අද සිනමා තක්සලාවෙන් කතා කරන්න යන්නේ තිරරචනයෙන් පස්සේ තිරපිටපත අධ්‍යක්ෂක හා සිනමාඡායාරූපකරණ ශිල්පියා අතට පත් වෙලා ඊට පස්සේ තිරපිටපත රූගත කිරීම් කරන්න කලින් සිදු කරන තිරපිටපත අනුඛණ්ඩණය නැත්නම් Script Break Down ගැන....රූගත කිරීම් කරන්න අවශ්‍ය මොනවද කවුද කියන හැමදේම දර්ශනයෙන් දර්ශනය වෙන් කරන එක තමයි මෙතනදී කරන්නේ...
සාමාන්‍යයෙන් මේ Script Break Down නැත්නම් තිරපිටපත අනුඛණ්ඩණය සිදු කරගන්නේ චිත්‍රපටයේ ප්‍රධාන වශයෙන්ම පලමු සහය අධ්‍යක්ෂකවරයා වගේම ඇතැම් අවස්ථා වලදී නිෂ්පාදකවරයාත් ඔහුගේ පහසුවට මෙය සිදුකරගන්නවා.....ඒකට හේතුව රූගත කිරීම් සිදු කරන දර්ශනයෙන් දර්ශනයට නැත්නම් සීන් එකෙන් සීන් එකට අවශ්‍ය කරන බජට් එක,උපකරණ මොනවද වගේම රූගත කිරීම් කාලසටහන කියන එ්වා වෙන වෙනම සොයාබලලා කටයුතු සුදානම් කරගන්න...අපි මුලින්ම මේකේ සිද්ධාන්තමය කරුණ ගැන අවධානය යොමු කරමු...
තිරපිටපත අනුඛණ්ඩණය නැත්නම් Script Break Down යනු?...
තිරපිටපත අනුඛණ්ඩණය යනු චිත්‍රපට නිෂ්පාදනයට අවශ්‍ය සියළුම ද්‍රව්‍ය හා ද්‍රව්‍යමය නොවන සම්පත් හදුනාගැනීමට මෙන්ම අයවැය හා රූගත කිරීමේ කාලසටහන ආදි ලිපිලේඛන සකස් කරගැනීමට චිත්‍රපට පූර්ව නිෂ්පාදන අවධියේදි සිදුකරනු ලබන එක් ක්‍රියාවලියක් වෙයි...මේ ක්‍රියාවලිය තිරපිටපතේ දර්ශනයෙන් දර්ශනයට සිද කරනු ලබයි...
ඉතිං ඒ විදියට අන්තිමට දර්ශනයෙන් දර්ශනයට ලැබෙන දර්ශන අනුඛණ්ඩණය (Scene Break Down) හැම දර්ශනයකටම එක් එක් අංශ වලින් නැත්නම් දෙපාර්තමේන්තු වලන් අවශ්‍ය කරන තාක්ෂණික හා නිර්මාණ අවශ්‍යතා අදුරගන්න වැදගත් වෙනවා.
Script Break Down Elements නැත්නම් තිරපිටපත් අනුඛණ්ඩණ අංග කියන්නේ දර්ශනයෙන් දර්ශනයට නැත්තම් සීන් එකෙන් සීන් එකට Scene Break Down එකෙන් අදුරගත්ත විශේෂ අංග වලට...ඒ මොනවද කියලා දැන් අපි බලමු...
🔸Cast / Characters - රංගන ශිල්පීන් හෝ චරිත
🔸Extras - අතිරේක රංගන ශිල්පීන්
🔸Props - රංග භාණ්ඩ
🔸Set Dressing - පසුතල නිර්මාණයන්
🔸Costumes - වස්ත්‍රාභරණ
🔸Makeup - වේශනිරූපණ උපකරණ
🔸Vehicles - වාහන
🔸Stunts - ස්ටන්ට් දර්ශන
🔸Special Effects or VFX - විශේෂ ප්‍රයෝග හා දෘශ්‍ය 🔸ප්‍රයෝග
🔸Livestock - සත්ත්වයන්
🔸Sound - ශබ්ද
🔸Music - සංගීතය
🔸Special Equipment - විශේෂ උපකරණ
අපි දැන් බලමු පියවර 6කින් Script BreakDown නැත්නම් තිරපිටපත අනුඛණ්ඩණය කරන්නේ කොහොමද කියලා...ඔයා සමහ අධ්‍යක්ෂකවරයෙක් හෝ නිෂ්පාදකවරයෙක් හෝ සහය අධ්‍යක්ෂකවරයෙක් නැති අධ්‍යක්ෂකවරයෙක් හරි එහෙමත් නැත්නම් මේ ක්‍රියාවලිය ගැන දැනගන්න කැමති කෙනෙක් නම් මුලින්ම මේ පියවර වලට යන්න කලින් තිරපිටපතක සම්මත ආකෘතිය ගැන අවබෝධයත් තිබීම වැදගත් වෙනවා....සිනමා තක්සලාවේ කලින් තිරපිටපත් ආකෘතිය ගැන ලිපියක් පලකරලා තියෙනවා...
තිරපිටපත් ආකෘතිය ගැනඅවබෝධයක් තියෙනවා නම් පිටපත අරගෙන සුදානම් වෙන්න..අපි තිරපිටපත අනුඛණ්ඩණය කියන කොටසටයි යන්න සුදානම් වෙන්නේ...මේ පියවරයන් හොලිවුඩ් වගේ දැවැන්ත සිනමා කර්මාන්ත වල සිද්ධ වෙන සම්මත පියවරයන් වෙනවා..
01.තිරපිටපත මුලින්ම කියවන ආකාරයට කියවන්න..
මේකේ තේරුම තමයි ප්‍රේක්ෂකයෙක් විදියට හරි නැත්නම් ඔයා මේ ස්ක්‍රිප්ට් එක ගැන මුකුත් නොදන්න කෙනෙක් විදියට හරි කිසිම අදහසක් නැතුව ස්ක්‍රිප්ට් එක කියවන්න...මේ විදියට අවධානයෙන් පළමු වර කියවන ගමන් කතාව එක්ක ,කතාව ගලාගෙන යන විදිය එක්ක සම්බන්ධ වෙන්න උත්සහ කරන්න...එ් විදියට කතාව එක්ක සම්බන්ධ වුනාම අර කියපු අනුඛණ්ඩන අංගයන් අදුරගන්න පුළුවන් වෙනවා...මේ පළවෙනි පියවර පිටපත සලකුණු කරගැනීම කියලාත් කියනවා...
දැන් මේක කවුද කරන්නේ එතකොට?..
සාමාන්‍යයෙන් නිෂ්පාදකවරයා දළ පිටපත් අනුඛණ්ඩණයක් සිදු කරනවා..හේතුව බජට් එක රූගත කිරීමේ කාලසටහන වගේ දේවල් ගැන ඳල අදහසක් ගන්න...එතකොට මේ අනුඛණ්ඩණය සවිස්තරාත්මකව කරන්නේ පළමු සහය අධ්‍යක්ෂකවරයා නැත්නම් 1st AD...එයාට රූගත කිරීම් කාලසටහන නිවැරදිව හදාගන්න වගේම ස්ට්‍රිප් බෝඩ් එකහදාගන්න සම්පූර්ණ අනුඛණ්ඩණයක් සිදු කරන්න වෙනවා..
මීට අමතරව DP නැත්නම් කැමරා අධ්‍යක්ෂකවරයාත් එයාට අවශ්‍ය උපකරණ හා Shot list එක වෙනුවෙන් සරල අනුඛණ්ඩණයක් නැත්නම් තිරපිටපත සලකුණු කරගැනීමක් සිදු කරනවා...ඒ වගේම අනිත් අංශ වල උදාහරණයක් විදියට නිෂ්පාදන සැලසම් අංශයත් මේ විදියට දළ සලකුණු කරගැනීමක් සිදු කරනවා...
02.පිටපතේ දෝෂ නිවැරදි කරගන්න....
මේකට Reformat කරනවා කියලාත් කියනවා..පිටපත මුද්‍රණයේදි දෝෂ සිදුවෙලා තියෙන්න පුළුවන්...පලම සහය අධ්‍යක්ෂකවරයා හරි නිෂ්පාදකවරයා ස්ක්‍රිප්ට් එක Scheduling Software එකකට අැතුල් කරන්න කලින් මේ දෝෂ හදුනගන්න එක ඉතාම වැදගත් කාර්යයක් වෙනවා...
සාමාන්‍යයෙන් සිද්ධ වෙන්න පුළුවන් දෝෂ කිහිපයක් තියෙනවා
එකම දර්ශන තලය ගැන දෙවිදියකට සටහන් වී තිබීම
-ඒකියන්නේ අපි හිතමු කමල්ගේ නිවස ඇතුළත කියලා එකතැනක තිබිලා තව තැනක මාලාගේ නිවස ඇතුළත කියලා තව තැනක තියෙනවා කියලා...මේ ගෙවල් දෙකම එකක් නම් ඒ නම් දෙකක් වෙනුවට එක නමක් යොදාගන්න වෙනවා...තව නිමල්ගේ කාර්යාලය තුල හා කමල්ගේ කාර්යාලය තුල කියන්නේ එකම කාර්යාලය නම් ඒ දෙකට එක නමක් යොදාගන්න වෙනවා...
චරිත වල නම් එකම විදියට නොපැවතීම
ඒ කියන්නේ කසුන් කියන්නේ කමල්ගේ පුතා නම් කසුන්ගේ නම මුල ඉඳන් කසුන් විදියටම තියාගන්න වෙනවා...කොතන හරි කමල්ගේ පුතා කියලා තියෙනවා නම් ඒක නිවැරදි කරගන්න වෙනවා...
දිවා හෝ රාත්‍රි දර්ශන අතරමැදි වෙනත් නම් වලින් තිබීම
ඒ කියන්නේ සමහරවිට මධ්‍යහ්නය, පාන්දර, මැදියම වගේ කාලය දක්වලා තියෙන අනුකොටස ඒ වගේ විවිධ නම් වලින් නැතුව දවල් (Day) නම් දිවා රෑ (Night) නම් රාත්‍රි විදියට විතරක් තියන්න...අවශ්‍ය නම් වරහන් ඇතුලේ අළුයම සවස වගේ නම් පාවිච්චි කරන්න...
එකම දර්ශනයේ අතුලත පිටත දර්ශන වලදී දෝෂ ඇති වී තිබීම
ඒ කියන්නේ එකම සීන් එකේ ගෙදර ඇතුලේ ඉඳලා එළියට යන දර්ශනයක් තියෙන්න පුළුවන්...සාමාන්‍යයෙන් සම්මතය විදියට අපි පිටපතක ඇතුළත දර්ශන පටන් ගන්නකොට INT විදියටත් පිටත දර්ශන EXT කියලාත් යොදනවා...භාෂාව එක්ක ඇතූළත පිටත කියලා දාන්නත් පුළුවන්...INT / EXT දානවා නම් ඒක ෂොට් දෙකක් විදියට නම් එන්නේ ෂෝට් එක පටන් ගන්නකොට INT හෝ EXT යොදාන්න...ඒ වෙනුවට සීන් එක පටන් ගන්න තැන INT/EXT කියලා යොදලා තියෙනවා නම් ඒක දෝෂයක් වෙනවා..
බැරි වෙලා හරි එකම ෂොට් එකකින් හරියට ට්‍රැකින් ෂොට් එකකින් මේ එළිය ඇතුළත දෙකටම යනවා නම් එතකොට උඩින් ලියන්න ඕන මෙහෙමයි...
INT/EXT - කමල්ගේ නිවස - දවල් - Tracking Shot
වාහනයක් තුල හා පිටත මේ විදියේ එකම ෂොට් එකකින් යනවා නම් එතනදි ලියන්න ඕන මෙහෙමයි,
INT/EXT - කමල්ගේ මෝටර් රථය - දවල් - Traveling
දර්ශන අංකය නිවැරදිව නොතිබීම
මේ දෝෂ ආපහු සොයා බලලා නිවැරදි කරන එක අනිවාර්ය වෙන්නේ රූගත කිරීමේ කාලසටහන සැකැස්ම Scheduling Software එකකින් නිර්මාණය කරගන්නවා නම් තමයි...මොකද මේ විදියට පැහැදිලිව තිබුණාම මෘදුකාංගය ඒ විදියටම අදුරගෙන නිවැරදිව සටහන් කරගන්න නිසා...ලංකාවේ එහෙම මෘදුකාංග යොදානොගන්න අවස්ථාවක වුනත් වෘත්තීමය වශයෙක් සාර්ථක 1st AD කෙනෙක් වෙන්න මේවා දැනගන්න එක හොඳයි කියලා හිතුන නිසා තමයි මේ තරම් දීර්ඝ වශයෙන් මේ ගැන සාකච්ඡා කලේ...
03.තිරපිටපත කොටස් 8කට වෙන් කරන්න...
ඒ කියන්නේ මේ Script Break Down කරන එකේදි 1/8 මිනුම කියලා සම්මතයක් තියෙනවා..ඒකෙදි කරන දේ දැනගන්න කලින් Script Format එක ගැන අවබෝධයක් තියෙන්න ඕන කරනවා...
තිරපිටපත් ආකෘතියේ විදියට ස්ක්‍රිප්ට් එකේ පිටුවක් කියන්නේ අඟල් 8ක කොටසක් විදියට තමයි සලකන්නේ...සාමාන්‍යයෙන් සම්මත විදියට සකස් කරපු තිරපිටපතක පිටුවක් කියන්නේ ෆිල්ම් එකක රන් ටයිම් එකෙන් විනාඩියක් විදියට තමයි සම්මත වෙලා තියෙන්නේ..ඉතිං එක පිටුවක් කොටස් 8කට කැඩුවම ඒ එක කොටසක් කරන්න තත්පර 8ක් (8*8) ගියොත් පිටුවට තත්පර 64ක් ආසන්න වශයෙන් විනාඩියක් යනවා කියලා තේරෙනවානේ...මේ තත්පර 1/8 කියන්නේ සම්මතයක්...මේ විදියට එක සීන් එකකට යන දළ කාලය අපිට සටහන් කරගන්න පුළුවන්...ඒක කරන්නේ මෙහෙමයි...
අපි සීන් එකක් කැඩෙන තැන් ස්ක්‍රිප්ට් එකේම ලයින් එකකින් වෙන් කරනවා...ඊට පස්සේ අපි බලනවා අර කොටස් 8න් කීයක් සීන් එකට වෙන් වෙලාද කියලා...හිතන්න ස්ක්‍රිප්ට් එකක පලවෙනි පිටුවයි දෙවනි පිටුවයි කොටස් 8කට මේ විදියට වෙන් කරගත්තා කියලා(ඒක නිල්පාටින් තියෙන්නේ කියලා ගමු)... දැන් හිතන්න පලවෙනි සීන් එක ස්ක්‍රිප්ට් එකේ පලවෙනි පිටුවෙන් පටන් අරන් දෙවනි පිටුවේ මැදක් වෙනකල් ලියවිලා කියලා...එතකොට දෙවනි සීන් එක පටන් ගන්න තැන ඇදිලා තියෙනවානේ සීන් එක කැඩෙන ඉර(ඒක රතුපාට කියලා හිතමු)...ඒ රතු ඉර ට උඩින් තියෙන නිල් ඉරි ගාන ගනන් කරන්න..ඉරි හතරක් තියෙනවා නම් අන්න පලවෙනි සීන් එකට සම්පූර්ණ 1යි 4/8 ක් ගිහිං තියෙනවා..ඒ කියන්නේ,
1 * 4/8 * 60 = තත්පර 90 යි
ඒ කියන්නේ පලවෙනි සීන් එකට තත්පර අනූවක කාලයක් යනවා...
හිතනන දෙවනි පිටුවේ රතු ඉරට උඩින් ඉරි 5ක් ගිහිං කියලා...
1 * 5/8 * 60 = ආසන්න වශයෙන් විනාඩි 100ක් ...
මේක බෙදෙන්නේ නැහැ කියලා දශම ගනන් වලට ගන්නේ නැහැ...ආසන්න ගානට ගනනය කරනවා...
මේ ක්‍රමය ඉස්සරහ නම් 1st AD අතේ රූලකුයි පෑන් දෙකකුයි තියාගෙන කරලා තියෙන වැඩක්...ඒත් දැන් Script Break Down Software එකකට ස්ක්‍රිප්ට් එක ඇතුල් කලාම කොටස් 8 වෙන්වෙලා දක්වන ක්‍රමය හොලිවුඩයේ නම් දවසකට රූගත කරන ප්‍රමාණය හොයාගන්න පාවිච්චි කරනවා..
අපේ දේශිය සිනමාව ඉන්දීය සිනමාවේ චිත්‍රපට වල ගීත ඇතුලත් දර්ශන වලට මොකද කරන්නේ?..ඒකට කරන්නේ සම්පූර්ණ ගීතයේ පද,දෙබස්,ක්‍රියාව සේරම නැවත කොළවල වෙනමම ලියලා අර විදියට බෙදාගෙන තමයි සිදු කරන්නේ...
▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️
04.Script Elements හදුනාගැනීම
තිරපිටපත් අංග නැත්නම් නැත්නම් Elements මොනවද කියලා කලින් අපි කතා කලා... අන්න ඒ අංග හදුනගැනීම තමයි දැන් සිදු කරන්න යන්නේ..මේ ලියවර තිරපිටපත අනුඛණ්ඩණය යටතේ වැදගත්ම කොටසක් වෙනවා...මේ විදියට දර්ශනයෙන් දර්ශනය Elements හදුනාගත්තාම චිත්‍රපට රූගත කිරීම් වලට සුදානම් වෙන්න වගේම Shooting Schedule, Call Sheets හදාගන්න වැදගත් වෙනවා...
මේ පියවර Tagging Script නැත්නම් ස්ක්‍රිප්ට් එක ටැග් කරනවා කියලාත් කියනවා...මේක Script Break Down මෘදුකාංගයකින් කරගන්න ලේසි වුනත් දැන් කියන්න යන්නේ සාමාන්‍ය විදියට මේක කරන්නේ කොහොමද කියලා...
මේකට මුලින්ම පාට 10ක විතර ෆ්ලැටිග්නම් ඕන කරනවා...ඒ වගේම සාමාන්‍යයෙන් අගල් 4*4 වගේ පොඩි සුදු පාට කොළ 10ක් ගන්න...
දැන් මේ වර්ණ Elements වලට බෙදෙන්නේ මෙහෙමයි...
🟪චරිත - දම් පාට
🟩අතිරේක චරිත හා පරිසරය - කොළ පාට
🟫රංග භාණ්ඩ හා උපකරණ - දුඹුරු පාට
🟧චරිත වල වස්ත්‍රාභරණ - තැඹිලි
💗වේෂනිරූපණ (ලේ තුවාල වැනි) - රෝස පාට
🟦වාහන - නිල්පාට
🟥ස්ටන්ට් - රතු පාට
🟦SPFX (පිපුරුම්,වැස්ස,හුළඟ වැනි විශේෂ ප්‍රයෝග) - ලා නිල් පැහැය
🟩අශ්වයින් හා ගවයන් වැනි විශාල ප්‍රමාණයක සත්තවයින් - ලා කොළ පාට
🟨බල්ලන් පූසන් සර්පයින් වැනි කුඩා සත්ත්වයින් - කහ පැහැය
ඉතිං මේ පාට වලින් අර පොඩි කොළ වල මේ Elements ටික පිළිවෙළට ලියාගෙන මේසයක පිළිවෙළට විසුරවලා ඒ කොළ උඩින් අදාල පාට ෆ්ලැටිග්නම් ටික තියාගන්නවා..එහෙම කලාම Elements එකට අදාල පාට හොයාගන්න ලේසි නිසා තමයි මෙහෙම කොළ වල ලියලා වෙන වෙනම ළගින් තියාගන්නේ...
ඊළඟට ස්ක්‍රිප්ට් එක අරගෙන දර්ශනයෙන් දර්ශනය අදාල Elements අදාල අදාල පාටින් හයිලයිට් කරගෙන යනවා...මේ විදියටම මුළු ස්ක්‍රිප්ට් එකේම Elements හදුනාගත්තට පස්සේ ඊළඟ පියවරට අපිට යන්න පුළුවන්...
අපි හිතමු මීට අමතරව අවි ආයුධ වගේ Elements හරි නැත්නම් මේවගේ පාට පාට හොයාගන්න හදිස්සියේ හරි නැති වුනා කියලා එතකොට අපිට විශේෂ සංකේත , ඉරි,තරු,රවුම් වගේ පාවිච්චි කරන්න පුළුවන්...
නිකමට අපි හිතමු එක දර්ශනයක තියෙනවා එක්කෙනෙක්ට වෙඩි වැදිලා මැරිලා කියලා... එහෙම දර්ශනයක මැරිලා කියන කොටසයි වෙඩි වැදිලා කියන කොටසයි දෙකටම SFX නැතිනම් විශේෂ ප්‍රයෝග යොදාගන්න වෙනවා...ඒක එතකොට ලා නිල් පාටින් පාට කරනවා...ඒ වගේම එතනදි වෙඩි වැදිලා කියලා පෙන්නන්න වේෂ නිරූපණය කරන්නත් වෙනවා...ඒ නිසා ඒ පාට දෙකෙන්ම එතන ලකුණු කරගන්න වෙනවා...
වෙඩි තියන කොටසදි ආයුධ වලට තෝරගත්ත පාට වගේම වෙඩි හඩත් අවශ්‍ය වෙන නිසා Sound වලට තියෙන පාටිනුත් පාට කරගන්නවා...
▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️
05.Script Break Down Report එක නිර්මාණය කර ගැනීම..
මේ රිපෝර්ට් එක අවශ්‍ය කෙනෙක්ට ඩවුන්ලෝඩ් කරගන්න කමෙන්ට් එකක් විදියට එකතු කරන්නම් පහළින්...
මේ රිපෝර්ට් එක දෙ විදියකට හදාගන්න පුළුවන්... පලවෙනි විදිය ටෙම්ප්ලේට් එකක් අරන් Excel හෝ Google Docs හරහා නිර්මාණය කරගන්න පුළුවන්..නැත්නම් Script Break Down Software එකක් අධාරායෙන් කරගන්න පුළුවන්...මේක Google Docs හරි වෙන Online Softare එකකින් ඔන්ලයින් හදගත්තොත් ඔයාට මේක අනිත් අංශ වල ඉන්න ශිල්පීන්ට මේකම යවන්න පුළුවන්...
මේ එක කොළයක දර්ශනයෙන් දර්ශනය විස්තර සවිස්තරාත්මකව පුරවගන්න එක තමයි මේ පියවරේදි සරලවම කරන්නේ...
මේ විදියට කතා කරපු Script Break Down කියන කොටසට අදාල පියවර 5 මෙච්චරයි...ඒත් මුලදී කිව්වා පියවර 6ක් ගැන...මේකේ 6වන පියවර තමයි Shooting Schedule එක හා Strip Board එක නිර්මාණය කිරීම...මේ කාර්යය Script Break Down එකෙන් පස්සේ සහය අධ්‍යක්ෂකවරයාගේම රාජකාරියක් වෙනවා...
මේ ලිපිය තව දීර්ඝ වෙන නිසා ඒ ගැන අපි වෙනම ලිපියකින් ඉස්සරහට කතා කරමු...සහය අධ්‍යක්ෂකවරයා කොහොමද Strip Board එක වගේම Shooting Schedule එක නිර්මාණය කරන්නේ වගේම
අධ්‍යක්ෂකවරයා හා කැමරා අධ්‍යක්ෂකවරයා Shit List එක හදාගන්න විදිය ගැනත් ඉක්මනින් ලිපි දෙකකින් අරන් එන්න බලාපොරොත්තු වෙනවා...
0 Comments