සිනමා ඉතිහාසය


සිනමාව කියන එකට නිර්වචනයක් නැහැ.අපි සිනමාව කියලා කියන්නේ සිනමැටෝග්‍රැෆි කලාවට.එතකොට මේ සිනමැටෝග්‍රැෆි කියන්නේ මොකද්ද කියලා බැලුවොත්  සිනමැටෝග්‍රැෆි කියන්නේ චලනරූප ඡායාරූපකරණ කලාවට.මෙතනදී වෙන්නේ නිශ්චල ඡායාරූප පෙළක් එක දිගට ධාවනය වෙලා දෘශ්‍ය චලනයක් ඇති කරන එක.ඒ කියන්නේ චලන මායාවක් තමයි මෙතන තියෙන්නේ...

සිනමාවේ නිර්මාතෘ කවුද?...

ඇත්තටම සිනමාවට නිර්මාතෘ කෙනෙක් නැහැ...සිනමාවක් අපි දකින්නේ ප්‍රජෙක්ටරයක් හරහා...මේ ප්‍රජෙක්ටරයේ ඉතිහාසය ක්‍රි.ව.1600 දක්වා ඈතට යනවා..ඒ කාලේ පෙන්නලා තියෙන Magic Lantern Shows වලදී වීදුරු වල ඇදපු රූප ආලෝකයක් යොදාගෙන බිත්ති මත ප්‍රතිබිම්බයක් ඇති කරපු ආරම්භය ප්‍රජෙක්ටර් යන්ත්‍ර⁣යේ අදටත් තියෙන සරල තාක්ෂණයයි...




ඊට පස්සේ මිනිස්සු අත්හදා බැලීම් කරන්න පටන් ගන්නවා මේ නිශ්චල රූප චලනය වෙනවා වගේ පෙන්නන විදියක් හොයාගන්න....ඒ අත්හදා බැලීම් වල ප්‍රතිඵලයක් විදියට අපිට මුලින්ම කතා කරන්න වෙන්නේ Eadwaeard Muybridge හා Etienne Julas Marey දෙන්නා ගැන...

ජායාරූපකරණ ශිල්පියෙක් වුන Muybridge විසින් කැමරා 24ක් යොදාගෙන අශ්වයෙක් පිට නැඟි අසුරුවෙක්ගේ ඡායාරූප අසුකරගෙන ඒවා ධාවනය කරලා මේ දෘශ්‍ය චලනයක් ඇති කරන්න සමත් වෙනවා...ඊට පස්සේ Marey කියන පුද්ගලයා තනි කැමරාවකින් පියාඹන කුරුල්ලෙක් අසුකරගෙන්නේ තත්පරයට රූපරාමු 12ක් විදියට...

ඒ විදියට කැමරා 24 කින් කරපු දේ තනිකැමරාවකින් කරපු මේ ක්‍රියාවලියේ ඊළඟ පියවර තියන්නේ 1885දී George Eastman විසින්..Eastman ගැන අහලා නොතිබෙන්න විදියක් නැහැ...මෙයා තමයි Kodak සමාගමේ නිර්මාතෘ වෙන්නේ...මෙයා තමයි මුලින්ම සෙලියුලොයිඩ් Roll Film නිර්මාණය කරන්නේ...(මේ Film ගැන වෙනමම ලිපියක් සකස් කරගන නිසා ඒ ගැන ඒකෙන් කතා කරමු...)..මේ සොයාගැනීම තමයි එඩිසන් ඊට පස්සේ ලුමියර් සහෝදරන් මෙයාලාට වගේම අද අපිත් රූප පටිගත කරන්න ගන්නේ...ඒ කියන්නේ Film...

ඊළඟට Kinetoscope (කිනෙටොස්කොප්) සහ එඩින්සන්ගේ දායකත්වය ගැන කතා කලොත් 1891 දී තෝමස් අල්වා එඩිසන්ගේ සමාගමෙන් Kinetoscope යන්ත්‍රය නිර්මාණය වෙන්නේ දෘශ්‍ය චලන රූප ක්‍රියාකරවන යන්ත්‍රයක් විදියට...මේකට එඩින්සන් වගේම ඒකට දායක වෙන අනිත් කෙනා තමයි සමාගමේ සේවකයෙක් වුන William Dickson...මේ දෙන්නා යන්ත්‍ර දෙකක් නිර්මාණය කරනවා..එකක් Kinetograph කැමරාව විදියට වගේම Kinetoscope ප්‍රක්ෂේපණ යන්ත්‍රය විදියට...එත් ඒ හරහා බලන්න පුළුවන් එක්වරකට එක් අයෙක්ට විතරයි...ඊට පස්සේ මේ කිනෙටොස්කොප් යන්ත්‍ර වලින් ඇමරිකාවේ චිත්‍රපට ප්‍රදර්ශනය කරන්න එඩිසන් කටයුතු කරලා තියෙනවා...ඒ විදියට එඩිසන්ගේ චිත්‍රපට නිර්මාණය වෙනුවෙන් තමයි ලෝකයේ පළමුවෙනි  චිත්‍රපට නිෂ්පාදන ස්ටුඩියෝව  විදියට නිව් ජර්සි වල Black Maria විවෘත කරන්නේ... 1893 දී මේ විදියට මේ කිනෙටොස්කොප් යන්ත්‍රයෙන් නිර්මාණය කරන පලවෙනි කෙටි චිත්‍රපටය තමයි WKL Dickson  අධ්‍යක්ෂණය කරන Blacksmith Scene කියන්නේ...ඉතිං මේ තමයි ලෝකයේ  පලවෙනි වතාවට චිත්‍රපට ප්‍රදර්ශනය සිද්ධ වෙන්නේ.



පලවෙනි වතාවට චලනය වෙන රූපරාමු පෙළක් සමූහ ප්‍රේක්ෂකාගාරයකට මුලින්ම පෙන්නන්න සමත් වෙන්නේ 1895 දී පැරිසියේ දී.ඒ Lumiere සොහොයුරන් විසින්. ලුමියර් සහෝදරයන් එඩිසන්ට බැරි වුන දෙයක් කරනවා..එ තමයි කැමරාවයි ප්‍රජෙක්ටරයයි එකම යන්ත්‍රයක් විදියට හදන එක.එහා මෙහා අරන් යන්න පුළුවන් මේ යන්ත්‍රයෙන් කැමරාවෙන් රූගත කරන්න,මුද්‍රණය කරන්න වගේම ප්‍රජෙක්ටර් එකෙන් පෙන්නන්න මේ සේරම කරන්න පුළුවන් වුනා.මේ තමයි ප්‍රංශ සිනමාවේ ආරම්භය.ඉතිං ප්‍රංශ සිනමාවේ ⁣ආරම්භය සිද්ධ වෙන්නේ 1895 දෙසැම්බර් 28 දී Grand Cafe හි  බිම්මහලේදී ලුමියර් සෙහොයුරන් කෙටි චිත්‍රපට දහයකින් පවත්වපු සාර්ථක මහජන සිනමා ප්‍රදර්ශනය හරහා.

ඇත්තටම ලුමියර් සහෝදරයන්ට කලින් 1895 දි Woodvill Lathan විසින් ඇමරිකාවේදි Kinetoscope එකකින් චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරලා තියෙනවා.ඒත් සාර්ථකත්වය මත පළමු චිත්‍රපට මහජන ප්‍රදර්ශනයේ ගෞරවය යන්නේ ලුමියර් සහෝදරයන්ට.කොහොම හරි මේ එඩිසන්,ඩික්සන් දෙන්නා වගේම ලුමියර් සහෝදරන් චිත්‍රපට කළු සුදු, නිහඬ වගේම විනාඩි කිහියක  චිත්‍රපට තමයි ප්‍රදර්ශනය කලේ.

ඊට පස්සේ ලෝකයේ තව තව අය චිත්‍රපට නිර්මාණය හා ප්‍රදර්ශනයට බයිස්කෝප් තියටස්කෝප් කියලා චිත්‍රපට අත්හදාබැලීම් සිදු කරලා තියෙනවා.ලුමියර්ස් සහෝදරයෝ චිත්‍රපට ප්‍රදර්ශනයෙන් ආදායම් ලබන විදය දැකපු එඩිසන් වගේම අනිත් අත්හසා බැලීම් කරපු අයටත් විනාඩ් කිහිපයක චිත්‍රපට වෙනුවට දිගු චිත්‍රපට නිර්මාණය කරන්න ඕන වුනා.එඩිසන් 1893 දී එයාලේ කිනෙටොස්කොප් යන්ත්‍රයෙන් චිත්‍රපට නිර්මාණයට වගේම ප්‍රදර්ශනය  වෙනුවෙන් ආරම්භ කරපු Black Maria සටුඩියෝව හරහා කිනෙටොස්කොප් වෙනුවට ප්‍රක්ෂේපණයකින් චිත්‍රපට  ප්‍රදර්ශනය කරන්න පෙළඹුණේ ලුමියස් සහෝදරයන්ගේ සාර්ථකත්වය නිසයි.

දිගු චිත්‍රපට නිර්මාණය කරනකොට එඩිසන් වගේම අනිත් අයට ප්‍රශ්නයක් ආවා..ඒ තමයි ෆිල්ම් රීල් එක ප්‍රජෙක්ටරයේ හිර වෙලා ඉරිලා යන එක.පස්සේ මේකට විසදුමක් හොයාගත්තතේ අර කලින් කියපු ලුමියර්ස් සහෝදරයන්ට කලින් චිත්‍රපට ප්‍රදර්ශනයක් තියපු Woodville Lethan විසින්.එයා මේ ප්‍රශ්නය එන්නෙ නැති විදියට වෙනම සාර්ථක ප්‍රජෙක්ෂන් යන්ත්‍රයක් නිර්මාණය කරලා තියෙනවා.මේ යන්ත්‍රය නම් කලේ Lathan Loop කියලා.

ඊට පස්සේ Francis Jenkins හා Thomas Armat දෙන්නා මේ යන්ත්‍රය ඊට වඩා හොඳට වැඩි දියුණු කරලා හදන යන්ත්‍රය Vintascope කියලා නම් කරනවා.මේ යන්ත්‍රයේ සාර්ථකත්වය ගැන දැනගන්න එඩිසන් මේ යන්ත්‍රයේ අයිතිය අරගෙන ඒකට Edison Vintascope කියලා නම දාන්නේ එඩිසන් ටෙස්ලාට කලා වගේ වැඩක් කරලා.

මේ විදියට ආරම්භ වෙන චිත්‍රපට නිර්මාණය හා ප්‍රදර්ශනය මේවිදියට 20 වන සියවසට සම්ප්‍රාප්ත වෙන්නේ තාමත් නිහඬ චිත්‍රපට විදියට.1905 දී ලුමියර් සහෝදරයන් චිත්‍රපට නිර්මාණයෙන් අයින් වෙන්නේ මේ චිත්‍රපට වලට අනාගතයක් නැහැ කියන හේතුව නිසා.ඒත් ඒක කොච්චර වැරදිද කියලා අමුතුයෙන් කියන්න අවශ්‍ය නැහැ.  1900 න් පස්සේ මොකද වුනේ.ඒ ගැන ඉස්සරහට අපි කතාකරමු.


ඉතිං ඊළඟ ලිපියෙන් අපි බලමු ප්‍රංශ සිනමාවට ලුමියර් සෙහොයුරන්ගෙන් පස්සේ මොකද වුනේ කියලා...


                                       අධ්‍යනය හා ලිපි නිර්මාණය
                                        අනුෂ්ක රසාංජන ද සිල්වා

Post a Comment

0 Comments