මොකද්ද මේ චෙකොව්ගේ තුවක්කුව
ඇන්ටන් චෙකොව් තියන රුසියානු නාට්‍ය නිර්මාණකරුවා නොදන්න විදියක් නැහැ...මෙයාගේ නාට්‍ය වලින් සාහිත්‍යට දායාද වුන වර්තමානයේ චිත්‍රපට වල සුලභව දකින්න පුළුවන් මුලධර්මයක් විදියට මේ චෙකොව්ගේ තුවක්කුව අපිට හදුන්වන්න පුළුවන්...
වෙකොව්ගේ තුවක්කුව නැත්නම් Checkov's Gun කියන්නේ 3 -Act Structure කතාවක නැත්නම් සරලවම මුල මැද අග කොටස් තුන විදියට ව්‍යුහය සකස් වෙලා තියෙන කතාවක පලවෙනි කොටස ඒ කියන්නේ 1st Act නැත්නම් මුලදී බිත්තියේ එල්ලලා තියෙන තුවක්කුව කතාවේ අවසානයේ නැත්නම් 3 rd Act එකේදි පත්තු කරන විදියේ සංකේතාත්මක මුලධර්මයක්...
තවත් සරලව කිව්වොත් කතාවක අවසානයේ වැදගත්ම වෙන දෙයක් කතාව මුලදි වැදගත් දෙයක් නෙවෙයි වගේ පෙන්නන්න විදියේ සංකේතාත්මක යෙදුමක්...මේකේ කොටස් දෙකක් තියෙනවා...ඒ මුලදී පලවෙනි කොටසේ තුවක්කුව පෙන්නන එක Setup විදියටත් අවසානයේ තුවක්කුව පත්තු කරන කොටස Paid off කියලා...Paid off එකක් නැතුව තියෙන Set up එකකට ඒ කියන්නේ මුලදී පෙන්නන තුවක්කුව පත්තු නොකලා තියමු...එතකොට ඒක Unfired Chekhov's Gun කියලා කියනවා...
මේක තුවකකුවක්ම වෙන්න ඕන නැහැ...ඒක නිකං තියරි එක විතරයි...එතකොට දැන් අපි බලමු මේ මුලධර්මයට උදාහරණය මොනවද කියලා....
මේකය දෙන්න පුළුවන් හොඳම උදාහරණය හැමෝම වගේ බලලා තියෙන 2019 නිකුත් වුන Knives Out චිත්‍රපටය...මේකේ චෙකොව්ගේ තුවක්කු කිහිපයක්ම තියෙනවා...ප්‍රේක්ෂකයන් චිත්‍රපටය පුරාම බලන් ඉන්නවා ඒවා පතතු වෙන්නේ කොයි වෙලාවේ කොහොමද කියලා....
පලවෙනි එක අර පිහිවලින් හදපු සැකැස්ම...අපිට චිත්‍රපටයේ මුල ඉඳලා කිහිප වතාවක්ම ඒක පෙන්නනවා...ඉතිං මේ තමයි Setup එක...ඊළඟට payoff එක අන්තිමට 3rd Act එකේදී වෙන හැටි මතක ඇති...ඒ තමයි රැන්සම් පිහියක් එතනින් අරන් මාර්තාට අනින තැන....
ඒ ෆිල්ම් එකේම දෙවනි උදාහරණය මාර්තාගේ සලත්තුවේ තියෙන ලේ පැල්ලම...මේක මාර්තා දකින්නේ නැති වුනාට අපිට මුලින්ම Close up ෂොට් එකකින් පෙන්නනවා..අපි බලන් ඉන්නවා ඒ තුවක්කුව කොයි වෙලාවේ පත්තු වෙයිද කියලා...අන්තිමට ඒකේත Payoff එක අවසානයේ පෙන්නනවා...හාර්ලන්ගේ ටෙනිස් බෝලයත් තවත් මේ මුලධර්මය යොදාගත්ත අවස්ථාවක...
The Shawshank of Redemption ෆිල්ම් එකේ මුලින්ම මතක ඇති සිරකරුවන්ට පෙන්නන චිත්‍රපටය...එතනදී ඇන්ඩිගෙන් රෙඩ් අහනවා මොනවද ඔයාට ඕන කියලා...ඇන්ඩි කියනවා, එයාට ඕන ඒ වෙලාවේ ටීවී එකේ පෙන්නන රීටා හෙයිවොත් කියන නිළියව කියලා..අන්තිමට ඇන්ඩිට හම්බවෙන රීටාගේ ලොකු පින්තූරය එයා එයාගේ හිරකුටියේ බිත්තියේ එල්ලනවා...ඒක චෙකොව්ගේ තුවක්කුවක් කියලා අපි තේරුම් ගන්නේ අන්තිමට පරීක්ෂකවරයා ඇන්ඩිව හොයාගෙන ආවට පස්සේ...




0 Comments