Character Development

සාර්ථක  චරිත ගොඩනැඟීමක් කරනනේ කොහොමද ?..





සමුහයට සාමාජිකයෙක් කරපු ඉල්ලීමක් නිසත් දැන්ම ලියන්න බලාපොරොත්තුවෙන් හිටපු නැති ඒත්  ලිවිය යුතු ලිපියක් ලියන්න හිතුනා...ඒ චරිත ගොඩනැගීම නැත්නම් Character Development ගැනයි...චරිත ගොඩනැගීම චිත්‍රපටයක ටෙලිකතාවක විතරක් නෙවෙයි නවකතාවක වුනත් කතාව ඉදිරියට ගලාගෙන යන්න අත්‍යවශ්‍යම දෙයක් වෙනවා...සරලවම කතාවක ගුණාත්මක බව හා ආකර්ෂණය පවත්වා ගන්න මේ ක්‍රමවත් චරිත ගොඩනැගීමක් සිදු කිරීම වැදගත් වෙනවා....


චරිතයක් හදාගන්න කලින් නිකමට හිතන්න ඔයාගේ චරිතය ගැන...ඔයා පොඩි කාලේ හිතපු විදියයි දැන් හිතන විදියයි දෙකක් නේද...ඔවා පොඩි කාලේ ආස කරපු ඒවා එතකොට දැන් ආස කරන ඒවා දෙකක් නේද?...එතකොට ඔයාගේ ජීවිතේ හමුවුන වෙන්වුන අය නිසා ඔයා කාලයෙන් කාලයට හිතපු දේවල් වෙනස් වුනා නේද...වයසත් එක්ක ඔයා පරිණත කෙනෙක් වුනා...ඒක වුනේ කාලය ගත වෙලා ඔයා වයසට ගිය නිසාද නැත්තම් ඔයාගේ අත්දැකීම් නිසාද?...ජීවිතයේ අපිව පරිණත කරන්නේ වයස නෙවෙයි අත්දැකීම්...


ඒ වගේ නතාවක් නිර්මාණය කරනකොට කාලයත් එක්ක ඒ චරිතය මුහුණ දෙන දේවල් එක්ක චරිතයේ ස්භාවය වෙනස් කරන එක ඔයාගේ කතාව තාත්වික කරන්න අනිවාර්යෙන්ම කල යුතු වෙනවා....එහෙම නැති වුනොත් ඒක අතාත්වික කිසිම ගලායාමක් නැත් එක තැන තියෙනවා වගේ හැඟීමක් එන කතාවක් වෙනවා...ඒත් හැම කතාවකම චරිත ගොඩනැගීම එකම විදියටද වෙන්නේ?...නැහැ...ඒක වෙන්නේ කතාවේ කාලය ගලාගෙන යාම වගේම චරිතය මුහුණ දෙන අත්දැකීම් එක්ක...


එතකොට හිතන්න කවුරු හරි ඉන්නවා කිසිම දෙයක් නිසාවත් කවුරුවත් නිසාවත් වෙනස් වෙන්නේ නැති හැමදාම එකම විදියට හිතන කෙනෙක්...එතකොට ඒ චරිතය ඒ විදියටම අරන් යන්න අපිට සිද්ධ වෙනවා...ඒ විදියේ චරිත ගොඩනැගීමකට කියනවා Static Character Development කියලා...උදාහරණයකින් තව ටිකක් මේක  පැහැදිලි කරන්නම්...ඉපදුණු දවසේ ඉඳලා එකම කාමරයකට වෙලා  ඔයා මේ වෙනකම් ජීවත් වුනා නම් ඔයා කවදාවත් පරිණත වෙන්නේ නැහැ....එ් කියන්නේ ඔයා හැමදාම එකම වගේ...ඒ කියන්නේ ඔයාගේ තියෙන්නේ ඔයාට තිබිලා තියෙන්නේ Static Character Development එකක්...නැත්නම් ස්ථිතික චරිත ගොඩනැගීමක්...


මේ Static Character Development එකකට හොඳම උදාහරණයක් තමයි ආතර් කොනන් ඩොයිලිගේ Sherlock Homes...ඒ චරිතය ඩොයිලිගේ පලවෙනි පොතේ ඉඳලා කිසි වෙනසක් නැතුව එකම විදියට යන්නේ...කවුරු නිසාවත් වෙනස් වෙන්නේ නැහැ...ඒකාකාරී විදියට චරිතය ගලාගෙන යනවා...මේක⁣ට Static වගේම Flat Character කියලාත් කියනවා...


මේකේ විරුද්ධ චරිත ගොඩනැගීම තමයි Dynamic Character Development නැත්තම් ගතික චරිත ගොඩනැගීම කියන්නේ...එ කියන්නේ චරිතය කලින් කිව්වා වගේ කාලයත් එක්ක අත්දැකිම් එක්ක වෙනස් වෙනවා...මේකට තියෙන හොඳම උදාහරණය ජේ.කේ.රෝලින්ග්ගේ හැරී පොටර් කතාව...හැරීගේ චරිතය පලවෙනි කතාවේ ඉඳලා අවසානය වෙනකම් වෙනස් වෙන හැටි බැලුවොත් හොග්වර්ට්ස් නිසාත් වොල්ඩ්මෝර්ට් නිසාත් ඒ චරිතයට වන බලපෑම් නිසා සිද්ධ වෙන වෙනස්කම් අපිට බලාගන්න පුළුවන්...අනිත් චරිතත් එහෙමයි...එතකොට GOT කතාවේ වෙන වෙනම හැම සුළු චරිතයකට පවා හොඳ Dynamic Development එකක් දීලා තියෙන විදිය මේකට හොඳම උදාහරණයක් වෙනවා...


මේ මොන විදියේ චරිතයක් ගොඩනැගුවත් කතාවක් වෙනුවෙන් චරිතයක් ගොඩනගන කොට ඒ චරිතය ගොඩනඟා ගන්න යොදාගන්න පුළුවන් පියවර පහක් මේ විදියට හදුන්වලා දෙන්න පුළුවන්...


01.චරිතයේ ස්භාවය තීරණය කරන්න...


මේ කියන්නේ ඔයාගේ චරිතය Static ද නැත්නම් Dynamic චරිත ගොඩනැගීමක් තියෙන කෙනෙක්ද කියලා තෝරගන්න...ඒ වගේම වැදගත්ම දේ චරිතය Static නම් කතාව පුරාවටම ඒ විදියටම පවත්වගන්නත් Dynamic නම් චරිතය තාත්වික විදියට අරන් යන්නත් වග බලා ගන්න වෙනවා...හොඳම දේ තමයි ඔයාගේ චරිතය Dynamic Character Development එකක් වෙන එක...


02.චරිතය හදන්න...


ඒ කියන්නේ ඔයා හදන චරිතයේ පෙනුම මොන වගේද එයා අදින පලදින විදිය කොහොමද,ඇවිදන විදිය කොහොමද හිතන්නේ කොයි විදියටද ඒ වගේම කායික මානසික දුර්වලා මොනවද කියලා හිතලා ඒ ගැන සටහන් කර ගන්න...සමහරවිට එයාට අනතුරක් වෙලා ඇවිදින්න බැරි වෙන්න පුළුවන්...නැත්නම් උපතින්ම අන්ධ ගොළු බීරි වෙන්න පුළුවන්...ඒ දේවල් සේරම එක්ක ඔයාගේ චරිතය හදාගන්න....


03.චරිතය මුහුණ දෙන අභියෝග හෝ අරගල හදුනගන්න...


ඔයාගේ කතාවේ චරිතය මුහුණ දෙන දේවල් ගැන කතාව හදන ඔයා අනිවාර්යෙන්ම දන්නවා...මේක කරන්න ඔයාට ඕන හොඳ ප්‍රායෝගික අවබෝධයක්...මේකට හොඳම දේ ඔයා ඇත්ත ජීවිතයේ ඔයත් එකක් ගනුදෙනු කරන අය ගැන අධ්‍යණය කරන්න...ඊට පස්සේ ඔයා හිතාගන්න මේ චරිතය හරියට මාත් එක්ක ඉන්න මෙයා වගේ කියලා...ඊට පස්සේ එයාගේ චරිතයට අභියෝගයක් හරි අරගලයක් වෙනුවෙන් දක්වන ප්‍රතිචාරයේදි හිතන්න අැත්තටම එහෙම වුනොත් එයා මොකක් කරයිද කියලා...


03.චරිතයට පසුබිමක් නිර්මාණය කරන්න...


ඒ කියන්නේ Backstory  එකක්...ටොල්කීන්ගේ LOTR වගේම G.R.R.මාටින් එයාගේ GOT කතාව නිර්මාණය කරනකොට  හැම චරිතයකම පරම්පරා ගානක් පිටිපස්සට අතීත කතාවක පවා නිර්මාණය කරලා තියෙනවා....ඒකෙන් ඒ ඒ චරිතය ගැන වෙනමම කියවන කෙනාට අදහසක් එනවා...GOT සීරිස් එකේ ඩැනේරිස්ගේ තාත්තාව පෙන්නන්නේ නැහැ ...එත් අන්තිම සීසන් එක එනකොට හැමෝම උපකල්පනය කලේ ඩැනේරිස් එයාගේ තාත්තා වගේ වෙයි කියලා...ඒ තරමට Character Development ගැන ලොකු අවදායක් මාටින් යොමු කරලා තිබුණා.... චිත්‍රපටයක් නිර්මාණය කරනකොට එච්චර පරම්පරා ගානක් ආපස්සට නැත්ත් එයාගේ ජීවිතේ වැදගත් සිදුවිම් ගැනත් වෙනමම හදාගන්න...උදාහරණයක්  විදියට බැට් මෑන් චරිතය ගන්න...එයාගේ අම්මා තාත්තා මරලා දාපු තැන ඉඳලා බැට් මෑන් වෙනකම් එයාට වෙනමම කතාවක් තියෙනවා...ඒ වගේ චරිතයක් වුනාම ඒ චරිතය ගැන බලනකෙනාට දෙන ඩීටේල්ස් වැඩි වෙන තරමට චරිතය ප්‍රබල වෙනවා...ඒක කතාවේ තේමාව අනුව හදාගන්න ඕන දෙයක්....


05.චරිතය හදුන්වලා දෙන තැන හදුනගන්න..


අන්තිමට අර සේරම කලාට පස්සේ චිත්‍රපටය හරි නවකතාව හරි පටන් ගන්නේ චරිතයේ මොන අවස්ථාවේදීද එතකොට චරිත⁣යේ ස්භාවය ඒ කියන්නේ එයාගේ අතීත සිදුවීම් හා අත්දැකීම් පෙන්නන්නේ කොයි කොයි අවස්ථාවලදීද කියලා තීරණය කරන්න...අන්තිමට පිටපත කියවලා තමන්ගේ චරිත ගොඩ නැගීම සාර්ථකද කියලා බලන්න...


මේ Character Development නැත්නම් චරිත ගොඩනැගීම කියන්නේ වෙනමම උගන්වලා ⁣හරි ඉගෙනගෙන හරි කරන්න පුළුවන් දෙයක් නෙවෙයි...ඇත්තටම මේකට ඕන කරන්නේ අත්දැකිම් හා සමාජය ගැන හොඳ අවබෝධයක්....නිතරම තමන්ට ඇසගැටෙන මිනිස්සු ගැන හොඳට අධ්‍යනය කරන්න..තමන් දන්න කියන අයගෙන් එයාලගේ අත්දැකීම් අහන්න...එහෙම කලාම නිකම්ම චරිතයක් ගොඩනඟන විදිය ගැන අව⁣බෝධයක් සමාජයෙන්ම ඔයාට හොයාගන්න පුළුවන් වෙයි.....


                                 - අනුෂ්ක රසාංජන ද සිල්වා-

Post a Comment

0 Comments