ප්‍රංශ සිනමා ඉතිහාසය ගැන කලින් ලිපියේ අපි කතා කලේ පළමු ලෝක යුධ සමයෙන් පසු ප්‍රංශ සිනමාව ගැනයි...මේ ලිපියෙන් ප්‍රංශ සිනමා ඉතිහාසය තුන්වන කොටස විදියට කතා කරන්න යන්නේ දෙවන ලෝක යුධ සංග්‍රාහයෙන් පසු ප්‍රංශ සිනමාව ගැනයි ..
දෙවන ලෝක යුධ සංග්‍රාමයෙන් පසු ප්‍රංශ සිනමාව ගැන කතා කරනකොට අපිට හම්බවෙන ලෝක සිනමාවේ ප්‍රධානම හා ප්‍රංශ සිනමාවට විශාල බලපෑමක් සිදුකල සිනමා ධාරාවක් විදියට ප්‍රංශ නව රැල්ල නැත්නම් French New Wave ගැන කතා කල යුතු යුතුම වෙනවා...
French New Wave (Nouvelle Vague)
පළමු ලෝක යුධ සමයෙන් පසු කාලසමයේදි සිනමාව ලොව පුරා ව්‍යාප්ත වී ඇත්තේ බොහෝ සිනමා අධ්‍යක්ෂකවරු කරළියට පැමිණෙමින් හා නව අත්හදාබැලීම්ද සමඟ වෙයි..මේ කාලවකවානුව වන විට ප්‍රංශ සිනමාවත් උපස්ථිතිවාදී සිනමාව,අධිතාත්විකවාදී සිනමාව හා යථාර්තවාදී සිනමා ධාරාවත් හරහා ප්‍රංශ කාලාත්මක සිනමාවේ පුනරුදයක් අැති වෙමින් තිබුණ කාලයක් වනවා...එමෙන්ම ප්‍රංශ සිනමාවේ දියුණුවට ඉතාලියානු නව යථාර්තවාදී සිනමාවේ ආභාෂයත් 40-50 දශකය තුළ බලපෑමක් සිදු කර ඇති බවට සඳහන් වනවා...
දෙවන ලෝක යුද්ධයෙන් පසුව ප්‍රංශයට චිත්‍රපට ආනයනය නවත්වා ඇති නමුත් ප්‍රංශය තුල හොලිවුඩ් විශිෂ්ඨ චිත්‍රපට නිර්මාණකරුවන් වු walles,Hichcock හා Ford වැනි අය හා ඔවුන්ගේ නිර්මාණයන් ප්‍රංශය තුල ප්‍රචලිත වී අැති අතරම ඔවුන් මේ ප්‍රංශ නව සිනමාධාරාවට හේතුවක් වී ද තිබෙනවා...
ප්‍රංශ අධිතාත්විකවාදී සිනමාව , උපස්ථිතිවාදී හා යථාර්ථවාදී සිනමා නිර්මාණකරුවන් දෙවන ලෝක යුධ සංග්‍රාමයෙන් පසු කාලයේදි ප්‍රංශ සිනමාවේ ප්‍රවීණයන් බවට පත් වූ පසුව එකළ තරුණ නිර්මාණකරුවන් ඔවුන්ව හෙළා දැකීම සිදු කර ඇතිතේ ප්‍රසිද්ධ විවේචන හා විචාරයන්ට ලක් කරමින් වෙයි...50 දශකයේ ප්‍රංශයේ Cahiers du Cinema සඟරාවට විචාර ලියු මේ තරුණ කණ්ඩායම එකළ විශ්වාස කර අැත්තේ සිනමාව විසින් සැබෑ මිනිස් හැගීම් යටපත් කර ඇති බවටයි...ඔවුන් එසේම ප්‍රවීණ සිනමානිර්මාණකරුවන්ගේ චිත්‍රපට වල කැමරා චලනයන්,රංගනයන්,දෙබස් පවා විවෘතව විවේචනයට ලක්කිරීමේ ප්‍රතිඵල ලෙස මේ ප්‍රංශ නව සිනමාධාරාව තුළ ආවේණික ලක්ෂණයන් අනුව චිත්‍රපට නිර්මාණය සිදු කිරීමට කටයුතු කර ඇත.....
ප්‍රංශ නව සිනමාධාරාවේ ආරම්භ පුරෝගාමි සිනමා නිර්මාණකරුවන් ලෙස Francois Truffaut (ටෘෆෝ), Jean Luc Godard (ගෝඩා) ,Claude Chabrol (චැබ්රොල්) , Eric Rohmer (රොමර්) , Jacques Rivette රිවේට්), Louis Malle, Alian Resnais, Agnes Varda සහ Jacques Demy යනන නිර්මාණකරුවන් හදුන්වා දිය හැකි වෙනවා...සාම්ප්‍රදාික කලාත්මක සිනමාව ප්‍රතික්ෂේප කල මොවුන්ගේ චිත්‍රපට වල සුවිශේෂි ලක්ෂණ ලෙස දැකිය හැකි වන කරුණු පහත පරිදි වෙයි....
🔸ක්‍රමානුකූල නැති අක්‍රමවත් කතා තේමාවන් මෙන්ම වැඩි දියුණු කල සංවාද විශේෂ වි ඇත...ඔවුන් පොහෝ විට මේ සඳහා ඉතාලියානු වන යථාර්ථවාදී සිනමාව අාභාෂයට ගෙන ඇත...
🔸රේඛීය සංස්කරණය නැත්නම් Continuity Editing වෙනුවට ජේදන පැනීම් නැත්නම් Jump Cut සංස්කරණයන් දැකිය හැකි වෙයි...
🔸චිත්‍රාගාරවල වෙනුවට සැබෑ දර්ශනතල වල රූගත කිරීම් සිදු කර ඇත....
🔸හස්තගත කැමරා නැත්නම් Handheld කැමරාභාවිතය සිදු වී ඇත...
🔸Long Takes නැත්නම් දිගු දර්ශන මෙන්ම නිතරම කැමරාව චරිත හඹා යෑම දැක ගත හැකි වෙයි...ඒ නිසාම සැහැල්ලු කැමරාවන් මේවාට යොදාගැනීමට සිදු වී ඇත...
🔸සජීවි ශබ්ද පටිගතකිරීම් හා පවතින ආලෝක තත්ත්වයන් ( Available Light) යොදාගෙන ඇති අතර ඉඳහිට සරල ආලෝක උපකරණ යොදාගෙන ඇත...
මීට අමතරව මේ නිර්මාණයන් තුල සියුම් උපහාසාත්මක සිද්ධීන් ඇතුපත් වීම මෙන්ම චරිත විසින් ඉලක්ක හඹා යෑමක් නැතිව චරිත සැබෑ ජීවිතයේ මෙන් සාමාන්‍ය ලෙස හැසීරීමත් දැක ගත හැකි වෙනවා...එමෙන්ම මේ සිනමාධාරාවේ චිත්‍රපට බොහෝමයක් අවසන් වෙන්ටන් ව්‍යාකූලත්වයකින් වෙයි...
තවද මේකල හොලිවුඩය විසින් සිනමාව සම්බන්ධ නීති රීති සකස් වෙමින් පැවති අතර මේ ප්‍රංශ නව සිනමාධාරාවේ නිර්මාණකරුවන ඒවා ප්‍රතික්ෂේප කරමින් නැත්නම් කඩකර නිර්මාණ සිදුකිරීමත් දැකිය හැකි වෙනවා...උදාහරණයක් ලෙස 180 ° නීතිය
මේ සිනමාධාරාවේ ඉහත ලක්ෂණ දැකිය හැකි සුවිශේෂි සිනමා නිර්මාණයන් ලෙස යාන් ලු ගොඩාගේ Breathless,Contempt, Vivre Sa Vie, Band of Outsiders චිත්‍රපට, ටෘෘෆෝගේ The 400 Blows,Jules and Jim, Shoot The Piano Player චිත්‍රපට මෙන්ම වාර්ඩාගේ Cleo from 5 to 7 චිත්‍රපට හදුන්වාදිය හැකි වනවා...
මෙසේ සලකා බැලු ප්‍රංශ සිනමා ඉතිහාසයේ වැදගත්ම සිනමා ධාරාවක් ලෙස බිහිවු ප්‍රංශ නව සිනමා ධාරාව ප්‍රංශ සිනමාවේ විශිෂ්ඨ නිර්මාණ බිහිකල අතරම ලෝක සිනමාවේ සුවිශේෂි ස්ථානයක් දිනාගැනීමට ප්‍රංශ සිනමා නිර්මාණකරුවන් සමත්වූ බවත් කිව යුතුමය...



0 Comments