චිත්‍රපටයක වර්ණ කියන්නේ මිසෝන් සේන් ගුණාංගයේ එක් වැදගත් අංගයක් වෙනවා...කළු සුදු චිත්‍රපටයක වර්ණ ගැන ලොකු අවධානයක් යොමු නොවුනත් ඇදුම් ආභරණ තෝරගන්නකොට මේ වර්ණ භාවිතය ගැන සැලකිලිමත් වෙලා තියෙන්නේ ආලෝකයේ හැසිරවීම පාලනය කරන්න....ඒ කොහොම වුනත් අද වෙනකොට චිත්‍රපටයක වර්ණ කියලා කියන්නේ කතා තේමාවට අනුකූලව හැඟීම් හා අවස්ථා නිරූපණයටත් වැදගත් වෙන සාධකයක් වෙලා ඉවරයි....වර්ණ භාවිතය ගැන කතා කරනකොට කලර් ප්ලේට් කියන දේ චිත්‍රපටයක තේමාවට එකතු කරන අර්ථය සිනමැටෝග්‍රැෆි පැත්තෙන් රූප ඛණ්ඩයකට එකතු කරන වටිනාකම ගැන වගේම ඒක කරන විදිය ගැනත් කතාකරන්නයි අද මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ...ඉතිං අද අපි සිනමාවේ වර්ණ භාවිතය ගැන මුල ඉඳන් විමසලා බලමු....
මුල්කාලයේදි වර්ණ භාවිතය වෙනුවට චිත්‍රපට වල සිනමැටෝග්‍රැෆිකරණය විශිෂ්ඨ කරගන්න සිනමා නිර්මාණකරුවන් යොදාගත්තේ ආලෝකය හා සෙවනැල්ල නැත්නම් ආලෝකකරණය...1950න් පසසේ කළු සිදු සිනමාව වර්ණ සිනමාවක් බවට පත්වෙනකොට නිර්මාණකරුවන් වර්ණ වලින් චිත්‍රපට වල සිනමැටෝග්‍රැෆිකරණය විශිෂ්ඨ කරගන්න ගත්ත විවිධ උත්සහයන් වල ප්‍රතිඵලයක් විදියට කලර් පැලැට් කියන දේ නිර්මාණය වෙනවා....
වර්ණ භාවිතය ගැන කතා කරනකොට අපිට කතා කරන්න තියෙන පලවෙනි කාරණාව තමයි මේ වර්ණවල ප්‍රධාන සංරචක තුන ගැන...
ඒ තමයි Hue, Saturation හා Brightness කියන්නේ...
Hue කියන්නේ වර්ණයන්ගේ ප්‍රධානම ගුණයට...ඇත්තටම අපි පාට විදියට දකින ඇත්තටම ඒ ඒ පාට වල තියෙන වර්ණයන්ට තමයි Hue කියලා කියන්නේ..Color it self විදියට මේක අපි හදුන්වනවා...
Saturation කියන්නේ වර්ණ වල තීව්රතායට...ආලෝකයත් එක්ක වර්ණ වල තීව්‍රතාවය වෙනස් වෙන්න පුළුවන්...
Brightness කියන්නේ වර්ණ වල ආලෝකය හෝ අදුර...වර්ණයක ආලෝකය වැඩී කියන්නේ ඒ වර්ණයේ Value එක නැත්නම් අගය වැඩි...වර්ණයක ආලෝකය අඩුයි කියන්නේ ඒ වර්ණයේ Value එක අඩුයි කියන එක.....
ඊළඟට කතා කරන්න යන්නේ තවත් වැදගත් දෙයක් ගැනයි...ඒ වර්ණ වලින් කොහොමද හැඟීම් ප්‍රකාශ කරන්නේ කියලා..මේකෙදී ඒ ඒ වර්ණ වලට වෙන වෙනම බද්ධ වුන හැඟීම් කිහිපයක්ම තියෙනවා...ඒ ඒ වර්ණ යටතේ ඒ ඒ හැඟීම් ප්‍රකාශයන් මොනවද කියලා අපි දැන් බලමු...
🟥රතු - කෝපය, ආශාව, වියරුව, තණ්හාව, උද්දීපනය, රාගය , ශක්තිය, බලය , වේගය , ආදරය, ගින්න , යුද්ධය,ආක්‍රමණය, රුධිරය , ප්රචණ්ඩත්වය
💗රෝස - පිවිතුරු ආදරය, ආකර්ෂණය , නිරෝගීකම, සතුට , රොමාන්තික බව, මෘදු ,සෙල්ලක්කාරම, සියුම්, ස්ත්‍රීත්වය, අලංකාරය
🟨කහ - දැනුම, උමතුව, අනාරක්ෂිතබව, ගවේෂණය, අසනීප බව, ඉර එළිය , බලාපොරොත්තු,මනාසික ව්‍යාකූලත්වය
🟧තැඹිලි - හාස්‍යය , ශක්තිය , සමබරතාවය , උණුසුම , විචිත්රත්වය , චමත්කාරය , විසිරීම,මිත්‍රත්වය, තාරුණ්‍යය
🟩කොළ - සුවපත් වීම , සන්සුන් බව, නොපසුබට උත්සහය, ස්ථාවරත්වය, ආඩම්බර බව, නොවෙනස්වන බව, ස්භාවධර්මය, පරිසරය, සෞඛ්‍යය, හොඳ, ත්‍යාගශීලීත්වය, වාසනාව, තරුණ බව, ඊෂ්‍යාව, අත්දැකීම් අඩු බව, ප්‍රතිසංස්කරණය හෝ යාවත්කාලීන බව
🟦නිල් - විශ්වාසය, ආධ්‍යාත්මිකත්වය, පක්ෂපාතීත්වය, සාමය, සන්සුන් බව, එකමුතුව, සමගිය, සත්‍යය, විශ්වාසය, පිරිසිදුකම, සීතල,තාක්ෂණය, ආරක්ෂාව,විශාදය හෝ තනිවීම ,සීතල
🟪දම් - අනුරාගය, වංශවත්බව , පොහොසත්, දැනුම, ප්‍රඥාව, අලංකාරය,අත්භූත බව,සංක්‍රමණය හෝ පරිවර්තනය, වැලපීම, සංවේදී බව ,ෆැන්ටසි, මනඃකල්පිතබව
🟫දුඹුරු - සංවේදීතාව, ස්ථාවරත්වය, විශ්වාසනීයත්වය, එළිමහන්, පොළව , සුවපහසුව
⬜සුදු - පවිත්රත්වය, සාමය, එකඟවීම , ධනය, පිරිසිදුකම, උපත, හොඳ බටහිර රටවල් වල නම් විවාහය , ආසියාතික රටවල් වල නම් මරණය සංසාරය හා පුනරුප්පතතිය
⬛කළු - සියළුම අදුරු හා දරුණු සිතුවිලි හා හැඟීම්
මේ විදියට වර්ණ හරහා සිතුවිලි හා හැඟීම් නියෝජනය වෙනවා වගේම මේ හැඟීම් වල ප්‍රබලත්වය වර්ණ වල ආලෝකය අඩු වැඩි වීම අනුව අගය නැත්නම් Value එක අඩු වැඩි වීමෙන් සිද්ධ වෙනවා.
දැන් අපි චිත්‍රපට වල වර්ණයන් ගැන කතා කරනකොට වැදගත් වෙන වර්ණ යෙදුම් නැත්නම් වර්ණ සංකල්ප කියලා හදුන්වන Colour Scheme මොනවද කියලා බලමු...
ප්‍රධාන වශයෙන් Colour Scheme හතරක් තියෙනවා...ඒ,
01.Monochromatic
02.Complementary
03.Analogous
04.Triadic
කියන හතර....අපි දැන් මේ හතර වෙන වෙනම උදාහරණ එක්ක අවධානය යොමු කරමු..
01.Monochromatic
මේකෙදී එකම වර්ණයක් ප්‍රධාන කරගෙනතමයි වර්ණ භාවිතය සිදුකරන්නේ...උදාහරණයක් විදියට Matrix ගත්තොත් ඔයාලාට මතක ඇති ඒ චිත්‍රපට තුනේම හැම ෆ්‍රේම් එකකම කොළ පාට ප්‍රධාන කරගෙන තමයි වර්ණ භාවිතය කරලා තියෙන්නේ....
අපි මේක වෙන වෙනම රූපරාමු විදියට හිතුවොත් මේකෙදී එකම පාටක් රූපරාමුවේ එකම විදියට පේන්නම අවශ්‍ය නැහැ...සමහර වෙලාවල් වලට ඒ තනි වර්ණයේ විවිධ පරාසයන් නිරූපණය වෙන්න පුළුවන්....ඒ කියන්නේ අපි කලින් කතා කරපු වර්ණයේ Value අඩු වැඩි වෙලා තියෙන්න පුළුවන්....උදාහරණයක් විදියට පහළ තියෙන Gladiator චිත්‍රපටයේ රූපරාමුව ගන්න පුළුවන්...ඒකේ තියෙන්නේ නිල්හි විවිධ පරාසයන් වල එකතුවක්....
02.Analogous
මේකෙදී එක ළඟින් යන වර්ණ දෙකක් එකට මිශ්‍ර කරලා තියෙනවා බලාගන්න පුළුවන්..මේකට යොදාගන්නේ කලර්වීල් එකේ එක ළඟ තියෙන වර්ණ දෙකක්....ඒ කියන්නේ රතු නම් ඒ ළඟින් යන රෝස පාට,නිල් නම් ඒ ළඟින් යන දම් පාට,කහ නම් ඒ ළඟින් යන තැඹිලි පාට වගේ පාට දෙකක සංකලනයක් තමයි මේකෙදී බලාගන්න පුළුවන් වෙන්නේ....මෙතනදී උෂ්ණ වර්ණ තවත් උෂ්ණ වර්ණයක් එක්ක,සීතල වර්ණයන් තවත් සීතල වර්ණයක් එක්ක එකතු කරන එක තමයි සිද්ධ වෙන්නේ....
පහළ තියෙන Blad Runner 2049 චිත්‍රපටයේ රූපරාමුව බැලුවොත් දම් හා නිල් වර්ණ සංකලනයක් බලාගන්න පුළුවන් වෙයි...
03.Complementary
මේකෙදිත් වෙන්නේ කලින් වගේ වර්ණ සංකලනයත් තමයි...ඒත් මේකේදි කලර් වීල් එකේ ප්‍රතිවිරුද්ධ වර්ණ දෙකක් තමයි යොදා ගන්නේ..ඒ කියන්නේ නිල් එක්ක කහ වගේ වර්ණයක් තමයි යොදාගන්නේ....
පහළ තියෙන Mad Max චිත්‍රපටයේ රූපරාමුව බැලුවොත් මේ වර්ණ සංකලනයක් බලාගන්න පුළුවන්....ඒ වගේම මේ විදියට වර්ණ සංකලයන් ගොඩාක් වෙලාවට චිත්‍රපට පෝස්ටර වල බලාගන්නත් පුළුවන්...
මේ විදියට වර්ණ දෙකක් වෙනුවට එකිනෙකට විරුද්ද වර්ණ තුනක් යොදාගන්නත් පුළුවන්...ඒක තමයි Triadic කියන්නේ...
04.Triadic
කලින් කියපු විදියට කලර් වීල් එකේ එකිනෙකට වෙනස් වර්ණ තුනක් එකට සංකලය කරන වර්ණ භාවිතයක් තමයි මේකේදි සිදුවෙන්නේ...
මීළඟට අපි බලමු කලින් කතා කරපු Colour Scheme කොහොමද චිත්‍රපට නිර්මාණයේදි යොදාගන්නේ කියලා...
එ යටතේ ප්‍රධාන වර්ණ යෙදවුම් තුනක් හදුන්වන්න පුළුවන්....
01.Discordant Colors
02.Associative Colors
03.Transitional Colors
මේවා Colour Plattes විදියට තමයි චිත්‍රපට වලට යොදා ගන්නේ...ඉතිං දැන් අපි බලමු මේ වර්ණ යෙදවුම් මොනවද කියලා...
01.Discordant Colors
මේ කියන්නේ කලින් කතා කරපු Colour Scheme වලින් මොකක් හරි වැදගත් දේකට අවධානය යොමු කරවන එක....මේකට හොඳම උදාහරණය තමයි Monochromatic Colour Scheme එක යොදාගෙන Steven Spielberg එයාගේ Schindlel's List ෆිල්ම් එකේ රතු කෝට් එකක් ඇදපු ගැහැණු ළමයාගේ සිද්ධිය...එතන කළු සුදු රූපරාමුවේ රතු වර්ණය විතරක් යොදාගෙන තිබුණ එකෙන් සම්පූර්ණ අවධානය ඒ කුඩා ගැහැණු ළමයාට අරගෙන තිබුණා...
ඒ විදියට Complementary Color Scheme වගේම Triadic Color Scheme එක යොදාගෙන විශේෂ දේකට අවධානය යොමු කරන්න පුළුවන්..
02.Associative Color
චිත්‍රපටයක කතා තේමාව හෝ චරිතයක් පාදක කරගෙන වර්ණ යෙදීම...මේක හැඟීම් දැනීම් වුනත් වෙන්න පුළුවන්...හැරී පොටර් චිත්‍රපටයේ Umbridgeගේ කාමරය සකස් කරලා තියෙන්නේ එයාට ආවේණික රෝස වර්ණයෙන්....
ඊළඟට GodFather චිත්‍රපටයේ මරණයක්,පහරදීමක් සිද්ධ වෙන තැන් වල තැඹිලි පාට මතුකරලා තියෙනවා බලාගන්න පුළුවන්...
03.Transitional Color
අන්තිමට කතා කරන්න තියෙන මේකෙදී වර්ණ යොදාගන්නේ චරිත වල වෙනස්වීම පෙන්නන්න...හොඳම උදාහරණය Breaking Bad කතාමාලාවේ වෝල්ටර් වයිට් චරිතය කතාමාලාව ආරම්භයේදි හා අවසානයේදි චරිතයේ වෙනස්වීම ඇදුම් වල වර්ණයන්ගෙන් පවා පෙන්නලා තියෙනවා බලාගන්න පුළුවන්....
මේ විදියට අපි කතා කලේ චිත්‍රපට වල වර්ණ භාවිතයේ මුලිකම වගේම එතනින් එහාට අවශ්‍ය සම්පූර්ණ සිද්ධාන්තමය කරුණු කාරාණා ගැනයි....මෙතනින් එහාට වර්ණ භාවිතය ගැන අවශ්‍ය වෙන්නේ අනිත් ශිල්පීය කරුණු වගේම ප්‍රායෝගික අත්හදාබැලීමයි...
























1 Comments
Patta aiyee ❤️
ReplyDelete