ඇල්ෆඩ් හිච්කොක් නම් මහා සිනමා නිර්මාණකරුවාගේ විශිෂ්ඨතම චිත්‍රපට අතර Psycho,Rear Window,The Birds වැනි චිත්‍රපට පසුවනවා..ඒ අතරට අයත් හිච්කොක්ගේ විශිෂ්ඨතම චිත්‍රපටය Vertigo යැයි සඳහන් කලොත් එය නිවැරදි යැයි මා සිතනවා...බ්‍රිතාන්‍යයේ British Film Institute හි විචාරක මනාප ඇසුරෙන් ශ්‍රේණිගත කරන Sight & Sound ශ්‍රේණිගත කිරීමේ ලොව එතෙක් මෙතෙක් නිර්මාණය කර ඇති විශිෂ්ඨතම චිත්‍රපටය ලෙස දශක හයකට වැඩි කාලයක් පළමු තැන රැදී සිටි Citizen Kane චිත්‍රපටය පරදා 2012 දී එම ලැයිස්තුවේ පලමු තැනට පත් වීමට Vertigo චිත්‍රපටය සමත් විය...එමෙන්ම 2007 දී ඇමරිකාවේ චිත්‍රපට අධ්‍යනය ආයතන මඟින් පවත්වන ලද විචාරක සමීක්ෂණයකින් හොඳම ඇමරිකානු චිත්‍රපට ලැයිස්තුවේ 9 වන ස්ථානය දිනාගැනීමටද චිත්‍රපටය සමත් විය...
චිත්‍රපටය නොබලපු කෙනෙක් සිටී නම් ඔබ හිච්කොක්ගේ ශෛලියට හෝ ඔහුගෙන් ආභාෂය ගත් වර්තමානයේ ජනප්‍රිය සිනමාඅධ්‍යක්ෂකවරු වන David Fincher,Quentin Tarantino යන අයගේ චිත්‍රපට වලට ඇලුම් කරන්නෙක් නම් හෝ ඔබ සිනමාවට ඇලුම් කරන්නෙක් අනිවාර්යෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක් වනවා...මං මෙහිදී අවධානය යොමු කරන්නට යන්නේ මෙම චිත්‍රපටය හරහා සිනමාවට දායාද වු ටාකොව්ස්කිගේ ගේ stalker සිට මෑතකදී තිරගත වු Mortal Kombat දක්වා සිනමානිර්මාණකරුවන් සිය චිත්‍රපට සඳහා භාවිතා කරන Dolly Zoom නැතහොත් Zolly Shot නැතහොත් Vertigo Effect පිළිබඳවයි...එකී තාක්ෂණීක යෙදවීම ගැන අවධානය යොමු කිරීමට මත්තෙන් චිත්‍රපටය ගැන යමක් සදහන් කරන්නම්..
චිත්‍රපටයේ තේමාව Vertigo යන්නෙහි අර්ථය තමන් වටා ඇති සියල්ල භ්‍රමණය වනසේ දැනීමයි...චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වු ජෝන් ෆර්ගසන් ඇක්‍රෝෆෝබියා හෙවත් උස ස්ථාන වලට ඇති බිය හා කලින් සඳහන් කල වර්ටිගෝ ආබාධයෙන් පෙළෙන රහස් පරික්ෂකයෙක් වෙයි..ඔහුගේ එම තත්වයෙන් ප්‍රයෝජන ගන්නා ගෙවින් එල්ස්ටර් විසින් තම බිරිඳගේ ඝාතනය සූක්ෂමව වසන් කිරීමට යොදනා උපක්‍රමය හමුවේ ස්කොටී නැතහොත් ෆර්ගසන් මුහුණ දෙන සිද්ධී සමූදායක් වටා චිත්‍රපටයේ කතා වස්තුව ගෙතී ඇත...තමන් වටා භ්‍රමණය වන සිද්ධි සමූදායකින් වෙහෙසට පත් වන, අසරණ වන ෆර්ගසන්ගේ චරිතය වටා දිව යන චිත්‍රපටය අවසානයේ අපට වැටහෙන්නේ කොතරම් සරල කතාතේමාවක් සංකීර්ණ ව්‍යුහයක් හරහා ප්‍රේක්ෂකයාවත් භ්‍රමණයට ලක්කිරීමට සමත් වනවාද යන්නයි...
තේමාව විශිෂ්ඨයි,තිරරචනය විශිෂ්ඨයි,අධ්‍යක්ෂණය විශිෂ්ඨයි අවසානයේ සිනමැටෝග්‍රැෆිකරණය විශිෂ්ඨ නොවුනා නම් Vertigo Effect සිනමාවට දායක නොවන නිසා සිනමැටෝග්‍රැෆිකරණය අත්හදාබැලිම් වලින් පරිපූර්ණ වු විශිෂ්ඨත්වයක් චිත්‍රපටයට එකතු කර ඇති බව පැවසිය හැක...දැන් අපි මෙකී තාක්ෂණික ශිල්ප ක්‍රමය ගැන විමසා බලමු...
ඔබට මතකද LOTR චිත්‍රපටයේ ෆ්‍රෝඩෝ සෑම් ඇතුළු වීර කුරුමිට්ටන් හතරදෙනා පළමු වරට කළු අසරුවෙක් දකින අවස්ථාව...ඔවුන් හතරදෙනා ගස් මුලක් යටට සැගවෙන්නට යන්නට පෙර ෆ්‍රෝඩෝට අනතුරක ඉව දැනී පාර කෙළවර දකින අවස්ථාව මතකනම් ඒ අවස්ථාවේ කැමරාව හසුරවනප ආකාරය ඔබට අමතක නම් නැවත වරක් නරඹන්න...වර්ටිලෝ චිත්‍රපටයේ දේවස්ථානයේ ඝාන්ඨාර කුළුණට දිව යන ජුඩි පසුපස දිව යන ස්කොටී ඉහළට ගොස් පඩිපෙළ යට බලන අවස්ථාව මතක නම් ඉහත සඳහන් කල LOTR චිත්‍රපටයේ කැමරාව හසුරවන ආකාරය මුලින්ම අත්හදා බැලු අවස්ථාව වර්ටිගෝ චිත්‍රපටයේ එම අවස්ථාව වනවා...මෙහිදි සිදුවන්නේ නාභිගත වස්තුව රූපරාමුවේ එලෙසම තිබියදී පසුබිමේ දෘෂ්ඨි කෝණය වෙනස් වීමයි....
එය කැමරා ප්‍රයෝගයක් ලෙසද හදුන්වනවා... ඩොලි යන්ත්‍රය වස්තුවෙන් ඉදිරියට හෝ පිටුපසට කැමරාව zoom කරමින් හෝ Zoming out සිදු කිරීමෙන් මෙය සිදු කරනු ලබයි...ඩොලිය වස්තුවෙන් ඉදිරියට හෝ පසුපසට යන විට සූම් කිරීම විරුද්ධ දශාවට සිදුකරයි...එසේ නම් Dolly shot සඳහා අවශ්‍ය ප්‍රධාන උපාංග දෙක නම් Zoom Lens එකක සහා Camara Dolly නැත්නම් ඩොලි යන්ත්‍රයක් වෙයි...එසේම මේ ක්‍රමය සාර්ථක වීමට වැදගත් වන විශේෂ කාරණාවක් නම් ඩොලියේ වේගය සූම් කිරීම සිදුකරන වේගයට සමාන විය යුතුය....
ප්‍රධාන වශයෙන් මේ ශිල්ප ක්‍රමය භාවිතා වෙන්නේ චිත්‍රපටයේ Tone නැත්නම් චිත්‍රපටය ගලාගෙන යන හැඩයේ එක්වරම සිදුවන වෙනසක්,(එය ත්‍රිාසයක් භීතියක් හෝ කුතුහලයක් විය හැකිය ) තීව්‍රකරවීම සඳහා වෙයි...වර්ටිගෝ චිත්‍රපටයේ ස්කෝටී පඩිපෙළ ඉහළට නැඟ පහළ බැලු විට තමන් උස ස්ථාන වලට දක්වන බිය මතක් වෙනවා...ඔහු පහළ බැලීම හා ඒ සමඟ ඔහුගේ බිය ඉස්මතු වීම යන සිද්ධීන් ද්විත්වය එකවර වඩාත් තීව්‍රව පෙන්වීමට වර්ටිගෝ චිත්‍රපටයේ සිනමැටෝග්‍රැෆිකරණ ශිල්පියා එකී ශිල්ප ක්‍රමය අත්හදා බලා ඇති බව කිව හැකිය...පසුකාලයේ ෆ්‍රෝඩෝ තමන්ට ලැබුණු බලමුදුවේ වගකීම නිසා යන ගමන ආරම්භයේ මුහුණ දෙන පලමු අභියෝගය තීව්‍රකරවීමට පීටර් ජැක්සන් තමන්ගෙ චිත්‍රපටයට අදාල ශිල්ප ක්‍රමය යොදා ගනු ලබනවා...
පීටර් ජැක්සන් පමණක් නොව අද වනවිට සියළුම අධ්‍යක්ෂකවරු පාහේ සිය චිත්‍රපට සඳහා යොදා ගන්නා සුවිශේෂී කැමරා ශිල්පීය ක්‍රමයක් වන මෙය වර්තමානය වන විට සංස්කරණය හරහාද සිදු කරයි...Dolly Zoom යනු එක් Camara Focus ශිල්පීය ක්‍රමයක් පමණයි...තවත් ශිල්ප ක්‍රම කිහිපයක් ඇති අතර ඒවා ගැන මෙන්ම Camara Movements සම්බන්ධ ලිපියක් ඉදිරියේදි සිනමාතක්සලාව හරහා ගෙන ඒමට බලාපොරොත්තු වනවා...
සිනමා තක්සලාව වෙනුවෙන්
-අනුෂ්ක රසාංජන ද සිල්වා-



0 Comments