සිනමා අධ්‍යක්ෂකාවලෝකනයෙන් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජපන් සිනමාවේ තවත් වත්මන් සිනමා අධ්‍යක්ෂක පෞරුෂයක් වෙන Hirokazu Kore-eda අධ්‍යක්ෂකවරයා ගැන සොයා බලන්නයි...
කොරේඩා සිනමා නිර්මාණවල ඔහුට ආවේණික සිනමාකරණ හා ශිල්පීය ලක්ෂණය විදියට මානුෂිකත්වය ,පවුල කියන දේ අපිට දකින්න පුළුවන් වෙනවා...මුලින්ම ඔහුගේ සිනමා නිර්මාණ ගැන කතා කලොත් මේවනවිට චිත්‍රපට 20ක් පමණ අධ්‍යක්ෂණය කරලා තියෙන කොරීඩාගේ චිත්‍රපට මේවා වනවා...
Maborosi (1995)
After Life (1998)
Distance (2001)
Nobody Knows (2004)
Hana (2006)
Still Walking (2008)
Air Doll (2009)
I Wish (2011)
Like Father Like Son (2013)
Our Little Sister (2015)
After the Storm (2016)
The Third Murder (2017)
Shoplifters (2018)
The Truth (2019)
After Life චිත්‍රපටයෙන් පසුව ඔහු අධ්‍යක්ෂණය කරන Distance ,No Body Knows , Hana, Still Walking , Air Water, I wish වගේම කාන්ස් සම්මාන උළලේ ජුරියේ විශේෂ සම්මානයක් දිනාගන්න Like Father Like Son චිත්‍රපටය Our Little Sister , After the storm, TheThird Murder වගේම ඔහු මුල් වරට Palme d'Or සම්මානය හා ඇකඩමි සම්මාන උලලේ හොඳම විදෙස් භාෂා චිත්‍රපටය විදියට සම්මාන දිනාගන්න Shoplifter හා කොරීඩා අධ්‍යක්ෂණය කරන ප්‍රංශ චිත්‍රපටය වෙන TheTruth කියන චිත්‍රපට සියල්ලටම ඔහු අධ්‍යක්ෂණයෙන් වගේම තිරරචනයෙන් හා සංස්කරණයෙන්ද දායක වෙනවා...
මොහුගේ සිනමා නිර්මාණ වල රේඛීයව ගලාගෙන යන සරල කතා තේමාවක් හරහා සමාජීය ගැටළු පෙන්වන යථාර්ථයට සමීප ලාක්ෂණීකත්වයක් දකින්න පුළුවන්.....ගොඩාක් වෙලාවට පවුල් අතර ඇති වෙන අනෝන්‍යය බැඳීම හා සමාජ අරගලයන්ට මුහුණ දෙන පවුල පසුබිම් කරගෙන කතා තේමාව ගොඩ නඟන කොරීඩා වර්තමාන දියුණු ජපන් සමාජයේ නොදකින පැතතක් සිය සිනමා නිර්මාණ වලින් ගෙන එන්නට උත්සහ කරන බවක් පෙනනෙන්නට තියෙනවා...
හිරොකාසු කොරෙඩා ලේඛකයෙක් වීමට බලාපොරොත්තු වුනත් විශ්වවිද්‍යාලයෙන් ඉවත් වු පසුව ඔහු රූපවාහිනිය වෙනුවෙන් වාර්තාමය චිත්‍රපට නිර්මාණය කරන්න යෙමු වෙලා තියෙනවා...කාලයත් එක්ක චිත්‍රපට නිර්මාණයට වැඩි කැමැත්තක් ඇති වීමෙන් පසුව ඔහු දේශපාලනික,සමාජීය කරුණු, ඉතිහාසය වගේ මාතෘකා වලින් ඉවත් වෙලා පවුල් අතර සම්බන්ධතාවයන් පවුල් අතර පවතින අනෝන්‍යය සම්බන්ධතාවය වගේ මාතෘකා යටතේ චිත්‍රපට නිර්මාණයට යොමු වෙලා තියෙනවා..මේ කතා තුල ජීවිතය,මරණය, ජපන් සංස්කෘතිය වගේම පුද්ගල බැඳීම් අතර ගැඹුර සියුම් මානුෂික හැඟීම් තාත්විකව හා වරෙක සංවේදීව පෙන්වන්න ඔහු කතාව හරහා සමත් වෙනවා....
හිරොකාසු කොරෙඩාට සිනමා ආභාෂය ලැබිලා තියෙන්නේ Hou Hsiao-hsien සහ Tsai Ming-liang කියන අධ්‍යක්ෂකවරුන්ගෙන් කියලා විචාරකයින් අදහස් පළ කලත් කොරීඩා කියලා තියෙන විදියට ඔහුගේ සිනමා ආභාෂය ලැබිලා තියෙන්නේ Ken Loach සහ ජපන් චිත්‍රපට අධ්‍යක්ෂක Mikio Naruse යන අයගෙන්....
අද මේ විදියට සිනමා අධ්‍යක්ෂකාවලෝකනයෙන් කතා කරපු හිරෝකාසු කොරේඩා ගැන කතා කරන්න,ඔහුගේ සිනමා නිර්මාණ ගැන ඔබට දැනෙන දේ කතා කරන්න අවසානයේ සුපුරුදු පරිදිම ආරාධනා කරනවා...
0 Comments