අද සිනමාතක්සලාව හරහා අරන් එන්නේ , කලින් ලිපියේ කතා කරපු Script Break Down වගේම පූර්ව නිෂ්පාදනයේදි නැත්නම් Pre Production වලදි සිදුකරන තවත් වැදගත් ක්‍රියාවලියක්ගැනයි..ඒ තමයි ෂොට් ලිස්ට් නැත්නම් චිත්‍රපටයේ රූප කණ්ඩ කලින් සැලසුම් කරගෙන නිර්මාණය කරගන්න සංක්ෂිප්ත තොරතුරු එකතුව ගැනයි...
ෂෝට් ලිස්ට් එක කියන්නේ ලොකු බජට් එකක් යොදවන වෘත්තාන්ත චිත්‍රපට වල ඉඳලා පොඩි සාමාන්‍ය කෙටි චිත්‍රපටයක් වෙනකල් අත්‍යාවශ්‍යම දෙයක්...මේක චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වගේම කැමරා අධ්‍යක්ෂකවරයා එකතු වෙලා නිර්මාණය කරගන්න ලැයිස්තුගත කිරීමක්..අපි මුලින්ම සිද්ධාන්තමය වශයෙන් මේක ගැන දැන අදුරගමු...
Shot List යනු?...
චිත්‍රපටයේ සෑම දර්ශනයකම සෑම කැමරා රූප කණ්ඩකයක්ම නැත්නම් Shots සියල්ල සැලසුම් කරගෙන නිර්මාණය කරගන්නා ලැයිස්තුව මෙනම් වෙයි...
ඇයි ෂෝට් ලිස්ට් එක අපිට වැදගත් වෙන්නේ?..
ඔයාලා දන්නවා ෆිල්ම් එකක් රූගත කරන්නේ තිරපිටපතේ අනුපිළිවෙලට නෙවෙයි...එක දර්ශනතලයක රූගත කරන්න තියෙන කොටස් එකපාර රූගත කිරීම් සිදු කලාම කාලය ශ්‍රමය ඉතුරු කරගන්න පුළුවන් නිසා 1st AD ගේ Shooting Schedule එකේ විදියට තමයි රූගත කිරීම් සිද්ධ වෙන්නේ...මේ විදයට රූගත කිරීම් සිදු වෙනකොට ඒ ඒ දර්ශනයට අවශ්‍ය කැමරා උපකරණ ගැන කැමරා කෝණ,චලන ගැන පූර්ව සැලසුමක් සහිතව රූගත කිරීම් සිදු කරන්න තමයි මේ Shot List එක වැදගත් වෙන්නේ...උදාහරණයක් විදියට එක දර්ශනයක ෂොට් දෙකක් 50mm හා 85 mm ලෙන්ස් දෙකකින් රූගත කිරීමට අවශ්‍ය නම් මේ ෂොට් ලිස්ට් එකේ ලෙන්ස් යටතේ වෙනමම ලෙන්ස් Set up එකක් හදාගෙන අදාල දර්ශනය සැලසුම් කරගන්න පුළුවන්...
වැදගත්ම දේ අධ්‍යක්ෂකවරයා තිරපිටපත චිත්‍රපටය විදියට නිර්මාණය කරන්න ඔහුගේ තියෙන නිර්මාණාත්මක දැක්ම එළියට ගන්න පලවෙනි තැන විදියට Shot List එක හදුන්වන්න පුළුවන්....සාමාන්‍යයෙන් අධ්‍යක්ෂකවරයෙක් මුලින්ම දර්ශන, රූප රාමු වලට ඛණ්ඩනය කරලා නැත්නම් රූප නිර්මාණය කරලා ඒක චිත්‍රණය කරන එක තමයි සාර්ථක පියවර විදියට හදුන්වන්නේ...ඉතිං Shot List එක Story Board එක නිර්මාණය කරන්න කලින් නිර්මාණය කරගැනීම ඒ විදියට අධ්‍යක්ෂකවරයාටත් පහසුවක් වෙනවා...
කවුද Shot List එක නිර්මාණය කරන්නේ.?..
මේක චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වගේම සිනමාඡායාරූපකරණ ශිල්පියා නැත්නම් කැමරා අධ්‍යක්ෂකවරයා කියන දෙන්නා එකතු වෙලා කරන නිර්මාණාත්මක ක්‍රියාවලියක්..ඒ වගේම මේකට සහය අධ්‍යක්ෂකවරයාත් එකතු වෙන අවස්ථා තියෙනවා...මෙතනදි මේ දෙන්නාට අවස්ථාවක් තියෙනවා කොහොමද කැමරාව භාවිතා කරලා කතාවක් කියන්නේ , සිද්ධී හා අවස්ථා නිරූපණය ප්‍රබලව දනවන්නේ කොහොමද වගේම චරිතවල හැසිරීම පවා පෙන්වන්නේ කොහොමද කියන එක ගැන...
දැන් අපි බලමු ෂෝට් ලිස්ට් එකේ අඩංගු වෙන කරුණු නැත්නම් Elements මොනාවද කියලා...
Elements of a Shot List
🔸01.Scene Number - දර්ශන අංකය
🔸02.Shot Number - රූප ඛණ්ඩයේ අංකය
🔸03.Shot Description - රූප ඛණ්ඩය හදුනාගත හැකි වන කෙටි විස්තරයක්..
🔸04.Shot Size - රූප ඛණ්ඩය තුල වස්තුවේ ප්‍රමාණය (උදාහරණයක් විදියට Close up shotද Medium shot කියලා )
🔸05.Shot Type - Camara Angle නැත්නම් රූප ඛණ්ඩය තුල වස්තුව රාමු කරන ආකාරය (HighAngle shit,Low Angle Shot etc..)
🔸06.Movement -රූප ඛණ්ඩය තුල කැමරාව චලනය කරන ආකාරය (Pan,Tilt, Static)
මේ ඉහත කරුණු නැත්නම් Elements හය ඕනම සරල Shot List එකක පවා අනිවාර්යෙන් තිබිය යුතුම කරුණු 6ක් වෙනවා...මීට අමතරව තවත් කරුණු නැත්නම් Elements ඉතාමත් විස්තරාත්මකව සකස් කරල අවස්ථාවල දී පහත ඒවාත් යොදනු ලබනවා...
🔸07.Equipment - රූප ඛණ්ඩය හසුකරගැනීමට අවශ්‍ය කැමරා උපංග (Tripod, Crane,Dolly ,etc.)
🔸08.Lens - කැමරාවට අවශ්‍ය කාච
🔸09.Location - දර්ශනතලය (EXT/INT යන වග)
🔸10.Frame Rate - රූප කණ්ඩ අතර සංඛ්‍යාතය (Nomal Speed, Slow Motion, Fast Motion)
🔸11.Characters - චරිත
🔸12.Sound - ශබ්ද හා දෙබස් (උදාහරණයක් විදියට දෙබස් ඇහෙන්නේ පසුබිමින් නම් VO විදියට සටහන් කරනවා)
🔸13.Extra Notes - අධ්‍යක්ෂකවරයාට රූප ඛණ්ඩය ගැන චිත්‍රපට කණ්ඩායමට සඳහන් කිරීමට ඇති විශේෂ කරුණු...
දැන් මේ Elements නැත්නම් කරුණු වලට දර්ශන වල විස්තර එකතු කරලා පියවර පහකින් ෂොට් ලිස්ට් එක හදාගන්නේ කොහොමද කියලා බලමු...
01.Elements ලැයිස්තුගත කිරීම
Shot List එක හදන්න යොදාගන්න Spredsheet නැත්නම් වගුවේ අපි කතා කරපු Elements 12 හරස් අතට ලියාගෙන වෙන වෙනම බෙදාගන්නවා...මේ විදියට හදපු Shot List Template එකක් පලවෙනි කමෙන්ට් එකේ ලින්ක් එකෙන් ඔයාලට ගන්න පුළුවන්...
02.රූප කණ්ඩ වලට බෙදීම (Break down to Shot)
මේ කියන්නේ හැම දර්ශනයකම නැත්නම් සීන් එකකම අවශ්‍ය කරන ෂොට් නැත්නම් රූප ඛණ්ඩ එකින් එක හදුනගෙන වෙන්කරගෙන ඒවාට අවශ්‍යය කැමරා උපකරණ ShotType ,Shit Size , Camara Movements වෙන වෙනම කලින් කියපු ලැයිස්තුවේ එක් එක් කොටස යටතේ වෙන වෙනම ලැයිස්තු ගත කිරීම...
කොහොමද රූප ඛණ්ඩ වලට බෙදන්නේ කියලා අපි බලමු...උදාහරණයක් විදියට දෙන්නෙක් අවන්හලක කතා කරන දර්ශනයක් නැත්නම් සීන් එකක් තියෙනවා කියලා හිතමු...දැන් මේ දර්ශනය ආරම්භ කරපු වෙලාවේ ඉඳලා අවසන් වෙනකල්ම කැමරාව එකම විදියට තියාගෙන දෙන්නා කතා කරන එක විතරක් පෙන්නන්නේ නැහැ කියලා චිත්‍රපට බලන ඕන කෙනෙක්ට තේරෙනවා...
ඒ විදියට ඒකාකාරී විදියටම කැමරාව දර්ශනය පුරාම තියාගන්න එක බලන කොනාටත් ඒකාකාරී වෙනවා..මේක ඒ නිසා රූප කණ්ඩ නැත්නම් ෂොට් වලට කඩනවා.දැන් මේ දර්ශනය ෂොට් විදියට බෙදන හැටි ගැන උදාහරණයක් විදියට පෙන්නන්ම්.....
දර්ශන අංක 10- සාලිය දේවක දෙන්නා අවන්හලක සංවාදයේ යෙදි සිටියි..ටික වෙලාවකින් මෙතනට ආලෝක පැමිණෙනවා..
Shot no 1- අවන්හලට පිටතින් අවන්හල ඉදිරිපිට වාහනයක් ගමන් කරයි..(Wide Shot/ push in camara mov.)
Shot no 2 - අවන්හල තුල සේවකයෙක් තේ හදමින් සිටියි..( Medium shot /static camara)
Shot no 3 - දුම් දමමින් තේ කෝප්පයක් මේසය මත තබා ඇත..(Bird eye/overhead shot)
Shot no 4 - (සාලිය කතා කරන අවස්ථාව)සාලියගේ මුහුණ පෙන්වයි..(close up/ one shot/ High Angle )
Shot no 5 - (සාලිය කතා කරන අවස්ථාව) දේවකගේ ප්‍රතිචාරය පෙන්වයි..(Reaction Shot / Low Angle)
Shot no 6 -(දේවක කතා කරන අවස්ථාව) දේවකගේ මුහුණ (over the Shoulder)
Shot 7 - (ආලෝක අවන්හල ඇතුලට එයි) සාලිය හැරී බලයි ( pan shot)
Shot 8 - ආලෝක ඇතුලට එයි..(අවන්හලේ සේවකයාගේ POV)
Shot 9 - ආලෝක අනිත් දෙදෙනාව දකියි..(Over the Sholder / close up)
Shot 10 - ආලෝක ඇවිදගෙන එයි..(සාලියගේ POV/wide shot /camara push in)
මේ විදියට තමයි ඒ Scene එක Shot වලට බෙදන්නේ කියලා හිතුවොත් මෙතන ඒ දර්ශනය වෙනුවෙන් තියෙන Shot 10 වෙන වෙනම අදාල Camara Angle , Shot, Movements එක්ක Shot List එකට අැතුලත් කරගන්න සිදු වෙනවා...
03.රූප ඛණ්ඩයක අංකය (Shot Number)
හැම රූප ඛණ්ඩකයක්ම අදුරගන්න පුළුවන් විදියට 1 න් පටන් අරන් අංක යොදන්න..හැම අළුත් Shot නැත්නම් රූප ඛණ්ඩකයක්ම හදාගත්ත SpreadSheet එකේ අළුත් තීරුවකින් පටන් ගන්න...
කලින් කතා කරපු උදාහරණයේ ෂොට් 10ක් අපි වෙන්කරගත්තා...මේ 10 ෂීට් එකේ ලැයිස්තුගත කරගත්තාට පස්සේ ඊළඟ දර්ශනය ආපහු පටන් ගන්නේ අංක 1න් (ආපහු මුල ඉඳන්) ...
04.කලින් කතා කරපු පියවර තුනම හරි නම් දැන් හැම දර්ශනයක්ම ෂෝට් විදියට වෙන් කලාද කියලා තහවුරු කරගන්න...
05.දැන් ෂොට් ලිස්ට් එක අනුව අධ්‍යක්ෂකවරයා මවාගත්ත දර්ශනය රූපයට නගන මේ පියවරේදි තමයි Storyboard එක නිර්මාණය වෙන්නේ..
ඒ ගැන නැන්තම් "කොහොමද Story Board එක නිර්මාණය කරගන්නේ "ලිපිය ඊළඟට අරන් එන්න බලාපොරොත්තු වෙනවා...
එහෙනම් අද සිනමා තක්සලාවෙන් කතා කරපු අධ්‍යක්ෂකවරයෙක් සිනමාඡායාරූපකරණ ශිල්පියෙක් වගේම සහය අධ්‍යක්ෂකවරයෙක් අනිවාර්යෙන්ම දැනගත යුතු ඕනම චිත්‍රපටක වැදගත් නිර්මාණාත්මක ශිල්පීය කාර්යයක් ගැන මේ ලිපියෙන් Shot List එක ගැන පැහැදිලි අවබෝධයක් හා දැනුමක් ලැබුණා කියලා අපි හිතනවා..
0 Comments