Bong Joon-ho.






අද සිනමා අධ්‍යක්ෂකාවලෝකනයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආසියාවෙන් ලෝක සිනමාවේ තම නාමය සලකුණු කරපු ඇකඩමි සම්මාන ඉතිහාසය පවා වෙනස් කරපු සිනමා අධ්‍යක්ෂකවරයෙක් ගැනයි...දකුණු කොරියානු සිනමාව ලෝකසිනමාවේ සම්මානනීය සංධිස්ථානයක් කරා රැගෙන ආ ඔහු දක්ෂ දකුණු කොරියානු සිනමා අධ්‍යක්ෂකවරයෙක් වෙන Bong Joon-ho....


බොන්ග් ජුන් හෝ සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ 2000 අවුරුද්දේ   Barking Dogs Never Bite කියන චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින්...බොන්ග් ජුන් විශිෂ්ඨ  සිනමා අධ්‍යක්ෂකවරයෙක් විදියට මුලින්ම අවධානය යොමු ලබාගන්නේ  ඔහුගේ දෙවනි චිත්‍රපටය Memories of Murder චිත්‍රපටය වගේම ඔහුගේ තුන්වෙනි චිත්‍රපටය The Host කියන විශිෂ්ඨ චිත්‍රපට ද්විත්වය නිසා...





අැකඩමි සම්මාන උළලේ පළමු වතාවට හොඳම චිත්‍රපටය සම්මානය ඉංග්‍රීසි භාෂා නොවන චිත්‍රපටයක් විදියට බොන්ග් ජුන් හෝ අධ්‍යක්ෂණය කරපු  2019 දී නිකුත් වුන Parasite දිනාගන්න සමත් වෙනවා.......ඒ අවුරුද්දේ හොඳම අධ්‍යක්ෂණය වගේම හොඳම තිරරචනය වෙනුවෙනුත් සම්මාන දිනාගන්න මේ පැරාසයිට් චිත්‍රපටය කාන්ස් සිනමා සම්මාන උළලේ Palme d 'Or දිනාගත්ත පළවෙනි දකුණු කොරියානු චිත්‍රපටයත් වෙනවා...ඒ වගේම Goldern Globe සම්මාන දිනාගත්ත පැරාසයිට්, Goldern Globe සම්මාන වලට පවා නිර්දේශ වුනු පලවෙනි චිත්‍රපටයත් වෙනවා.....ඒ විදියට ඔහු ලෝක සිනමාවේ ඉහළින් වැජඹෙන හොලිවුඩයේ පවා තමන්ගේ සිනමා කර්මාන්තය ඉහළටම ඔසවලා තියන්න සමත් වෙන්නේ  Memories of Murder,The Host  චිත්‍රපට වලින්  ඔහු අනාගතයේ විශිෂ්ඨ සලකුණක් තබන අධ්‍යක්ෂකවරයෙක් වෙයි කියන අනාවැකි ඇත්ත කියලා ලෝකයට ඔප්පු කරමින් කියලා කියන්න පුළුවන් ......


විදේශිය සිනමා අධ්‍යක්ෂකවරයෙක් විදියට හොලිවුඩය පවා දික් විජය කරපු බොන්ග් ජුන් හෝ මේ තරම් සුවිශේෂි වෙන්නේ ලෝකය පුරා සිනමා නිර්මාණකරුවන්ට ඒ විදියට  දුන්න සුවිශාල උත්තේජනය නිසාම වෙනවා....මේ සුවිශේෂි විශිෂ්ඨ සිනමා අධ්‍යක්ෂකවරයාගේ 52 වෙනි උපන් දිනය වෙන අද අපි බොන්ග් ජුන් හෝ කියන අධ්‍යක්ෂකවරයා හදුනගන්න මේ විදියට උත්සහ කරමු...


ජුන් හෝ කියන සිනමා අධ්‍යක්ෂකවරයා හොයාගෙන යනකොට නවතින්න වෙන පළවෙනි තැන තමයි බොන්ග් ජුන් හෝ කියන තිරපිටපත් රචකයා ළඟ....

ඔහුගෙ තිර පිටපත  සැබෑවටම ප්‍රබලයි...තිරරචනයකදී ඔහු භාවිතා කරන එලමෙන්ට්ස් හා ටෙක්නික් නැත්නම් මුලධර්ම  හා ගුණාංග වගේම දෙබස් පවා අති විශිෂ්ඨයි.....



- "එයා පෝසත්..එයා හරි හොඳයි " නෙවෙයි..එයා පෝසත් නිසා තමයි හොඳ...මටත් ඒ වගේ සල්ලි තිබ්බා නම් මාත් හොඳ වෙන්න තිබුණා....
-"එයා පෝසත්..ඒත් හරි හොඳයි.."

                                                -Parasite (2019)


ඔහුගේ තිරරචනයේදි ඔහු රූපක උපමා උපමේය සිද්ධි වගේම දෙබස් වලින් අරන් එන විදිය හැම චිත්‍රපටකම දකින්න පුළුවන්....ඒ වගේම චරිත ගොඩනැඟීම කතා කලොත් ඔහුගේ චිත්‍රපට වල කළු චරිත හෝ සුදු චරිත වෙනුවට දකින්න පුළුවන් වෙන්නේ අළු චරිත...බොන් ජුන් හො එයාගේ කතා වලින් පණ දෙන්නේ මේ ඇත්ත ලෝකයේ ජීවත් වෙන චරිත වලට..මේ ලෝකයේ යථාර්ථය තුල වීරයන්වත් දුෂ්ඨයිවත් නැහැ...සේරම අළු චරිත...අන්න ඒ විදියට හදපු  අළු චරිත තමයි බොන්ග් ගේ චිත්‍රපට වල ඉන්නේ...ඒ වගේමයි ඒ චරිත අතර පුද්ගල සම්බන්ධතා පවා හරිම රියලස්ටික්...


ඒ වගේම උපමා,රූපක හා ව්‍යාංගාර්ථ භාවිතය...බොන්ග් එයාගේ Okja,Parasite,Snowpiercer කියන චිත්‍රපට තුනෙන් ඔය කියපු ටෙක්නිකල් දේවල් ප්‍රබලව පෙන්නලා තියෙනවා....පැරාසයිට් කතාව ඇතුලේ පන්ති පරතරය කියන දේ පෙන්නන්න භූමියේ උස පහත යොදාගෙන තියෙනවා....එකම වැස්සට පොහොසත් පවුල ස්තූතියි කියනකොට දුප්පත් පවුල එ වැස්සත් එක්ක තමන්⁣ ජීවත් වෙන තැන වෙනුවෙන් අරගල කරනවා...නිකම්ම නිකං ගලක් යොදාගෙන බලාපොරොත්තු කියන දේවල් මිනිස්සුන්ට කොච්චර වටිනවාද කියලා⁣ පෙන්නලා හරි අපූරුවට පෙන්නලා තියෙනවා...ඒකයි චිත්‍රපටයේ පාක් තමන්ට වටින කිසිම දෙයක් නෙවෙයි ගෙදරින් අරන් යන්නේ,අර ගල විතරයි...


පැරසයිට් ඇත්තටම මතුපිටින් සාමාන්‍ය කතාවක්...ඒත් ඒ කතාවගොඩනඟලා තියෙන විදිය තමයි ඇත්තටම 2019 නිකුත් වුන හොඳම චිත්‍රපටය බවට පැරාසයිට් පත් කලේ කියලා අපිට කියන්න පුළුවන්......





ඊළඟට Parasite,Okja,Snowpiercer  චිත්‍රපට වල කතාව ගත්තොත් බොන්ග් ඒ කියන්නේ කොරියාවට විතරක් පොදු කතාවක් නෙවෙයි.... ලංකාවේ,ධනවාදි ඇමරිකාවේ,බ්‍රිතාන්‍යයේ මේ වගේ ලෝකයේ හැමතැනම ඔය යථාර්ථය අපි දකිනවා...Okja , Snowpiercer පවා කතාව ගොඩනඟලා තියෙන්නේ  එහෙමයි...ඒ ෆිල්ම් වල ඇතුළාන්තය ගත්තම ඒක මුළු ලෝකයටම පොදුයි ..



තව දෙයක් නම් බොන්ග් ජුන් හෝ ගේ චිත්‍රපට වල ජොනාර්ස් නැත්නම් චිත්‍රපටය ශනාරයන්  නැහැ...චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයන්ට තමයි චිත්‍රපටය  මොන ශනාරයේ චිත්‍රපටයක්ද කියන එක තීරණය කරන්න බොන්ග් ජුන් හෝ අවස්ථාව දීලා තියෙන්නේ....ඇත්තටම තිරරචකයෙක් විදියට බොන්ග් ඒ කරන දේ නිසා එයා රාමුවකට කොටු වෙලා නැහැ කියන දේ හොඳින් පේන්න තියෙනවා...


බොන්ග් ජුන් හෝගේ සිනමා ආභාෂය ගැන කතා කලෙත් ඔහුට සිනමා ආභාෂය ලැබිලා තියෙන්නේ Guillermo del Toro කියන මෙක්සිකානු සිනමා අධ්‍යක්ෂකවරයාගෙන් කියලා කියනවා...ඒ වගේම ඇකඩමි සම්මාන උළලේ හොඳම අධ්‍යක්ෂකවරයා සම්මානය ලබා ගන්න අවස්ථාවේ ඔහු කියනවා,ඔහුට ලොකුම සිනමා ආභාෂය ලැබුණේ මාර්ටින් ස්කොසේසිගෙන් කියලා..


අධ්‍යක්ෂකවරයෙක් විදියට බොන්ග් කියනවා එයා කැමති නැතිලු නළු නිළියන් අධ්‍යක්ෂණය කරන්න...ඒකට හේතුව විදියට ඔහු කියන්නේ , " රඟපාන එක රංගන ශිල්පින්ගේ කාර්යයක්...ඒ වගේම ඒක මං අධ්‍යක්ෂණය කරන්න බැරි දෙයක්" කියලා...ඒ කොහොම වුනත් ඔහුගේ චිත්‍රපට වල නළු නිළියන්ගේ රංගනයන් ගැන කතා කරනකොට Mother චිත්‍රපටයේ Kim Hye-Ja ගේ රංගනය කතා නොකරම බැරි බොන්ග් ජුන් හෝගේ චිත්‍රපට වල විශිෂ්ඨ රංගනයන් විදියට අපිට කතකරන්න පුළුවන්...


බොන්ග් ජුන් හෝ අධ්‍යක්ෂණය කල චිත්‍රපට,


Barking Dogs Never Bite (2000)
Memories of Murder (2003)
The Host (2006)
Mother (2009)
Snowpiercer (2013)
Okja (2017) 
Parasite (2019)


ඉතිං මේ විදියට අද සිනමා අධ්‍යක්ෂකාවලෝකනයෙන් කතා කරපු ලෝක සිනමාවේ දකුණු කොරියානු සිනමා සලකුණ , බොන්ග් ජුන් හෝ ගැන ඔබේ අදහස් හා දැනුම බෙදාගන්න හැමදාමත් වගේ ආරාධනා කරනවා....


                                සිනමා තක්සලාව වෙනුවෙන්,
                                  -අනුෂ්ක රසාංජන ද සිල්වා-

Post a Comment

0 Comments