සිනමාතක්සලාව හරහා ඉතා වැදගත් මාතෘකාවකට අවතීර්ණ වෙන්නයි මේ සුදානම....ආලෝකකරණය...ආලෝකය ඇයි අපිට වැදගත් කියලා දන්නවා හැමෝම...අපි දේවල් දකින්නේ ආලෝකය නිසා...ආලෝකය යම් පෘෂ්ඨයක වැදිලා ඒක පරාවර්තනය වෙලා අපේ ඇහැට එන නිසා තමයි සරලවම අපිට ඕනම දෙයක් පේන්න හේතුව වෙන්නේ...අපි කැමරාකරණය ගැන සිනමැටෝග්‍රැෆිකරණය යටතේ කතා කලා..කැමරාව තමයි සිනමාවේදි අපේ ඇහැ වෙන්නේ...ඒ ඇහැ හරහා රූපරාමුව ග්‍රහණය කරන්න අත්‍යාවශ්‍යම දෙයක් තමයි මේ ආලෝකය කියන්නේ...ඒත් ඇත්තටම ඇයි චිත්‍රපටයකට ආලෝකය අවශ්‍ය?...ඒ ගැන මුලින්ම කතා කරමු...
චිත්‍රපටයට ආලෝකය වැදගත් වෙන්නේ සිනමාව දෘශ්‍ය මාධ්‍යයක් කරන්න...ඒ කියන්නේ අපිට බලන්න දෙයක් ඇති කරන්න...ඒ වගේම ආලෝකය හා අදුර දෙක එකතු වුනාම තමයි ඒ දෙක අතර පරතරය නිසා දර්ශනයක ගැඹුර හා අවකාශය ගැන අදහසක් බලන කෙනාගේ හිතේ අති කරන්නේ...සරලවම ආලෝකකරණය හරහා වස්තූන් වල පරිමාව හා හැඩය ඉස්මතු කරනවා....ඉතිං ස්භාවික ආලෝකය වේවා කෘතිම ආලෝකය වේවා මේ හැම විදියකින් ප්‍රධාන වශයෙන් කරන්නේ සිනමාව දෘශ්‍ය මාධ්‍යයක් කරවීම....ඒ යටතේ ආලෝකකරණය,
⚫ප්‍රේක්ෂකයා බලන්න ඕන මොකද්ද කියන දේ කියනවා...වස්තුවක් චරිතයක් වගේ රූපරාමුවක ඕනම දෙයක් ඒ යටතට අයිති වෙන්න පුළුවන්...
⚫චරිත වල මනෝභාවයන්,හැගීමි තීව්රකරන්න ආලෝකයේ ප්‍රමාණය,වර්ණය හා විශාලත්වයෙන් පුළුවන්...
⚫චිත්‍රපටයේ ශනාරය නැත්නම් Genre එක ගැන කියන්න ආලෝකයෙන් පුළුවන්...උදාහරණයක් විදියට හොරර්,ත්‍රිලර් ෆිල්ම් වල අඩු ආලෝකයක්,තනි වර්ණයක් යෙදීමෙන් පුළුවන් ...ෆැන්ටසි චිත්‍රපටයක් නම් වැඩි වර්ණ ගණනක් යොදන්න පුළුවන්....නාට්‍යයමය හා කොමඩි චිත්‍රපට වලදි වැඩි ආලෝකයක් විදියට ශනාරය ආලෝකයෙන් පෙන්නවන්න පුළුවන්....
ආලෝකකරණය කලින් කිව්වා වගේ ස්භාවික හා කෘතිම ආලෝකය වෙන්න පුළුවන්...ඒත් අද වෙනකොට සිනමාවේ ආලෝකකරණයේදි බහුලව යොදාගන්නේ සිනමැටික් ලයිටින්(Cinematic Lighting) කියන වචනය..
මොකද්ද මේ Cinematic Light කියන්නේ...
- සිනමාත්මක ආලෝකකරණය යනු කැමරා රූප රාමුවකින් පෙන්වන චරිතයක හෝ වස්තුවක භාවමය ස්රූපය, දෘශ්‍ය ගැඹුර හා පරිසරය පෙන්වන්න යොදා ගන්න ආලෝකකරණය ශිල්පීය ක්‍රමය හා එහි කලාවට වෙයි. වෙයි.සිනමැටික් ලයිටින් නැත්නම් නම් සිනමැටික් ආලෝකයක් චිත්‍රපටයකට එකතු කරන්න Bouncing Light,Diffusing Light යොදා ගැනීමත් Colour Temperature වෙනස් කිරීමත් සිදු කරනවා....
ඊළඟට බලමු චිත්‍රපටයක ආලෝකකරණය ගැන තීරණය කරන්නේ කවුද කියලා...
⚫අධ්‍යක්ෂක තමයි චිත්‍රපටයක සිනමැටික් ලයිටින් කොහොමද යොදාගන්නේ කියලා තීරණය කරන්නේ..මේ මේ ආලෝකය යොදාගෙන පෙන්නන්නේ මේ දේ කියලා මුලින්ම තීරණය කරන්නේ
⚫DOP හෝ සිනමැටෝග්රැෆිකරණ ශිල්පියා අධ්‍යක්ෂකගේ අදහස අනුව ලයිටින් කරන්නේ කොහොමද කොතනදි මොන විදියේ ලයිට් සෙට්අප් එනක් එනවාද කියලා සැලසුම් කරනවා...
⚫Gaffer නැත්නම් ප්‍රධාන ආලෝකකරණ ශිල්පියා ආලෝකකරණයට අවශ්‍ය සියලු ලයිට්,උපකරණ ඒ සියල්ල භාරව ඉන්න කෙනා වෙනවා...මෙයා තමයි අධ්‍යක්ෂකගේ අදහසට හැදුන සිනමැටෝග්රැෆිකරණ ශිල්පියා නැත්නම් DOP ගේ සැලැස්මට පණ දෙන කෙනා වෙන්නේ...මෙයා යටතේ විශාල පිරිසක් සේවය කරනවා...ඔය ලයිට් අල්ලන්න යනවා කියන්නේ,අන්න එයාලා ඉන්නෙත් මෙයා යටතේ...Gratter ගේ ප්‍රධාන සහයකයා හදුන්වන්නේ Best Boy කියලා...
දැන් අපි බලමු කොහොමද සරල විදියට ලයිට් සෙටප් එකක් පියවර තුනකින් කරගන්නේ කියලා...
⚫මේකට කියන්නේ Three-Point Lighting Setup කියලා...මේක තමයි වස්තුවක් නැත්නම් චරිතයක් පසුබිමින් වෙන් කරලා පෙන්වන්න යොදාගන්න සරලම ලයිට් සෙටප් එක...මේක කරන පියවර තුන මෙහෙමයි,
01.Key light නැත්නම් ඔයාට තියෙන ප්‍රධානම හොඳම ආලෝකය ලබා දෙන ලයිට් එක චරිතය හෝ වස්තුව ඉස්සරහා යම් කෝණයකින් තියනවා..මේ කෝණය අංශක 15 ඉඳලා 70 ක් වෙනකම් වෙන්න පුළුවන්...ගොඩාක් අය බහුලව යොදාගන්නේ අංශක 45 කෝණය...
තියරි විදියට අංශක 45 ක් හරි ඒත් ෆ්රැක්ටිකල් විදියට මේක කරන්නේ මෙහෙමයි...අපි හිතමු චරිතයක් කියලා,එ් චරිතයේ මුහුණේ එක පැත්තක හෙවනැල්ල අනිත් පැත්තෙන් පොඩි හෙවනැල්ලක් එන විදියට හදාගන්න....
02.දෙවනි ලයිට් එක,මේකට කියන්නේ Fill light කියලා...මේකෙන් කරන්නේ Key light එකෙන් දුන්න ආලෝකයෙන් පිරිලා නැති පැත්ත පුරවන එක නැත්නම් ෆිල් කරන එක...ඒ වලේම මේකෙන් තමයි Key Light එකෙන් හදපු හෙවනැල්ල සොෆ්ට් කරන්නේ...
ෆිල් ලයිට් එකේ තීව්‍රතාවය නැත්නම් Intensity එක තියාගන්න ඕන Key light එකේ Intensity එකට වඩා අවඩුවෙන්..මොකද එහෙම නැති වුනොත් ඒ කියන්නේ Key light එකයි Fill light එකයි දෙකම එකම තීව්රතාවයෙන් තිබුණොත් බලනකෙනාට පෙන්නේ ෆ්ලැට් ඉමේජ් එකක්..මේ ලියිටින් එකෙන් කරන්නේ වස්තුවක 3D පෙනුම ගන්න එක...ඒ නිසා තමයි එකි නෙකට වෙනස් තීව්රතාවයන් වලට ලයිට් සෙට් කරන්නේ..මේක සාමාන්‍යයෙන් key light එකේ තීව්‍රතාවය වගේ 50%-75% ප්‍රමාණයකට තමයි තියාගන්නේ...මේ ප්‍රමාණයට වඩා අඩු වැඩි කලොත් මොකද වෙන්නේ කියලා කියනවාට වඩා කරලාම බලන්න ඕන දෙයක්...මෙහෙම දැනට කියන්නම්,25%-45% කට වගෙ ගත්තොත් සිනමැටික් ලුක් එකක් දෙන්න පුළුවන්...
ඉතිං Fill light එක තියන්නේ කොහෙද කියලා බැලුවොත් කලින් වගේම වස්තුව හෝ චරිතයට ඉදිරියෙන් Key light එකට විරුද්ධ පැත්තෙන්...
03.Backlight නැත්නම් Rim Light හෝ Hair Light කියන්නේ අර Key light ,Fill Light එක නිසා තාම ඇවිත් නැති 3D ගතිය පෙන්නන්න පාවිච්චි කරන තුන්වෙනි ලයිට් එක...මේක ස්ථානගත කරන්නේ වස්තුව හරි චරිතය හරි පිටුපසෙන් එයාගේ අවුට් ලයින් එක පේන විදියට...
සාමාන්‍යයෙන් මේක ලේසි විදියට ස්ථානගත කරන්නේ වස්තුවට පිටුපසෙන Key light එක තියලා තියෙන පැත්තෙන් Fill light එකට මුහුණලා...
🔴දැන් කියන්න යන්නේ ලොකුවට ලයිටින් කරන්න උපාංග හා උපකරණ ගන්න බැරි පොඩියට වැඩක් කරන අයට කලින් කියපු 3-Pount ලයිට් සෙටප් එකක් වුනත් කරගන්න බඩු ටික හොයාගන්න පුළුවන් කොහොමද කියලා...
01.ලොකුවටම ලයිටින් වලට වියදම් කරන්න අමාරුයි නම් හොඳම දේ තමයි එක්කෝ Clamp Light නැත්නම් LED හරි Tripod වලට මවුන්ට් කරපු ලයිට් රෙන්ට් එකට වුනත් අඩු ගානකට ගන්න පුළුවන්...
02.හීට් එකට ඔරොත්තු දෙන කලර් ෆිල්ටර්ස් එහෙම නැත්නම් කලර් ජෙල් ගන්න පුළුවන්....ඒ වගේම ලයිට් එකේ සැර අඩුකරන්න සොෆ්ට් ෆිල්ටර්ස් වුනත අඩු ගානකට ගන්න පුළුවන්...
03. කළු පාට සිනෙෆොයිල් කොළ අරන් වටේට ආලෝකය විසිරෙන එක පාලනය කරලා තීව්‍රතාවය වැඩි කරගන්න වටේට වැස්මක් හදාගන්න පුළුවන්...
🔴දැන් අපි කියන්න යන්නේ ලයිටින් ටෙක්නික් 12ක් ගැන...මේ තියෙන්නේ අපි කලින් කියපු Key light , Fill light, Backlight එක්ක තව ඒ වගේම ලයිටින් ටෙක්නික් 9ක් ගැන....
01.Key Lighting
ප්‍රධානම වගේම ප්‍රබලම ආලෝක ප්රභවය
02.Fill Light
Kry light එකෙන් හදපු හෙවනැල්ල සොෆ්ට් කඑන එක වගේම ඒකෙන් පිරිලා නැති පැත්ත පුරවලා තවත් තලයක් ඇති කරන එක...
03.Back Light
පසුබිමින් චරිතයේ Outline එක වගේම ත්‍රිමාණ තලය සම්පූර්ණ කරන එක
04.Side Lighting
මුහුණට චරිතයක පැත්තෙන් මුහුණට යොමු කරන ආලෝකය...මේකෙන් භාවමය නිරූපණයන් ඉස්මතු කරන්න පුළුවන් වෙනවා...
05.Practical Lighting
රූපරාමුවක පෙන්නන ඒ කියන්නේ අපි පසුබිමෙන් දකින විදුළි බුබුළු,ලාම්පු වගේ ඕනම ආලෝක ප්‍රභවයක් මේ විදියට හදුන්වනවා...මේවා ආලෝකකරණයට අදාල කලින් කතා කරපු ආලෝක ප්‍රභවයන් තරම් තීව්ර හෝ ප්‍රබල නැහැ....
06.Hard Lighting
දැඩි ආලෝක ප්‍රභවයක් කියන්නේ ඝන සෙවනැලි ඇතිකරන ආලෝකයක්...හිරු එළියට අැති වෙන්නෙත් ඝන සෙවනැලි
07.Soft Lighting
මෘදු ආලෝක ප්‍රභවයක් කියන්නේ දැඩි ආලෝක ප්‍රභවයක වගේ ඝන සෙවනැලි ඇති නොකරන ආලෝකයකට
08.High - Key Lighting
මේකට සිංහලෙන් කියන්නේ උච්චාලෝක ආලෝකකරණය කියලා.....සෙවනැලි හා අදුරු කොටස් අවම මට්ටමක තියෙන ආලෝකයට තමයි මේ උච්චාලෝක ආලෝකකරණය කියන්නේ... සිට්කොම් වල මියුසික් වීඩියෝ හා වෙළඳ දැන්වීම් වලදි මේ ආලෝකකරණය යොදාගන්නවා...
09.Low-key Lighting
මේකට කියන්නේ මන්දාලෝක ආලෝකකරණය කියලා...මේකෙදි රූපරාමුවක වැඩියෙන්ම තියෙන්නේ අඳුර හා සෙවනැලි.... අභිරහස් හා අත්භූත බව පෙන්නන්න මේ ආලෝකකරණය යොදා ගන්නවා..
10.Natural Lighting
පවතින ආලෝක තත්වය ඒ කියන්නේ ස්භාවින ආලෝකය යටතේ මේකට කියනවා Available Light කියලා මේ ආලෝකය Modifies යොදාගෙන හසුරුවාගෙන යොදා ගන්න එකට කියනවා Natural Lighting කියලා...
11.Motivated Lighting
ඉර එළිය හෝ හඳ එළියෙන් වගේ ස්භාවික ආලෝක ප්‍රභවයකින් එනවා වගේ පෙන්නන්න පාවිච්චි කරන ආලෝකකරණය..
12.Bounce Lighting
ලොකු ආලෝක ප්‍රභවයකින් එන ආලෝකය චරිත හෝ වස්තු වලට Reflector එකක් හරහා මෘදුව විසුරවලා එවන ආලෝකය මේ Bounce Lighting කියලා කියනවා....
මේ කතා කලේ ආලෝකකරණයේ මූලික කරුණු කිහිපයක් ගැන...මේ ගැන තව ඉස්සරහට කතාකරන්න බලාපොරොත්තු වෙනවා වගේම දිගටම සිනමාතක්සලාව එක්ක එකතු වෙලා ඉන්නත් ආරාධනා කරනවා...

2 Comments
<3
ReplyDeleteඑලම නියයි.
ReplyDelete