සිනමා නිර්මාණයක් නිර්මාණය වෙන්නේ පුද්ගලයින් හා කණ්ඩායම් කිහිපයකම ශ්‍රම දායකත්වයෙන්...සිනමා අධ්‍යක්ෂකවරයා,තිරරචකයා,කැමරා අධ්‍යක්ෂකවරයා,සංස්කරණ ශිල්පියා වගේ චිත්‍රපට නිර්මාණකරණයේ ප්‍රධාන අයවලුන් යටතේ විවිධ අංශ කිහිපයක් චිත්‍රපට නිර්මාණයකට දායක වෙනවා කියලා අපි කලින් Film Crew ලිපියෙන් සාකච්ඡා කලා මතක ඇති...එතනින් එහාට සිනමා අධ්‍යක්ෂකවරයා හා කැමරා අධ්‍යක්ෂකවරයා ගැන වෙන වෙනම ලිපි අරන් ආපු සිනමා තක්සලාව අපි අද විමසා බලන්න යන්නේ චිත්‍රපට නිෂ්පාදන කාර්යය මණ්ඩලයේ තවත් වැදගත් ශිල්පියෙක් වුන 1st AD (Assistant Director) නැත්නම් පළමු සහය අධ්‍යක්ෂකවරයා ගැන...
චිත්‍රපට නිර්මාණයේදි අධ්‍යක්ෂකවරයා කැමරාව ඉදිරිපිට කටයුතු මෙහෙයවද්දි කැමරාව පිටුපස කටයුතු පාලනය භාරව ඉන්න ප්‍රධාන චරියක් විදියට අපිට සහය අධ්‍යක්ෂකරයා හදුන්වා දෙන්න පුළුවන්...චිත්‍රපටයක් නිර්මාණය කරන දර්ශන තලයේදි තිරය පිටුපස කටයුතු මෙහෙයවීම හා අධීක්ෂණය කිරීමේ වගකීම පවරෙන සහය අධ්‍යක්ෂකවරයා කාර්යය මණ්ඩලයේ අනිත් අංශ හා අධ්‍යක්ෂකවරයා අතර සම්බන්ධතාවය ගොඩනඟන පවත්වන් යන වගකීමත් පැවරෙන චරිතයක් වෙනවා...
සහය අධ්‍යක්ෂකවරයාට මොකද්ද කරන්න තියෙන්නේ?..
චිත්‍රපට නිෂ්පාදන අවධියේදි කාර්යය මණ්ඩලය හා අධ්‍යක්ෂක අතර සම්බන්ධීකාරක වෙමින් දර්ශන තලයේ කටයුතු අධීක්ෂණය හා මෙහෙයවමින් කාර්යය මණ්ඩලයේ සියළු අංශ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම...
ඒ විදියට හැදින්වුවේ සහය අධ්‍යක්ෂකවරයාගේ භූමිකාව ගැන සරලව විතරයි...අපි දැන් බලමු ඇත්තටම සහය අධ්‍යක්ෂකවරයෙක්ට පැවරෙන්නේ මොන මොන වගේ වගකීම්ද කියලා....
⭕Script breakdown (තිරපිටපත අනුඛණ්ඩනය)
Script Break down ගැන වෙනම ලිපියක් ඉස්සරහට සිනමා තක්සලාවෙන් අරන් එන්න බලාපොරොත්තු වෙන නිසා ඒ ගැන ඉස්සරහට කතා කරමු...සහය අධ්‍යක්ෂකවරයා චිත්‍රපටය රූගත කිරීම් සිදුවෙන නිෂ්පාදන අවධියට කලින් චිත්‍රපටයේ හැම දරශනයක් ගානෙම හොඳින් අධ්‍යනයක් කරලා තිබීම වැදගත් වෙනවා...සීන් එකක් ගානේ කරන ඒ අධ්‍යනය Shot List එක හදන්න AD ට වැදගත් වෙනවා...
⭕Shot List එක අධ්‍යනය කිරීම
Script Breakdown ක්‍රියාවලියේදි සංවිධානය කරගත්ත,අධ්‍යනය කරපු scene නැත්නම් දර්ශන shot නැත්නම් රූපඛණ්ඩ වලට බෙදන එක තමයි Shot list එකේදි කරන්නෙ...මේ සම්පූර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ අධ්‍යක්ෂකවරයා හා කැමරා අධ්‍යක්ෂකවරයාගේ සම්බන්ධවීමෙන්....සහය අධ්‍යක්ෂකවරයාගේ වගකීම අදාල Shot List එළ නිර්මාණය කිරීමෙන් පසුව එය අධ්‍යනය කිරීම හා දෛනිකව අධ්‍යක්ෂක හා කැමරා අධ්‍යක්ෂක සමඟ සාකච්ඡා කිරීම....
⭕Call Sheet එක නිර්මාණය කිරීම
සාමාන්‍යයෙන් නිෂ්පාදකවරයා වගේම නිෂ්පාදන සම්බන්ධීකාරකවරයා වෙනමම Call Sheet නැත්නම් කාලසටහන වෙනමම නිර්මාණය කලත් පලමු සහය අධ්‍යක්ෂකවරයා තමයි වඩාත් විස්තරාත්මක Call sheet නැත්නම් කාලසටහන නිර්මාණය කරන්නේ....මේක රූගත කිරීම් සිදුකරන කාලය තුල කාල කළමණාකරණය කරගන්න නිර්මාණය කරන රූගතකිරීමේ සැලැස්ම විදියට හදුන්වන්න පුළුවන්....ඉතිං රූගත කිරීමේ කාලයේදි දර්ශනතලයේ කැමරාව පිටිපස කටයුතු සංවිධානය කිරීම අධ්‍යක්ෂණය කිරීම සිදු කරන සයහය අධ්‍යක්ෂකවරයාගේ පහසුවට වගේම කාලකළමණාකරණය කරන්න මේ කාලසටහන නිර්මාණය කරගැනීම වැදගත් වෙනවා...
⭕දෛනික රූගතකිරීම් ප්‍රගතිය නිරීක්ෂණය කිරීම..
එදිනෙදා කාලසටහන ක්‍රියාත්මක් වීම ගැන වගේම දෛනික ප්‍රතගතිය නිරීක්ෂණය කිරීමත් සහයඅධ්‍යක්ෂකවරයා සතු වගකීමක් වෙනවා... නැවත රූගත කිරීම් සිදුවෙනවා නම් ඒ කවදාද වගේ පූර්ණ සැලසුම්ගත කිරීමක් සහය අධ්‍යක්ෂකවරයෙක්ට තිබීම අනිවාර්ය අවශ්‍යතාවයක් වෙනවා...
මේ වගකීම් හා රාජකාරී ඇරුණම සහය අධ්‍යක්ෂකවරයාට හොඳ විනයක් හා පැහැදිලි මනසක් තිබීම අත්‍යාවශ්‍ය වෙනවා...දවසේ කාල සටහන කළමනාකරණය අධීක්ෂණය කිරීම වගේම හැම අංශ සමඟ සහයෝගයෙන් කටයුතු කරන්න පුළුවන් සුහදශීලි කඩිසර පුද්ගයෙක් වෙන්න සහය අධ්‍යක්ෂකවරයාට සිදු වෙනවා..
කාටවත් ඇඟිල්ල දික් කරන අනිත් අයට බැනවඳින,උපදෙස් දෙන්න යන කෙනෙක්ට වඩා සහය අධ්‍යක්ෂකවරයා කියන්නේ තමන්ගේ තත්වය,විනය ගැන නිතරම සැලකිලිමත් වෙන්න ඕන පුද්ගලයෙක් විදියට හදුන්වලා දීලා තියෙනවා... හොඳ සවන්දෙන්නෙක්,ක්‍රියාශීලිව කටයුතු කරන්නෙක් වගේම දර්ශනතලයට මුලින්ම පැමිණෙන හා අවසානයට පිටවෙන විශාල වගකීමක් තියෙන කෙනෙක් තමයි සහය අධ්‍යක්ෂකවරයා කියන්නේ...
ඉතිං අද මේ විදියට අපි කතා කරපු සහය අධ්‍යක්ෂකවරයා කියන භූමිකාව හැමෝටමත් කරන්න පහසු කාර්යයක්වත් පහසුවෙන් හිතන්න පුළුවන් රාජකාරියක්වත් නෙවෙයි..සිනමානිර්මාණයක් සාර්ථක වෙන්න අධ්‍යක්ෂකවරාගේ ඉඳලා සියළු දෙනාම තම තමන්ගේ වගකීම් සමුදාය නිවැරදිව ඉටු කරන්න ඕන නම් සහය අධ්‍යක්ෂකවරයාත් එතන ඉහළින්ම ඉන්නවා...
සමහර චිත්‍රපට නිර්මාණයේදි 2nd AD ,3rd AD කියලා අමර සහය අධ්‍යක්ෂකවරු පවා ඉන්න පුළුවන්...මේකෙදී 2nd AD කෙනෙක් ඉන්නවා නම් එයාගේ රාජකාරිය තමයි 1st AD එක්ක සම්බන්ධ වෙලා චිත්‍රපටයේ කැමරා හා කාර්මික ශිල්පීන් ,විදුලි ශිල්පීන් ගැන හොයලා බලන එක...සාමාන්‍යයෙන් 3rd AD කෙනෙක් ගන්නේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක හා අනිත් කාර්මික ශිල්පීන් අතර පණිවිඩකාරයෙක් විදියට.....
ඉතිං සමස්තයක් විදියට හැම චිත්‍රපටයකම 2nd AD, 3rd AD නැති වුනත් හැම චිත්‍රපටයකම වගේ ඉන්න වගේම චිත්‍රපටයක නිෂ්පාදන කටයුතු වලදී අවශ්‍යම කෙනා විදියට 1st AD නැත්නම් පළමු සහය අධ්‍යක්ෂකවරයා කලින් කිව්වා වගේම චිත්‍රපට නිෂ්පාදන ක්‍රියාවලිය සාර්ථකව අරන් යන්න වැදගත් චරිතයක් වෙනවා.....තිරය පිටුපස ඔහු හෝ ඇය සහය අධ්‍යක්ෂකවරයෙක් විදියට සිදුකරන සේවය වෙනුවෙන් සම්මාන නැති වුනත් සිනමාව කර්මාන්තයක් විදියට පවත්වගන්න ඔවුන් සිදුකරන අමිල සේවය සැබැවින්ම ප්‍රශංසනීයයි...
0 Comments