මේ දවස් වල සිනමා තක්සලාව හරහා හැමදාම වගේ හවස සිනමා අධ්‍යක්ෂකාවලෝකනය හරහා අපි කතා කරන්නේ ලෝක සිනමාවේ අපිට හමුවන අධ්‍යක්ෂකවරු වගේම ඔවුන්ගේ සිනමාකරණ ශෛලිය හා විශේෂතා ගැනයි...ඉතිං අද සිනමා අධ්‍යක්ෂකවරයෙක් ගැන කතා කරනවා වෙනුවට මේ ලෑස්ති වෙන්නේ අධ්‍යක්ෂකවරයා කියන භූමිකාව ගැන කතා කරන්න...අන්තර්ජාලයේ මේ යටතේ දැකපු වටිනා ලිපියක් සිංහලෙන් සිනමාතක්සලාවට අරන් එන්නයි මේ සුදානම....
චිත්‍රපටයක් නිර්මාණය කරනවා කියන දැවැන්ත කාර්යයේ නියමුවා තමයි අධ්‍යක්ෂකවරයා..එහෙමත් නැත්නම් චිත්‍රපට අධ්‍යක්ෂකවරයා කියන්නේ චිත්‍රපටයක සිනමාව නිර්මාණාත්මක දෘශ්‍ය කලාවක් බවට පත් කරන කෙනා නැත්නම් මෙහෙයවන කෙනා වෙන්නේ...සරලවම අධ්‍යක්ෂකවරයෙක් තමයි තිරපිටපතේ තියෙන අදහස නළු නිළියන් හා කාර්යය මණ්ඩලයට මඟපෙන්වමින් චිත්‍රපටයක මුල ඉඳන් අග වෙනකම්ම සක්‍රියව දායක වෙන කෙනා වෙන්නේ...
අධ්‍යක්ෂකවරයෙක් චිත්‍රපටක සිදුකරන්නෙ මොනවද කියලා දැන් අපි බලමු....
⭕තිරපිටපත අධ්‍යනය කිරීම හා අවබෝධ කරගැනීම...
⭕චිත්‍රපටයේ ටෝන් එක නැත්නම් කතාව ගලාගෙන යන විලාසය රිද්මය නිර්මාණය කිරීම...
⭕චිත්‍රපටයට සම්බන්ධ අංශ වල ප්‍රධානීනි සමඟ සම්බන්ධ වීම
⭕Casting Director සමඟ සම්බන්ධ වී ගැලපෙන හොඳ නළු නිළියන් පිරිසක් තෝරාගැනීම
⭕නළු නිළියන් හා කැමරා හැසරවීමට මඟ පෙන්වීම
⭕සංස්කාරණ ශිල්පියා හා සමඟ සම්බන්ධ වි චිත්‍රපටයේ දර්ශන නිවැරදිව එකතු කර ගැනීමට සම්බන්ධ වීම
⭕ශබ්ද හා සංගීත අංශ සමඟ සම්බන්ධ වීම
අධ්‍යක්ෂකවරයෙක්ට හොඳ ඇහැක් වගේම හොඳ දැක්මක් තියෙන්න අවශ්‍යයි...ඒ කියන්නේ නිර්මාණාත්මක අදහස් හා අනිත් අය සමඟ හොඳින් සුහදව හොඳ මඟපෙන්නන්නෙක් වෙන එක තමයි හොඳ අධ්‍යක්ෂකවරයෙක් වෙන්න අවශ්‍යය වෙන්නේ....අපි දැන් බලමු Pre Production ඉඳන් Post Production දක්වා අධ්‍යක්ෂකවරයාට තියෙන කාර්යය භාර්යය මොකද්ද කියලා...
🔴Pre Production
සාමාන්‍යයෙක් තිරරචනය අධ්‍යක්ෂකවරයා නොකරන අවස්ථා වලදී නම් මුලින්ම චිත්‍රපටය ගැන කතා කරගන්නේ තිරරචකයා හා නිෂ්පාදකවරයා කියන දෙපාර්ශවය...ඊට පස්සේ තමයි නිෂ්පාදකවරයා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න සුදුසු අධ්‍යක්ෂකවරයාව තෝරගන්නේ...ඒ කොහොම වුනත් Pre Production පටන් ගත්තම මුලින්ම වෙන්නේ අධ්‍යක්ෂකවරයා තිරපිටපත කියවලා ඒක තමන්ගේ අදහස් එක්ක වැඩිදියුණු කරන එක....
ඉතිං Pre Production එක යටතේ මුලින්ම වෙන්ටන් අධ්‍යක්ෂකවරා තිරපිටපත තමන්ගේ ඔළුවට දාගන්න කොටස...ඊට පස්සේ සිද්ධ වෙන්නේ අධ්‍යක්ෂකවරයා චිත්‍රපටයට සම්බන්ධ අනිත් අංශ වල උදාහරණයක් විදියට කැමරා ,ආලෝකකරණ අංශ වල අයත් එක්ක සාකච්ඡා කරලා එයාලා එක්ක හොඳ වෘත්තිමය සම්බන්ධතාවයක් ගොඩනඟාගැනීම...
ඊළඟට Pre Production එකේ සිද්ධ වෙන වැදගත්ම දේ තමයි Storyboard එක වගේම Shot List එක නිර්මාණය කිරීම...
අධ්‍යක්ෂකවරයා නිර්මාණය කරන StoryBoard එක සිනමැටෝග්‍රැෆිකරණ ශිල්පියා හා නිෂ්පාදන සැලසුම් ශිල්පියා එකක කතා කරගෙන සිද්ධ වෙන මේ වැඩේදි සමහර විට එයාලගේ අදහස් පවා එකතු වෙන්න පුළුවන්....ඒ වගේම වැදගත් දෙයක් තමයි Shot List එක කියන්නෙත්...මේක වදගත් වෙන්නේ චිත්‍රපටයට සුදුසු දරශන තල පසුතල නිර්මාණ වගේ දේවල සැලසුම් කරගන්න.....
ඊට පස්සේ තියෙන්නේ චිත්‍රපටයට සුදුසු නළු නිළියන් තෝරගන්න එක...මේකට Casting Director කෙනෙක් පවා සම්බන්ධ කරගන්නවා....ඒ කාර්යයටත් පස්සේ අන්තිමට තියෙන්නේ Pre Production එකේ අනිත්ම කොටස විදියට තියෙන්නේ සිනමැටෝග්‍රැෆිකරණ ශිල්පියා එක්ක භාවිතා කරන කැමරා උපකරණ වගේ දේවල් ගැන සාකච්ඡා කරගන්න එක...මෙතනදී 1 st AD රූගත කිරීමේ කාලසටහන නැත්නම් Shooting Schedule එකක් නිර්මාණය කර ගන්නවා....ඉතිං දැන් තියෙන්නේ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු නැත්නම් රූගත කිරීමේ කාර්යය....
🔴Production
මෙතනදී අධ්‍යක්ෂකවරයාගේ ප්‍රධාන කාර්යය Directing Actors and Camara නැත්නම් නළු නිළියන් හා කැමරාව මෙහෙයවීම කියන කොටස...චිත්‍රපටයක අධ්‍යක්ෂකට වැඩිම වගකීමක් පැවරෙන නිර්මාණාත්මක ඇසින් චිත්‍රපටය නිර්මාණය කරන මෙතනදී තමයි අධ්‍යක්ෂකවරයා සිනමාව කියන දෘශ්‍ය කලාව නිර්මාණය කරන තැන...නළු නිළියන්ගෙන් කොහොමද හොඳම රංගනයක් එළියට ගේනවා වගේ අධ්‍යක්ෂකවරයා තමන්ගේ හැකියාව පෙන්වන තැන තමයි මෙතන....
🔴Post Production
චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයෙක්ට චිත්‍රපටයේ තිරපිටපතේ ඉඳලා විෂන් එකක් තියෙනවා චිත්‍රපටය මෙහෙම තමයි වෙන්න ඕන කියලා..ඉතිං අධ්‍යක්ෂකගේ ඔළුවේ තියෙන අදහස සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන් තැනක් තමයි Post Production කියන්නේ ...ඒ නිසා මුලින්ම අධ්‍යක්ෂකවරයා සංස්කරණය ශිල්පියා එක්ක එකතු වෙලා අවසන්කරගන්නේ Director Cut එක...ඒ කියන්නේ සිනමාශාලා වලට නිකුත් කරන Finale Cut එකට කලින් අධ්‍යක්ෂකරයාගේ අදහස අනුව අධ්‍යක්ෂකවරයා ට අවශ්‍ය විදියට හැදෙන සංස්කරණය...අන්තිමට ඒ ඩිරෙක්ටර් කට් එක නිෂ්පාදකගේ අදහස් එක්කත් එක්ක තමයි Finale Cut එක නිර්මාණය වෙන්නේ....
සංස්කරණයෙන් පස්සේ අධ්‍යක්ෂකවරයාට යන්න තියෙන අනිත් තැන තමයි ශබ්ද සංස්කරණය කරන තැනට...Sound Design අවසන් වෙලා ඊටත් පස්සේ තමයි සංගීත නිර්මාණය නැත්නම් Music Composer තැනට අධ්‍යක්ෂකවරයා සම්බන්ධ වෙන්නෙ...
මේ විදියට චිත්‍රපටයක මුල ඉඳන් අවසානය දක්වා අධ්‍යක්ෂකවරයෙක්ට ලැබෙන්නේ ලොකු කාර්යයභාරයක්...ඉතිං අධ්‍යක්ෂකවරයෙක් කියන්නේ රූගත කිරීම් වලදී පුටුවේ වාඩි වෙලා බලන් ඉන්න කෙනෙක්ට වඩා ලොකු වගකීමක් තියෙන කෙනෙක් කියලා දැන් ඔයාලාට තේරෙන්න ඇති...
Masterclass වෙබ් අඩවියේ නළු නිළියන් අධ්‍යක්ෂණය කරනකොට මතක තියා ගන්න වැදගත් වෙන කරුණු දහයක් සඳහන් කරලා තියෙනවා...ඒ කරුණු දහයත් එක්ක මේ ලිපිය අවසන් කරන්නම්...ඊළඟ ලිපියෙන් අධ්‍යක්ෂකවරයෙක් වෙන්නේ කොහොමද කියලා අපි කතා කරමු....
ඔයා අධ්‍යක්ෂකවරයෙක් නම් කොහොමද නළු නිළියන් හසුරවන්නේ?....
01.කාත් එක්කද වැඩ කරන්නේ කියලා දැනගෙන ඉන්න...
ඔයාත් එක්ක වැඩ කරන්නේ කලින් ඔයා එක්ක වැඩ කරපු නළු නිළියන් නම් ඔයා එයාලා ගැන දන්නවා..ඒත් එහෙම නැත්නම් හොඳම දේ එයාලා ගැන හොයලා බලලා දැනගෙන ඉන්න එක...ඒකට හොඳම විදිය එයාලා එක්ක වැඩ කරපු අනිත් අධ්‍යක්ෂකවරු එක්ක කතා කරලා තොරතුරු දැනගන්න එක...ඔයා එක්ක වැඩ කරන අය ගැන දැනගෙන ඉන්න එක කරන වැඩේ හරියට කරගන්න ලොකු පහසුවක් වේවි....
02.ඔයාගේ අදහස එයාලා එක්ක බෙදාගන්න...
චිත්‍රපටය ගැන ඔයාගේ ඔළුවේ තියෙන අදහස එයාලා එක්ක බෙදාගන්න...ස්ටොරි බෝඩ් එක ,ෂොට් ලිස්ට් එක පවා එයාලා එක්ක බෙදාගෙන එයාලටත් වැඩේ වෙන විදිය ඔළුවට දැම්මාමත් වැඩේ කරගෙන යන්න ලේසි වෙනවා...
03.වැඩකරන්න හිතෙන හොඳ පරිසරයක් හදන්න...
අධ්‍යක්ෂකවරයෙක් විදියට ඔයා අනවශ්‍ය විදියට කෑ ගහලා බැනලා කාර්යය මණ්ඩලය පීඩනයට ලක් කලොත් කවදාවත් හොඳ Output එකක් ලැබෙන එකක් නැහැ...ඒ නිසා හැමෝටම වැඩ කරන්න හිතෙන ප්‍රියමනාප පරිසරයක් හදන්න පුළුවන් නම් ඒක කරන්න පුළුවන් අධ්‍යක්ෂකවරායටම තමයි...නළු නිළියන්ට සතුටෙන් නිදහසෙන් තමන්ගෙ වැඩේ කරගෙන යන්න පුළුවන් වෙන පරිසරයක් නිර්මාණය කරන්න....
04.සැලසුම් සහගතව සුදානමින් ඉන්න...ඒ වගේම නම්‍යශීලි වෙන්න....
සමහර වෙලාවට ඔයා නොදකින හොඳ දෙයක් අනිත් අය දකින්න පුළුවන්...නළු නිළියන් විශේෂයෙන්ම අධ්‍යක්ෂකවරු කිහිප දෙනෙක් එක්ක වැඩකරපු අය එක්ක වැඩකරනකොට එයාලාටත් එයාලගේ චරිතය වෙනුවෙන් මෙහෙම වුනා නම් හොඳයි කියන අදහස් තියෙන්න පුළුවන්...ඒවාට ඇහුම්දෙන එක වගේම එයාලගෙ අදහස් වලට ගරු කරන එක හොඳ අධ්‍යක්ෂකවරයෙක්ගේ ලක්ෂණයක්...
05.එයාලට වැඩ කරන්න අවස්ථාව දෙන්න...
අධ්‍යක්ෂකවරයාට පුළුවන් Pre Production වලදී වැඩේ ගැන කතාකරන්න...ඒ වගේම රූගත කිරීම් පටන් ගන්න කලින් අවශ්‍ය උපදෙස් දීලා එයාලට අවශ්‍ය දේ දෙන්න...ඒත් රූගත කිරීම් පටන් ගත්තාට පස්සේ ඒ කියන්නේ කැමරා රෝලින් වෙනකොට නළු නිළියන්ට එයාලගේ වැඩේ කරන්න අවස්ථාව දෙන්න....
06.කාලය ගැන සැලකිලිමත් වෙන්න...
රූගත කිරීම් මේ දවසේ මේ වෙලාවට පටන් ගන්නවා කියලා තියෙනවා නම් ඒක ඒ වෙලාවටම පටන් ගන්න පුළුවන් තරම් උත්සහ කරන්න...එහෙම බැරි වෙන්නම හේතුවක් තියෙනවා නම් ඒක ගැන එයාලා එක්ක කතා කරලා විසඳුමක් අරගන්න....
07.ඍජු කෙනෙක් වෙන්න...
නළු නිළියන්ගෙන් අවශ්‍ය දේ ලැබෙන්නේ නැත්නම් හරි මීට වඩා වෙනස් දෙයක් ඕන නම් ඒක එයාලට කෙලින්ම කියන්න...බොරුවට ප්‍රශංසා නොකර වැරදි පෙන්නලා අවශ්‍ය දේ එළියට ගන්න...එයාලාට කරුණාවන්ත වෙන්න..ඒත් අවංකව කෙළින් කතා කරන්න,වැඩ කරන්න....
08.අවසන් ප්‍රතිඵලය ගැන කියවන කෙනෙක් වෙන්න එපා...
"මට ඒන ප්‍රේක්ෂකයන්ට මෙහෙම දැනෙන්න ඕන දෙයක් ....මට ඕන අහවල් චිත්‍රපටයේ අහවල් නළුවා කරපු විදියට දෙයක්...."ඒ වගේ දේවල් අධ්‍යක්ෂකවරයෙක් වුනාම නළු නිළියන්ට කියන්න සුදුසු නැති දේවල්...එහෙම වුනාම නළු නිළියන්ගේ ස්භාවික රංගනයක් එළියට ගන්න අමාරු වෙනවා . එයාලා උත්සහ කරන්නේ අනුකරණයක් නැත්නම් අනවශ්‍ය පීඩනයකින් ඒක කරන්න උත්සහ කරන එක...
09.එයාලාට අවශ්‍යය දේ හදුනගන්න...
සමහර වෙලාවට නළු නිළියන්ට චරිතය වෙනුවෙන් කැපකිරීම් වෙනස්කම් සිද්ධ කරන්න වෙනවා...ඒ වෙනුවෙන් කරන්න තියෙන දේවල් තේරුම් අරන් එයලගේ මනස චරිතය වෙනුවෙන් හදන එකතු අධ්‍යක්ෂකවරයෙක්ගේ වගකීමක් විදියට හිතන්න...
10.නළු නිළියන්ගේ අදහස් වලට සවන් දෙන්න...
සමහරවිට ලියලා තියෙන දෙයක් එයාලට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්..එහෙම අවස්ථාවලදී එයාලා වෙනුවෙන් පිටපතේ එතන වෙනස්කරන එක ගැන වුනත් කරන්න හිතලා බලන්න.....

0 Comments