කොක්ගේ වර්ටිගෝ ෆිල්ම් එකෙන් මුලින්ම හදුන්වලා දීපු නිසා මේක Vertigo Effect කියලාත් හදුන්වනවා......
මේ ගැන සම්පූර්ණ ලිපියක් කලින් අරන් ඇවිත් තියෙනවා...ඒ නිසා මේ ගැන කියවන්න ඕන කෙනෙක් ඉන්නවා නම් පල්ලෙහා ලින්ක් එකෙන් ගිහිං කියවන්න පුළුවන්...
🔴 https://www.facebook.com/groups/817934305729259/permalink/875349069987782/
08.Roll
වචනයේ තේරුම වගේම මේකෙන් කරන්නේ කැමරාව කරකවන එක...යම් කිසි අක්ෂයක් වටා කැමරාව කැරකවීමේ චලන ක්‍රමය Roll කියලා හදුන්වනවා...
මේකත් ගොඩාක් දුරට අරගලයක්,සටනක් නැත්නම් හෙළිදරව්වක් පෙන්නන්න යොදා ගන්නවා...The Dark Knight ෆිල්ම් එකේ අන්තිමට බැට් මෑන් ජෝකර්ව කකුල් වලින් එල්ලා තියෙන වෙගාවේ කැමරාව ජෝකර් වටේ කැරකෙනවා...මේ තමයි ජෝකර්ගේ පාපොච්චාරණය සිද්ධ වෙන අවස්ථාව....
09.Tracking Shot
ට්‍රැක් කරනවා කියන එකේ තේරුම වගේ තමයි මේ Camara Movement එකත්...Tracking (ට්‍රැකින්) වගේම Trucking shot (ට්රකින්) කියලා දෙකක් තියෙනවා...මුලින්ම බලමු මොකද්ද Tracking Shot කියන්නේ කියලා..
ඒ කියන්නේ කැමරාව සබ්ජෙක්ට් එක නැත්නම් වස්තුව හෝ චරිතයක් පස්සෙන් අරගෙන යන එක....push in,Pull out දෙකේදි කැමරාව ඉස්සරහට පස්සට අරන් යන්නේ කියලා මතකයිනේ...ඒත් මෙතනදි කරන්නේ කැමරාවත් අරගෙන යන එකයි වෙන්නේ....1917 ෆිල්ම් එක වගේම Birdman චිත්‍රපට දෙකම single shot නැත්නම් Long take විදියට තමයි හදලා තියෙන්නේ...මේ ෆිල්ම් දෙකේම ගොඩාක්ම 1917 එකේ මේ Tracking Shot හොඳට බලාගන්න පුළුවන්...කැමරාව චරිතයත් එකක්ම පස්සෙන් යන්නේ අපිවත් එයා එක්කම එක්කගෙන යනවා වගේ....ඒ වගේම එතනදි අපිට කුතුහලයකුත් තියෙනවා මෙයා යන්නේ කෙහෙද,මෙයා ගිහිං කරන්නේ මොකද්ද කියලා...
ඊළඟට බැලුවොත් මොකද්ද මේ Trucking කියන්නේ කියලා මේකෙදිත් කැමරාව චරිතයත් එක්කම යනවා..හැබැයි කැමරාව අරන් යන්නේ චරිතයට වම හෝ දකුණු පැත්තෙන්...චරිතය ඉදිරියට යනවා..එයාට සමාන්තර කැමරාව යනවා....
නිකමට හිතන්න Handheld නැත්තම් කැමරාව අතින් අල්ලලෙන Tracking Movement එකක් කරනවා කියලා...එතකොට ඒක හරියට ඩොකියුමෙන්ට්‍රි ෆිල්ම් එකක් වගේ වෙනවා....ඉතිං ඩොකියුමෙන්ට්‍රි ෆිල්ම් වල මේ මූමන්ට් එක ගොඩාක්ම තාත්වික බව පෙන්නන්නත් පාවිච්චි කරනවා...
10.Arc Shot
Arc නැත්නම් කවාකාර චාපයක් විදියට චරිතය වටේ කැමරාව කරකවන එක තමයි මේ ආර්ක් ෂොට් කියන්නේ...ඇවේන්ජස් ඒජ් ඔෆ් අල්ට්රෝ එකේ ඇවෙන්ජස්ලාව වටෙන්ම ඇටැක් කරන වෙලාවේ එයාලා වටේට රවුමක් හැදිලා ඉන්න විදිය මතකයි නම් ඒ වෙලාවේ කැමරාව හල්ක්ගෙන් පටන් අරන් රවුමට අනිත් අයවත් පෙන්නගෙන යන විදිය මතක ඇති...
ඉතිං ඇක්ෂන් සීන් වලදී ,නැත්නම් වීරත්වයක් පෙන්නන්න මේ විදියේ කවයක් විදියට කැමරාව වස්තුව වටේ කරකවනවා....
11.Boom Shot
කැමරාව එකම තැන තියලා සිරස්ව ඉහළ පහළ අරන් යන එකට කියන්නේ Tilt කියලා මතක ඇති...මේ Boom එකේදි වෙන්නේ කැමරාව සිරස්ව ඉහළට පහළට අරන් යන එක....මේකට එක්කෝ Crane එකක් නැත්නම් Pedestal එකක් හරි නැත්නම් Jibs එකක් හරි ඕන කරනවා...(මේවා ගැන ඡායාරූප පහත දක්වා ඇත..)
චරිතයක් උස ස්ථානයකට යන අවස්ථාවක හරි නැත්නම් පහළකට බහිනකොට හරි එයාව පෙන්නන්න නැත්නම් හිතන්න උඩ ඉඳන් මොනා හරි වැටෙනවා නම් නැත්නම් උඩ තට්ටුවේ ඇහෙන සද්දයක් පහළ තට්ටුවේ ඉඳන් අහන් ඉන්න එක පෙන්නන්න කැමරාව උඩ පහළ යවන්න ඕන කියලා...ඒකට ගන්න තියෙන කැමරා චලන ක්රුය තමයි මේ Boom Shot කියන්නේ ...
12.Random Movement
Random නැත්තම් අහම්ඹෙන් කැමරාව කරකවන එක තමයි මේක...මේක යොදාගන්නේ Handheld වලදී...ඒකියන්නේ කැමරාව අතේ තියාගෙන ෂූට් කරනකොට කැමරාව චරිතයත් එක්ක හෙල්ලෙනවා වගේ වෙනවා දැකලා ඇති...චරිතයක් ගොඩාක් කැළඹිලා වගේ නම් ඒ කියන්නේ අපි කටවහරට අන්දුන් කුන්දුන් වෙලා වගේ කියලා පෙන්නන්න මේක පාවිච්චි කරනවා...ඒ වගේම මේකෙන් ඩොකියුමෙන්ට්‍රි ගතියක් එන නිසා තාත්වික බව පෙන්නන්නත් මේ විදිය යොදා ගන්නවා...
ඊළඟ ලිපියෙන් Camara Gear ගැන වගේම Camara Zoom වර්ග ගැන කතා කරමු...
0 Comments