Kuleshov Effect (කුලේෂොව් ඉෆෙක්ට්)


 

Kuleshov Effect

චිත්‍රපට සංස්කරණය ගැන පලවෙනි ලිපියෙන් අපි කතා කලේ සංස්කරණයේ මූලික සිද්ධාන්තයන් ගැන වගේම සංස්කරණය ක්‍රම මොනවාද කියන දේ ගැනයි...අද මේ ලිපියෙන් කතා කරීමට බලාපොරොත්තු වන්නේ රුසියානු සිනමාවෙන් බිහිවුන චිත්‍රපට සංස්කරණයේදී යොදාගන්න වැදගත් සිද්ධාන්තයක් ගැනයි... ඒ Kuleshov Effect (කුලේෂොව් ඉෆෙක්ට්) ගැනයි....


Kuleshov Effect ගැන කතා කරන්න කලින් මේ ක්‍රමය නිර්මාතෘ වුන සෝවියට් චිත්‍රපට නිර්මාණකරුවෙක් වුන Lev Kuleshov ගැන ටිකක් කතා කරලා ඉමු...


1899දී  උපත.ලබන මේ විශිෂ්ඨ සොවියට් සිනමානිර්මාණකරුවා රුසියාවේ මොස්කව් සිනමාපාසල කියන ලොව ප්‍රථම සිනමා පාසලේ නිර්මාතෘවරයත් වෙනවා..සෝවියට් මොන්තාජ් සිනමා ධාරාව සිනමා ශෛලියේ ආරම්භක පුරෝගාමියෙකු විදියටත් කුලේෂොව් අපිට හදුන්වන්න පුළුවන්...මේ සොවියට් මොන්තාජ් ශෛලිය ලෝක සිනමාවේ සිනමා සංස්කරණය කියන විෂයට ඇති කරපු බලපෑම සුළුපටු නැහැ...මේ සාවියට් මොන්තාජ් ගැන ලිපියක් ලෝක සිනමා ඉතිහාසය යටතේ වෙනමම ලිපියකින් කතාකරමු....


මේ චිත්‍රපට  සංස්කරණයේදී රූපරාමු දෙකක් අතර තියෙන සම්බන්ධතාවය පෙන්වන් විදිය ගැන අත්හදාබැලීම් සිදුකරලා සාර්ථකව ප්‍රේක්ෂකයන්ට ඒක පෙන්නන්න සමත් වුන මුල්ම සිනමානිර්මාණකරුවා විදියට කුලේෂොව් හදුන්වන්න පුළුවන්....එකට එකතු කරන රූප ඛණ්ඩ වලින් ප්‍රෙක්ෂකයන්ට අර්ථයක් හා අවබෝධයක් ලබාදෙන්නේ කොහොමද කියන දේ ගැන අත්හදාබැලීමේ ප්‍රතිඵලයක් විදියට බිහි වෙලා තියෙන මේ කුලේෂොව් උපක්‍රමය කියන්නේ ඒ විදි⁣යට සංස්කරණය හරහා රූප කණ්ඩ අතර සම්බන්ධයක් ඇති කරන එක...


1917 රුසියනු විප්ලවයෙන් පස්සේ කුලේෂොව් එයාගේ සිනමා පාසල ආරම්භ කරලා තමන්ගේ ශිෂ්‍යයන් එක්ක සිනමා සංස්කරණය ගැන විවිධ අත්හදා බැලීම් සිදු කරලා තියෙනවා....


ඒ විදියේ අත්හදාබැලීමක් විදියට කුලේෂොව් හොයාගන්නා කිසිම හැගීමක් නැති මිනිස් මුහුණක සමීප රූප රාමුවක් එක්ක සම්බන්ධ වෙන දෙවනි රූපරාමුවේ පෙන්නන දේත් එක්ක පලවෙනි රූපරාමුවේ පෙන්නපු  හැඟීම් රහිත මුහුණෙන් ප්‍රකාශය වුන දේ කියවෙනවා කියලා...ඒ ගැන සරලව මෙහෙම පැහැදිලි කරගමු...


කුලේෂොව් මේකට යොදාගන්නවා කිසිම හැගීම් නිරූපණවක් නැතුව සාමාන්‍ය විදියට බලන් ඉන්න කෙනෙක්ගේ මුහුණේ සමීප රූපකණ්ඩයක් නැත්නම් Close up Shot එකක්...ඊළඟට දෙවනි රූප ඛණ්ඩය විදියට රූපකණ්ඩ තුනක් වෙන වෙනම අරන් මේ පලවෙනි රූප කණ්ඩයත් එක්ක වෙන වෙනම එකතු කරනවා...ඒ පලවෙනි එක මිනීපෙට්ටියක ඉන්න කුඩා ගැහැණු දරුවෙක්...දෙවනි එක එළවළු සුප් පිඟානක් ,තුන්වෙනි එක පුටුවක දිගාවෙලා ඉන්න කාන්තාවක්...දැන් මේ තුන ප්‍රෙක්ෂකයන්ට පෙන්නුවම බලන කෙනාට පලවෙනි එක දැක්කම ඒ කියන්නේ මිනිහෙක් බලන් ඉන්න රූප රිමුවට පස්සේ ගැහැණු ළමයෙක් මිනී පෙට්ටියක ඉන්නවා දැක්කම හිතෙනවා ⁣එහෙනම් මේ කෙනා ඉන්නේ දුකෙන් කියලා...ඒ විදියට දෙවනි එක පෙන්නුවම හිතෙනවා එහෙනම් මෙයා මේ ඉන්නේ බඩගින්නෙන් කියලා...තුන්වෙනි එක පෙන්නුවම හිතෙනවා මෙයා ⁣ඉන්නේ අර පුටුවේ දිගාවෙලා ඉන්නේ ගැහැණු ළමයා ගැන ආශාවකින් කියලා...




ඉතිං කිසිම හැඟීමක් නැති එකම රූප කණ්ඩයට සම්බන්ධ කරපු අනිත් දෙවනි රූප ඛණ්ඩයෙන් අර චරිතයේ පෙන්නන්නේ නැති හැඟීම් ප්‍රේක්ෂකයාට දැනෙනවා...ඉතිං අන්න ඒක තමයි ඇත්තටම චිත්‍රපටයක සංස්කරණයේ ප්‍රභලත්වය...කිසිම සම්බන්ධතාවයක් නැති රූපරාමු අතර සම්බන්ධතාවයක් ඇති කරන්න සංස්කරණයට පුළුවන් කියන එක කුලේෂොව් පෙන්නුවේ ඒ විදියට....



Alferd Hitchcock's Explanation


මේ Kuleshov Effect ගැන පසුකාලයේ තමන්ගෙම අත්හසාබැලීමක් කරපු ප්‍රසිද්ධ හොලිවුඩ් අධ්‍යක්ෂකවරයා තමයි සර් ඇල්ෆඩ් හිච්කොක් කියන්නේ...හිච්කොක් මේකට කුලේෂොව් යොදාගත්ත රූප ඛණ්ඩ දෙකක් වෙනුවට රූප ඛණ්ඩ තුනක් යොදාගන්නවා...ඒ,


01.Close up Shot (සමීප රූප ඛණ්ඩය)

02.POV shot (දෘෂ්ඨි කෝණීය රූප ඛණ්ඩය)

03.Reaction Shot (ප්‍රතික්‍රියාවේ රූප ඛණ්ඩය)


මේකට හිච්කොක් යොදාගන්නේ තමන්වමයි...මුලින්ම හිච්කොක්ගේ සාමාන්‍ය විදියට ඉඳලා මුහුණේ සමීප රූපකණ්ඩයක් ගන්නවා...ඊළඟට ළමයෙක් එක්ක ඉන්න ගැහැණු කෙනෙක්ගේ රූප ඛණ්ඩයක් එක්ක ආපහු වතාවක් හිච්කොක්ගේ ප්‍රතිචාරය විදියට Reaction Shot එකකදී හිච්කොක් හිනාවෙලා ඉන්නවා පෙන්නවා...එතකොට ප්‍රේක්ෂකයන් නිගමනය කරනවා මේ හිනාවෙන හිච්කොක්, අර ළමයෙක් එක්ක ඉන්න අම්මා දැකලා ඇති වෙන අනුකම්පාවක් නැත්නම් අහිංසක සතුටකින් හිනාවෙන හොඳ වයසක මිනිහෙක් කියලා...


දෙවනි එකේදි ආපහු කලින් වගේ මුහුණේ සමීප රූප ඛණ්ඩයයි අන්තිමට ගත්ත Reaction Shot එකයි වෙනස් නොකර POV රූප ඛණ්ඩය වෙනස් කරනවා..මේකේ ඉන්නේ බිකිනියක් ඇඳගත්ත ගැහැණු කෙනෙක්...දැන් ප්‍රේක්ෂකයන් හිච්කොක්ගේ හිනාව දැකලා නිගමණය කරනවා මේ නම් මහා නරක වයසක මනුස්සයෙක් කියලා....



ඉතිං හිතාගන්න රූප ඛණ්ඩක එකට එකතුකරන එක නැත්තම් සංස්කරණයෙන් කොච්චර ලොකු බලපෑමක් චිත්‍රපටයක කරන්න පුළුවන්ද කියලා...


(Lev Kuleshov වගේම Alferd Hitchcock කරපු කුලෙෂොව් අත්හදාබැලීම් ඡායාරූප කමෙන්ට් වලින් බලාගන්න පුළුවන් ).


                              - අනුෂ්ක රසාංජන ද සිල්වා-

Post a Comment

1 Comments