දැන් කාලේ වගේ ඉතින් ලංකාවේ ඉස්සර ස්මාර්ට් දුරකථන තිබුන කාලයක් නොවෙයිනේ.බොහෝ වෙලාවට අපි ජායාරුපයක් හරි වීඩියෝවක් හරි කරනවා නම් අපි කැමරාවක් පාවිච්චි කළා.එක බටන් එකක් එබුවම අපට ශබ්ධය රූපය දෙකම එකම වෙලාවේදී පටිගත කරගන්න හැකියාව තිබුනා.අදටත් අපි අපේ ජංගම දුරකථනය ඔස්සේද මේ විදියට අපේ මතකට තබා ගත යුතුම දේවල් අපි රෙකොර්ඩ් කරගනන්වා.එය අපිට හරිම ලෙහෙසි පහසු ක්‍රියාවලියක්.
සිනමාපටයක් ගත් විට එය හාත්පසින්ම වෙනස් විදියේ දෙයක්.ඒ කියන්නේ සිනමාපටයක රූපරාමු පටිගත කිරීම සහ හඬ කැවීම් සිදුවෙන්නේ කාල සීමාවන් දෙකක.තව දුරටත් කිව්වොත් සිනමාපටය රූගත කිරීමෙන් අනතුරුවයි සිනමාපටයකට ශබ්ධය සහ කටහඩ කැවීම අදාළ නළුවා හෝ නිළිය සපයන්නේ.ඒ ගැන පොඩි හරි ඔයාලට අවබෝධයක් තියෙනවා කියලා මම දන්නවා.
ඉතින් සිනමාපටයක මේ කිව්ව කාරනා දෙක එකට යා කරන්න ගන්න මහන්සිය ලෙහෙසි දෙයක් නෙවෙයි.කොයි තරම් රූපරාමු සහ කෝණ වගේම නළු නිළියන්ගේ භාවප්‍රකාශය පවා කිහිපවිටක්ම කැමරාව තුලින් රූගත කිරීම් කරන්න වෙන අවස්ථා තිබෙනවා.එය එකම වාරයකින් අධ්‍යක්ෂකවරයාට හෝ කමරාශිල්පියාට කිරීම අපහසු කාර්යක්.
හැමදේම අපි හරි ආකාරව කරගත්තා කියමුකෝ.ඉතින් දැන් කොහොමද අපි අපිට හරියටම රූගත වෙච්ච රූපරාමු සොයාගන්නේ.? ඔතනදි සමහර විට එකම දර්ශනය 20 වතාවක් වත් රූපගත කර තියෙන්න පුළුවන්.මේ හැමදේම නිවැරදිව සංශෝධනය කරන්න සංස්කරණ ශිල්පියාට වගේම ශබ්ධ පරිපාලක ශිල්පියාට ලොකු ශ්‍රමයක් දරන්න වෙනවා.ඒ නිසාම තමයි clapperboard එකක් කියලා එකක් පාවිච්චි කරන්නේ.
මේ clapperboard එකට විවිධ වූ නම් භාවිතා වෙනවා.ඒ අතර clapper, clapboard, cue card, clacker, slate, slate board, slapperboard, sync slate, time slate, sticks, board, smart slate, dumb slate යන නම් වලින් තමයි හඳුන්වන්නේ.බොහෝ විට සිනමා නිර්මාණයකදී clapper, clapboard,slate කියලා තමයි මේ දේ හදුන්වන්නේ.
අපි අද ඔයාල දැකලා තියන clapperboard එක කියන්නේ මොකක්ක්ද කියන එක ගැන පොඩ්ඩක් හොයලා බලමු.
අපි හැමෝම දනන්වනේ මුල්ම සිනමා පට හැදුනේ නිහඩ සිනමාපට විදියට කියන එක.clapperboard කියන එකත් ඒ තරම් පැරණි කාලෙක ඉදලා තමයි අද වෙනකම් ඇවිත් තියෙන්නේ.හැබැයි මුල්ම කාලෙනම් ඉතින් එයාලා කළු ලෑල්ලක දර්ශනය රුගත කරන වාරය සදහන් කරලා තියනවා.ඒ හුණු කුරක් පාවිච්චි කරලා.
clapperboard සංකල්පය මුල්වරට හඳුන්වා දෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි පිහිටි චිත්‍රාගාරයක් වන එෆීටි චිත්‍රාගාරයේ ප්‍රධානියා වන F. W. Thring සහ එහි ශබ්ද ඉංජිනේරුවෙකු වූ Leon M. Leon විසින්.ඔවුන් යොදාගත්තේ කළු ලෑල්ලට වඩා ටිකක් වෙනස් දෙයක්.ඔවුන් භාවිතා කලේ අපි දැන් භාවිතා කරනවා වගේ white බෝර්ඩ් එකක්.ඉතින් එකේ පෙර වගේම සටහන් කරන්න වගේම මකන්න පුළුවන් කම තිබුනා.ඒ වගේම තමයි සුදු පැහැති පසුබිමේ කළු පැහැයෙන් ලියුවිට හොදට ඒ දේ කැපී පෙනන බව මතුව තිබුනා.
මොනවද මේ white බෝර්ඩ් එකේ ලියලා තියන වැදගත් දේවල්.
දර්ශනය
දර්ශන රාමු වාරය
කැමරා කෝණය
සිනමාපටයේ නම
අධ්‍යක්ෂකවරයාගේ නම
දිනය
මේ වගේ වැදගත් දේවල් කිහිපයක්ම සඳහන් වෙනවා.
clapperboard එකක් නොමැතිව රූගත කරපු සිනමාපටයකට වෙච්ච පරණ කතාවකුත් මම කියන්නම්කො.Sydney Pollack කියන්නේ අධ්‍යක්ෂකවරයෙක්.ඔහු තරුණ කාලයේදී ඔහුගේ ප්‍රථමව රූගත කරලා තියෙන්නේ අපි මේ කතා කරන clapperboard එකක් නොමැතිවයි.සිනමාපටයක් කිව්වට මේක ගීතවත් සජීවී ප්‍රසංගයක් වන අතර එහි නම Amazing Grace.මෙය රූගත කරලා තියෙන්නේ 1972 වසරේ.මෙම ඇල්බමයේ ගායිකාව වන්නේ Aretha Franklin. ඉතින් ඔයාලා විශ්වාස කරන්න මේ ගීතවත් වූ ප්‍රසංගය අදාළ ඇල්බමය නිකුත් කරන්න වසර 46ක කාලයක් ප්‍රමාද කරන්න වෙලා තියනවා.එකට එකම හේතුව මෙයාලට මේ පටිගත කරන ලද රූපරාමු එකට අමුනන්නම සැහෙන කාලයක් දුක් විදින්න වෙලා.clapperboard නැතුව මේ වගේ සමහර පිරිස් අසරණ වුනු අවස්ථා එමටයි.
clapperboard එකක සිදුවන කාර්ය ගැන තව ටිකක් කතා කරමු.මෙහිදී දර්ශනය රුගත කරන්න කලින් අධ්‍යක්ෂකවරයා take අංකය (take number 5) , sound,camara roling ,action යනුවෙන් විධාන සපයනු ඔබ සිනමාපට නරබන්නෙකු ලෙස අසා හෝ දැක ඇති බවට සැකයක් නැත.මෙලෙස විධාන සපයන්න ප්‍රථම කැමරා දර්ශනය ඉදිරියේ clapper boy යනුවෙන් හඳුන්වන ශිල්පියෙක් කලින් සදහන් කරපු දේවල් සටහන් කරමින් clapperboard එක අතැතිව සිටින අතර ඔහු එහි උඩ කොටසේ තිබෙන ලීයෙන් සැකසු කොටස පහල කොටසට වද්දමින් ශබ්ධයක් ඇති කරමින් දර්ශන පථයෙන් හෙමත් නැතිනම් කැමරාව ඉදිරියෙන් ඉවත්ව යයි.සිනමාපටයේ රුප රාමුව දහ වතාවක් රූ ගත කලත් ඒ සියල්ල සටහන් කරගැනීම ඔහුගේ කාර්යයි.මෙලෙස රුගත කිරීමෙන් අනතුරුව සංස්කරණයේදී හරි ආකාරව ලබා ගත් දර්ශනය සොයාගැනීමට උපකාරී වෙන්නේ clapperboard හි එම අවස්ථාවේ ලියා තිබෙන දර්ශනය රුගත කල අංකනයි.
උදාහරණයක් කිවහොත් දර්ශනය රූගත කර තිබෙන්නේ පස් වන take එකේදී නම් එය ඔවුන් දිනය සමග සඳහන් කර අවශ්‍ය රූපරාමුව ඛාණ්ඩ වලට කඩමින් සංස්කරණ ශිල්පියා විසින් සංශෝධනය කරනු ලබයි.මේ සියල්ල සිතන පතන තරම් ලෙහෙසි කටයුක්තක්ම නොවෙයි.
අද වන විට ලෝකය සහ සිනමාව බොහෝ සෙයින් දියුණුවට පත්ව තිබෙනවා.ඒ වගේම තාක්ෂනය වුවද වෙනස්.ඉතින් මේ දියුණුවන ලෝකයේ සිනමාවේ භාවිතා කරන clapperboard උපකරණය යම් යම් වෙනස් වීම් වලට භාජනය වී තිබෙනවා.ඒ ඩිජිටල් මාධ්‍යයෙන්.අපි කතා කරපු clapperboard එක මේ වන විට digislates හෝ smart slates කියන නම් වලින් සදහන් වෙනවා.මෙහි තිබෙන වෙනස තමයි සියල්ල සදහන් වන්නේ LED කුඩා පැනලයක වීම.පෙර පරිදිම මේ digislates එහෙමත් නැතිනම් smart slates වලින් කරන්නේද clapperboard එකෙන් සිදු කරගත්තාවූ සේවාව පමණි.
සිනමාව කියන්නේ විශාල සමුදුරක්.නොදන්නා දේවල් සහ දැනගත යුතු සමහරක් දේවල් අපි නොහිතන පැති ගැන කතා කරන්න පුළුවන් දෙයක්.ඉතින් සිනමාවට සම්බන්ධ වූ clapperboard උපකරණය ගැන අද සටහනක් තැබුවේ ඔබ ඒ ගැනත් යමක් දැනගත යුතු නිසාවෙන්.ඉතින් මෙවැනිම හරවත් දෙයක් ඔබට තවත් දවසක රැගෙන එන්නම්.
නොදන්න අයට දැනගන්න එක්ක මේ ලිපිය shear කරන්න.


0 Comments