ලෝක සිනමාවේ විශිෂ්ඨතම කලාත්මක සිනමාවට උරුමකම් කියන සිනමාකර්මාන්තය විදියට ඉතාලියානු සිනමාකර්මාන්තය හදුන්වන්න පුළුවන්...ලෝක සිනමාවේ බොහොමයක් සිනමාධාරාවන් වලටආභාෂය වුනේ ඉතාලි සිනමාව...ඒ විශිෂ්ඨ සිනමාව ඇත්තටම විශිෂ්ඨ වෙන්න තව හේතුයක් තියෙනවා...ඒ මේ වෙනකොට ඇකඩමි සම්මාන උලෙළේ හොඳම විදෙස් චිත්‍රපටය සඳහා වන සම්මානය වැඩිම වතාවක් දිනලා තියෙන්නේ ඉතාලි සිනමා නිර්මාණ...ඒ මුළු සම්මාන 14ක්...ඒ වගේම කැන්ස් සිනමා සම්මන උළලේ පිරිනමන ඉහළම සම්මානය වන Palmes d'or සම්මාන 12ක් දිනාගෙන තියෙන්නේ වැඩිම සම්මාන ගණනක් දිනපු දෙවනි රට විදියට....ආර්ට් හවුස් විදියට හදුන්වන නැත්නම් කලාත්මක සිනමාවේ ආරම්භය සිදු වෙන්නෙත් මේ ඉතාලියාවෙන් වීම විශේෂත්වයක් වෙනවා.....
ඉතාලියානු සිනමාවේ කතා කිරීමට අවශ්‍යම මාතෘකාව තමයි ඉතාලියානු නව යථාර්ථවාදය නැත්නම් Italian Neo Realism සිනමා ධාරාව ගැන...ඒ ගැන කතා කරන්න කලින් ඉතාලියානු සිනමාව ගැන කෙටි හැඳින්වීමක් සිදු කරන්නම්....
ප්‍රංශයේ ලුමියර් සහොදරයන් 1895 දී පළමු චිත්‍රපට මහජන ප්‍රදර්ශනය පවත්වලා 1896 දී ඉතාලියට එන්නේ ඉතාලිය පුරා තමන්ගේ චිත්‍රපට ප්‍රදර්ශනය කරන්න..1900 න් පස්සේ ඉතාලි සිනමාව දියුණු වෙන්න පටන් ගන්නේ චිත්‍රපට වලට ග්‍රන්ථ වගේම වේදීකා නාට්‍ය පාදක කරගෙන වීම දකින්න පුළුවන්...1913 දී නිර්මාණය වෙන Quo Vadis කියන්නේ සිනමාවේ ආරම්භක කාලයේ නිර්මාණය වුන බ්ලොක්බාස්ටර්ස් චිත්‍රපටයක් විදියට සලකනවා....1914 දී නිර්මාණය කරන අවුරුදු දෙකක නිෂ්පාදන කාලයක් ගිහිං තියෙන ඉතාලියානු සිනමාවේ ආරම්භක පුරෝගාමියෙක් වුන Giovanni Pastrone ගේ Cabiria චිත්‍රපටය ලෝක සිනමාවේ පළමු Epic චිත්‍රපටය විදියටත් සැලකෙන දැවැන්ත චිත්‍රපටයක් වෙලා තියෙනවා...
1911-1919 කාලවකවානුවේදී ඉතාලියාවේ පලවෙනි සිනමා ධාරාව විදියට italian Futurism සිනමා ධාරාව ඇති වුනත් පලවෙනි ලෝක යුද්ධයෙන් පසු කාලය ඉතාලියානු සිනමාවටත් හොඳ කාලයක් නම් වෙලා නැහැ...කොහොම හරි 1934 දී බෙනිටෝ මුසොලිනි ප්‍රමුඛ ඉතාලියානු රජයේ අනුග්‍රහයෙන් සිනමානගරයක් නිර්මාණය කරන්න අනුමැතිය හිමිවීමේ ප්‍රතිඵලයක් විදියට Cinecitta කියන සිනමා නගරය ඉදිවෙලා තියෙනවා...මේ සිනමා නගරයේ සිනමාශාලා,චිත්‍රාගාර,තාක්ෂණික අංශ, සිනමාපාසල් පවා ඉදි වෙලා තියෙනවා..."සිනමාව තමයි බලවත්ම ආයුධය" කියන පාඨයෙන් ආරම්භ වෙලා තියෙන මේ සිනමාපාසල ඇතුලේ තමයි ඒ කාලයේ චිත්‍රපට හැම එකක්ම වගේ නිර්මාණය වෙලා තියෙන්නේ...
ඊට පස්සේ දෙවනි ලෝක යුධ සමයේදී මිත්‍ර සන්ධානයේ බෝම්බ ප්‍රහාර වලින් මේ නගරය විනාශ වෙන්නේ ඉතාලියානු සිනමාවත් බිඳ වැටෙමින්...ලෝක යුද්ධය අවසන් වුනාට පස්සේ ඉතාලියානු චිත්‍රපට නිර්මාණකරුවන්ට සිද්ධ වෙනවා සිනමාව පාරට අරන් එන්න..ඒ කියන්නේ චිත්‍රාගාර විනාශ වෙලා ගිය නිසා පාරවල් වල රූගත කරන්න අඩු වියදමින් නවක නවක නළු නිළියන්ගෙන් චිත්‍රපට නිර්මාණය කරන්න සිද්ධ වෙනවා.....ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ ඉතාලියානු නව යථාර්ථවාදී සිනමා ධාරාව බිහිවෙන්නේ....
ඉතාලියානු නව යථාර්ථවාදය
Italian Neo Realism
පැසිස්වාදී රජය යටතේ නිර්මාණය වුන ඉතාලි චිත්‍රපට විචාරකයන් හදුන්වලා තියෙන්නේ කිසිම වටිනාකමක් නැති කෘතිම කසල ගොඩට දැමිය හැකි චිත්‍රපට විදියට කියනවා..මුසොලිනිගේ රජය බිඳවැටුණට පස්සේ පැසිට්ස්වාදයෙන් මිදුන චිත්‍රපට නිර්මාණකරන්න ගත්ත උත්සහයක් විදියට ප්‍රංශ නව යථාර්ථවාදී සිනමා බිහිවෙනවා...සමකාලීන ඉතාලියානු සමාජය සිනමාවට අරන් එන මහපොළොවේ සිනමාව විදියට මේ නව යථාර්ථවාදී සිනමා ධාරාව හදුන්වනවා...මේ නව යථාර්ථවාදී සිනමාවට ආභාෂය ගන්න පෙළඹෙන්නේ ප්‍රංශයේ මේ කාලයේදි ඇති වුන යථාර්ථවාදී සිනමාවෙන්...
සමකාලීන ඉතාලියේ ආර්ථික,සමාජීය,දේශපාලනික ආශ්‍රිත නැත්නම් දරිද්‍රතාව වගේ සමාජ ගැටළු මේ සිනමාධාරාවේ නිර්මාණවල පොදු ලක්ෂණයක් වෙනවා..මේ සිනමාධාරාව ඉතාලියේ ආරම්භය සනිටුහන් කරන චිත්‍රපට විදියට 1943 දී Luchino Visconti ගේ පලවෙනි චිත්‍රපටය වුන Ossessione චිත්‍රපටය වගේම මේ ඉතාලියානු නව යථාර්ථවාදී සිනමාව ලෝකයට හදුන්වලා දීපු චිත්‍රපටය විදියට 1946 දී නිකුත් වෙලා තියෙන කැන්ස් සම්මාන උළලේ සම්මාන දිනාගත්ත Roberto Rossellini ගේ Eoma Citta Aperta (Rome,Open City ) චිත්‍රපටය හදුන්වන්න පුළුවන්....මේ චිත්‍රපටය වෙනුවෙන් Rossellini ට එයාගේ මිතුරන් වුන ජනප්‍රිය ඉතාලි චිත්‍රපට අධ්‍යක්ෂක Federico Fellini වගේම Sergio Amidei ගේ උදව් උපකාර පවා ලැබිලා තියෙනවා...
මේ Neorealism චිත්‍රපට වල රංගනයෙන් දායක වෙලා තියෙන්නේ ආධුනික නවක රංගන ශිල්පීන්...ඒ වගේම සාමාන්‍ය මිනිසුන් පවා රංගනය වෙනුවෙන් දායක කරගෙන තියෙන්නේ අමතර වියදම් පවා මඟහැර ගන්න කියලා හිතන්න පුළුවන්....ඒ වගේම එළිමහන් සාමාන්‍ය පොදු ස්ථාන වල රූගත කිරීම් සිදු කරලා තියෙන්නේ පවතින ආලෝක තතත්වයන් යටතේදී....කලින කියපු විදියට දුප්පත්කම,විරැකියාව වගේ දේවල් වලින් දුක්විදින සාමාන්‍ය කම්කරු පන්තිය වගේම කුඩා ළමන් පවා යොදාගෙන චරිත හැසිරවීමත් බලාගන්න පුළුවන් වෙනවා...
මේ නව යථාර්ථවාදී සිනමාවේ නිර්මාණවුන තවත් විශිෂ්ඨ චිත්‍රපටයක් විදියට විටෝරියෝ ඩි සිකාගේ 1948 දී නිර්මාණයු වුන Bicycle Thieves හදුන්වන්න පුළුවන් වෙනවා...මේ චිත්‍රපටය ඒ වගේම ඩි සිකාගේ Shoeshine (1946) , රොසෙලිනිගේ Rome Open City චිත්‍රපටය වගේම Paisan (1946) , Germany Year Zero (1947), විස්කොන්ටිගේ La Terra Trema (1947) චිත්‍රපටය නව යථාර්ථදී සිනමාවේ සුවිශේෂි චිත්‍රපට විදියට හදුන්වන්න පුළුවන්.....
ඉතාලියේ නව යථාර්ථාදී සිනමාවේ අවසානය සිදු වෙන්නේ 1950 දශකය ආරම්භක කාලවකවානුවේදී....ඒකට හේතුව වෙන්නෙත් මේ නව යථාර්ථවාදී සිනමාවේ පොදු ලක්ෂණ වුන සමාජ කාරණා නිසාම වෙනවා...පැසිට්ස්වාදී දේශපාලයෙන් පස්සේ නව ලිබරල් හා සමාජවාදී පක්ෂ වලට තමන්ගෙ අදහස් ප්‍රකාශ කරන්න මේ සිනමා නිර්මාණවලින් කරන ප්‍රකාශන බලපාලා තියෙනවා...යුද්ධයෙන් පසු ඉතාලියේ ආර්ථික දියුණුවත් එක්ක මේ රැකියාව විරැකියාව වගේ සමාජ කාරණා අවලංගු වෙනවාත් එක්කම ඒ වගේම 49දී පණවන අළුත් වාරණ හා නීති රීති නිසාත් මේ යථාර්ථවාදී සිනමාව බිඳ වැටෙන්න පටන් ගන්නවා...
නව යථාර්ථවාදී සිනමාව ඒ විදියට ඉතාලියෙන් අයින් වුනත් ප්‍රංශ නව සිනමා ධාරාව , පෝලන්ත සිනමා පාසල සිනමා ධාරාව විතරක් නෙවෙයි සත්‍යජිත්රායි බිමල් රෝයි ප්‍රමුඛත්වය ගත්ත ඉන්දියානු පැරලල් සිනමා ධාරාවටත් ආභාෂයක් වෙන්නේ මේ ඉතාලි නව යථාර්ථවාදී සිනමා ධාරාවයි.....
ඉතාලියානු සිනමා ඉතිහාසය සම්බන්ධ මීළඟ ලිපියෙන් 1950 න් පසු ඉතාලියානු සිනමාව ගැන වගේම ඉතාලි සිනමාවේ දැවැන්තයෙක් විදියට සලකන Federico Fellini ගැන කතාකරන්න බලාපොරොත්තු වෙනවා....


0 Comments