𝗣𝗮𝗱𝗿𝗼 𝗔𝗹𝗺𝗼𝗱𝗼𝘃𝗮𝗿







සිනමා අධ්‍යක්ෂකාවලෝකනයෙන් අද අපි මුලින්ම කතාකරන්න යන්නේ ඇකඩමි සම්මාන දෙකක් දිනාගෙන සිටින ස්පාඤ්ඤ ජාතික සිනමා අධ්‍යක්ෂකවරයෙක් ගැන....මේ වෙනකොට වයස අවුරුදු 71 ක් වුන ඔහු නමින් පැඩ්‍රෝ ආමර්දෝවා(ර්)....


ඔහු ගැන මේ කෙටි සටහන Hashan Dulanga Dharmarathna  සහෝදරයාගෙන්....


නූතන ස්පාඤ්ඤ සිනමාවේ thriller ශානරයෙ සිනමා නිර්මාණ ලංකාවේ ජනප්‍රිය වුවද drama ශානරයට සැලකිය හැකි තරම් කතිකාවක් නොමැති බව කනගාටුවෙන් වුවත් කියන්න සිදුවෙනවා. 


එලෙස thriller සිට , drama , romance  ආදී විවිධ ශානරයන්ගෙන් විවිධාකාර සිනමාපට ලබාදුන් අධ්‍යක්ෂකවරයෙක් තමා pedro almodovar කියන්නෙ.

                                                                                                                                                                        

වැඩි වශයෙන් ලෝක ජනප්‍රියතාව ලබාගෙන ඇත්තෙ black comedy වලටයි. ඒවාගේ family, desire සහ passion වැනි මාතෘකා පිලිබදව වැඩිවශයෙන් සාකච්ඡාවට භාජනය වේ. 

කාන්තා චරිත වලට වැඩි ඉඩක් දෙන නිර්මාණ රාශියක් ම ඇත. 

එලෙසම homosexuality ද විවෘතව සාකච්ජා කෙරේ. 


Luis bunuel ට පසු වැඩියෙන්ම කතාබහට ලක්වන , ප්‍රශංසාවට ලක්වන ස්පාඤ්ඤ සිනමාකරු වන්නෙ pedro almodovar කිව්වොත් නිවැරදියි. 

(ලංකාවෙ නෙමේ ඈ. ලෝකයේ ප්‍රේක්ෂකාගරය මෙනම විචාරකයන්).


Antonio Banderas හා Penelope Cruz 

මෙතුමාගේ සිනමාපට වල නිතරම හමුවෙන අතර ඔවුනට සෑමවිටම පාහේ complex characters සෑමවිටම ලැබී ඇත.


මෙතුමාගේ සිනමා නිර්මාණ කිහිපයක්...


                                             

• Law of Desire 1987
(Drama/Thriller)

• Women on the Verge of a Nervous Breakdown 1988
(Comedy/Comedy-drama)

• Tie Me Up! Tie Me Down! 1990
(Comedy/Romance)

• Live Flesh 1997
(Drama/Romance)

• All About My Mother 1999
(Drama)

• Talk to Her 2002
(Romance/Drama)

• Bad Education 2004
(Drama/Romance)

• Volver 2006
(Drama/Comedy-drama)

• Broken Embraces 2009
(Thriller/Romance)

• The Skin I Live In 2011
(Thriller/Drama)

• Julieta 2016
(Drama/Romance)

• Pain and Glory 2019.
(Drama)

Cannas, golden globes, academy, berlin , british academy වැනි විවිධ සම්මාන උලෙලවල් වලදී මෙතුමාගේ මෙම නිර්මාණ වලට සම්මාන රාශියක් හමු වී ඇත. 


ස්පාඤ්ඤ සිනමාවට ආදරය කරන්නෙකු කිසිසේත්ම අත්නොහැරිය යුතු අධ්‍යක්ෂකවරයෙක් ලෙස pedro almodovar ව හදුන්වා දිය හැක.





Post a Comment

0 Comments