ගියවර සිනමැටෝග්‍රැෆිකරණය යටතේ ගෙන ආ මිසෝන් සෙන් සංකල්පය පිළිබඳ ලිපියේදි කතා කරපු මිසොන් සේන් ශිල්පක්රමයේ මුලික අංග ගැන ඔබට මතක ඇති...එහි එක් වැදගත් අංගයක් මෙන්ම අධ්‍යක්ෂකවරයාගේ දක්ෂතාවය නිරූපණය කරන මිනුම් දණ්ඩක් වන රංග භූමි සැකැස්ම නැතහොත් සිනමාවේදී අපට හමුවන Film Blocking and Staging ගැන කතා කිරීමටයි මේ සුදනම...
🔴මුලින්ම Blocking a Scene යනු කුමක්ද යන්න විමසා බලමු...
මිසොන් සේන් මෙන්ම මේ Block a scene සංකල්පයත් බිහි වී ඇත්තේ 19 වන ශතවර්ෂයේ වේදිකා නාට්‍ය මුල් කරගෙන වෙයි....නර්තනයක නර්තන වින්‍යාසය හෙවත් Cheoreography යන්න ඔබට අවබෝධයක් ඇති...එනම් නර්තනයේ නර්තන ශිල්පීන්ගේ හැසිරීම,චලනයන් මෙන් චිත්රපටයකද නළු නිළියන්ගේ හැසිරීම චලනයන් පමණක් නොව අංගරචනයන් හැසිරවීම Blocking නම් වෙයි...විශේෂයෙන්ම චරිත කිහිපයක් රූපරාමුවක් තුල හැසිරවීම හා පසුතල කිහිපයක චරිත හැසිරවීමේදී හා සිද්ධීන් අනුව චරිත හැසිරවීමේදී ඒවා වඩාත් කලාත්මකව හා සිනමාරූපීව සිදු කිරීමට මෙකී Blocking a Stage සිද්ධාන්තය යොදාගනු ලබයි...
🔴මීළඟට Staging a Scene ගැන අවධානය යොමු කරමු...
Staging යනු වස්තූන් රූපරාමුව තුල හැසිරවීමයි...කැමරාව හැසිරවීම එනම් කැමරා චලනය,කැමරාව ස්ථානගත කිරීම මඟින් චරිත හැසිරවීම හෙවත් Blocking ක්‍රියාවලිය සමස්තයක් ලෙස Staging හෙවත් රංග භූමිය සැකසීම නම් වෙයි...
ඉහත කී සිද්ධාන්ත ද්විත්වය චිත්‍රපටයක එක් කොටසක් ලෙස අවධානය යොමු කර පූර්ව සුදානමකින් සිදු කරගැනීම සිදු කරනු ලබයි...එනම් StoryBoard මෙන්ම Shot list සකස් කරගැනීමේදි මෙසේ එක් එක් රූපරාමු වල චරිත හැසිරවීම හා කැමරාවේ පිහිටුවීම සටහන් කර ගැනීම දර්ශන රාමුවෙන් දර්ශන රාමුවට සිදුකරගැනීම සිදු වෙයි...
🔴දක්ෂ අධ්යක්ෂකවරයෙක්ගේ හැකියාව පෙන්වන එක මිනුම් දණ්ඩක් වන මෙය අධ්‍යක්ෂකවරයෙක් හොඳම අධ්‍යක්ෂකවරයෙක් බවට පත් කරවීමේ සාධකයක් ලෙසටද සලකන්නේ මේ Staging and Blocking හරහා යම් චරිතයක ගති ස්රූපය , හැඟීම් නැතහොත් චරිතය ගැන කියවීමක් සිදුකිරීමටද හැකි වන නිසාවෙනි...
චිත්‍රපටයක Blocking නිවැරදිව සිදුකරගන්නේ කෙසේද?....මෙය නිවැරදිව සිදුකරගැනීමට අනුගමනය කල හැකි උපක්‍රම පහක් Davinci Code චිත්‍රපටයේ අධ්‍යක්ෂක Ron Howard ගේ දේශනයක සඳහන් කර අැත...ඒ ක්‍රම පහ මෙසේ වෙයි...
01.Plan in Advance
මෙසේ හදුන්වන්නේ කලින් සඳහන් කල පූර්ව නිෂ්පාදන අවධියේ සිදුකරන ස්ටොරිබෝඩ් හා ෂොට්ලිස්ට් පිළිබඳව වෙයි..ඔබට චිත්‍රපටය තුල චරිත හැසිරවීම හා කැමරාව පිහිටුවීම චිත්‍රපටය රූගත කරන වේලාවේ සිදුකිරීම අපහසුතාවයට පත් වන කරුණක් මෙන්ම අධ්‍යක්ෂක ලෙස ඔබ වෙහෙසට පත් වන කටයුත්තක් වනවා..ඒ නිසා පූර්ව නිෂ්පාදන අවධියේදි ඒ පිළිබඳ මනා සංවිධානයනින් සැලසුම් සහගව සිදුකරගැනීම වැදගත් වනවා..
02.Let yout Actors inform your blocking
ඔබේ චිත්‍රපටයේ නළු නිළියන්ට ඔබ අධ්‍යක්ෂක වශයෙන් ඔබට ඇති දැක්ම පිළිබඳ අවබෝධයක් තිබීම වැදගත් වෙයි...අදාල දර්ශනයේ චරිත වල හැසිරීම,ස්භාවය හා හැඟිම් පිළිබඳ නළු නිළියන් සමඟ සාකච්ඡා කිරීම හා Blocking Rehearsal එකක් සිදුකිරීම හරහා රෑගත කිරමේදි මෙකී දර්ශන තලය හැසිරවීම පහසු වන ඇත..
03.The scene should inform camara placement
කලින් ලිපිය ආරම්භයේදි කියු පරිදි වේදිකාව හා සම්බන්ධ රංග භූමි හැසිරවීම චිත්‍රපටයක සිදුවීම නැතහොත් චිත්‍රපටයක Blocking ක්‍රියාවලිය Act odf Composition නැතහොත් රූපරාමු සංයෝජන ක්‍රියාවලියක් ලෙසද හැදින්විය හැකි වනවා...
අදාල රූපරාමුව එහි දර්ශනයටඅදාලව සංයෝජනය කරගන්නේ කෙසේද,චරිත ව ල ස්භාවය අනුව කැමරාව පිහිටුවීම සිදු කරන්නේ කෙසේද,උදාහරණයක් ලෙස චරිතයක හැඟීම් තීව්ර කරවීම සඳහා එනම් ඇඬීමක් ඉකිගැසීමක් වැනි මුහුණේ භාවමය නිරූපණයක් නිවැරදිව පෙන්වීමට හා ප්‍රේක්ෂකයාට දැනවීමට නම් Close up හෝ Extremely close up රූපරාමු සැකසීමක් සිදු කල හැකි වෙයි...එවැනි අවස්ථාවට ගැලපෙන කැමරා කෝණ, කැමරාවේ පිහිටුවීම ගැන අවධානය යොමු කිරීම වැදගත් වන බව හෝවර්ඩ් පෙන්වා දෙයි...
04.Give actors "business' during scenes
සරලවම මෙහි අර්ථය නළු නිළියන් පිටපතට සීමානොකිරීමයි...නළු නිළියන් පිටපතට අනුව ඔවුන්ගේ හැඟීම් භාවයන් නිරූපණයට පෙළඹවීම චිත්‍රපටයට අතාත්ත්වික ගතියක් ගෙනඑනු ඇත...මෙවර ඔස්කාර්ස් සම්මාන උළලේ හොඳම චිත්‍රපටය වු නොමැඩ්ලෑන්ඩ් හි රංගනයෙන් යෙදුණු හොඳම නිළිය සම්මානය දිනාගත් ෆ්රැන්සර්ස් මැක් ඩෝර්මන්ඩ් මෙන්ම හොඳම නළුවා සම්මානය දිනා ගත් The father චිත්‍රපටයේ ඇන්තනී හොප්කීන්ස් රංගනයෙන් දායක චරිතය ගැන සලකා බැලුවොත් එම චරිත වල තාත්විකත්වය එම සම්මාන ද්විත්වය ඔවුන් සතුවීමට හේතුවක් වනවා...
එසේ රංගනයක් තාත්විකව සිදුකරගැනීමට නම් රංගන ශිල්පීන්ටද චරිතය වෙනුවෙන් යමක් සිදුකිරීමට ඉඩ ලබා දීම වැදගත් වන බව මෙයන් පවසයි...චරිත වල ස්භාවය සාමාන්‍ය ජීවිතයක කැඩපතක් වන තරමට චරිතයට ජීවයක් එකතු වෙයි..
05.Remain open to adjustment
පූර්ව සැලසුමක් අනිවාර්යෙන් වැදලත් වෙයි...නමුත් රූගත කිරීම් සිදුකිරීමේදි අධ්‍යක්ෂකවරයා කණ්ඩායමේ අනිත් සාමාජිකයන්ගේ අදහස් හා හැකියාවන්ට සවන් දීම හා අවස්ථාව ලබාදීමත් වැදගත්ල කරුණක් ලෙස ඔහු පෙන්වා දෙයි...සැලසුමෙන් පිට ක්ෂණිකව ගනු ලබන තීරණ හා අදහස් මඟින්ද නිර්මාණයක් සාර්ථක කරගැනීමේ අවස්ථාවක් ඇත...
එසේ පෙන්වා දුන් උපක්‍රම හරහා ඔබට අධ්‍යක්ෂක භූමිකාව වඩිත් පහසුවන බව ඔබට පෙනී යනු ඇත...
🔴මීළඟට තවත් වැදගත් සිද්ධාන්තයක් ගැන අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ මෙයද Film Blocking and Staging හා සම්බන්ධ වැදගත් කැමරා ශිල්පීය ක්‍රමයක් වන නිසා වෙයි...එනම් The 180 ° Rule ..නැත්නම් අංශක 180 නීතිය...
The 180° Degree Rule
චිත්‍රපටයක චරිත ද්විත්වයක සම්බන්ධතාවයක් පෙන්වීමට භාවිතා කරන චිත්‍රපට නිර්මාණයේදි යොදා ගන්නා කැමරා මාර්ගෝපදේශයක් මෙනම් වෙයි...මෙය කැමරාව චලනය කරන දෘශ්‍ය අක්ෂයක් වෙයි...චරිත දෙකක් අතර හෝ චරිතයක් යම් වස්තුවක් අතර නිර්මාණය කරගන්නා මේ අක්ෂය ඔස්සේ කැමරාව චලනය කරවීමෙන් චරිත හා එක සමාන වම දකුණු පැති සම්බන්ධතාවයක් පෙන්වීමට හැකි වේ...
ඔබේ අවබෝධය සඳහා සරලව මෙසේ වෙයි ඔබ චිත්‍රපටයක චරිත දෙකක් අතර සංවවාදයක් හොඳින් බලන්න...ඒ සංවාදය A හා B චරිත අතර සිදුවෙනවා නම් A චරිතය තමාගේ දෙබස කියන විට කැමරාව ස්ථානගත කරන්නේ Bගෙ පැත්තේ වෙයි...එනම් B දෙස බලාගෙන (කැමරාව දෙස බලමින්) දෙබස කියන බව පෙන්වයි...එසේ B දෙබස කිවීමේදි A දෙස බලමින් කියන බව පෙන්වීමට කැමරාව A දෙසින් ස්ථානගත කරයි...හොඳින් අවධානය යොමු කලහොත් එවැනි අවස්ථාවකදී කැමරාව 180° රේඛාවක් ඇතුලත පවත්වා ගනියි...මෙය 180°අක්ෂයක් හරහා පවත්වා ගන්නා නිසා මෙය 180 ° නීතිය ලෙස හදුන්වයි...
සිනමාවේ පවතින සියළු නීති හා රීති බිදීමට කිසිදු බාධාවක් නැති බව කලින් ලිපියකත් සඳහන් කලා ඔබට මතක ඇති...එසේම මේ රීතියත් කොටස් 03ක් යටකේ නිර්මාණකරුවන් සිදුකරයි..
01.180 ° නීතිය අනුගමනය කිරීම
02.180° නීතිය බිඳීම
03.180° නීතිය අනුගමනය හා බිඳීම සංයෝගගතව අනුගමනය
නීතිය අනුගමනය කිරීම නම් කලින් කියු පරිදි තෝරාගත් 180° රේඛාවේ එක් පසක පමණක් කැමරාව චලනය කිරීම...කලින් ගත් උදාහරණය අනුව A දෙබස පැවසීමේදී කැමරාව B දෙසින් (Over shoulder shot බොහෝ විට යොදා ගැනෙයි..)ද B දෙබස් කියන විට ඊට සමාන්තරව විරුද්ධ දෙසින් එනම් A ගේ දිසාවෙන් ස්ථානගත කරයි...මෙසේ සිදුකිරීමෙන් දෙදෙනාගේ අැස් අතර සම්බන්ධතාවයක් පෙන්වීමට හැකි වෙයි...
නීතිය බිඳීම නම් රේඛාව අභිභවා අනෙක් පසින් කැමරාව පිහිටුවීම වන අතර නිර්මාණකරුවන් මෙයද සිදු කරන අාකාරය චිත්‍රපට වල දැකගත හැකි වෙයි...A දෙබස කියන විට B දෙසින් නැවත් B කියනවිට A ගේ දෙසින් හා නැවත A කියන විට අක්ෂයෙන් මිදී ඔවුන් දෙදෙනා ඉදිරියෙන් හෝ තරමක් Bපැත්තට නැඹුරුව ඉදිරියෙන් කැමරාව ස්ථානගත කිරීම මීට නිදසුනක් වෙයි...
එසේම නීතිය අනුගමනය හා බිදීම සිදු කිරීම හෙවත් සුසංයෝගය කලින් සඳහන් කල Blockng යටතේ සිදුකරයි...180° අක්ෂයක් වෙනුවට එක් එක් චරිතයන් සඳහා වෙන වෙනම අක්ෂ යටතේ සිදුකිරීම සිදු කරයි...චරිත කිහිපයක් සිටින විට මේ ක්‍රියාවලිය සිදුකරනවා චිත්‍රපට වල දැක ගත හැකි වෙයි...
මෙසේ 180° නීතිය බිඳ දැමීම සාර්ථකව සිදු කල චිත්‍රපට ලෙස The Shining, Requiem for a dream,American Beauty,Hulk,25th Hour චිත්‍රපට සඳහන් කල හැකි වෙයි...
ඉතිං මෙසේ අවධානය යොමු කල Film Blocking and Staging මෙන්ම 180° degree Rule ගැන ඔබට අවබෝධයක් ලැබුණා යැයි සිතනවා...
සිනමා තක්සලාව වෙනුවෙන් -අනුෂ්ක රසාංජන ද සිල්වා-
0 Comments