අද සිනමා අධ්‍යක්ෂකාවලෝකනයෙන් මේ දවස් වල ජනප්‍රියම සිනමා අධ්‍යක්ෂකවරයෙක් වුන Danis Villeneuve ගැන කතාකරනන හේතුවක් තමයි ඔහුගේ 54 වෙනි උපන්දිනය ඊයේ දිනයේ යෙදී තිබීම....මේ කැනේඩියානු සිනමා අධ්‍යක්ෂකවරයා නිර්මාණය කරනු ලැබු සියළුම චිත්‍රපට සාර්ථක චිත්‍රපට බවට පත් වෙන්නේ විචාරක හා ප්‍රේක්ෂක ප්‍රතිචාරද සමඟයි වෙයි...
1990 දී La Course Destination Monde කෙටි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිසෙන විලනොව්ගේ පලමු දිගු චිත්‍රපටය 1998 දී නිකුත් වෙන August 32nd Earth චිත්‍රපටයයි...71 වෙනි ඇකඩමි සම්මාන උළෙලේ හොඳම විදෙස් භාෂා චිත්‍රපට කාණ්ඩයට කැනඩාව නියෝජනය කරමින් ඉදිරිපත් වු චිත්‍රපටය වීමට මේ චිත්‍රපටය සමත් වෙනවා...
2000 වසරේදි නිකුත් වෙන ඔහුගේ දෙවනි චිත්‍රපටය Maelström එම වසරේදි ටොරොන්ටො අන්තර්ජාතික සිනමා සම්මාන උළලේ හොඳම කැනේඩියානු චිත්‍රපටය ලෙස සම්මාන දිනාගන්න සමත් වෙනවා.
2009 දී නිකුත් වෙන ඔහුගේ තුන්වෙනි චිත්‍රපටය වුණු Polytechnique චිත්‍රපටය කාන්ස් සම්මාන උළලේදි ප්‍රදර්ශනය කර අැති අතර කැනේඩියානු චිත්‍රපට වෙනුවෙන් පවත්වන ප්‍රමුඛ සම්මාන උළෙලක් වෙන Genie Award සම්මාන උළලේ හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන 9ක් දිනාගන්න සමත් වෙනවා...
2010 දී නිකුත් වන Incendies චිත්‍රපටය 83 වෙන ඇකඩමි සම්මාන උළලේ හොඳම විදෙස් භාෂා චිත්‍රපට කාණ්ඩයට නිර්දේශ වීමට සමත් වෙන අතර Ginie සම්මාන උළලේ හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන 8ක් දිනාගැනීමට සමත් වෙයි...
2014 අවුරුද්දේ ඇකඩමි සම්මාන උළලේ හොඳම සිනමැටෝග්‍රැෆිකරණය සඳහා වන ඇකඩමි සම්මානයට නිර්දේශ වු Prisoners චිත්‍රපටයෙන් අනතුරුව නිකුත් වෙන Enemy චිත්‍රපටයත් ඔහු සම්මාන කිහිපයක්ම දිනාගන්න සාර්ථක සිනමා නිර්මාණයක් වනවා...
ඉන්පසු නිකුත් වෙන Sicario චිත්‍රපටය විලනොව්ගේ පලමු කාන්ස් Palme d'Or සඳහා තරඟ කරන චිත්‍රපටය වීමට සමත් වෙනවා. .
ඔහුගේ අටවෙනි චිත්‍රපටය වු 2016 දී නිකුත් වෙන Arrival චිත්‍රපටය ආදායම් වාර්තා හා විචාරක පැසසුම් නොමඳව ලබන්න සමත් වෙන විශිෂ්ඨ චිත්‍රපටයක් වෙයි...89 වන ඇකඩමි සම්මාන උළලේ හොඳම චිත්‍රපටය,හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන 8කට නිර්දේශ වන මෙම චිත්‍රපටය Best Sound Editing වෙනුවෙන් හිමි ඇකඩමි සම්මානය එහිදි දිනාගැනීමට සමත් වෙනවා...
1982 දී රිඩ්ලි ස්කොට් නිර්මාණය කරන Blade Runner චිත්‍රපටයේ Sequel චිත්‍රපටයක් ලෙස නිර්මාණය වෙන Blade Runner 2049 චිත්‍රපටය හොලිවුඩයේ තවත් විශිෂ්ඨ චිත්‍රපටයක් බවට පත් වෙන්න විලනොව් මෙන්ම එහි සිනමැටෝග්‍රැෆිකරණය සිදු කල විශිෂ්ඨ හොලිවුඩ් සිනමැටෝග්‍රැෆිකරණ ශිල්පියෙක් වෙන රෝජර් ඩීකින්ස් පවා හේතුවක් වෙයි.......
මේ මස එනම් ඔක්තෝම්බර් 22 විලනොව්ගේ මීළඟ චිත්‍රපටය ලෙස Dune චිත්‍රපටය නිකුත් වීමට නියමිතයි...මෙවර වැනිස් අන්තර්ජාතික සිනමා සම්මාන උළලේ පළමු ප්‍රදර්ශනය පැවැත්වු Dune චිත්‍රපටය මේ වනවිටත් විශිෂ්ඨ චිත්‍රපටයක් ලෙසට ප්‍රේක්ෂක විචාරක ප්‍රතිචාර ලබමින් පවතියි...
මේ ආකාරයට වර්තමාන හොලිවුඩ් සිනමාවේ සාර්ථක හා විශිෂ්ඨ සිනමා අධ්‍යක්ෂකවරයෙක් ලෙස ඉදිරියට යන ඩැනී විලනෝව් ගැන ඔබේ අදහස් හා දැනුම බෙදාගන්නට ආරාධනා කරමින් අද සිනමා අධ්‍යක්ෂකාවලෝකනය අවසානයේ ඔබට ආරාධනා කරනවා...
0 Comments