මොකද්ද මේ 'Save the cat' ව්‍යුහය කියන්නේ? (තිරරචනය - නව සංස්කරණය 04)




කෙටියෙන් මේක පැහැදිලි කලොත් මේකත් හරියට අපි කලින් කතා කරපු Three Act Structure වගේ තිරපිටපතක් සකස් කරගන්න නැත්තම් ලියන්න යොදාගන්න කතා ව්‍යුහයක්...තිරරචනයකට කලින් සිදුකරන Story Beat කියන ක්‍රියාවලියේදි තමයි මේ විදියේ කතා ව්‍යුහයක් අපිට වැදගත් වෙන්නේ....

Story Beat කියන ක්‍රියාවලිය තිරරචනයකට වැදගත් වෙන්නේ මුල මැද අග නිවැරදිව සකස් කරගන්න වගේම චරිත ගොඩනැඟීම කියන කාරණාවත් සම්පූර්ණ කරගැනීමේදී වෙනවා.මුල් කාලයේ මේ තිරරදන ව්‍යුහය විදියට තිබුණේ 3 Act Structure නැත්නම් මුල මැද අග කියන කොටස් තුන පාදක කරගත්ත ව්‍යුහය

නමුත් අද වෙනකොට ඕනම කෙනෙක්ට සාර්ථක විදියට තමන්ගේ කතාව තිරපිටපතක් විදියට සකස් කරගන්න අවශ්‍ය තිරපිටපත් ව්‍යුහය විදියට 2005 දී Blake Snyder හදුන්වලා දුන්න Save the Cat structure එක හදුන්වන්න පුළුවන්.අද වෙනකොට මේ ව්‍යුහය තිරරචනයකදී බහුලව යොදා ගන්නවා වගේම සිනමා පාසල් වල පවා උගන්වන් ව්‍යුහයක් වෙලා තියෙනවා.


මේ සැකැස්ම හදුන්වා දීලා තියෙන්නේ  හොලිවුඩ් තිරරචකයෙක් වුන Black Snyder කියන රචකයා විසින්...එයා මේ ව්‍යුහය පිටු අංක වලින්ම කොටස් 15 කට කඩලා ඉදිරිපත් කරලා තියෙනවා..ඒ කියන්නේ අදාල පිටුවෙදී අදාල දේ ලියවුනා නම් හරි කියලා තමයි එයාගේ සැකැස්මෙන් අදහස් කරන්නේ...ඒ වගේම එයා මේ ව්‍යුහය නිර්මාණය කරලා තියෙන්නේ පිටු 110 ක තිරපිටපතක් වෙනුවෙන්...ඉතිං මේ සැකැස්ම නැත්තම් ව්‍යුහය ඔයාලා යොදා ගන්නවා නම් ඔයාලගේ පිටපතට ගැලපෙන පිටු අංක වලට ගණනය කරලා යොදා ගන්න...දැන් ඒ ඒ කොටස් ගැන දැන් අපි වෙන වෙනම බලමු...


01.Opening Image (පිටු අංක 1): How does your story open? What are we looking at? 

- ආරම්භය : කතාව පටන් ගන්නේ කොහොමද ආරම්භය ගන්නේ කොහොමද 


02.Theme Stated (පිටු අංක 5): What's the driving force behind your story? 

- තේමාව : කතාවට බලපාන සිදුවීම පෙන්වීම 


03.Set-Up (පිටු අංක 1-10): Meet the characters, understand the stakes, live in the world. 

- ගොඩනැගීම - චරිත හදුන්වාදීම හා කතාවට සම්බන්ධ සිදුවීම ගොඩ නැඟීම...මේ කොටස ප්‍රේක්ෂකයාට කතාව පිළිබඳ යම් කුතුහලයක් හෝ අවබෝධයක් හෝ අවධානය රදවා තබා ගත හැකි කුමන හෝ ආකාරයකට ගොඩ නැඟිය යුතු වැදගත්ම කොටසයි....


04.Catalyst (පිටු අංක 12): What happens to change the course of events from normal? 

-අරගලයක හෝ අභියෝගයක ආරම්භය - කතාවේ සිදුවන කතා තේමාවට සම්බන්ධ අරගලය හෝ කතාව වෙනස් කරන ප්‍රධාන චරිතයට යොමු වන අභියෝගය  පෙන්වීම....


05.Debate (පිටු අංක 12-25): This is where the character decides to do something about it. Pressure mounts. 

-කලින් කියු සිදුවීම හරහා චරිත වල ප්‍රතිචාරය පෙන්වන කතාවේ ආරම්භක තීව්‍රතාව වැඩි කරන කොටස...


06.Break into Two (පිටු අංක 25): The decision to act is made. And the story sets off. 

-කතාවේ protogonist නැත්නම් ප්‍රධාන චරිතය තමන් ඉදිරියේ අැති අභියෝගය වෙනුවෙන් තීරණ ගන්නවා අභියෝගයට සුදානම් වීම පෙන්වන කොටස


07.B Story (පිටු අංක 30): What else is happening? Any other storylines we're following? 

-කතාවට සම්බන්ධ අනු කතාවක් නැත්නම් Subplot එකක් තියෙනවානම් ඒ ගැන හදුන්වාදෙන කොටස...


08.Fun and Games (පිටු අංක 30-55): This is where you deliver the "promise of the premise." All the scenes of exploration and wonder that fit the genre.  

- අභියෝගය හෝ අරගලය වෙනුවෙන් කතාවේ ප්‍රධාන චරිතය සුදානම් වන ආකාරය පෙන්වීම හෝ කතාවේ තේමාවට අනුගත වීම වීම පෙන්වන කොටස


09.Midpoint (පිටු අංක 55): Things change. You have the same goal but a new way to get there. 

- විවේක කාලය ලබා දෙන ස්ථානය හෙවත් කතාවේ මැද - කතාවේ පලමු අර්ධයේ තීව්‍ර අවස්ථාව 


10.Bad Guys Close In (පිටු අංක 55-75): Your goal is being overshadowed by the antagonist's journey to beating you. 

- කතාවේ අරගලය අභියෝගයට ඍජුව මුහුණ දෙන පලමු අවස්ථාව නැත්නම් Antagonist (අභියෝගය ගෙන එන ප්‍රතිවීර චරිතය හෝ සිදුවීම) ප්‍රභලව පහර එල්ල කරන අවස්ථාව 


11.All Is Lost (පිටු අංක 75): Just when you think you might pull it out, your character is served their largest defeat. 

- Antagonist හමුවේ Protogonist බිඳ වැටීම...කෙටියෙන් කිව්වොත් වීරයා බිඳ වැටෙන තැන


12.Dark Night of the Soul (පිටු අංක 75-85): Your protagonist wants to quit. Everything has gone wrong. 

- Protogonist බිඳවැටීමෙන් පසුව ඉවත්වීමට තරම් බිඳ වැටීම හෙවත් දුර්වල වීම...LOTR හි ගැන්ඩල්ෆ්ට සිදු වන අනතුර වගේම Metrix චිත්‍රපටයේ මෝර්ෆියස් සතුරා අතට අසුවීමේ සිද්ධිය මතක නම් මෙයට උදාහරණයක් ලෙස පෙන්විය හැකිය...


13.Break into Three (පිටු අංක 85): Something comes back and convinces your character to move forward. 

- බිඳ වැටීම,අත්හැරීමේ තීව්‍ර අවස්ථාව හෝ අවසානය වෙනුවෙන් සුදානම


14.Finale (පිටු අංක 85-110): In the last pages we see everything your characters are willing to do to win this fight. 

- අවසන් සටන සහ Determinat 


15.Final Image (පිටු අංක 110): Like the opening, this is the last thing you see. Give us an image that sums up the movie

-චිත්‍රපටයේ අවසානය හෙවත් Epilogue කොටස


මේ තමයි චිත්‍රපටයක් හෝ කතාවක් නිර්මාණය කරගන්න Blake Snyder නිර්මාණය කරලා තියෙන සැකාස්ම නැත්නම් ව්‍යුහය...මේ ව්‍යුහය යොදාගෙන ඕනම කෙනෙක්ට පහසුවෙන් තමන්ගේ කතාව සැලසුම් කරගෙන සාර්ථක තිරපිටපතක් සකස් කරගන්න පුළුවන් වෙනවා. 


                         

                         ✒️සිනමා තක්සලාව වෙනුවෙන් 
                               අනුෂ්ක රසාංජන ද සිල්වා

Post a Comment

0 Comments